රතන හිමියන්ගේ හෘද සාක්ෂිය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රතන හිමියන්ගේ හෘද සාක්ෂිය

    පැතුම් රණසිංහ, 2018.08.05

    2015 ජනවාරි 08 දේදුණු විප්ලවයේ පාර්ශ්වකරුවන් අතර ජාතිකත්වයේ සංකේතය වන් වූ අතුරලියේ රතන හාමුදුරුවෝ තමන් වහන්සේට පිරිනමා තිබූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ධූරය අත්හරින බව ප්‍රකාශ කළේ ඉකුත් සතියේදී ය. එසේම “වැරදි මිනිස්සුන්ට රට භාර දීලා අපි හිඟන්නෝ වගේ බලන් ඉන්නවා” යනුවෙන් උන්වහන්සේ සිදු කළ ප්‍රකාශයක් ද මාධ්‍ය මඟින් වාර්තා කොට තිබුණි.

    රතන හාමුදුරුවන්ලා එක් වී රට භාර දුන් වැරැදි මිනිසුන් කවුද? එසේ වැරැදි මිනිසුන්ට රට භාර දී හිඟන්නන් මෙන් බලා සිටින රතන හිමියන් ඇතුළු අපි කවුද යන්න විවරණය කර ගැනීමට පසුගිය දශක දෙකේ ශ්‍රී ලංකා දේශපාලන කතාන්දරයේ රතන හිමිගේ භූමිකාව ගැන පිරික්සා බැලිය යුතුය.

    ජාතික හෙළ උරුමයේ උපදේශක, සහ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ විධායක සභිකයෙකු වූ අශෝක අභයගුණවර්ධන මහතාගේ හෙළිදරව් කිරීමක් මෙහිලා විශේෂයෙන් උපුටා දැක්වීම වටී. එය ඔහුගේම වචනවලින් උපුටා දැක්වීමෙන් දේදුණු විප්ලවකරුවන් අතට බලය ලබා දීමට රතන හිමිලා යෙදූ කූට උපායන් කෙතරම් සාහසික දැයි යන්න අපට සිතාගත හැකිය.

    “අප අත ඉතිරිව තිබූ තුරුම්පු එකින් එක ගසා බැලු නමුත් ඒවා දිගින් දිගටම අසාර්ථක විය. අපට හිතවත්ව සිටි එකම ප්‍රධාන මාධ්‍ය ආයතනය වූ සිරස අයිතිකරු වූ කිලී මහරාජා මහතා නිතර අතුරලියේ රතන හිමියන් සමඟ දේශපාලන පෙළගැසීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. ඉන් එක අවස්ථාවකට මම ද රතන හිමියන් සමඟ ඔහු හමුවීමට ගියෙමි. එහිදී මැතිවරණ ව්‍යාපාර හා සිරස ක්‍රියාකාරකම් පිළිබඳ සරල විවේචනයක් මම ඉදිරිපත් කළෙමි.

    එහිදී එම සාකච්ඡාවට එක්වූ චන්දන සූරියබණ්ඩාර මහතා ඉදිරිපත් කළ එක් අදහසක් මගේ සිත් ගත්තේය. ඔහුගේ නිරීක්ෂණය වූයේ රාජපක්ෂ පිල සැමවිටම ඉදිරියෙන් සිටිමින් ප්‍රශ්න ඇති කරන අතර මෛත්‍රී පිල කරන්නේ ඊට ප්‍රතිචාර දැක්වීම පමණක් බවයි. මෛත්‍රී පිලත් රාජපක්ෂ පිලට එරෙහිව අලුත් අනපේක්ෂිත තුරුම්පුවක් ගැසීම යෝග්‍ය බව ඔහුගේ අදහස ව්ය. එම යෝජනාව ඉතා වැදගත් වූ අතර අපි ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කළෙමු.

    අපි අලුත් සැලැස්මක් සම්පාදනය කළෙමු. මහින්ද පිල හා කොටි ඩයස්පෝරාව අතර යම් අවබෝධයක් ඇතැයි අපට හැඟිනි. එම අවබෝධය කෙබඳු විය හැකි දැයි අපි ලියවිල්ලකට ගතිමු. එම ලියවිල්ල සම්පාදනය කිරීමේ විශිෂ්ඨ වැඩ කොටස කළේ ශිරාල් ලක්තිලකයන්ය. ඊට දින දෙකකට පසු එය බැසිල් විසින් රුද්‍රා වෙත යැවූ ඊමේල් ලිපියක් ලෙස ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් වී තිබිණි.

    එම ඊ නිවුස් ලිපිය සැබැවින්ම බැසිල් රාජපක්ෂගේ ඊ මේල් ලිපිනයකින් රුද්‍රකුමාරන් නැමැති කොටි ඩයස්පෝරාවේ වර්තමාන නායකයාගේ සැබෑ ඊමේල් ලිපිනය වෙත ගොස් තිබිණ. මෙම ලිපිය පසුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට හෙළිකරනු ලැබීය. එය රටේ සිංහල ජනතාව අතර බරපතළ තිගැස්සීමක් ඇති කළ බව අපට පසුව හැඟිනි. මේ මඟින් මහින්දගේ දේශප්‍රේමීභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් සිංහල සමාජය තුළ ඇතිවිය”

    ඒ උපුටා දැක්වූයේ අශෝක අභයගුණවර්ධන මහතා යුග පෙරළියේ තැබූ සටහනකි. අද එක් එක් තැන්වල දේශනා පවත්වමින් වැරදි පුද්ගලයන් හට රට භාර දී අපට හිඟන්නන් වගේ ඉන්නට සිදු වී ඇති බව ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙන් ව්‍යාජ තොරතුරු ජනතාව හමුවේ තබමින් ඡන්ද දායකයා නොමඟ යැවූ රතන හිමියන්ම දැයි වරෙක සිතේ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී මාවෝගේ චීන විප්ලවය උන්වහන්සේ දුටුවේ බෝධිසත්ව ක්‍රියාවක් ලෙසය. 87-88 ධවල භීෂණ සමයේ අත්අඩංගුවට පත් වූ පේරාදෙණිය සරසවියේ සිසුන් නිදහස් කර ගැනීම සඳහා පැවැත්වූ සාකච්ඡාවලට ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස රතන හිමියන් ද දායක විය.

    1991 දී එවකට වධාකාරයෙන් නිදහස්ව පැමිණි චම්පික රණවකලා සමඟ සම්බන්ධ වූ අතුරලියේ හිමියන් ජනතා මිතුරෝ නම් සංවිධානය පිහිටුවා ගත්තේ ය. 1992 දී වාද්දුව ප්‍රදේශයේ පන්සලක දී චම්පික රණවක, මාලින්ද සෙනෙවිරත්න, ජානක බණ්ඩාර යන අය සමඟ අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට පත් වන්නේ රටවැසි පෙරමුණ නම් දේශපාලන පක්ෂයක අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වමින් සිටියදී බව කියනු ලැබේ. ඉන් පසුව 90 දශකයේ මැද භාගයේදී ජාතික සංඝ සභාව පිහිටවූයේ ද අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත් වීමෙනි.

    2000 වසරේදී රතන හිමි, චම්පික රණවකලා එක් වී සිහළ උරුමය පිහිට වූ අතර ඊට ලැබුණේ ඉතා අඩු මහජන ආකර්ශනයකි. 2004 ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අපවත් වීම සමඟ ගොඩ නැගුණු ජාතික හෙළ උරුමය අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තියයි. 2004 දී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රතන හිමියන් ජාතික දේශපාලනය තුළ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තේය. කලින් තමන්ට හමුවීමට අවස්ථාවක් පවා නොදුන් එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවසානයේ දී තමන් හමුවීමට පැමිණ මධ්‍යම රාත්‍රියේ සිට අලුයම දක්වා සාකච්ඡා පැවැත් වූ බව රතන හිමියන් වරෙක ප්‍රකාශ කර සිටියේ ය. එහිදී චන්ද්‍රිකා මැතිණිය හෙළ උරුමයේ භික්ෂු මන්ත්‍රීවරුන්ට තිළිණ ලෙස ලබා දුන්නේ ජංගම දුරකථන ය.

    2010 මහ මැතිවරණයට රතන හිමියන් තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මේ වන විට බොහෝ බලවත් දේශපාලන නායකයින් හට භාවනාව පුහුණු වීමට පවා රතන හිමියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍ය වූ බව කියනු ලැබේ. එවන් පුද්ගලයන්ට සුව පහසු ලෙස භාවනායෝගී වීමට රතන හිමියන්ගේ රාජගිරියේ පිහිටි සිරි සදහම් සෙවණ ඉතා යෝග්‍ය ස්ථානයක් වන්නට ඇත.

    2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වසර 3ක් පමණ ගත වන විට අද රජය විවේචනය කරන ආකාරයෙන්ම එදා පැවති රජයද තැන තැන විවේචනය කිරීමට රතන හිමියන් ක්‍රියා කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදීම ය. එම විවේචනයන්ගේ කෙලවර වූයේ චතුර සේනාරත්න මහතා ලේකම් ධූරයේ පිහිටුවමින් අතුරලියේ රතන හිමියන් විසින් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව බිහිකර ගැනීමෙනි. රතන හිමියන්ට සේනාරත්න පවුල සමඟ ඇත්තේ ද අපූර්ව ලෙන්ගතු බවකි. 2016 දී රාජිත සේනාරත්න පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද රතන හිමියන් විසිනි.

    2014 නොවැම්බර් 09 දා අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු දත් ද ආණ්ඩුවෙන් ගැලවීමට නියමිත බවයි. ඒ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ය. ඒ අනුව පැහැදිලිවම මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වන බව දැන සිටි ස්වල්ප දෙනා අතුරින් රතන හිමියන් ද කෙනෙකි. චන්ද්‍රිකා කුමාරතුංග, රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර වැනි අය එම සැලසුමේ අනෙකුත් සම්පත් දායකයෝ වෙති.

    යහපාලන රජය යටතේ ස්ථාපිත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන යෝජනාවලිය සකස් කළේ ද අතුරලියේ රතන හිමියන් ය. අද වන විට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන උන් වහන්සේ පසුගිය වසර දෙකක කාලය පුරාම ලොකු පිම්මක් ගැන පුංචි පුංචි ඉඟි ලබා දෙමින් සිටී.

    2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පසුව එම මස 21 දා මාධ්‍ය හමුවේ රතන හිමියන් ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයා සහ නව රජය ජනතා අභිලාෂයන් ඉටු නොකළහොත් ඔවුන්ට එරෙහිව පාරට බහින බව ය. කෙසේ වෙතත් උන්වහන්සේ 2017 ජනවාරි මාසයේ දී ප්‍රකාශ කළේ අරමුණක් නොමැති දේශපාලන කෑගැසීම්වලට මේ රට වෙනස් කළ නොහැකි බවත් තමන් කිසි විටෙක විපක්ෂයට නොයන බවත් ය. 2016 වසරේ සැප්තැම්බර් 24 දා පැවැත් වූ ජාතික හෙළ උරුමයේ 13 වන මහ සමුළුවට රතන හිමියන් සහභාගී නොවිය. එහිදී එතෙක් උන්වහන්සේ එම පක්ෂය තුළ දරන ලද සභාපති තනතුරෙන් ඉවත් කරන ලදි.

    2017 මාර්තු මාසයේදී රතන හිමියන් පැවසුවේ බුද්ධි අංශවල නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජනාධිපති හෝ අගමැති නොදන්නා බවයි. යහපාලන රජයේ නව ව්‍යවස්ථා යෝජනා තුළින් ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙන බව රතන හිමියන් ප්‍රකාශ කළේ 2017 ඔක්තෝම්බර් මාසයේදී ය. මේ වසරේ මුලදී අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ගෙන ආ අවස්ථාවේදී රතන හිමියන් අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් එහි ඡන්ද විමසීම මගහැර සිටීමට උන්වහන්සේ පරෙස්සම් වී තිබුණි. පසුගිය 2018 ජුනි මාසයේදී රතන හිමියන් පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති වටා රොක්වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කරන බවයි. එම ප්‍රකාශයෙන් මාසයක් ඉක්ම යාමටත් මත්තෙන් ජනාධිපතිවරයා ගැනද කලකිරී ජනාධිපති උපදේශක තනතුරෙන්ද ඉවත් වීමට රතන හිමියන් කටයුතු කර තිබේ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියනි. සැබැවින්ම මාවිල්ආරුවට පවා වැඩම කරමින්, රසායනික පොහොර මාෆියාවට එරෙහිව අඛණ්ඩව හඬ නගමින් ඔබ වහන්සේ පෙන් වූ නිර්භීත භාවයට ඔබ වහන්සේගේ වයසින් අඩක් හෝ නැති මේ ලියුම්කරු ගරු කළේය. එහෙත් සමස්ත සිද්ධි දාමය සහ ඉතිහාසය දෙස බැලීමේදී අතුරලියේ රතන නම් හිමියන්ගේ ක්‍රියාකාරිත්වය තුළින් දිස්වන්නේ පරස්පර බවකි. බලය වෙනුවෙන් ඉනිමං තනා ගන්නා සෙයකි. අතුරලියේ රතන හිමියන් ජනතාව විසින් අතට දුන් ජාතිකත්වයේ ධජය එකිනෙකාගේ බල වුවමනාවන් වෙනුවෙන් පාවා දුන්නා ද? අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමඟට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැඟීම වැනි නව සටන් පාඨ ඔස්සේ අගනුවර කේන්ද්‍ර කරගත් සමුළු සම්මන්ත්‍රණ පැවැත්වීමෙන්, තමන් විසින්ම දෝලාවේ තබා මහත් හරසරින් බලයට ගෙනා වත්මන් පාලකයන් විවේචනය කරමින් මහජනයාගේ අධ්‍යාත්මයට පිළිතුරු දීමට රතන හිමියන්ට හැකි වේවි ද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා පේරාදෙණියේ ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ මාත් තව කිහිප දෙනෙකුත් එක්වී සිංහල ජාතික ශිෂ්‍ය සංගමය බිහි කෙරුවෙමු. ජනතා විමුති පෙරමුණේ බල කදවුරක්ව තිබු පේරාදෙණිය සරසවියේ එම පක්ෂයේ නොවන මැතිවරණ පෝස්ටරයක් සරසවිය තුල අලවුවා නම් ඒ අප විසිනි. ඒ පෝස්ටර් සිහල උරුමයේ ඒවාය.

    සරසවිය තුල ජාතික චින්තනය සහ සිංහලකම නියෝජනය කරන අපේ ව්‍යාපාරයට එකල උපකුලපතිව සිටි මහදුරු ලෙස්ලි ගුනවර්දනයන් අනුමැතිය දුන්නේ නැත. නමුත් අපි එහි ක්‍රියාකාරිත්වය අත්හලේද නැත. අපේ ව්‍යාපාරය පෝෂණය වුයේ එවකට ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සහ සිහල උරුමයට නායකත්වය දුන් චම්පික අයියා සහ රතන හාමුදුරුවන්ය. කොටින්ම කියනවා නම් සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පේරාදෙණිය සරසවිය තුල සිහල උරුමයේ ශිෂ්‍ය නියෝජනය විය.

    ව්‍යාපාරය තුල ආරම්භක සංස්කාරකවරයා ලෙස කටයුතු කොට චම්පික සහ රතන හාමුදුරුවන් සමග ඉතාම කිට්ටු දේශපාලන සම්බන්ධතාවයක් සහ මතවාදීමය සාකච්චාවක එකල නිරත වී සිටි මට, චම්පික ගේත රතන හිමිගෙත මේ දේශපාලන "අමනකම" ගැන ඇත්තේ ජුගුප්සාවකි.
    ඔවුන් එකල දරු මතය සහ දැන් දරන මතය අතර ඇත්තේ අහසට පොලව මෙන් නොව අහසට මරියානා ආගාධය තරම් වෙනසකි.

    රතන හිමියන් ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය දකින මට නිතැතින් සිහි වන්නේ ගලේ පහරු බලලෙකි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එම ඊ නිවුස් ලිපිය සැබැවින්ම බැසිල් රාජපක්ෂගේ ඊ මේල් ලිපිනයකින් රුද්‍රකුමාරන් නැමැති කොටි ඩයස්පෝරාවේ වර්තමාන නායකයාගේ සැබෑ ඊමේල් ලිපිනය වෙත ගොස් තිබිණ. මෙම ලිපිය පසුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට හෙළිකරනු ලැබීය. එය රටේ සිංහල ජනතාව අතර බරපතළ තිගැස්සීමක් ඇති කළ බව අපට පසුව හැඟිනි. මේ මඟින් මහින්දගේ දේශප්‍රේමීභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් සිංහල සමාජය තුළ ඇතිවිය”

    :lol::lol::lol: සියේ තව සුරංගනා කතාවක්?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඉස්ලාම අන්තවාදය අඩපන කරලා හිර කරන්න පුළුවන් හොඳම වෙලාවෙ. පක්ශ පාට ජාති ආගම් බේදයක් නැතුව එකතු වෙන්න ඕන වෙලාවෙත්, බෙදිලා කුලල් කාගන්න උබල වගේ එවුන් ගිහිල්ලා විජයපාලට මල් මාලයක් දාලා බුලත් දීලා වැඳලා ආශීර්වාද අරගනින් :lol::lol:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මා පේරාදෙණියේ ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ මාත් තව කිහිප දෙනෙකුත් එක්වී සිංහල ජාතික ශිෂ්‍ය සංගමය බිහි කෙරුවෙමු. ජනතා විමුති පෙරමුණේ බල කදවුරක්ව තිබු පේරාදෙණිය සරසවියේ එම පක්ෂයේ නොවන මැතිවරණ පෝස්ටරයක් සරසවිය තුල අලවුවා නම් ඒ අප විසිනි. ඒ පෝස්ටර් සිහල උරුමයේ ඒවාය.

    සරසවිය තුල ජාතික චින්තනය සහ සිංහලකම නියෝජනය කරන අපේ ව්‍යාපාරයට එකල උපකුලපතිව සිටි මහදුරු ලෙස්ලි ගුනවර්දනයන් අනුමැතිය දුන්නේ නැත. නමුත් අපි එහි ක්‍රියාකාරිත්වය අත්හලේද නැත. අපේ ව්‍යාපාරය පෝෂණය වුයේ එවකට ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සහ සිහල උරුමයට නායකත්වය දුන් චම්පික අයියා සහ රතන හාමුදුරුවන්ය. කොටින්ම කියනවා නම් සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පේරාදෙණිය සරසවිය තුල සිහල උරුමයේ ශිෂ්‍ය නියෝජනය විය.

    ව්‍යාපාරය තුල ආරම්භක සංස්කාරකවරයා ලෙස කටයුතු කොට චම්පික සහ රතන හාමුදුරුවන් සමග ඉතාම කිට්ටු දේශපාලන සම්බන්ධතාවයක් සහ මතවාදීමය සාකච්චාවක එකල නිරත වී සිටි මට, චම්පික ගේත රතන හිමිගෙත මේ දේශපාලන "අමනකම" ගැන ඇත්තේ ජුගුප්සාවකි.
    ඔවුන් එකල දරු මතය සහ දැන් දරන මතය අතර ඇත්තේ අහසට පොලව මෙන් නොව අහසට මරියානා ආගාධය තරම් වෙනසකි.

    රතන හිමියන් ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය දකින මට නිතැතින් සිහි වන්නේ ගලේ පහරු බලලෙකි.

    2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වසර 3ක් පමණ ගත වන විට අද රජය විවේචනය කරන ආකාරයෙන්ම එදා පැවති රජයද තැන තැන විවේචනය කිරීමට රතන හිමියන් ක්‍රියා කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදීම ය. එම විවේචනයන්ගේ කෙලවර වූයේ චතුර සේනාරත්න මහතා ලේකම් ධූරයේ පිහිටුවමින් අතුරලියේ රතන හිමියන් විසින් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව බිහිකර ගැනීමෙනි. රතන හිමියන්ට සේනාරත්න පවුල සමඟ ඇත්තේ ද අපූර්ව ලෙන්ගතු බවකි. 2016 දී රාජිත සේනාරත්න පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද රතන හිමියන් විසිනි.

    මිතුරන් සතුරන් වීමත් සතුරන් මිතුරන් වීමත් නම් දේශපාලනයේ නිතර පෙන්න තිබෙන දෙයක් නේද?
    අතුරලියේ රතන හාමුදුරුවොන්ගේ කලු සුදු බව නොසලක් සිතන්න. මානුෂීය මෙහෙයුමේ ආරම්භය. එය සුදු සිද්ධියක්.
    2015 මහින්දගේ පරාජය වෙනුවෙන් එළිපිට ක්‍රියා කිරිම මහින්ද කලු වීම නිසා සිදු වූවක් විය හැක. මයිත්‍රීපාල ගේ කලු වීම මත අද හිස්ටරි රිපීට් කරනවා කීවොත්?

    හිස්ටරි රිපීට් වීමෙහි අරුමයක් නැහැ. හැමෝම එනකොට එන්නේ ඉර හඳ ගලවල දෙන්න වගේනේ.
    මොන දේශපාලකයගෙත් මුල මැද අග ට්‍රාන්ස්ෆෝම්ඩ්

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මිතුරන් සතුරන් වීමත් සතුරන් මිතුරන් වීමත් නම් දේශපාලනයේ නිතර පෙන්න තිබෙන දෙයක් නේද?
    අතුරලියේ රතන හාමුදුරුවොන්ගේ කලු සුදු බව නොසලක් සිතන්න. මානුෂීය මෙහෙයුමේ ආරම්භය. එය සුදු සිද්ධියක්.
    2015 මහින්දගේ පරාජය වෙනුවෙන් එළිපිට ක්‍රියා කිරිම මහින්ද කලු වීම නිසා සිදු වූවක් විය හැක. මයිත්‍රීපාල ගේ කලු වීම මත අද හිස්ටරි රිපීට් කරනවා කීවොත්?

    හිස්ටරි රිපීට් වීමෙහි අරුමයක් නැහැ. හැමෝම එනකොට එන්නේ ඉර හඳ ගලවල දෙන්න වගේනේ.
    මොන දේශපාලකයගෙත් මුල මැද අග ට්‍රාන්ස්ෆෝම්ඩ්

    මිනිහ කියන්නේ දේශපාලන සත්වයෙක් කියල කියනවනේ.... ඒ සතා මොන සතා ද කියල තීරණය කරන්න බෑ..... කාලෙන් කාලෙට වෙනස් වෙනවා... මොනව වුණත් මේ වෙලාවේ රතන හාමුදුරුවෝ කරන දේ අගය කරන්න ඕන.... උන්වහන්සේගේ අරමුණ මොනා වුණත් මේ වෙලාවෙ උන්වහන්සේ කරන්නේ හරි දෙයක්.... කෙක්කෙන් හරි කොක්කෙන් හරි කැඩෙන්නේ පොල් නම් එච්චරයි....​
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මිනිහ කියන්නේ දේශපාලන සත්වයෙක් කියල කියනවනේ.... ඒ සතා මොන සතා ද කියල තීරණය කරන්න බෑ..... කාලෙන් කාලෙට වෙනස් වෙනවා... මොනව වුණත් මේ වෙලාවේ රතන හාමුදුරුවෝ කරන දේ අගය කරන්න ඕන.... උන්වහන්සේගේ අරමුණ මොනා වුණත් මේ වෙලාවෙ උන්වහන්සේ කරන්නේ හරි දෙයක්.... කෙක්කෙන් හරි කොක්කෙන් හරි කැඩෙන්නේ පොල් නම් එච්චරයි....​

    කෙක්කෙන් හරි කොක්කෙන් හරි කැඩෙන්නේ පොල් නම් එච්චරයි....:yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    62020880_10218144763903023_6636229521819303936_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉස්ලාම අන්තවාදය අඩපන කරලා හිර කරන්න පුළුවන් හොඳම වෙලාවෙ. පක්ශ පාට ජාති ආගම් බේදයක් නැතුව එකතු වෙන්න ඕන වෙලාවෙත්, බෙදිලා කුලල් කාගන්න උබල වගේ එවුන් ගිහිල්ලා විජයපාලට මල් මාලයක් දාලා බුලත් දීලා වැඳලා ආශීර්වාද අරගනින් :lol::lol:

    කුලල් කාගන්නෙ කවුද? :eek:

    මහින්දල විශ්වාසභංගයක් ගෙනාව කියල 2010-2015 මුස්ලිම් අන්තවාදයෙ ව්‍යාප්තියට එරෙහිව මොකුත් කළේ නැති එක අමතක කරන්න බෑ වගේ තමයි මේකත්. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මා පේරාදෙණියේ ශිෂ්‍යයෙක්ව සිටි කාලයේ මාත් තව කිහිප දෙනෙකුත් එක්වී සිංහල ජාතික ශිෂ්‍ය සංගමය බිහි කෙරුවෙමු. ජනතා විමුති පෙරමුණේ බල කදවුරක්ව තිබු පේරාදෙණිය සරසවියේ එම පක්ෂයේ නොවන මැතිවරණ පෝස්ටරයක් සරසවිය තුල අලවුවා නම් ඒ අප විසිනි. ඒ පෝස්ටර් සිහල උරුමයේ ඒවාය.

    සරසවිය තුල ජාතික චින්තනය සහ සිංහලකම නියෝජනය කරන අපේ ව්‍යාපාරයට එකල උපකුලපතිව සිටි මහදුරු ලෙස්ලි ගුනවර්දනයන් අනුමැතිය දුන්නේ නැත. නමුත් අපි එහි ක්‍රියාකාරිත්වය අත්හලේද නැත. අපේ ව්‍යාපාරය පෝෂණය වුයේ එවකට ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සහ සිහල උරුමයට නායකත්වය දුන් චම්පික අයියා සහ රතන හාමුදුරුවන්ය. කොටින්ම කියනවා නම් සිංහල ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය පේරාදෙණිය සරසවිය තුල සිහල උරුමයේ ශිෂ්‍ය නියෝජනය විය.

    ව්‍යාපාරය තුල ආරම්භක සංස්කාරකවරයා ලෙස කටයුතු කොට චම්පික සහ රතන හාමුදුරුවන් සමග ඉතාම කිට්ටු දේශපාලන සම්බන්ධතාවයක් සහ මතවාදීමය සාකච්චාවක එකල නිරත වී සිටි මට, චම්පික ගේත රතන හිමිගෙත මේ දේශපාලන "අමනකම" ගැන ඇත්තේ ජුගුප්සාවකි.
    ඔවුන් එකල දරු මතය සහ දැන් දරන මතය අතර ඇත්තේ අහසට පොලව මෙන් නොව අහසට මරියානා ආගාධය තරම් වෙනසකි.

    රතන හිමියන් ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය දකින මට නිතැතින් සිහි වන්නේ ගලේ පහරු බලලෙකි.

    "මේ වෙලාවෙදි කියන්නට ඕනේ, අතුරලියේ රතන හාමුදුරුවො ජාතික ව්‍යාපාරයේ මගේ ගුරුවරයා" - ඥානසාර ස්වාමීන්වහන්සේ https://youtu.be/o0RwLWLR4G0?t=41

    "රතන හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ජාතික සටනේ අපේ ගුරුවරයා" - ඥානසාර ස්වාමීන්වහන්සේ https://youtu.be/o0RwLWLR4G0?t=139

    බුදු හාමුදුරුවොන්ගෙන් බණ අහලා රහත් වෙන්න මාර්ග ඵල ලබන්න තියා, පංච සීලයේ පිහිටන්න වත් බැරි උන මිනිස්සු හිටියා. සමහරවිට අපිත් එදා එහෙම ඉන්න ඇති. අපිට අවබෝධ නොවීම දේශකයන් වහන්සේගේ ගැටළුවක් නෙවේ. පින මදි වෙලා තිබ්බෙ අපෙයි. පාරමී පිරී නොතිබ්බෙ අපෙයි. ප්‍රඥාව නොතිබ්බෙ අපෙයි. ඒ නිසා බුදුන් දැකීමයි බණ ඇසීමයි තමන්ගෙ වර්තමාන කියවීමෙන් සසඳන එක සමහර විට හරි වෙන්න පුළුවන් ඒ වගේම වැරදි වෙන්න පුළුවන්. ඒක සාධාරණ නෑ.

    දේශපාලන මත දේශපාලනිකයි. ඒක කුනුගොඩක් නිසා අවුස්සන්න මගේ කැමැත්තක් නෑ.

    හැබැයි මේ වෙලාවේ රතන හාමුදුරුවන්ගෙ ක්‍රියාකාරිත්වය උබට කියවගන්න බැරි එක ගැන නම් මට ගොඩක් කණගාටුයි මචන්. මොකද උන්වහන්සේ මේ කරන්නෙ රට වෙනුවෙන්. ජාතියක් වෙනුවෙන්. දේශපාලන කණ්නාඩි නැතුව බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    "මේ වෙලාවෙදි කියන්නට ඕනේ, අතුරලියේ රතන හාමුදුරුවො ජාතික ව්‍යාපාරයේ මගේ ගුරුවරයා" - ඥානසාර ස්වාමීන්වහන්සේ

    "රතන හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ජාතික සටනේ අපේ ගුරුවරයා" - ඥානසාර ස්වාමීන්වහන්සේ

    බුදු හාමුදුරුවොන්ගෙන් බණ අහලා රහත් වෙන්න මාර්ග ඵල ලබන්න තියා, පංච සීලයේ පිහිටන්න වත් බැරි උන මිනිස්සු හිටියා. සමහරවිට අපිත් එදා එහෙම ඉන්න ඇති. අපිට අවබෝධ නොවීම දේශකයන් වහන්සේගේ ගැටළුවක් නෙවේ. පින මදි වෙලා තිබ්බෙ අපෙයි. පාරමී පිරී නොතිබ්බෙ අපෙයි. ප්‍රඥාව නොතිබ්බෙ අපෙයි. ඒ නිසා බුදුන් දැකීමයි බණ ඇසීමයි තමන්ගෙ වර්තමාන කියවීමෙන් සසඳන එක සමහර විට හරි වෙන්න පුළුවන් ඒ වගේම වැරදි වෙන්න පුළුවන්. ඒක සාධාරණ නෑ.

    දේශපාලන මත දේශපාලනිකයි. ඒක කුනුගොඩක් නිසා අවුස්සන්න මගේ කැමැත්තක් නෑ.

    හැබැයි මේ වෙලාවේ රතන හාමුදුරුවන්ගෙ ක්‍රියාකාරිත්වය උබට කියවගන්න බැරි එක ගැන නම් මට ගොඩක් කණගාටුයි මචන්. මොකද උන්වහන්සේ මේ කරන්නෙ රට වෙනුවෙන්. ජාතියක් වෙනුවෙන්. දේශපාලන කණ්නාඩි නැතුව බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.

    මට ධෙස්පාලන කන්නාඩියක් ඕන නෑ මචන් උන්වහන්සේ කරනදේ දකින්න.....

    නමුත් උන්වහන්සේට මේක කරන්න උනේ උන්වහන්සේම කලින් ගත්ත වැරදි සහ අදුරදර්ශී තීරණ නිසා.....

    උන්වහන්සේ මේ වෙලාවේ හරි තේරුම් ගත්ත එක ගැන සතුටුයි.....
    UNP එක කියන්නේ කවදාවත් kade යා නොයුතු කාලකන්නි පක්ෂයක් කියල.....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    අපිට පුලුවන් මේ වෙලාවෙ හරි විදිහට පේන හොදම දේට වචනෙකින් හරි උදව් කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අපිට පුලුවන් මේ වෙලාවෙ හරි විදිහට පේන හොදම දේට වචනෙකින් හරි උදව් කරන්න

    රතන හිමියන්ගෙ විරෝධතාවය හැමෝම අගය කරනව.

    යහපාලන ආණ්ඩුව ගේන්න එතුමගෙ දායකත්වය මේක හින්ද අමතක කරන්න බැහැ, හැබැයි මට හිතෙනව එතුමා ආයෙ නම් UNP එකට මොන හේතුවක් නිසාවත් සහයක් දක්වන එකක් නෑ කියල.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රතන හිමියන්ගෙ විරෝධතාවය හැමෝම අගය කරනව.

    යහපාලන ආණ්ඩුව ගේන්න එතුමගෙ දායකත්වය මේක හින්ද අමතක කරන්න බැහැ, හැබැයි මට හිතෙනව එතුමා ආයෙ නම් UNP එකට මොන හේතුවක් නිසාවත් සහයක් දක්වන එකක් නෑ කියල.

    එහෙම උනොත් මේ කරන වැඩේ ගෞරවය ත් නැති කරගන්න වැඩක් තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මට ධෙස්පාලන කන්නාඩියක් ඕන නෑ මචන් උන්වහන්සේ කරනදේ දකින්න.....

    නමුත් උන්වහන්සේට මේක කරන්න උනේ උන්වහන්සේම කලින් ගත්ත වැරදි සහ අදුරදර්ශී තීරණ නිසා.....

    උන්වහන්සේ මේ වෙලාවේ හරි තේරුම් ගත්ත එක ගැන සතුටුයි.....
    UNP එක කියන්නේ කවදාවත් kade යා නොයුතු කාලකන්නි පක්ෂයක් කියල.....
    රතන හාමුදුරුවො ඉස්සර ඉඳන්ම ඔහොමනෙ බන්. ගේනවා. උපදෙස් පිලිපදින්නෙ නැත්නම් බල කරනවා. ඒ අහන්නෙත් නැත්නම් එලවනවා. චන්ද්‍රිකාට කරෙත් ඒක. මහින්දට කරෙත් ඒක, මෛත්‍රීට කරන්නෙත් ඒක. උන්වහන්සේ ඔය එක එකාට ආවතේවකම් කරන තවත් එක හාමුදුරුනමක් නෙවේ කියලා අතීතයේ ඉඳන්ම ඔප්පු කරලා තියෙනව.

    බය වෙන්න එපා බන්. මේක රට වෙනුවෙන් කරන වැඩක්. අද රෑට ප්‍රවෘති බලුවම ඕක ඇරිලා යාවි:confused::confused::dull::dull:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මේවා සහ ගහන අපරාද, ඉස්සරහට එක එක පක්ෂ වලින් හැමදුරුවරු දළදා මාලිගාව තමන්ගේ පක්ෂේ වැඩ කර ගන්න යොදා ගන්න පටන් ගනී.

    ඇරත් මුස්ලිම් මන්ත්රිලට ඕන උනෙත් මේක කරගන්න, උන්ට සිංහල විරෝධය හොඳට විකුනන්න පුළුවන් උන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න. ඇතුලේ connection තියෙන එකෙක් ලඟදි කිවා ඔය වගේ situation එකකදී රිෂාර්ඩ්ට දෙරණ 360 හරි හිරු සටන හරි යන්න ඉඩ හදාගන්න ෆුල් ප්ලැන් හදාගෙන හිටියේ කියල.

    කාව විකුණලා හරි උන්ට පෙන්නන්න ඕන උන්ගේ චන්ද ගොඩ වැඩි කියල පෙන්නන්න. එතකොට ප්‍රධාන පක්ෂ 2ම උන්ට කේවල් කරන්න පුළුවන්. පක්ෂ දේශපනයේ කව්රු කොහොම කිව්වත් ඔක්කොම වෙන්නේ deal වලින්.

    එකකෝ මිනිස්සු ඔලුව කලපනා කරලා විකල්පෙකට යන්න ඕන.

    අපේ ගොන්නු හරි පාර තියෙද්දී වැරදි පාරවල් වල ගිහිල්ල වැඩ අනාගන්නව. මෙච්චර සිංහල උන්ට වාසියට තියෙන international situation එක ගොන්කම් කරලා අනිත් පැත්තට හරවගන්න දත කනවා. ලෝකේ හොඳට බලාගෙන ඉන්නේ, ඒ අස්සේ LTTE diaspora එක ප්ලෑන් ගහනවා. අපේ ගොන් හැත්ත පිස්සු කෙලිනව.

    ටිකක හිතපන් රිෂාර්ඩ්, හිස්බුල්ල, අසාද් සාලි අස් කරාට පස්සේ මොකද වෙන්නේ. රතන හිමි hero වෙනවා, ටික දවසකට ඔක්කොටම බැනල එයාට පාර්ලිමෙන්ට් යන්න පුළුවන් option එකක බලල sup එක දෙයි.