රණවිරුවන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
vTv6ym.jpg


ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් මේ වනවිට කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වෙමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ ඔවුන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙසයි. රණවිරුවන්ගේ මෙම ඉල්ලීම කිසිසේත්ම අසාධාරණ එකක් නොවේ. වසර 30කට අධික කාලයකත් තිස්සේ පැවැති ත්‍රස්තවාදය සුණු විසුනු කර දැමීමට රණවිරුවන්ට හැකි වුයේ ඔවුන් තමන්ගේ රාජකාරිය නිවැරදිවම කළ නිසා ය. අද අපේ රටේ ප්‍රශ්න කන්දරාවක් මතු වී තිබෙන්නේ තමන්ගේ රාජකාරිය නිවැරදිවම කරන්නට කිසිදු නිලධාරියෙක් විසින් පියවර නොගන්නා නිසාය. කළ හැකි දේ පසෙක තිබිය දී වෙනත් වෙනත් දෑ කරන්නට යාම නිසා රට තුළ ප්‍රශ්න බහුල සෙයක් දෘශ්‍යමානිතය. සැබවින්ම රණවිරුවා සටන් කළේ මහින්දලාගේ ගොඨලාගේ හොඳකම නිසා නොවේ. සටන් බිමේ තමන්ට ජීවය ලබා දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි අභීත සෙන්පතියන් දුන් නායකත්වය නිසාය. එම නායකත්වයෙන් ඔද වැඩුනු රණවිරුවෝ නිවැරදි සැළසුම් සහිතව තමන්ට හිමි රාජකාරිය අකුරටම ඉටු කළහ. මේ රට ත්‍රස්තවාදයෙන් අත් මිදුනේ රණවිරුවා තමන්ගේ රාජකාරිය නිවැරදිවම කළ නිසාය.


රණවිරුවා මිනීමරුවෙක් බවට පත් කළේ මහින්දලා ගෝඨලාය..

රණවිරුවා කෙරෙහි රටේ ජනතාව තුළ පවතින්නේ ඉහළ ගෞරවයකි. එහෙත් එම ගෞරවය විනාශ කර රණවිරුවා මිනීමරුවෙක් බවට පත් කළේ මහින්දලාගේ ගෝඨලාගේ පාලනය විසිනි. ඔවුන් විසින් තම බලය යොදා තමන්ට එරෙහි පිරිස් මර්දනය සඳහා හමුදා සෙබළුන් යොදා ගත්තේ බලාත්කාරයෙනි. මේ නිසා රණවිරුවා යනු මිනීමරුවෙක් ලෙසට හංවඩු ගැසෙන්නේ මහින්දලාගේ ගෝඨලාගේ ක්‍රියාකලාපය හේතුවෙනි. මහින්දලා ලසන්ත වික්‍රමතුංග මරන්නට යොදා ගත්තේ රණවිරුවෝය. තාජුදීන් මරන්නට යොදා ගත්තේ රණවිරුවෝය. උපාලි තෙන්නකෝන්ට පහර දීමට යොදා ගත්තේ රණවිරුවෝය. පෝද්දල ජයන්තට ටී. එන්. එල් එකේ නාමල්ට පහර දෙන්නට අතපය කඩා දමන්නට යොදා ගත්තේ රණවිරුවෝය. කීත් නොයාර් ට පහර දෙන්නට යොදා ගත්තේ ද රණවිරුවෝය. එපමණක් නොව නිදන් හොරකම් කරන්නට ද යොදා ගත්තේ ද රණවිරුවෝය. සිරසට පහර දෙන්නට, සියත ගිනි තබන්නට, ලංකා ඊ නිව්ස් ගිනිතබා විනාශ කරන්නට, උදයන් කාර්යාලයට බෝම්බ ගසන්නට, දෙමළ තරුණයින් අතුරුදන් කරන්නට, එක්නැළිගොඩ කපා කොටා කෑලි මුහුදේ ගිල්වා දැමීමට යොදා ගත්තේ ද රණවිරුවෝය. ඉන් නොනැවතී රතුපස්වල වෙඩි තබා මිනිසුන් මරන්නට, මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් මරා දැමීමට, හලාවත මහජන උද්ඝෝෂණයට වෙඩි තබා මිනිසුන් මරා දමන්නට යොදා ගත්තේ රනවිරුවන්ය.



රණවිරුවන් මෙම යථාර්තය වටහා ගෙන නැත...

එහෙව් මහින්දලා ගේ කෙරුවාව නිසා 2009 ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රණවිරුවාට හිමිව තිබු ගෞරවය මුලුමනින්ම කෙළෙසා දැම්මේ ද මහින්ද ලා හා ‌ගෝටලා ය.
නමුත් අදටත් ඔවුන් පෙනී සිටින්නේ රණවිරුවන්ගේ ආත්මය ඔවුන් පරිද්දෙනි. රණවිරුවෝ ද මෙම යථාර්තය වටහා ගෙන නැත. අද අපේ රටේ රණවිරුවන් යැයි කියා ගන්නා පිරිස කිසියම් ගැටලු සහගත , ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්ව සිටිනවා නම් ඒ සියල්ලටම වගකිව යුත්තේ මහින්දලා හා ගෝඨලා මිස වත්මන් රජය නොවේ..
එහෙනම් රණවිරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිට මහවැස්සේ උපවාස කරන්නේ අහවල් බඩේ කැක්කුමක් නිසා දැයි කිසිවෙකුට සිතිය හැකිය.


