~ රට_රටවල_ජනකතා ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    16.යක්ෂණියගේ නපුර

    jk121.jpg

    jk122.jpg


    -සිළුමිණ-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    18.හැඳි මිටේ නුවණ (පංච තන්ත්‍රයෙන්)

    පංච තන්ත්‍රය යනුq විෂ්ණු ෂර්මන් නම් භාරතීය පඬිවරයා ලියන ලද උපදේශාත්මක කෘතියකි. භාරතීය රජෙකුගේ මෝඩ පුතුන් තිදෙනාට රාජ්‍ය පාලනය සඳහා දැනුම ලබාදීමට ඔහු පැවැසූ කතාන්දර මේ ග්‍රන්ථයට ඇතුළත්වේ.
    පසු කලෙක නාරායන් නමැති පඬිවරයා විසින් පංච තන්ත්‍රය හිතෝපදේශය නමින් නැවත ලියා පළකරන ලදී.

    මේ එහි ඇති කතන්දරයක්.



    හැඳි මිටේ නුවණ


    එක්‌තරා ගමක රෙදිවියන්නෙක්‌ සිටියේය.

    මේ රෙදිවියන්නා තම බිරිඳට බය පක්‍ෂ පාත කෙනෙකි. බිරිඳගෙන් නාසා කිසිවක්‌ නොකරන්නෙකි. තමන්ගෙන් නොවිමසා කිසිවක්‌ම පුරුෂයා විසින් නොකළ යුතු යෑයි අදහන ඉස්‌කොල ගුරුවරියන් වැනි ගැහැණුන් එදත් සිට තිබේ.


    දිනක කෑළෑවට ගිය ඔහු ගසක්‌ කපන්නට සැරසුනු කල්aහි එම ගසට අධිගෘහිත වෘක්‍ෂ දේවතාව ගසින් බැස කැමැති වරයක්‌ දෙන්නම් ගස කපන්නට එපා යෑයි බැගෑපත් වූයේය.

    වරයක්‌ යනු එසේ මෙසේ එකක්‌ නොවන හෙයින් කල්පනා කොට බලා හෙට එන්නම් යි කියා ඔහු ආපසු ආවේය.

    එන අතරතුරේදී ඔහුට ගමේ කරණවෑමියා හමුවිය. දේවතාව විසින් දෙන්නට හදන වරය ගැන ඔහු කරණවෑමියාට කීවේය.

    "රජකම ඉල්ලපං"

    කරණවෑමියා රෙදි වියන්නාට කීවේය. කොයිකටත් ගෙදර අඹුවගෙන්ම ඇසීම වඩා සුදුසු යෑයි කල්පනා කළ ඔහු ගෙදර ගියේය.

    "ඔය රජකං කියන්නේ බොහොම කරදර වැඩ. ඊට වැඩිය හොඳයි ඔහේට පිටි පස්‌සට තව ඔළුවකුයි අත් දෙකකුයි, කකුල් දෙකකුයි ඉල්ලනව. එතකොට එක සැරේ මැෂිමෙ වාඩිවෙලා රෙදි දෙකක්‌ වියන්න පුළුවන්."

    බිරිඳගේ කීම පිළිගත් ඔහු ආපසු වනයට ගොස්‌ වෘක්‍ෂ දේවතාව හමුවී තමන්ට වුවමනා වරය කීවේය.

    "හොඳට කල්පනා කරල බලලද ඔය ඉල්ලීම කරන්නෙ?" දේවතාව ඇසීය.

    "ඔව් අපේ අඹුවගෙ මොලේ හොඳයි."

    රෙදි වියන්නා කීවේය. ඒ අනුව දේවතාව සැනෙකින් ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කර දුන්නේය. ඔළු දෙකකුත් අත් හතරකුත් කකුල් හතරකුත් සහිතව ගමට එන රෙදි වියන්නා දුටු ගම්මු තුෂ්ණිම්භූ වූහ. නිසැකවම මේ යකෙකැයි කල්පනා කළ ගම්මු රෙදි වියන්නාට ගල් මුගුරු වලින් ගසා මරා දැමූහ.

    "Æනවන්ත" අඹුවට සිය සැමියා නැතිවිය.

    මේ කතාව එන්නේ පංච තන්ත්‍රයේ අපරික්‍ෂිත කාරකයේය.

    මේ කතාවෙන් විෂ්ණු ෂර්මන් පඬිතුමා කියන්නට තැත් කර ඇත්තේ නුවණ ඇතැයි සිතන ගැහැණුන්ගේ අඥාන බවයි. අනිත් අතට මිනිසුන් තුළ පවත්නා තෘෂ්ණාව ගැනයි. ඔළු දෙකකුත් අත් හතරකුත් තිබෙන විට රෙදි වැඩි වැඩියෙන් විවිය හැකියි යන්න ඒ තෘෂ්ණා සිතයි. එක අතකට දුප්පත් පවුලක්‌ වූ රෙදිවියන්නාගේ බිරිඳට එවැනි සිතවිල්ලක්‌ පහළ වීමේ වරදක්‌ද දැකිය නොහැකියි. රෙදි වැඩි වැඩියෙන් ලැබුණොහොත් වැඩි වැඩියෙන් පොහොසත් විය හැකි යෑයි ඈ සිතූ සිතුවිල්ල සාධාරණ වෙයි.

    එහෙත් තමන්ගේ ප්‍රමාණය ඉක්‌මවා යැමෙන් විනාශයද සිදුවන බව එහි අනිත් පැත්තයි. තවත් පසෙකින් බැලුවහොත් හැම දෙයක්‌ම අඹුවගේ තීරණයට අනුව කරන්නට යැමෙන් සිදුවන විපත්තිය ද මෙයින් ඉඟිකරයි. තමන් ස්‌වාධීනව සිතා ඉල්ලීමක්‌ කළේ නම් දුප්පත් රෙදිවියන්නා ජීවතුන් අතර සිටිනු ඇත.

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    -දිවයින-
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    19.නහය කපා ගත් යෙහෙළිය (පංච තන්ත්‍රයෙන්)

    මේ පංච තන්ත්‍රයේ එන තවත් කතාවක්.

    නහය කපා ගත් යෙහෙළිය

    විෂ්ණු ෂර්මන් කියන අන්දමට එය ඔහු දෑසින් දුටු ඇත්ත සිද්ධියකි.

    විෂ්ණු ෂර්මන් පඬිතුමා දිනක්‌ ගමනක්‌ යද්දී රෑ බෝවිය. ගම් ගෙදරක්‌ දුටු ඔහු එදින රැය එහි නවාතැන් ගන්නට හැකිදැයි නිවසෙහි සිටි කාන්තාවගෙන් ඇසීය.

    මේ මහළු මිනිසා දෙස බැලූ ගැහැනිය ගේ ඇතුලෙ නං බෑ. ඔය ගේ ඉස්‌සරහ තියෙන මඩුවෙහි ඕනෑ නං රැය ගත කරන්නැයි කියා අවසර දුන්නාය.

    මඩුව වඩු මඩුවකි. විෂ්ණු ෂර්මන් පඬිතුමා වඩු මඩුවෙහි සුදුසු තැනක හිඳගෙන බලා සිටියේය.

    නිවසෙහි සිටියේ එම කාන්තාව පමණි. වඩුවෙකු වූ ඇගේ සැමියා පිටත ගොස්‌ සිටියේය.

    ඇගේ සොර සැමියා සිටියේද අසල්වාසයේය. අල්ලපු ගෙදර සිටින තම හොඳම යෙහෙළිය කැඳවූ ගැහැනිය ඇයට මෙසේ කීවාය.

    "මම අසුවලා සමග රැය ගත කොට එනතුරු නුඹ මේ ඇඳෙහි නිදාගෙන හිටපන්. රා බී යකාසේ මගෙ මිනිහා දැන් ඒවි. උඹ මූණ නොපෙන්වා ඇඳේ අනිත් පැත්තට හැරී නිදාගනින්." එසේ කී ගැහැනිය අනාචාරය පිණිස සොර හිමිගේ ගෙට ගියාය.

    මේ අතරේ හොඳටම සූරා බී මත් වූ සැමියා ආයේය. නොනැගිට අනිත් පස හැරී නිදන "බිරිඳ" දුටු ඔහු කෝපවිය.

    "මොකද උඹ අඳුර වැටණු ගමන් නිදාගත්තෙ."

    තම කටහඬ හඳුනා ගනී යෑයි සිතූ යෙහෙළිය මුක්‌කං හඬින් මොන මොනවදෝ මතුලාය. තොට මක්‌වෙලාදැයි කියමින් වෙරි වූ මිනිසා ඇයට වඩු මඩුවෙහි තිබූ කියත විසිකොට ගැසීය.

    කියතේ මුවහත වැදුණු ඇගේ නැහැය කැපී බිමට වැටුණි.

    අනතුරුව සැමියා ඇය ඇදගෙන විත් මිදුලෙහි වූ කණුවක බැඳ දමා ඇඳට වැටී නිදන්නට විය.

    සොර සැමියා හමුවී වඩු බිරිඳ ආපසු ආවාය. සිදු වී ඇති සංසිද්ධිය ඕ දුටුවේ එවිටය.

    යෙහෙළිය කණුවෙන් මුද ලූ ඇය තමා එම කණුවට බැඳ තබා පැන යන්නැයි යෙහෙළියට කීවාය.

    ඒ අනුව වඩු බිරිඳ කණුවෙහි බැඳ දැමූ යෙහෙළිය පලා ගියාය.

    මේ අතර අපරාධකරුවකු සොයමින් රාජපුරුෂයෝ මේ ගෙය අසලින් ගමන් කරමින් සිටියහ.

    "අනේ මාව බේරාගන්න කෙනෙක්‌ නැද්දෝ" යනුවෙන් වඩු ගැහැණිය කෑ ගසන්නට වූවාය. විලාපය කිමෙක්‌දැයි බලන්නට රාජපුරුෂයෝ පැමිණියහ.

    "මගේ සැමියා මට පහරදී නහයත් කපා මා කණුවක බැන්දේ යෑයි" ඇය මුහුණ සඟවාගෙන හඬමින් කීවාය.

    රාජපුරුෂයෝ ගෙතුල නිදා සිටි බීමත් මිනිසා නැගිටුවා ප්‍රශ්න කරන්නට විය. ඔහුගේ වෙරි සිඳී ගියේය.

    "ඔව් මේ ගෑනිට හොර මිනිහෙක්‌ ඉන්නවා. ඒනිසා රණ්‌ඩුවක්‌ වුණා. කියතෙනුත් ගැහුවා තමයි නහයත් කැපුනා" යැයි සැමියා කීවේය.

    එබස්‌ අසා සිටි ගැහැනිය මෙසේ කියන්නට විය.

    "දෙවියන් පල්ලා මං ජීවිතේට මේ සැමියා හැර වෙනත් පිරිමියෙකුගේ ඇඟිල්ලක්‌වත් අල්ලා නැහැ. එය සත්‍ය නම් මගේ පතිවත බලයෙන් කැපුන නාසය මට යළි ලැබේවා" යැයි උස්‌ හඬින් කීවාය.

    රාජපුරුෂයෝ ඈ කණුවෙන් මුදාලූහ.

    "හැබෑ නේන්නම් කැපුණු නැහැය මේ අගේට තියෙන්නෙ. ඇගේ පතිවුත්‍රාව ඇත්තක්‌ නේන්නම්."

    එසේ කී රාජපුරුෂයෝ මේසා යහපත් බිරිඳකට කෲර ලෙස සැලකූ වඩුවා පිටිතල ගසා බැඳගෙන ගොස්‌ උල තබා මරා දැමූහ.

    වඩුමඩුවේ සිටි විෂ්ණු ෂර්මන් පඬිතුමා මේ සියල්ල නිහඬව බලා සිටියේය.

    මේ ගැහැනිය රෙදි වියන්නාගේ බිරිඳට වඩා අතිශයින් ඥන සම්පන්නය. යෙහෙළිය බරපතල අමාරුවක දා සැමියා උල තබා මරවා නියම තැනට සුදුසු නුවණින් ඇය ජය ලැබුවාය.

    යෙහෙළිය වෙනුවෙන් අසල්වැසි ගැහැනිය තම නැහැය අහිමි කර ගත්තාය. යහළුවන් වෙනුවෙන් ප්‍රාණය වුවද පුදන පිරිමින් මෙන් මෙලෙස තම නැහැය නොව ජීවිතයද පුදන ගැහැනුන්ද අදටත් සිටී.


    ගැහැනුන්ගේ ගුණ දොස්‌ විවේචනය කිරීම භයානක වැඩකි. ඔවුහු ඒවා සිය මතක ගබඩාවේ අහුමුළුවල පණ තිබෙන තුරු සඟවා ගෙන සිටිති. අවස්‌ථාව ලද කල්හි වහා ඒවා ආයුධ බවට පෙරලාගෙන පහර දී පලිය ගනිති.

    පිරිමි කෙතරම් පඬිවරුන් වුව ද ඉහත පෑ වඩු ගැහැනිය මෙන් ගැහැණුද ක්‍ෂණික නුවණ මෙහෙයවා පිරිමියා පරාජය කරති.

    ගැහැණූ නුවණ හැඳි මිටේ දිග යෑයි පිරිමි පඬිවරු රුවන් වැකි සාදා තිබුණද හැඳි මිටට වඩා ඔවුන්ගේ නුවණ දිග නොවේදැයි ඉහත කතාව කියවන විට ඔබටද සිතෙනු ඇත. :rofl:

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ
    -දිවයින-