රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහ&#3505

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහ&#3505

    රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහන

    සැඳෑ සමයයි ජීවිතේ...
    ගෙවන්නේ අප අද දිනේ....
    දෙපා වාරුව පමණකි....
    අපේ තනියට ළඟ සිටින්නේ....


    ඒ නිහඬ නිසසළ පරිසරය තුළ එවන් ගීයක හඬක් නොඇසුණද ඔවුන්ගේ හදවත් හඬා වැටෙමින් කියන්නේ ද එවැන්නක්මය.

    image_cfd2e235d4.jpg



    ගීයේ වදන්වැල අරුත් ගන්වමින් සැරයටියෙන් දෙපා වාරුගන්වන ඒ ජීවිත තුළ අදටත් ඇත්තේ අභිමානවත් අතීතයක මතක සැමරුම් රැසක් පමණෙකි.


    ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ වියපත් දිවියට සවියක් වූ මේ කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා ප්‍රවීණයින්ට වෙන්වූ සැඳෑ නිවහනය.


    ‘රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ හදවතින් ඔබ තනි කළේ නැත කිසිදිනේ.’


    ඒ සදානුස්මරණීය ගීයේ රාවය ප්‍රවීණයින්ගේ නිවහන පුරා සෙමෙන් ඇසෙන්නා සේය.


    ඔවුන්ගේ දුක සැප විමසන්නට නෑ හිතවතුන්ටත් වඩා එකට කල්දේරමේ බත් පත කෑ සොයුරු රණවිරුවන් හැමදාමත් පැමිණෙනුයේ ඒ හදවත් තනි නොකරන්නටය.


    ඒ හැම දෙනාටම මහ මැදුරු දූ දරු මුනුපුරන් කොතෙකුත් ඇතත් එ් කිසිවෙකුටත් කරදරයක් වන්නට ඔවුහු නොකැමැත්තේය.


    මේ ඔවුන්ගේ එකම දිවා රාත්‍රී සුරැකුම් මධ්‍යස්ථානයයි. විනෝදය, විවේකය, නිදහස, සැහැල්ලුව එදා මෙන්ම අදත් ඒ හදවත් හැමදාමත් සුවපත් කරවන්නා සේය.


    හරිහම්බ කළ කොතෙකුත් වස්තුව දේපොළ හා මිල මුදල් සැප සම්පත්වලට වඩා මෙහි ඇති නිදහස ඔවුන්ට මනා අගයක් ගෙන දෙන්නේය. ”කවුරු නාවත් කමක් නැත්තේ එබැවිනි. සතුටු සිනා තුළ ඒ හැම මුවකම දිදුළන්නේද එබැවිනි.


    මෙය එදා සිය තුරුණු දිවිය සිරකළ යුද කඳවුරක් නොව විවේකාගාරයක්ය. එය සිරගෙයක් නොව විනෝදාගාරයක්ය.


    කොළඹ මීගමුව පාරේ මීගමුව හන්දියෙන් දකුණට ඇති කටාන පාරේ මඳ දුරක් ගිය තැන ත්‍රිවිධ හමුදා ප්‍රවීණයින්ගේ නිවහන හමුවේ.


    ඒ පරිසරය පුරා ඇත්තේ නිහඬ නිසසල බවකි. සොඳුරු වට පිටාව සිත් ඇදගන්න සුළුය.


    1986 වසරේ එවකට සේවා මුක්ත භට සංගමයේ සභාපතිව සිට නාවික හමුදා කමාන්ඩර් මැතියස් මහතාට ත්‍රිවිධ හමුදා ප්‍රවීණයින් සඳහා නිවහනක් ඉදිකිරීමේ මුල්ම සිතුවිල්ල පහළ වී තිබුණේ නිරායාසයෙනි.
    ඒ පිළිබඳ අතීත කතාව එම නිවහනේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කරන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් පී. සෙනෙවිරත්න මහතා ආවර්ජනය කෙළේ මෙලෙසිනි.


    එදා මැතියස් මහත්තයා ඉඩමක් හොයන්නට කියලා භාර දුන්නේ මටයි. ඒ අනුව මට කටාන පැත්තේ සිවිල් ඉංජිනේරු මහත්තයෙක් වන තාරක වික්‍රමසිංහ දැනගන්නට ලැබුණා.