ඇත්ත තත්ත්වය කුමක්ද?

එම සිතිවිල්ල සාධාරණ වුවත්, යතාර්තය එය නොවේ. රජය විසින් රණවිරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඉදිරිපත් කරන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ඔහු විසින් පසුගිය ජාතික නිදහස් දිනයේදී රණවිරුවන්හට විශ්‍රාම වැටුපක් ලබා දීමට පියවර ගන්නා බව කිව්ව ද එම ප්‍රතිඥාව ඉටු නොකර කල් මැරුවේය. එයට හේතුව නම් රණවිරුවන්හට එම දීමනාව ලබා නොදෙන්නේ රජයේ වරදින් බව පෙන්වා එම කුනු කන්ද රනිල්ගේ ඔළුව මතට අතහැරීමේ වුවමනාව නිසාය. එහෙත් මේ වනවිට ඇත්ත තත්ත්වය හෙළිදරව් වී හමාරය. ආරක්ෂක අමාත්‍යාංශය බාර ඇමැතිවරයා විසින් අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයා නිසා එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඔහු විසින් ඉදිරිපත් කළ යුතුය. එසේනම් දැන් මේ සිද්ධ වෙන්නේ කුමක්ද? අන් කිසිවක් නොවේ.. මේ රණවිරුවෝ දැනට කොටස් කිහිපයකට බෙදී සිටිති. ඉන් එක් කොටසක් පොහොට්ටුව ද, අනෙක් පිරිස රජය ද නියෝජනය කරයි. රජය හෙට දින ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත වු පසු, ඒක අනුමත කර ගත්තේ අපේ උපවාසය නිසා යැයි මහජනතාවට පෙන්වා දෙන්නට එම පිරිසට හැකි වේ. මේ දඟලන්නේ ඒ නිසාය. අතුරලියේ රතනලා, විමලේගේ පක්ෂයේ අය, පිවිතුරු හෙළි උරුමයේ අය, කමල් ගුනරත්නලා හා ගෝඨා ට කඩේ යන හාංදුරුවරු මේ උද්ඝෝෂණය පසුපස සිටින්නේ ඒ නිසාය. එහෙත් මෙහි ඇත්ත කුමක්ද? සැබවින්ම රණවිරුවෝ රවටන ලද්දේ කවුරුන්ද? යන්න විමසිය යුතුය.



රටේ බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත..

මහින්ද- ගෝඨා අයිය මලෝ දෙන්නා 2010 ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංගණය කර ඇති සැටි විශ්‍රාමික රණවිරු කඩවුනු පෙරොන්දු දී ඇති අන්දම මේ රටේ බොහෝ දෙනෙක් නොදනී.
2010 .01. 26 වෙනි දින පැවැති ජනාධිපතිවරණයේ දී මහින්ද තම අත්සනින් යුතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අභිමානවත් විශ්‍රාම දිවියක් මාතෘකාව යටතේ රණවිරුවන්ට ද යවන ලදී. එම ලිපිය යවා ඇත්තේ 2010.01. 12 දිනැතිව ය. එම ලිපියේ සඳහන් කරන ලද්දේ සියයට 85ක පුර්ණ විශ්‍රාම වැටුප 2010 ජනවාරි සිට ලබා දෙමි යනුවෙනි.
ඔහු විසින් එසේ පොරොන්දු වුනත් එම පොරොන්දුව කඩවුනු පොරොන්දුවක් ම විය. ඔහු විසින් “මහින්ද චින්තන” නැමැති සිහින ග්‍රන්ථයේ ද අලුත් ශ්‍රී ලංකාවක් පොතේ 32 වන පිටුවේ සඳහන් කර ඇත්තේ ද, “ආරක්ෂක හමුදාවන් හි සෙබල හා නිල නොලත් ශ්‍රේණිවල අනිවාර්ය විශ්‍රාම වැටුප ගැන්වෙන සේවා කාලය වසර 22කි. එහෙයින් එම සේවා කාලය සම්පුර්ණ කොට විශ්‍රාම යනවිට පුර්ණ විශ්‍රාම වැටුපට හිමිකම් ලබා දෙමි” යනුවෙනි.



අද මරහඬ දෙන මහින්ද රාජපක්ෂ එදා කළ ‌කෙං‌ගෙඩියක් නැත...

