රත්තරං ගනුදෙනු තේරෙන්නෙ නෑ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    Gold කතන්දරේ මට ලොකුවට තේරෙන්නෙ නෑ. තේරෙන බුවෙක් කියල දෙන්න නම් ලොකු උදව්වක් 🙏
    හිතන්නකො මම අද ගෝල්ඩ් පවුම් 1 ක් ගත්තා කියල ලක්ෂ 3 කට.
    රත්තරන් ගොඩක් අය තියන් ඉන්නෙ පස්සෙ කාලෙක උකස් කරල සල්ලි ගන්න නෙ. එහෙම කියන එකයි ලෝන් එකක් ගන්න එකයි කම්පෙයා කරාම තියෙන වාසිය මොකද්ද?

    ආයතනයකට උකස් කරා ම රත්තරන් බඩුවක් ඒක උකස් කරන දවස් වෙනකොට ඒකෙ වටිනාකම ලක්ෂ 4 නම් ඒ මුළු වටිනාකම ම අපට සල්ලිවලින් ගන්න පුළුවන් ද?
    " ඒක උකසින් නිදහස් කරගන්න දවස වෙනකොට පොලිය එක්ක අපි ගෙවපු මුළු මුදල = ඒකෙ බේරගන්න දවස වෙනකොට වෙලද පොල වටිනාකම " වෙන විදියට ද පොලිය හදන්නෙ ආයතනය? 😵‍💫
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Umba loan ekai, gold ugas thiyana ekai compare kirillama watadine, onna FD ekai gold collection ekai compare kalanam hari
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Loan ekak ganna puka witarane denna wenne natte. Documents, guarantors...etc epayi. E karalat approve wenna sathi ganak yanawa. Ehemawat approve karaganna ba hari adayamak nattan.

    Gold itin giya dunna salli gatta. Winadi 5 i.

    Poliya hadanne api gatta salli ganata witarayi.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    Loan eke uba interest gewanawa. A interest % ekata wadaa raththaran appreciate wunoth uba loan ekak daala gold aran dammath vaasi.

    Uba ugas karoth a baduwe market value ekama ubata ugas karala ganna baha. Bank eka profit karanne uben ganna price eke and bank eken eka sell karana price eke difference eken. So mekedi bank ekata ona uben puluwan tharam aduwata gold aran market eke puluwan max milata eka vikunanna.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Gold කතන්දරේ මට ලොකුවට තේරෙන්නෙ නෑ. තේරෙන බුවෙක් කියල දෙන්න නම් ලොකු උදව්වක් 🙏
    හිතන්නකො මම අද ගෝල්ඩ් පවුම් 1 ක් ගත්තා කියල ලක්ෂ 3 කට.
    රත්තරන් ගොඩක් අය තියන් ඉන්නෙ පස්සෙ කාලෙක උකස් කරල සල්ලි ගන්න නෙ. එහෙම කියන එකයි ලෝන් එකක් ගන්න එකයි කම්පෙයා කරාම තියෙන වාසිය මොකද්ද?

    ආයතනයකට උකස් කරා ම රත්තරන් බඩුවක් ඒක උකස් කරන දවස් වෙනකොට ඒකෙ වටිනාකම ලක්ෂ 4 නම් ඒ මුළු වටිනාකම ම අපට සල්ලිවලින් ගන්න පුළුවන් ද?
    " ඒක උකසින් නිදහස් කරගන්න දවස වෙනකොට පොලිය එක්ක අපි ගෙවපු මුළු මුදල = ඒකෙ බේරගන්න දවස වෙනකොට වෙලද පොල වටිනාකම " වෙන විදියට ද පොලිය හදන්නෙ ආයතනය? 😵‍💫
    රත්‍රන් වල සීන් එක තමා කාලයත් එක්ක ඒකෙ ගාන වැඩි වෙන එක වෙන්නෙ. එහෙට මෙහෙට පොඩි පොඩි අඩු වීම් උනාට සමස්තයක් විදියට වැඩි වෙනවා.

    ඉතින් උඹට රුපියල් තියෙනවානම් උඹට පුලුවන් ඒකෙන් රත්‍රන් අරන් අවුරුදු ගානකට පස්සෙ ගත්ත ගානට වඩා ලොකු ගානකට විකුනන්න. ඔච්චර තමා ඉතින්.