    ඒ මහත්තයාගේ පාරම්පරික බංගලාව සමග ඇති අක්කර 19 ක ඉඩමෙන් අක්කර 2 ක් ප්‍රවීණයන්ගේ නිවහනට ලබා දෙන්නට ඒ මහත්තයා කැමැති වුණේ පුදුම සතුටකින්. මම ඒ බව කමාන්ඩර් මැතියස්ට දැනුම් දුන්නා.
    තැගි ඔප්පුවකින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට මෙම ඉඩම හා නිවස පවරා දුන්නා.









    අපි එම පැරණි නිවසයි, මුලින්ම නේවාසිකයින් සඳහා යොදා ගත්තේ. මුලින්ම හතර දෙනෙකු නේවාසිකව සම්බන්ධ වුණා.


    මම විශ්‍රාම ගියේ 1980 දී. පසුව නේවාසික කළමනාකරු හැටියට 1994 දී පත්වුණා.


    මේ ඉඩම හා නිවස පරිත්‍යාග කළ මහත්තයා එංගලන්තයේ පදිංචියට ගියා.


    මෙම පාරම්පරික බංගලාවේ පසුව 10 දෙනෙකුට නේවාසික පහසුකම් දුන්නා.


    මෙම නිවාසය අද පාලනය වෙන්නේ කමිටුවකින්. එම පාලක මණ්ඩලය අපි ගැන හොයනවා. අඩුපාඩු ලබා දෙනවා. මේ නිවහනට රජය සත පහක්වත් වියදම් කරන්නේ නැහැ. සේවා මුක්ත භට සංගමය යටතේ හැමදෙයක්ම ලැබෙනවා.


    දෙවන ලෝක යුද්ධය සමයේ සේවය කළ ශ්‍රී ලංකාවේ යුද සෙබළුන්ට කෘතුගණ සැලකීමක් හැටියට පොදුරාජ්‍ය මණ්ඩලය අදටත් අපේ නිවහනට මුදලින් උදව් කරනවා. සේවා මුක්ත භට සංගමය හරහායි එය සිදුවන්නේ. සෑම වසරක් පාසාම දෙවන ලෝක මහා යුද්ධය සමරන පොපිමල් ව්‍යාපෘතිය මගින් සේවා මුක්ත භට සංගමයට ලැබෙන ආධාර වෙනම ගිණුමක් ලෙස පවත්වාගෙන යනවා.


    එකී පොලී මුදල් මෙම නිවහනේ නඩත්තුවට යොදවනවා.


    දෙවන ලෝක යුද්ධයට ශ්‍රී ලංකාව වෙනුවෙන් යුද කළ සෙබළුන් දෙදෙනකුත් ඉන්නවා. ඒ එක් අයකුගේ වයස අවුරුදු 96 ක්.


    මෙහේ මේජර් ජනරාල්වරයෙක් හා මේජර්වරයෙක් නේවාසිකව ගතකර තිබෙනවා.


    අද වන විට මෙහේ 21 දෙනෙක් ඉන්නවා. එක් අ​ෙයකුගේ ඇස් පේන්නේ නැහැ. අනික් හැමදෙනාම හොඳින් ජීවත් වෙනවා. මෙහේ පුදුම නිදහසක් තිබෙන්නේ. ඕනෑම තැනක යන්නට පුළුවන්. හැමදෙනාම ඉන්නේ සතුටින්. වැඩිහිටි නිවාසවල තත්ත්වයට වඩා මේ නිවහන වෙනස්. මේ හැම දෙනාටම විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ නිසා කවුරුවත් අසරණ වෙලා නැහැ. ඒ අයට අවශ්‍ය නිදහසේ ජීවත් වෙන්නයි. ඒ හැම දෙයක්ම මෙතැන තිබෙනවා.


    විශ්‍රාමික කපිතාන් සිරිල් රූපරත්න (I ශ්‍රීලපාහ), ටී.පී. සුමණදාස (I ශ්‍රීලපාහ), බලලත් නිලධාරි II එස්. වික්‍රමසේකර (යුධෝපකරණ)


    බලලත් නිලධාරි II ඩබ්ලිව්. විජේරත්න (I සිරෙ) සී. බ්‍රවුන් (සංඥා) බලලත් නිලධාරි I) මෙහිදී අපට හමුවූ රණවිරු ප්‍රවීණයින් කීපදෙනෙකි.


