රත්ගමයාගෙන් ---වෙන්විම---

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
රත්ගමයාගෙන් ---වෙන්විම---

ආදරණීය වස්තු,

මතකද...
ඉස්සර අපි පන්ති ගියපු දවස්
මහා හයියෙන් වහින කොට
චූටිම චූටි කුඩයක් යටට වෙලා
මාව තෙම්මන්නේ නැතුව එක්කගෙන ගිය හැටි....
අදත් ඒ විදිහටම වහිනවා
ඒත් කුඩේ යටින් යන්න අපි දෙන්නා නෑ

මතකද...
පන්තියේ ඉස්සරහම පේලියට වෙලා ප්‍රශ්න වලට
උත්තර හොයපු හැටි..
වැරදුන ප්‍රශ්න දෙන්න එක්ක විසදපු හැටි
අදත් මට ඒ වගේම ප්‍රශ්න තියෙනවා
ඒවා විසදන්න ඔයා ලග නෑ

මතකද....
අවුරුද්දට ඇදුම් ගන්න අපි දෙන්න
ගොඩාක් දුර ගිය හැටි.
මගේ අතේ එල්ලිලා විකාර ගොඩාක් කියවපු හැටි
අදත් කට්ටිය ඇදුම් ගේනවා
අතේ එල්ලා යන්න ඔයා ලග නෑ

මතකද....
වස්තුට මතකද
අපි දෙන්න ගොඩා..ක් ආදරේ කරපු හැටි..
දවසක් නොදැක ඉන්න තරම් බැරි උන හැටි..
ඒ ආදරේ ඔයා තාමත් කරනවා...
ඒත් ආදරේ දෙන්න මට බෑ....
 
  • Like
Reactions: cspmaxx