රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ ස
EXCLUSIVE
copyright: Divaina newspaper
වසර 25 කට පෙර ආර්. ප්‍රේමදාස රජය විසින් කොටින්ට අවි ආයුධ ලබාදීමේ සිද්ධිය වසන් කළ නොහැක.
හිටපු හමුදා නායකයකු වූ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිසමේදී මේ සත්‍ය තොරතුරු හෙළි විය.
එවකට ආරක්ෂක ලේකම්ව සිටි සේපාල ආටිගල කොමිසම හමුවේ පැවසූවේ එදා ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස කොටින්ට සපයන ලෙස දන්වමින් ආයුධ ලැයිස්තුවක් දුන් බවයි.
1989 සමයේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සහ කොටි හමුදා නායකයකු වූ යෝගි වන්නියේ සිට බෙල් හෙලිකොප්ටරයකින් කොළඹට පැමිණුනි. ඔවුන්ට කොළඹ ගලධාරී හෝටලයේ අංක 428 සහ 429 දරන කාමර සැපයුනි.
වීරකේසරී පුවත්පතේ සේවය කළ ඇන්ටන් ස්ටැනිස්ලාවුස් හෙවත් ඇන්ටන් බාලසිංහම් ආර්. ප්‍රේමදාස ජනාධිපති සහ කොටි අතර සාම සාකච්ඡා ගැන කරුණු හෙළි කිරීමට එකඟ විය.
මා ගලධාරී හෝටලයේ බාලසිංහම්ගේ කාමරයට යන විට ඔහුගේ මේසය මත ටීචර්ස් විස්කි බෝතලයක් විය. බාලසිංහම් භාවිතා කළේ ස්ටේට් එක්ස්ප්‍රස් වැනි ඉහළම ගණයේ සිගරට්ය. කොටින්ට මත්පැන් පානය කිරීම තහනම් නමුත් එම තහනම බාලසිංහම්ට බලපෑවේ නැත.
ඔබගේ ජනාධිපති ඉන්දීය හමුදාව එලවීමට අපට අවි ලබාදීමට පොරොන්දු වී තිබෙනවා යෑයි බාලසිංහම් රහස් හෙළි කරමින් කියා සිටියේය.
මේ අතර ගලධාරී හෝටලයේ සිටි යෝගි අබිරහස් පෙට්ටි දහයක් සමග පලාලි බලා යැමට සූදානම් විය. මෙම පෙට්ටිවල ඇත්තේ කුමක්දැයි නොදැන ගුවන්ගත වීමට නොහැකි යෑයි නියමුවා පවසනු ලැබීය.
එහෙත් ගුවන් හමුදා බලධාරීහු කළ නියෝගය නිසා ඔහුට යෝගි සමග පෙට්ටි තොගය පලාලි ගෙන යැමට සිදුවිය. පලාලිහිදී එම පෙට්ටි කොටින්ට ගෙන ගොස් භාරදීමට හමුදා කණ්ඩායමක් සූදානම් ව සිටි නමුත් කොටි කණ්ඩායමක් පැමිණ එකී පෙට්ටි ගෙන ගියහ.
ඊට පෙර එම පෙට්ටි කෙරේ සැක කළ හමුදා භටයෙක් එක් පෙට්ටියකට වෙඩි තැබීමෙන් එහි පියන විවර වී පෙට්ටිවල මුදල් තිබූ බව හෙළි විය.
එසේම කොටින්ට ටී. 56 රයිපල් 500 ක්ද පතරොම් වට100,000 ක් ද භාරදීමේ නියෝගයක් නිකුත් විය. මේ අවිතොගය වැලිඔය කැලෑවේදී කොටින්ට භාරදීමට නියම වූයේ ලුතිනන් වැදිගේටය.
අපේ සෙබළුන් කොටින්ගෙන් ඉල්ලන් කද්දී කොටින්ට අවි සැපයීම ගැන වැදිගේ කම්පාවට පත් විය. ඔහු එක අවි පෙට්ටියකින් ටී . 56 රයිපලයක් සොරාගෙන කැලෑවේ සඟවා තැබීය. වැලිඔයදී කොටින්ට අවි භාරදුන් ලුතිනන් වැදිගේ ආපසු කඳවුරට පැමිණියේ නැත. තමා ආපසු එන මාර්ගයේ පිරිසක් සිටින බවත් ඔවුන්ගේ ඉලක්කය කොටින්ට අවි ලබාදුන් එකම සාක්ෂිය වසන් කිරීම බවත් ඔහුට අවබෝධ විය.
වැදිගේ ආපසු කඳවුරට එන හමුදා ලොරියෙන් පැන සැඟ වූ තැනින් ටී. 56 අවියද ගෙන අතුරුදන් විය. ඔහු මතු වූයේ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති ලලිත් ඇතුලත්මුදලි හමු වී කොටින්ට අවි සැපයෙන රහස හෙළිදරව් කිරීමෙනි.
මේ පසුබිම මත කොළඹ ඉන්දීය බලධාරීහු කලබලයට පත් වූහ. ඉන්දීය සාම හමුදාවට එරෙහිව ශ්‍රී ලංකා රජය අවි සපයන බව ඉන්දීය බලධාරීහු තේරුම් ගත්හ.
ඉන්දීය ගමන් බලපත්‍රයක් මත ලුතිනන් වැදිගේ නවදිල්ලියට යෑවූ ඉන්දීය බලධාරීහු ඔහුට ප්ලාස්ටික් ශල්‍යකර්මයක්ද කරනු ලැබීය.