    යුද හමුදා ඉංජිනේරු සේවා බළකා සංගමයේ සභාපති ඇතුළු විධායක මණ්ඩලය මෙම නිවහනේ නේවාසිකයින් සඳහා එදින දිවා ආහාරය රැගෙන විත් තිබුණි. එහි සාමාජිකයෝ නිවහනේ රණවිරු ප්‍රවීණයන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සුවදුක් විචාල අවස්ථාවේ දී. මෙහි නේවාසිකයින් සතුටින් ආහාර පාන ලබා ගන්නා අයුරු දැකගත හැකි විය.


    එම සංගමයේ සාමාජිකයෙකු මෙන්ම නේවාසිකයකු ද වන ඇස් නොපෙනන බලලත් නිලධාරි ඒ.ජී. ජිනසේන මහතා (80) වෙත සංගමයේ සභාපති මේජර් ජනරාල් ඊ.එම්.එම්. අඹන්පොල මහතාගේ පෞද්ගලික ධනයෙන් ආධාර මුදලක් පිරිනැමීම ද මෙහිදී සිදුවූ විශේෂ සිද්ධියක් විය.


    දිවා ආහාර විවේකයේ දී හමුවූ දෙවන ලෝක යුද සමයේ සෙබළෙකු ලෙස කටයුතු කළ පී.ඒ. ජයතිලක මහතා (96) කීවේ මෙවන් කතාවකි.


    මා 1942 දෙවන මහා ලෝක යුද්ධය වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳිලා ත්‍රිකුණාමලේ චීන වරායේ තෙල් ටැංකි ආරක්ෂා කළා. 1946 ආමි එකෙන් විශ්‍රාම ගියා.


    මට දැන් වයස අවුරුදු 96 ක්. දරුවන් 7 ක් සිටිනවා. කාටවත් කරදරයක් වෙන්නට කැමැති නැති නිසයි මෙහාට ආවේ. බ්‍රිතාන්‍ය රජයෙන් අපට දීමනාවක් ගෙවනවා. මෙහෙන් සතයක්වත් මගෙන් අය කරන්නේ නැහැ. හරිම සතුටින් සැහැල්ලුවෙන් දවස ගෙවනවා. කිසිම අසනීපයක් නැහැ.


    මගේ බිරිඳ මියගිහින් දැනට වසර 27 ක්. මෙහාට ඇවිත් අවුරුදු 5 යි. අපිව ජීවත් කරවන්නේ අපේ අභිමානයයි.


    සේවා බළකායේ කෝප්‍රල් විජේරත්න මහතා ද මෙහිදී අප හා අදහස් පළකළේ දැඩි කැමැත්තෙනි.


    මම 1976 වසරේදී විශ්‍රාම ගියා. මෙහාට ඇවිත් මාස 5 යි. දරුවෝ දෙන්නෙක් සිටිනවා. වෙනම තනි කුටියකයි ඉන්නේ. ඒ සඳහා විශ්‍රාම දීමනාවෙන් මාසයකට රුපියල් 10,000 ක් ගෙවනවා.


    මෙහි වෙසෙන නේවාසිකයින් අසනීප වන අවස්ථාවල දී පිහිටට සිටින බලලත් නිලධාරි I ශාන්ත හෙද නිලධාරියෙකු ලෙස විශාල සේවයක් කරන බවද හෙළිවුණා.


    මෙම නිවහනේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකුගේ රාජකාරිය ඉටු කරන්නේද ඔහුය.


    මෙහි සහකාර නේවාසික කළමනාකරු නාවික හමුදාවේ කේ.බී.එම්. තිලකරත්න මහතායි. ඔහු නාවික හමුදාවේ ප්‍රධාන පෙටි ඔපිසර් කෙනෙක්.


    මෙහිදී නිවහනේ ප්‍රධාන නේවාසික කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් වයි.ආර්.එම්. චන්ද්‍රතිලක මහතා අදහස් දක්වමින් හෙළිකළ තොරතුරුයි මේ.


    මා විශ්‍රාම ලබා මෙතැනට ඇවිත් අවුරුදු 4 යි. නේවාසිකයින් 21 ක් මගේ භාරයේ පසුවෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ඉඳුම් හිටුම් පහසුකම් සැලසීම හා නිවහනේ පාලනය මට භාරයි.


