මතකද වෝල්ඩර්මෝට්ට (කිරියෙ ඉන්න එකාට @Voldemort Bro
නෙවෙයි හැරී පෝටර් කතාවෙ වෝල්ඩමෝට්ට ) තිබුණු හෝකෲසස් ටික... හෝකෲසස් කියන්නෙ වෝල්ඩර්මෝට් තමන්ගෙ ආත්මය කෑලි කිහිපයකට කඩලා, ඒ කෑලි හංගලා තියෙන්න පාවිච්චි කරපු දේවල්... ඒ හෝකෲසස් ටික පරිස්සමට තියෙනකම්, වෝල්ඩර්මෝට්ට මුකුත් කරන්න කාටවත් බෑ... අපිට වෝල්ඩර්මෝට්ට පරහ දෙන්න, පරාද කරන්න පුලුවන්... ඒත් වෝල්ඩර්මෝට්ගෙ ආත්මය තියෙන්නෙ හෝකෲසස් ඇතුළෙ නිසා ඒවා විනාශ නොකර, වෝල්ඩර්මෝට්ව විනාශ කරන්න බෑ...
ජේ.කේ. රෝලිංගෙ අනිත් ගොඩක් අයිඩියා වගේම හෝකෲසස් කියන සංකල්පෙත් රෝලිංගෙ ඔරිජිනල් අයිඩියා එකක් නෙමෙයි... ලෝකෙ ගොඩක් පරණ ජනකතාවල තමන්ගෙ ආත්මය වෙන තැන්වල හංගපු දුෂ්ඨයො ගැන කියවෙනවා... මට මතක විදිහට ඉන්දියාවේ ජනකතාවක් තියෙනවා තමන්ගෙ ආත්මය ගිරවෙක් ඇතුළෙ හංගලා තියපු රජෙක් ගැන... ඒ ගිරවා පරිස්සමින් ඉන්නකම්, රජ්ජුරුවන්ව මරන්න කාටවත් බෑ... ඒ නිසා ආත්මය වෙන තැන්වල හංගන සංකල්පය ගොඩක් දුෂ්ඨයන්ගෙ පොදු ලක්ෂණයක්...
ලංකාවෙත් අපිට ඉන්නවා වෝල්ඩර්මෝට්ටත් වඩා දරුණු දුෂ්ඨ බලවේගයක්... ඒ තමයි රාජපක්ෂලා... බොහෝදුරට රාජපක්ෂලා තමයි ලංකා ඉතිහාසෙ එදා මෙදා තුර බිහිවුණු දුෂ්ඨම සහ නපුරුම බලවේගය... අනිත් ගොඩක් දුෂ්ඨයො වගේ රාජපක්ෂලත් තමන්ගෙ ආත්මය හෝකෲසස් කීපයක් අස්සෙ හංගලා තියෙන්නෙ... ඒ හෝකෲසස් ටික පරිස්සමින්, යහතින් තියෙනකම්, රාජපක්ෂලට මුකුත් කරන්න කාටවත් බෑ... පහරදෙන්න, පරද්දන්න පුලුවන්... ඒත් විනාස කරන්න බෑ... ඒ නිසයි 2015 පරද්දලා, ගෙදර යවලා, මැදමුලනෙ ජනෙල් පොල්ලෙ එල්ලපු රාජපක්ෂලා 2019 දි, ඊටත් වඩා ශක්තිමත්ව ආපහු එන්නෙ...
සිංහල බෞද්ධ ජාතිවාදය,නැගිටින කොටි,හොර ගණගෙඩියො සෙට් එක, කූරගල වගේ පන්සල්,වද කොත්තු, ඉස්ලාම් ආක්‍රමණවලට තියෙන බය වගේ ඒවා තමයි රාජපක්ෂලගෙ හෝකෲසස්... ඕවා තියෙනකම් රාජපක්ෂලව විනාස කරන්න කාටවත් බෑ... හැබැයි ඔය හැම හෝකෲසස් එකකටම වඩා විශාල සහ දරුණු හෝකෲසස් එක තමයි 'රණවිරුවො'...
රජයෙ හමුදා සෙබළු 'රණවිරුවො' කරන එකේ ඉඳන්, අද තියෙන හමුදාව දේවත්වයට පත්වීමේ තත්වය වෙනකම් හැමදේම අනාගතේ වෙනුවෙන් රාජපක්ෂලා කරපු ආයෝජන... අපි වෙනුවෙන් අපි කියාගෙන, සින්දු හදාගෙන, රණවිරු රියල් ස්ටාර් තියාගෙන, උත්තම පූජා වගේ ටීවී ප්‍රෝග්‍රෑම් හදාගෙන රාජපක්ෂලා දැඟලුවෙ හමුදාවට තියෙන ආදරේකට නෙමෙයි... මොකද රාජපක්ෂලා තමන්ගෙ පවුලෙ උන්ට හැර වෙන කිසිදේකට ආදරේවත්, යහපතක් කරන්නෙවත් නෑ... උන් කරපු, කරන හැමදේම තමන් වෙනුවෙන් කරගත්ත දේවල් විතරයි... හමුදා සෙබළෙක් ගංවතුර වෙලාවක ළමයෙක්ව උස්සන් යනවා දැකපු ගමන් ආණ්ඩුවෙ කුලී ලියන්නො ඒවට කවි ලියන එක,පඩි මදි කියලා ආබාධිත හමුදා සෙබලු වැස්සෙ තෙමි තෙමී උද්ඝෝෂණ කරනකොට එතෙන්ට ඇවිල්ලා රණවිරුවො දේවත්වයට දාල කතා කරලා සිංහලුන්ගෙ කොල බොක්කම ඇඹරිලා යන්න ටෝක් කරපු ලස්සන කෙල්ලො, සල්ලිවලට ඇඩ් දාන ෆේස්බුක් පේජ්වලින් ඒ පොටෝ/ වීඩියෝ එක සමාන කැප්ෂන් යටතෙ ශෙයා වෙන එක අහම්බ නෙමෙයි... ඒවා අනාගත ආයෝජන... ලොකු ප්ලෑන් එහෙක පොඩි පොඩි කොටස්...
රාජපක්ෂලාට සමාජය පහර දෙන, එරෙහි වෙන, පරාද කරන හැමවෙලාවකම ඔය රණවිරුවො කියන හෝකෲසස් එක උන් පාවිච්චි කරා... හමුදාවට මිනිස්සුන්ගෙ තියෙන ආදරේ විකුණන් කාලා මෙච්චර කල් තමන්ගෙ ජඩකම් වහගත්තා... ඒ හෝකෲසස් එක යහතින් තියෙනකම්, රාජපක්ෂ කියන දුෂ්ඨ බලවේගයට මුකුත් කරන්න මිනිස්සුන්ට බැරි වුණා...
හැබැයි ඔන්න දැන් රාජපක්ෂලගෙ බලවත්ම හෝකෲසස් එකත් දෙදරන්න පටන් අරගෙන... හමුදාව ගැන මිනිස්සුන්ගෙ හිතේ තිබ්බ ආදරේ, ගෞරවේ හේදිලා යන්න පටන් අරගෙන... බලවත්ම හෝකෲසස් එකත් විනාස වෙනවා කියන්නෙ රාජපක්ෂලගෙ අවසානෙ ළඟයි කියන එක...
රාජපක්ෂලට හමුදාව කියන්නෙ හරියට නිකන්, වෝල්ඩර්මෝට් ළඟින්ම තියන් හිටපු නාඟිනී වගේ... නාඟිනීගෙයි වෝල්ඩර්මෝට්ගෙයි දෙන්නගෙම විනාසය සිද්ධ වෙන්නෙ එකම වෙලාවක... ඒ වගේම තමයි, හමුදාව ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන ගෞරවේ නැති වෙනවා කියන්නෙ, එතනින් එහාට රාජපක්ෂලටත් තව වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ...
© fb