අපේ බොහෝ මිනිසුන්ට හැම දෙයකම වටිනාකම දැනෙන්නේ ඒ දේවල් ඕන වෙද්දි විතරයි නේ..
ඒ අවස්ථාවෙන් ප්රයෝජන ගත්තාට පස්සේ ඒ දේ ගැන කිසිම තැකිමක් දක්වන්නේ නෑ..
ඇත්තටම මේක ලොකු වැරැද්දක්..
අපේ අසරණ දෙමව්පියන් තම දු දරුවන් ව රට වෙනුවෙන් දායාද කලේ..
යම් දෙයක් අපෙක්ෂාවෙන් නෙවෙයි..
ඒ අය ඒ විදියට දායාද කලේ අපේ රට ගැන තියෙන කැක්කුම හින්දායි..
ඒත් ඒ දේ බොහෝ දෙනෙකුට තේරුම් වෙන්නේ නෑ..
හේතුව ඒ අයට ඒ අසරණ මිනිසුන්ගේ වේදනාව දැනෙන්නේ නැති හින්දා..
ඕය රණවිරු විරෝධාර සෙබළු හින්දා අපේ රටේ බහුතර පිරිසක් කොයි තරම් සතුටින් ජිවත් වෙනවා ද ?
ඒ හැම සතුටක් ම අපිට ලැබෙන්න මුල් ම හේතුව ඇවිත් ඕය රණවිරුවන්..
ඒත් ඒ දේ බොහෝ දෙනෙකුට තවම තේරුම් ගන්න බැරි වේලා තියෙන එක ගැන නම් කණගාටුයි..