    මෙහි තනි කුටි 15 ක් හා පොදු කාමර 10 ක් පමණ තිබෙනවා. නේවාසිකයින් 35 දෙනෙකුට ඉඩ පහසුකම් තිබුණත් කුටි කීපයක්ම අලුත්වැඩියා කරන නිසා කිසිම කෙනෙක් අලුතින් භාරගන්නේ නැහැ. ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබෙනවා.


    සේවා මුක්ත භට සංගමයේ සභාපති කේ.ඒ. ඥානවීර මහතාගේ අධික්ෂණය යටතේ මෙය පාලනය වෙනවා. ඇතමුන්ගෙන් ලැබෙන සහාය අති විශිෂ්ටයි.


    එතුමා යුදහමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අපට අමු සලාක හා වියළි සලාක මාස 6 ක්ම යුදහමුදාවෙන් ලැබෙනවා. ඉතිරි මාස 6 ක සලාකය ගුවන් හා නාවික හමුදාවෙන් ලැබෙනවා. ගොඩනැගිලි, වාහන නඩත්තුව, ඉන්ධන සපයා ගැනීම, සිවිල් සේවකයින් තිදෙනෙකුට හා තමාට වැටුප් ගෙවීම ලැබෙන ආධාර මුදල්වලින් හා ගිණුමේ පොලියෙන් සිදුකරනවා.


    මෙම සියලුම දෙනා අපේම සහෝදර රණවිරුවන්. ඔවුන් කිසිවෙක් අසරණ වෙලා නැහැ. කවුරු නාවත් හැමදාමත් අපි ඔවුන්ගේ ළඟින් සිටිනවා. භාරකරුවන් මුලින් ආවට පස්සේ නැවත එන්නේ නැහැ. සමහරු ඉඳහිට එනවා.


    ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සංගම්වලින් මේ පිරිස් යොමු කරනවා. සමහරු වසර 6, 7 ඉඳන් මෙහේ ජීවත් වෙනවා.


    හැම දෙනාටම දිවා ආහාර වේලක් දීමට රුපියල් 5600 ක්ද, තුන් වේලම දිනකට ආහාර පාන සැපයීමට රුපියල් 7500 ක්ද අයකරනවා. ආහාර සැකසීම අපිම සිදුකරනවා.


    පහුගියදා මෙහේ නේවාසිකයින් 5 දෙනෙක් වරින්වර මියගියා. භාරකරුවන්ට දැනුම් දුන්නාම අාවේ එක්කෙනයි. ඉතිරි 4 දෙනාම මෙහේ කනත්තේ වළදැම්මා.


    අද සමාජය මේ තරම් කෘෘර ඇයි කියලා හිතා ගන්න බැහැ. මේ අය මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් කැප කළ මිනිස්සු.


    සැඳෑසමය ගෙවන ත්‍රිවිධ හමුදා සෙබළියන් සඳහා සැඳෑ නිවහනක අඩුව සපුරාලන්නට ඒ අවටින් පර්චස 85 ක ඉඩමක් සේවාමුක්ත තම සංගමය මිල දී ගත් බවක් ද මෙහිදී හෙළි විය. එහි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දානපතින්ගේ උපකාරය අවශ්‍ය වී ඇත. සියලු විමසීම් 0112445682, 0312269364 දරන දුරකතනවලිනි.


    මෙහේ කුටි හැම එකක්ම පාහේ හදලා තියෙන්නේ රෙජිමේන්තුවලින්. තම සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් විශ්‍රාමික සංගම් ඊට එක්වෙලා තිබෙනවා.


    ඉදිරියේදී කාන්තා සෙබළියන් සඳහා ද නිවහනක් ඉදිවේවි යැයි විශ්වාස කරනවා. ඒ සඳහා බරපැන දැරීම ප්‍රශ්නයක්.




    (ප්‍රවීණයින්ගේ නිවහන වෙත යාමට මඟ පෙන්වූ ඉංජිනේරු සේවා බලකා සංගමයේ නිලධාරින්ට අපගේ ස්තූතිය.)


    image_5531808b4d.jpg



    image_4cfa355f9f.jpg




    image_f637d466ec.jpg




    සටහන
    ජයන්ත සමරකෝන්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    niyamayine ban.. me dewana loka yudde ipadu sebalun dennage jiwtha kathawa pothakata naganna oena...