සියයට 85 ප්‍රතිශතය මත 2009. 12. 16 අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුනත් ඒ අනුව විශ්‍රාම වැටුප ගෙවීමට අදාල චක්‍රෙල්ඛය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ නිකුත් කළේ මාස 06කට පසුවය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් අනුමත කළත්, භාණාඩාගාරය විසින් පවසා ඇත්තේ සියයට 85 හිමිවන්නේ 2009.05.19 දිනට අඛණ්ඩව වසර 05ක් ක්‍රියාන්විතයේ සේවය කළ රණවිරුවන්ට පමණි. මෙම උපදෙස් ලිපියෙන් ජනාධිපතිතුමාගේ ලිඛිත වාචික මෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියත්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ චක්‍රෙල්ඛයත් හකුලාගන්නට සිදුවීම සිදුවිය. එහෙත් ඒ වනවිටත් මුදල් ඇමැති ලෙස කටයුතු කළේ අද රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් මරහඬ දෙන මහින්ද රාජපක්ෂ ම වීම පුදුමයකි. භාණ්ඩාගාරය විසින් රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දීම වළක්වාලීම සම්බන්ධව එවකට මුදල් ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ කළ කෙංගෙඩියක් ද නැත.ඔහු ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත.



විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකගේ අමරණීය සටහන..

මහින්ද රාජපක්ෂ විසින් රණවිරුවන්ට කළ අසාධාරණය ගැන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ සටහනක් තබා තිබිනි. ඔහු විශ්‍රාම යන දවසේ ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් පුවරුවේ මෙසේ ලියා තැබීය. “ගොඩනගන්නට සිතූ ලෝකය ගොඩනැගී යැයි සිතමි. ඒවා කළේ AR,FR මත නොව මගේ හිතුවක්කාරකමිනි”. ඔහු එසේ ලියා තිබුන ද රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව තවත් දශකයකට ඇදී ගියේ MR ගේ හිතුවක්කාරකම නිසාම පමණක් නොව, ඔහු රණවිරුවන්ට සැලකුයේ කුලීයට මිනිමරණ හමුදාවක් ලෙස බැවිනි.


කිඹුල් කඳුළුවල ලුනු රස රණවිරුවන්ට දැනෙන්නේ නැත..

අද රණවිරුවන් ලඟට ගොස් ඔවුන්ගේ දුක් අඳෝනා ගැන කතා කරන කමල් ගුනරත්නලා එදා මේ අසාධාරණය ගැන කතා කළේ නැත. එයට හේතුව ඔවුන්ට අත හිත පිරෙන්නට අවශ්‍ය දේවල් ගෝඨලා සැපයු බැවිනි.
මේ හෙළන කිඹුල් කඳුළුවල ලුනු රස රණවිරුවන්ට දැනෙන්නේ නැත. මක්නිසාද යත් ඔවුන් ඒ කිඹුල් කඳුළු එදා මෙන්ම අදත් හඳුනාගෙන නැති නිසාය. නමුත් කිවයුත්තක් තිබේ. රණවිරුවන්ගේ කරමතින් අපරාධ වැළක් සිදු කළ මහින්දලා රණවිරුවන්ට සැළකූ ආකාරය අතිශය නින්දිතය. අද සමහර රණවිරුවන්ට සිරගෙවල්වල දුක් විඳින්නට සිදුව ඇත්තේ ද ඒ නිසාය. ඔවුන් මහින්දලා හඳුනා නොගත් නිසාය. අද ද කියන්නට ඇත්තේ එයමය.



රණවිරු පවුල්වලට දන් දුන් අයෙක් අද පොහොට්ටුවේ බෙහෙතට වත් නැත..

රණවිරුවන් අසළට වී මාධ්‍යයට වොයිස් කට් ඇතැම් හාංදුරුවරු කරන්නේ නැවතත් රණවිරු කරමතින් ගෝඨලා බලයට ගෙන එන්නට උත්සාහ දැරීමකි. එහෙත් මෙහි යථාර්තය දන්නා පිරිසක් ද සිටිති. ඔවුන් නැවතත් මහින්ද ලා ගොඨලා තම කර මතට ගැනීමට සුදානමක් නැත.
රණවිරුවන් අපහාසයට ලක් කළ අනෙක් අවස්ථාව නම් 2017 ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමන් ලබන වැටුප රණවිරු පවුල්වලට දන් දෙන බවට ගම්මන්පිළලා හා මහින්ද අලුත්ගමගේ ලා විසින් ප්‍රකාශ කර තිබීමයි. දිවයින පුවත්පත එදා ප්‍රධාන සිරස්තලය ලෙස මෙය වාර්තා කළේය. එහෙත් තම වැටුප රණවිරු පවුල්වලට දන් දුන් අයෙක් අද පොහොට්ටුවේ බෙහෙතට වත් සොයා ගත නොහැකිය. හෙට දවසේ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමැතිය හිමි වනු ඇත. එවිට එය දිනා දුන්නේ අප යැයි උදම් ඇනීමට මේ උපවාස කරන ආබාධිත රණවිරුවන්ට හැකි වනු ඇත. එහෙත් සත්‍යය තම හෘද සාක්ෂියට වසන් කරන්නට ඔවුන්ට නොහැකිය.
 
Last edited: