රණසිංහ ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස ( 1924 ජූනි 23 - 1993 මැයි 1 ) යනු ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ( 1989 ජනවාරි 2 - 1993 මැයි 1 ) සහ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා (1978 පෙබරවාරි 6 - 1989 මාර්තු 3 ) ලෙස කටයුතු කළ ජන නායකයෙකි.
රණසිංහ ප්‍රේමදාස ( 1924 ජුනි 23 - 1993 මැයි 01) ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවීය.
සිංහල හින්නි පවුලක උපත ලැබු ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙනි. කුඩා කළ සිට පුවත්පත් වාර්තාකරුවකු වීමට හීන දුටු ඔහු ඒ සඳහා අඩිතාලම වශයෙන් ජවහර්ලාල් නේරුගේ ස්වයං චරිතාපදානය සිංහලයට නැඟුවේය.
රණසිංහ ප්‍රේමදාස විවාහ වුයේ හේමා ප්‍රේමදාස සමඟය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකු වූ අතර වර්තමානයේ දී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන එක්සත් ජාතික පක්ශයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස ඔහුගේ පුත්‍රයාය.
රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්ෂයට සම්බන්ධ වීමත් සමඟය. එහෙත් කම්කරු පක්ෂයේ අනාගතය පිළිබඳ අස්ථාවර බව පැහැදිලි වීම නිසා ප්‍රේමදාස 1950 වකවානුවේදි එක්සත් ජාතික පක්ෂයට එක් වූයේය.
එවකට සිටි අග්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රි ලංකා ගුවන විදුලි සංස්ථාව 1967 ජනවාරි 05 වන දින අරඹනු ලැබුවේය.
අඩූ ආදායම් ලාභි ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ ප්‍රේමදාස ජනසවිය, ගම් උදාව, ආදි ව්‍යාපෘති ඇතිකර එම ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද රණසිංහ ප්‍රේමදාසගේ අදහසකි.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාස අසාර්ථක වූ අවස්ථා කිපයක් වේ. එකක් නම් ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයයි. එමෙන්ම තම පක්ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක සමඟ ඇතිකරගත් මතබේද පක්ෂය දෙකඩ වීමට මෙන්ම රට තුලද අවුල් සහගත තත්වයන් මතුකිරීමට හේතු විය.
රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක්වූයේ 1993 මැයි පළමු වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන කොටි සමාජිකයකු අතිනි.
source wiki
විපක්ෂය රණසිංහ ප්‍රේමදාස අමතක කරලා වගේ. සරත් ෆොන්සේකා කපල දාපු එකේ රණසිංහ ප්‍රේමදාස අමතක කරන එක සුළු දෙයක්. මරු විපක්ෂය. මල් හතයි....