කොබ්බෑකඩුව කොමිසම හමුවේ සාක්ෂිදුන් තවත් නිලධාරියකු වූයේ වත්මන් පොලිස්පති නලින් ඉලංගකෝන්ය. නැගෙනහිර පිහිටි තම කඳවුරට පෙට්ටි රැසක් ගෙන ආ බවත් එකී පෙට්ටි භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එවකට සිටි හමුදා බලධාරීන්ගේ නියෝග මත එම පෙට්ටි භාරගත් බවත් ඔහු හෙළි කළේය.
මේ පෙට්ටිවල තිබුණේ කොටින්ට අවි ආයුධයි.
මෙලෙස එදා ආර්. ප්‍රේමදාස රජය කොටින්ට අවි ආයුධ සැපයුවේ ඉන්දීය සාම හමුදාවට එරෙහිව මිස නියෝජ්‍ය කොටි නායක මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයාට නොවේ.
1998 අප්‍රේල් 18 දා ඉන්දීය මාධ්‍යවේදිනියක් වූ නිරූපමා සුබ්‍රමනියම් ඉන්දීය මාධ්‍ය වෙත ප්රවෘත්ති යවමින් ප්‍රේමදාස රජය කොටින් සන්නද්ධ කරන බවට කොමිසමක් හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇති බව හෙළි කළාය.
කොබ්බෑකඩුව කොමිසම හමුවේ ඉදිරිපත් වු සාක්ෂිවලින් කොටින්ට අවි ආයුධ සැපයුවේ ඉන්දීය සාම හමුදාවට එරෙහිව සටන් වැදීමට බව හෙළි වූයේ යෑයි ද ඇය තම ප්රවෘත්ති වාර්තාවේ සඳහන් කළාය.
මෙලෙස කීපවිටක්ම අවි ආයුධ සැපයුවේ 1989 - 1990 ජුනි අතර සමයේයි.
මේ නිසා ඉන්දීය රෝ බුද්ධි සේවාව මෙහෙයුමක් දියත් කරනු ලැබීය. ඊට සම්බන්ධ වූයේ ඉන්ජියර් නමින් හඳුන්වන හිටපු කොටි ක්රියාකාරිකයෙකි. 1991 දී ඉන්ජියර් පොට්ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව "දිවයින" විශේෂයෙන් (Exclusive) අනාවරණය කරනු ලැබීය.
ඉන්ජියර්ට වධ හිංසා පැමිණවීමෙන් පසු තමා ඉන්දීය රෝ බුද්ධි සේවාව විසින් කොටි නියෝජ්‍ය නායක මහෙන්ද්‍රරාජා හමුවීමට එවූ බව හෙළි කළේය.
එම ප්‍රකාශය මත 1993 දී මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයා අත්අඩංගුවට ගත් කොටි සංවිධානය 1994 දෙසැම්බර් 28 වැනිදා ඔහු සහ අනුගාමිකයන් 80 ක් ඝාතනය කළේය.
උතුරේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග එදා දිවයිනට සැපයූ තොරතුරු නිසා මහෙන්ද්‍රරාජා ඇතුළු පිරිස ඝාතනය වූ බව මුලින්ම හෙළි කිරීමට හැකි විය.
එහෙත් විසිපස් වසරකට පෙර අතීතයට නව අර්ථකථනය එක් වී ඇත්තේ 2014 වසරේදීයි. එදා ආර්. ප්‍රේමදාස රජය කොටින්ට ආයුධ සපයන අවස්ථාවේ පොලිස්භටයන් 600 ක් අත්අඩංගුවට ගත් කොටි තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර පුළුස්සා දමනු ලැබීය.
ඉන් දිවි ගලවා ගත්තේ දෙදෙනෙකි. කොටි ත්රස්තයන් හමුවේ යටත් වන ලෙස එදා පොලිසියට නියෝග දුන්නේ කවුද? මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම පාවාදීම එයයි.
කීර්ති වර්ණකුලසූරිය

Last edited:
ලලිත් මැරුවේ කොටි නෙමෙයි 1000% ශුවර්.මේ ගැන ඔනේ නම් කරුණු කරනා කිව හැකියි...
owa boru puthe,kotinma Lalith ta LTTE eka atha thiyana baya wuna eka hethuwak hatiyata warak mata eka deshapalanaya karapu kenek kiwwa,Lalith Bill Clinton ekka thibba sambandaya,ohuta paridi Lalith Bill ge bohoma honda hithawathek,oxford uni eke unu hithawath kamk uda mama hithanne,e karanaya patthakin damu,anthima report eke angilla dik une mekata R Premadasata,Premadasa meka plan karala kale,aye katawath hoyaganna lesi wenne nathi wenna,eya Lalith maruwata passe wedikawe nagala kiwwa mawa maranna eth mage charithe gathanaya karanna epa kiyala,e raswimedi ohu kiyala thiyanawa Lalith wa mama maruwa nam mama sathiyak athulatha marenawa kiyala,e kiyala sathiyak pamana yanakota May 1 bomben R Premadasa nathi una,e kale hitiya minissu kiyanawa Lalith maruwata passe lankawe thiyana hama loku dewalayakatama Pol Lorry ganan giyalu Pol gahanna me aparadeta....
.මහින්දගේ ගොට්ටොත් චන්දයක් ලං වෙනකොට මොකක් හරි ගූ ගොඩක් උස්සන් එනවා මහින්ද හොද මිනිහා කරන්න.මහින්ද කියන්නේ පල් හොරෙක්,කපටියෙක්.ඕකව කවද හරි මැරෙන්නේ කුණු වෙලා..