රණවිරුවෝ පොරකයට

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    රණවිරුවෝ පොරකයට

    මේක තමයි ඕන කරේ අපේ කට්ටියට.:( මුහුදු කොටි නායිකාවට ජනාදිපති සමාව.රට වෙනුවෙන් තුම් පාරක් වෙඩි කාපු කෙනා පෝරකයට.. දැන් කඩේ ගිය කට්ටියට සන්තෝස ඇති:(.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේක තමයි ඕන කරේ අපේ කට්ටියට.:( මුහුදු කොටි නායිකාවට ජනාදිපති සමාව.රට වෙනුවෙන් තුම් පාරක් වෙඩි කාපු කෙනා පෝරකයට.. දැන් කඩේ ගිය කට්ටියට සන්තෝස ඇති:(.

    kar* rajaawa ayeth dinawala, wilpattu saha kuragala projects ayeth start kara nam mewa monawath wenne ne neda? :rolleyes::rolleyes::rolleyes:

    agama jathiya wikunana awajathaka saththu.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කරුණට සමාව දීපූ එක කමක් නෑ , මොකද කරුණා ත්‍රස්තවාදියෙක් විදියට ඉදලා ,පස්සේ හොද මගට ඇවිත්, හමුදාවට සෑහෙන්න උදව් කරා යුද්ධය ඉවර කරන්න, කරුණා ආවේ නැත්නම් යුද්ධය ඉවර කරන එක ලේසි නෑ, එහෙනම් තව අවුරුදු ගාණක් ඕක ඇදෙනවා, කරුණා කියන්නේ නිකම් මිනිහෙක් නෙවෙයි, ඊශ්‍රාළයෙන් පුහුණුව අරගෙන ආපු එකෙක්, උන්ගේ පුහුණුව ගත්තා කියන්නේ අමු වැඩ්ඩෙක්. ඉතින් කරුණා බුද්ධිමය දායකත්වය දීලා යුද්ධය ඉවර කරන්න සහාය දීපු එකට සමාව දෙන්න ඕනේ. පිල්ලෙයාන් ගැන මම දන්නේ නෑ නමුත් උන් ඔක්කොම එකට ආපු නිසා එකෙක්ට විතරක් දඩුවම් කරන්න බෑ,කොහොමත් ත්‍රස්තවාදය අත හැරලා හොද මගට ආපු එවුන්ට දඩුවම් කරන්නේ නෑ මම දන්න හැටියට, උන්ව පුණුරුත්ථාපය කරලා යහ මගට ගන්නවා. කරුණා , පිළ්ලෙයාන් කවුරු උනත් උන් කරන්නේ ප්‍රභාකරන්ගේ අණ පිළිපදින එකයි ,LTTE එකේදි වුනේ එහෙමයි, එහෙම පිළිපදින්නේ නැත්නම් පිළිපදින්නේ නැති අයව මරනවා. ඉතින් ලොක්කට(ප්‍රබාකරන්) තමයි හැම වරදක්ම යන්නේ. අනික උන් හොද නරක දන්නේ නෑ ඕවට බැදෙන කොට, ගොඩක් LTTE එකට බැදන අය හිතන්නේ සිංහල මිනිස්සු කියන්නේ මිලේජ ජාතියක් කියලයි, ගෑණු රේප් කරන ජාතියක් කියලයි, මිනිමරන ජාතියක් කියලයි, දෙමළ මිනිස්සුන්ට වෛර කරන ,දෙමළ මිනිස්සුන්ව මරන්න හොයන ජාතියක් කියලයි, අන්න එහෙම තමයි LTTE එකෙන් brainwash පාර මිනිස්සුන්ට දෙන්නේ, නමුත් උන් ටික ටික ලොකු වෙනකොට, සිංහල මිනිස්සු ගැන දැනගන්න කොට, LTTE එකේ සැබෑ අරමුණ ගැන දැනගන්න කොට උන් මේ පැත්තට පනිනවා, එහෙම පනීන එවුන්ට දඩුවම් කරන එක වැරදියි, උන්ව පුනුරුථ්තාපානය කරන්නේ ඒකයි හමුදාවෙන්, හමුදාවෙන් අල්ලගත්ත එවුන්ට පමණයි දඩුවම් කරන්නේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සින්න පොරා සහ පොනිල් ගෙදර යවන්න කාලෙ හරි