    උකස් සීන් එකනම් ලොකුවට දන්නෙ නෑ. ඒත් උඹට 100% දෙන්නෙ නෑ, අනික ඉතින් ඒකට පොලිය එකතු උනාම ඇති ලාබෙකුත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං අයෝජනයක් විදිහට ගන්නවා නම් දැන් පට්ට පාඩුයි. VAT 18% එකතුවෙනවා රත්තරං බඩු ගන්නකොට.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    100% den na bn. umba poliya gewan nathuwa sinna unoth unta labayak nane. anika ganan adu wennath puluwanne. gold ithin hadissi salli gnda patta watinawa. normal loan gnda pukath dila kelath denna onane
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    උකස් කරද්දි මම හිතන්නෙ වටිනාකමින් 70%ක්වත් දෙන්නෙ නැතුව ඇති. 🤷‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Loan ekak ganna puka witarane denna wenne natte. Documents, guarantors...etc epayi. E karalat approve wenna sathi ganak yanawa. Ehemawat approve karaganna ba hari adayamak nattan.

    Gold itin giya dunna salli gatta. Winadi 5 i.

    Poliya hadanne api gatta salli ganata witarayi.

    ගෝල්ඩ් වෙනුවට FD තියාගන්න එක ගැන එපැයි එහෙනං කියන්න

    ඕන බැංකුවක loan on FD කියලා එකක් තියනවා, FD එක collateral වලට තියලා ලෝන් එකක් ගන්න පුලුවන්. ඒක ශනිකව කරන්න පුලුවන්. සමහර බැංකු වල කෙලින්ම ඇප් එකෙන්ම කරගන්නත් පුලුවන්. ඒව එක්ක බැලුවම FD වාසි වෙන්න පුලුවන් මොකද loan on FD එකක් ගත්තම FD එකට ලැබෙන පොලිය දිගටම ලැබෙනවා. එතකොට ගන්න ලෝන් එකේ effective රේට් එක වෙන්නෙ FD Interest % - Loan interest % එකනේ, එතකොට 1-2%ක් වෙන්නෙ. මේක පට්ටම ලාබයි
    ගෝල්ඩ් තියලා සල්ලි ගත්තත් loan on FD ගත්තත් වැලියු එකේ සම්පූර්න වටිනාකමට ගන්න බැහැ 80%ක් විතර තමයි කොහොමත් සල්ලි දෙන්නෙ.

    Gold වල වාසිය තියෙන්නෙ FD Interest එකට වඩා සමහර කාල වලදි Gold වල appreciation එක වැඩියි. අර එක සැරේම USD එක 200 ඉඳලා 300ට වැඩි උනාම ගෝල්ඩ් වැඩි උනා FD වල සල්ලි තිබුනු ඒවා deprciteate උනා. ඔන්න ඕක තමයි ගෝල්ඩ් වල වාසිය.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    Ugas karana ekama thamayi gold loan arawa mewwa eka eka nam daala thiyenne.
    Ugas karaddi adu gaanak hamba wenne. Bera ganna eka sure natthan wikunana eka thamayi karanna ona. Adu gaane mulu gold baratama Salli ganna puluwan.
    Gold 18% vat ekka gattha unath tika kaalayak yaddi labayi. Long term nam gold thamayi.
    Gold coin gaddith vat witharak neweyi profit ekakuth gannawa gold shops wala. Okkoma 50k withara gannawa monawa Hari kiyala. Eth long term worth.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ගාමිනී ගෙන අහපන්.. මම දවසක් ඉන්වෙස්ට්මට් ප්ලෑන් එකක් ගැන අහල, රටේ උද්දමනයත් එක්ක ලොකු පැහැදිලි කිරීමක් කරා..

    https://gemini.google.com/app

    1. රත්තරන් උකස් කිරීම (Pawning) vs බැංකු ණයක් (Loan)​

    බැංකු ණයක් ගන්නවට වඩා රත්තරන් උකස් කරන එකේ වාසි කිහිපයක් තියෙනවා:

    • ක්‍රියාවලිය ඉතා වේගවත්: පෞද්ගලික ණයක් ගන්න ගියොත් ඔයාගේ පඩිය, ලියකියවිලි, ඇපකරුවෝ වගේ ගොඩක් දේවල් බලනවා. හැබැයි රත්තරන් උකස් කරද්දී විනාඩි 10-15 කින් සල්ලි අතට ගන්න පුළුවන්.
    • පොලිය සාපේක්ෂව අඩුයි: රත්තරන් කියන්නේ බැංකුවට ලැබෙන ස්ථිර "ඇපයක්". ඒ නිසා අන්‍යෝන්‍ය ණය (Unsecured Loans) වලට වඩා රත්තරන් උකස් වල පොලිය සාමාන්‍යයෙන් අඩුයි.
    • CRIB වාර්තා ප්‍රශ්න නැහැ: ඔයා ණය ගෙවන්න පරක්කු වුණොත් පෞද්ගලික ණය වලදී ඔයාගේ Credit Score එකට බලපානවා. හැබැයි රත්තරන් උකස් කරලා බේරගන්න බැරි වුණොත් බැංකුව කරන්නේ ඒ රත්තරන් ටික විකුණලා එයාලගේ සල්ලි පියවා ගන්න එක විතරයි.

    2. රත්තරන් වල වටිනාකමම සල්ලි වලින් ගන්න පුළුවන්ද?​

    බැහැ. රත්තරන් බඩුවක වෙළඳපොළ වටිනාකම (Market Value) ලක්ෂ 4ක් නම්, බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කිසිම වෙලාවක ලක්ෂ 4ම ඔයාට දෙන්නේ නැහැ.

    සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකමෙන් 70% - 85% අතර ප්‍රමාණයක් තමයි ණය මුදල (Advance) විදියට දෙන්නේ.

    උදාහරණයක්: වටිනාකම ලක්ෂ 4ක් නම්, ඔයාට රුපියල් 320,000ක් වගේ මුදලක් ලබාගත හැකියි.
    හේතුව: රත්තරන් මිල හදිසියේම අඩු වුණොත් හෝ ඔයා පොලිය නොගෙවා හිටියොත් බැංකුවට සිදුවන පාඩුව මකාගන්න ඔවුන් මේ "Margin" එක තබා ගන්නවා.

    3. පොලිය තීරණය කරන්නේ කොහොමද?​

    ඔයා අහලා තියෙන විදියට "බේරගන්න දවසේ වටිනාකමට සමාන වෙන්න" නෙවෙයි පොලිය හදන්නේ. පොලිය හැදෙන්නේ මෙහෙමයි:

    1. ණය මුදල මත පොලිය: ඔයා අතට ගත්ත සල්ලි ප්‍රමාණයට (උදා: ලක්ෂ 3ට) මාසිකව හෝ වාර්ෂිකව නියමිත පොලී ප්‍රතිශතයක් එකතු වෙනවා.
    2. කාලය: ඔයා සල්ලි තියාගෙන ඉන්න කාලය අනුව පොලිය වැඩි වෙනවා.
    රත්තරන් වල වාසිය මෙතනයි:

    ඔයා අද ලක්ෂ 3කට ගත්ත පවුම, අවුරුද්දකින් බේරගන්න යද්දී රත්තරන් මිල වැඩි වෙලා ඒ පවුම ලක්ෂ 4ක් වෙලා තිබුණොත්, ඔයාට ලැබෙන ලාභය වැඩියි. හැබැයි ඔයා බැංකුවට ගෙවන්න ඕනේ ඔයා ගත්ත ණය මුදල + ඒකට අදාළ පොලිය විතරයි.

    සාරාංශය​

    ලක්ෂණයවිස්තරය
    වාසියහදිසි සල්ලි අවශ්‍යතාවයකට ඇති පහසුම ක්‍රමය.
    ණය මුදලරත්තරන් වටිනාකමෙන් 75%-80% වගේ ප්‍රමාණයක් ලැබෙයි.
    ලාභයරත්තරන් මිල ඉහළ යන වේගය පොලී අනුපාතයට වඩා වැඩි නම්, උකස් කිරීම පාඩුවක් වෙන්නේ නැහැ.
    ------ Post added on Feb 15, 2026 at 11:23 PM
     
    • Like
    Reactions: navinnuwan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සරලව කිව්වොත් ගෝල්ඩ් ගන්න එක වැඩක් ඇති දෙයක් නෙවෙයි.

    ඒත් ඔයා කිසිම ලෝන් එකක් ගන්න බැරි, සාමාන්‍යයෙන් පිලිගැනීමක් නැතිකෙනෙක් නම් ඔය රත්තරං ඔයාට ආභරණයක් .
    කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ.

    ගෝල්ඩ් පෙන්නලා ෆ්‍රස්ට් ඉම්ප්‍රෙෂන් එක ගන්න පුලුවන්. ගෑණු ටෝක් කරන්න . තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න මේක මාරම වටිනවා. නිකම්.යනවට වඩා ගෝල්ඩ් වෙයා කරලා ගියාම පිලිගැනීමක් තියනවා .

    හදිස්සියට සල්ලි ගන්නත් පුලුවන් ඒත් මේකටම ගෝල්ඩ් ගන්න එපා. මොකද සාමාන්‍යයෙන් ලෝන් එකක් ගන්න බැරි මනුස්සයෙක් කියන්නෙ ලෝන් එකක් ගෙවන්න හැකියාවක් නැති කෙනෙක් ඔයා එහෙම කෙනෙක් නම් ඔයාගෙ ගෝල්ඩ් නිකම්ම කාටහරි සින්න වෙන එක තමයි වෙන්නෙ.

    තව දෙයක් ගෝල්ඩ් වලට තමන්ගෙ සල්ලි හිර කරන්න ඕනේ ඔයා ෆුල් ටයිම් රස්සාවක් හෝ මොකක් හරි බිස්නස් එකක් ඉන්නවා නම් විතරයි.

    නැත්තම් ඔයා ගෝල්ඩ් වලට සල්ලි දාලා බඩගින්නෙ ඉදලා කවදා හරි ගෝල්ඩ් වැඩිමිලට විකුණලා දෙයක් කරන්න ඉන්නවා නම් ඇත්තටම ඒක මහ මෝඩ වැඩක්.

    මොකද මම ගෝල්ඩ් චේන් එකක් ගත්තා මීල අවුරුදු පහ හයකට කලින්. ගෝල්ඩ් ප්‍රයිස් වලට නෙවෙයි ඊට වඩා රුපියල් තුන්දහසකට වගේ වැඩියෙන්. හැබැයි මට ඒ කාලේ ඒ සල්ලි වලට කරන්න පුලුවන් උන ගොඩක් දේවල් අද මේ චේන් එක විකුණලා ලැබෙන මුදලින් කරන්න බෑ.

    ඒදවස් වල මට ඔය චේන් එක ගත්ත සල්ලි වලට මෝටර් බයික් එකක් උනත් ගන්න තිබුනා සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කරන්න පුලුවන් කොලිටි බයික් එකක්. ඒත් අද බෑ.

    මේ වගේ තව උදාහරණයක් කියන්නම් මේ චේන් එක ගත්ත මුදලට වඩා රුපියල් පහලොස්දාහක් අඩුවම මට ට්‍රැක්ටර් රරථයක් මිලදී ගන්න පුලුවන් කම තිබ්බා දෙදහස් විසි දෙකේ මුල. හැබැයි මට සල්ලි තිබිලත් මම ඒ වෙලාවෙ ඒකට ඉන්වෙස්ට් කලේ නෑ. කලා නම් දැං මේ වෙනකොට ඒ යන්ත්‍රයෙන් ආදායමක් උපයලා සහ එහි (ට්‍රැක්ටරයේ) වටිනා කම කිහිප ගුණයකින් වැඩි වෙලා.

    උද්දමනයට සාපේක්ෂව ඔයාගෙ ඉන්වෙස්මන්ට් එක සක්සක් වෙන්න නම් ඔයාට ඔය සල්ලි යොදවලා වෙන කිසිම දෙයක් කරන්න නැතිම අවස්තාවකදි විතරයි ගෝල්ඩ් වගේ ඉන්වෙස්ට් එකකට යන්න ඕනේ. මේක මගේ අද්දැකීම් එක්ක කියන දෙයක්.

    කිරියෙ මීට වඩා දැනුම තියන අය ඉන්නවා.

    මම කියන දේ අවුල් වගේ නම් නිවැරැදි කරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    උත්තර ගොඩක් වැරදි නිසා මේක කොටන්නෙ.

    ගෝල්ඩ් උකස් තියද්දි වෙළඳපල වටිනාකමින් එහෙම 70%-80% දෙන්නෙ නෑ. ගෝල්ඩ් වලට මිල දෙකක් තියෙනව. ගැනුම් මිල, විකුණුම් මිල,
    උකස් තියන්න පුලුවන් ගෝල්ඩ් ආභරණ විතරයි. ආභරණ මිලදී ගන්න වෙන්නෙ විකුණුම් මිල + හැදුම් කුලී ඒව ආයිත් විකුනන්න වෙන්නෙ ගැනුම් මිලට පමනයි. මොකද ඔය රත්තරන් ආභරණ ආපහු තව කාටහරි විකුනන්නෙ නෑ. මිලදී ගන්න ගැනුම්කරු රත්තරන් උනු කරල පිරිසිදු කරල තමයි ආයිත් අලුතෙන් හදන්නෙ. ඒතකොට ඒ ප්‍රොසෙස් එකට යන කාලය ශමය සහ වියදමයි වේස්ටේජ් අඩු කරල තමයි ගැනුම් මිල තීරණය වෙන්නෙ.
    අද රන් පවුමක විකුණුම් මිල 365,400 සාමන්යෙන් ආභරනයක් නම් ඕකට හැදුම්කුලී එකතුවෙලා එද්දි 375000 වෙනව අඩුම. ගැනුම් මිල 335,000 තියෙන්නෙ. ආසන්න වශයෙන් 40000ක වෙනසක් තියෙනව.

    උකස් ආයතන ඕව සින්න උනොත් වෙනම ප්‍රොසීඩිය එකකින් ඕව වෙන්දේසි කරල විකුනගන්න ඕනෙ. ඒ වගේම වාර්ශික පොලියට දෙන නිසා වාර්ශික පොලිය සමග මුලුමුදල රන් ගැනුම් මිලට වඩා අඩුවෙන්න ඕනෙ. ඒ වගේම depreciate වෙන රිස්ක් එකක් ඇසෙස් කරනව.

    pawning amount + 12 month interest + processing charges < 335,000 - depreciate factor

    ඒ නිසා මේ දවස් වල ගොඩක් බැන්කු 235,000-255,000 අතර තමා පවුමකට දෙන්නෙ. (ප්‍රයිවට් උකස් ආයතන වල උන්ට අදාල නීති අඩු නිසා ඊට වඩා දෙනව.)
    375,000 - 235,000 = 140,000 විතර අඩුවෙන් තමා උකස් හම්බෙන්නෙ. තව තියෙන ප්‍රශ්නයක් තමා බැන්කු වල අයට 22kt හරියටම ඇහෙන් අදුරගන්න බෑ. එයාලගෙ ප්‍රොසීඩියර් එකට අනුව වතුරෙ දාල (ආකිමිඩීස්) බලන්නෙ. එතකොට ඔය කියන kt එක පෙන්නන්නෙ නෑ. ගොඩක් කුනු දූවිලි සහ අභාරනවල ටයිප් එක අනුව 20kt -18kt වැටෙන්නෙ එතකොට උන් ඒ ගානට තමා උකස් ගන්නෙ. සමහර වෙලාවට 200,000 ක් වත් ලැබෙන්නෙ නෑ,

    flat rate එකට පොලිය හැදෙන්නෙ. මේ දවස්වල 14%-16% තියෙන්නෙ. ගිය මාස ගානට පොලිය හැදෙනව. බැන්කුවල සති දින පොලී නෑ ගොඩක් වෙලාවට. දවස පැන්නොත් ඊලග මාසෙටම හැදෙනව.

    pawning date 2026-02-16
    amount - 100,000
    interest - 15% annual
    release date - 2026-05-10

    interest amount - 100,000 * 15% / 12 * 3
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Ukas thibboth watinakamen 80% k thama denne
    Polia Podi ganak 1% k wage thama wenne maseta

    Gold nam giya Ukas thibba salli gattha winadi 20 yi
    Loan ekak nam dawas ganak rastiyadu wenna wenava Banks gane samahar wita Epa penwannath wenava poliyath wediyi

