18.හැඳි මිටේ නුවණ (පංච තන්ත්රයෙන්)
පංච තන්ත්රය යනුq විෂ්ණු ෂර්මන් නම් භාරතීය පඬිවරයා ලියන ලද උපදේශාත්මක කෘතියකි. භාරතීය රජෙකුගේ මෝඩ පුතුන් තිදෙනාට රාජ්‍ය පාලනය සඳහා දැනුම ලබාදීමට ඔහු පැවැසූ කතාන්දර මේ ග්රන්ථයට ඇතුළත්වේ.
පසු කලෙක නාරායන් නමැති පඬිවරයා විසින් පංච තන්ත්රය හිතෝපදේශය නමින් නැවත ලියා පළකරන ලදී.
මේ එහි ඇති කතන්දරයක්.
හැඳි මිටේ නුවණ
එක්තරා ගමක රෙදිවියන්නෙක් සිටියේය.
මේ රෙදිවියන්නා තම බිරිඳට බය පක්ෂ පාත කෙනෙකි. බිරිඳගෙන් නාසා කිසිවක් නොකරන්නෙකි. තමන්ගෙන් නොවිමසා කිසිවක්ම පුරුෂයා විසින් නොකළ යුතු යෑයි අදහන ඉස්කොල ගුරුවරියන් වැනි ගැහැණුන් එදත් සිට තිබේ.
දිනක කෑළෑවට ගිය ඔහු ගසක් කපන්නට සැරසුනු කල්aහි එම ගසට අධිගෘහිත වෘක්ෂ දේවතාව ගසින් බැස කැමැති වරයක් දෙන්නම් ගස කපන්නට එපා යෑයි බැගෑපත් වූයේය.
වරයක් යනු එසේ මෙසේ එකක් නොවන හෙයින් කල්පනා කොට බලා හෙට එන්නම් යි කියා ඔහු ආපසු ආවේය.
එන අතරතුරේදී ඔහුට ගමේ කරණවෑමියා හමුවිය. දේවතාව විසින් දෙන්නට හදන වරය ගැන ඔහු කරණවෑමියාට කීවේය.
"රජකම ඉල්ලපං"
කරණවෑමියා රෙදි වියන්නාට කීවේය. කොයිකටත් ගෙදර අඹුවගෙන්ම ඇසීම වඩා සුදුසු යෑයි කල්පනා කළ ඔහු ගෙදර ගියේය.
"ඔය රජකං කියන්නේ බොහොම කරදර වැඩ. ඊට වැඩිය හොඳයි ඔහේට පිටි පස්සට තව ඔළුවකුයි අත් දෙකකුයි, කකුල් දෙකකුයි ඉල්ලනව. එතකොට එක සැරේ මැෂිමෙ වාඩිවෙලා රෙදි දෙකක් වියන්න පුළුවන්."
බිරිඳගේ කීම පිළිගත් ඔහු ආපසු වනයට ගොස් වෘක්ෂ දේවතාව හමුවී තමන්ට වුවමනා වරය කීවේය.
"හොඳට කල්පනා කරල බලලද ඔය ඉල්ලීම කරන්නෙ?" දේවතාව ඇසීය.
"ඔව් අපේ අඹුවගෙ මොලේ හොඳයි."
රෙදි වියන්නා කීවේය. ඒ අනුව දේවතාව සැනෙකින් ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කර දුන්නේය. ඔළු දෙකකුත් අත් හතරකුත් කකුල් හතරකුත් සහිතව ගමට එන රෙදි වියන්නා දුටු ගම්මු තුෂ්ණිම්භූ වූහ. නිසැකවම මේ යකෙකැයි කල්පනා කළ ගම්මු රෙදි වියන්නාට ගල් මුගුරු වලින් ගසා මරා දැමූහ.
"Æනවන්ත" අඹුවට සිය සැමියා නැතිවිය.
මේ කතාව එන්නේ පංච තන්ත්රයේ අපරික්ෂිත කාරකයේය.
මේ කතාවෙන් විෂ්ණු ෂර්මන් පඬිතුමා කියන්නට තැත් කර ඇත්තේ නුවණ ඇතැයි සිතන ගැහැණුන්ගේ අඥාන බවයි. අනිත් අතට මිනිසුන් තුළ පවත්නා තෘෂ්ණාව ගැනයි. ඔළු දෙකකුත් අත් හතරකුත් තිබෙන විට රෙදි වැඩි වැඩියෙන් විවිය හැකියි යන්න ඒ තෘෂ්ණා සිතයි. එක අතකට දුප්පත් පවුලක් වූ රෙදිවියන්නාගේ බිරිඳට එවැනි සිතවිල්ලක් පහළ වීමේ වරදක්ද දැකිය නොහැකියි. රෙදි වැඩි වැඩියෙන් ලැබුණොහොත් වැඩි වැඩියෙන් පොහොසත් විය හැකි යෑයි ඈ සිතූ සිතුවිල්ල සාධාරණ වෙයි.
එහෙත් තමන්ගේ ප්‍රමාණය ඉක්මවා යැමෙන් විනාශයද සිදුවන බව එහි අනිත් පැත්තයි. තවත් පසෙකින් බැලුවහොත් හැම දෙයක්ම අඹුවගේ තීරණයට අනුව කරන්නට යැමෙන් සිදුවන විපත්තිය ද මෙයින් ඉඟිකරයි. තමන් ස්වාධීනව සිතා ඉල්ලීමක් කළේ නම් දුප්පත් රෙදිවියන්නා ජීවතුන් අතර සිටිනු ඇත.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
-දිවයින-
Last edited: