ටිකක් හොයල බලද්දි මෙන්න මේක හම්බුනා:අර නැකැත්තා සිකුරු ගෙ රත්තරං ආභරණෙ පොළවට වැටෙනකොට කඳවුරු ගහන් හිටපු කථාවත් දාන්න. නැත්තං කියන්න මම පොත් රාක්කෙට හනුමා හරි යවල පොතක් තිබ්බා, හොයා ගන්නං!![]()
සිළුමිණ-පුන්කලස-2008/10/19
කොත්මලේ ගණීතයා සහ පොන්නා නැකැත්තා යනු එක් අයෙක්ම ද??
කොත්මලේ ගණීතයා සහ පොන්නා නැකැත්තා යනු එක් අයෙක්ම ද??
පොන්නා නැකැත්තා ජීවත් වූ කාලයේ දී ප්රබල ග්රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා ග්රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය. තම ගණිත ශාස්ත්රය හා ජ්යෝතිෂ ඥානය ඔහු උපරිම වශයෙන් ප්රයෝජනයට ගනී.
මේ ප්රබල ග්රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් පොන්නා නැකැත්තා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිතඥයකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ පොන්නා නැකැත්තා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදී කුණ්ඩලාභරණය බිම පතිත වන ස්ථානය සෙවීම ආරම්භ කළේ ය.
කුණ්ඩලාභරණය නියම ලෙස බිම පතිත වන ස්ථානය සොයාගන්නා පොන්නා නැකැත්තා ඒ ඉඩ ප්රමාණය වෙන් කරගනී. ග්රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් පොන්නා සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල විසඳ්රගත නොහී එය දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.
මෙතරම් වටිනා කුණ්ඩලාභරණයක් තොප දෙදෙනාටත් රාජත්වයෙහි වූ මටත් නොවටිනා හෙයින් එය උත්තම දළදා වහන්සේ වෙත පුදමි” යැයි කියමින් එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ්රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප්රයෝජනයට ගන්නා ලදී.
වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති. මෙකී කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය කුණ්ඩසාලය වශයෙන් ප්රසිද්ධ වූයේ ලු.
එහෙත් 1971 දී ඩී.ජී. වික්රමසිංහ ලියූ ‘මඟ දිගට ජනකතා’ ග්රන්ථයේ කුණ්ඩසාලය හැදෙන ආකාරය සඳහන් වන්නේ මෙකී විස්තරයට වෙනත් අයුරකින් සටහන් කිරීමෙනි.
එහි පොන්නා නැකැත්තා හෝ ගණිතයා පිළිබඳව සටහනක් නොවන අතර භික්ෂූන්වහන්සේ නමක් සහ බ්රාහ්මණයෙක් අතර මෙම ආරවුල හටගනී. කුණ්ඩලාභරණය නොලැබීමෙන් සංවේගයට පත් වන බ්රාහ්මණයා මහවැලි ගඟෙහි වූ වක්කලමට පැන දිවි නසාගන්නා බවත් දුම්බර මිටියාවතේ අණ තෙද පතුරන ‘පිටියේ දෙවියන්’ එකී බමුණාගේ අවතාරය බවත් එහි සඳහන් වේ. එහි එන ආකාරයට රජතුමා 1 වන විමලධර්මසූරිය රජතුමායි. මෙකී සිද්ධීන් පරස්පර විරෝධී වෙයි.