    Mamath Tiyagena inne Gold thama hadisiyak nayak ganna
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    දැන් හරි ගන්න, ඉස්සරහට තවත් වැඩි වෙනවා.
    දෙමෙල්ලු පරම්පරාවෙන්ම gold එකතු කරනවා.
    මම දන්න කෙනෙක් ඉන්නවා ළමයා පිටරට උගන්වන්න යැව්වා gold උකස් කරලා, ළමයා එහෙ job කරලා gold බේරන්න ඕනේ එහෙ job කරලා.
    මටත් පවුම් K0 ක්‌ විතර තියෙනවා. 10ක්‌ විතර හොරු ගත්තා, දැන් බැංකුවක සේප්පුවක දාලා තියෙන්නේ. අවුරුද්දකට රු. 5000.00 වගේ සේප්පු කුලිය.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් හරි ගන්න, ඉස්සරහට තවත් වැඩි වෙනවා.
    දෙමෙල්ලු පරම්පරාවෙන්ම gold එකතු කරනවා.
    මම දන්න කෙනෙක් ඉන්නවා ළමයා පිටරට උගන්වන්න යැව්වා gold උකස් කරලා, ළමයා එහෙ job කරලා gold බේරන්න ඕනේ එහෙ job කරලා.
    මටත් පවුම් K0 ක්‌ විතර තියෙනවා. 10ක්‌ විතර හොරු ගත්තා, දැන් බැංකුවක සේප්පුවක දාලා තියෙන්නේ. අවුරුද්දකට රු. 5000.00 වගේ සේප්පු කුලිය.
    BOC එකේ FD එකක් තියනවා නං සේප්පුවක් ෆ්‍රී දෙනවා. ගාන කියක්ද කියලා මට මතක නැහැ, මට එහෙම එකක් ෆ්‍රී ලැබුනා බැංකුවෙන්
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    282
    354
    63
    උත්තර ගොඩක් වැරදි නිසා මේක කොටන්නෙ.

    ගෝල්ඩ් උකස් තියද්දි වෙළඳපල වටිනාකමින් එහෙම 70%-80% දෙන්නෙ නෑ. ගෝල්ඩ් වලට මිල දෙකක් තියෙනව. ගැනුම් මිල, විකුණුම් මිල,
    උකස් තියන්න පුලුවන් ගෝල්ඩ් ආභරණ විතරයි. ආභරණ මිලදී ගන්න වෙන්නෙ විකුණුම් මිල + හැදුම් කුලී ඒව ආයිත් විකුනන්න වෙන්නෙ ගැනුම් මිලට පමනයි. මොකද ඔය රත්තරන් ආභරණ ආපහු තව කාටහරි විකුනන්නෙ නෑ. මිලදී ගන්න ගැනුම්කරු රත්තරන් උනු කරල පිරිසිදු කරල තමයි ආයිත් අලුතෙන් හදන්නෙ. ඒතකොට ඒ ප්‍රොසෙස් එකට යන කාලය ශමය සහ වියදමයි වේස්ටේජ් අඩු කරල තමයි ගැනුම් මිල තීරණය වෙන්නෙ.
    අද රන් පවුමක විකුණුම් මිල 365,400 සාමන්යෙන් ආභරනයක් නම් ඕකට හැදුම්කුලී එකතුවෙලා එද්දි 375000 වෙනව අඩුම. ගැනුම් මිල 335,000 තියෙන්නෙ. ආසන්න වශයෙන් 40000ක වෙනසක් තියෙනව.

    උකස් ආයතන ඕව සින්න උනොත් වෙනම ප්‍රොසීඩිය එකකින් ඕව වෙන්දේසි කරල විකුනගන්න ඕනෙ. ඒ වගේම වාර්ශික පොලියට දෙන නිසා වාර්ශික පොලිය සමග මුලුමුදල රන් ගැනුම් මිලට වඩා අඩුවෙන්න ඕනෙ. ඒ වගේම depreciate වෙන රිස්ක් එකක් ඇසෙස් කරනව.

    pawning amount + 12 month interest + processing charges < 335,000 - depreciate factor

    ඒ නිසා මේ දවස් වල ගොඩක් බැන්කු 235,000-255,000 අතර තමා පවුමකට දෙන්නෙ. (ප්‍රයිවට් උකස් ආයතන වල උන්ට අදාල නීති අඩු නිසා ඊට වඩා දෙනව.)
    375,000 - 235,000 = 140,000 විතර අඩුවෙන් තමා උකස් හම්බෙන්නෙ. තව තියෙන ප්‍රශ්නයක් තමා බැන්කු වල අයට 22kt හරියටම ඇහෙන් අදුරගන්න බෑ. එයාලගෙ ප්‍රොසීඩියර් එකට අනුව වතුරෙ දාල (ආකිමිඩීස්) බලන්නෙ. එතකොට ඔය කියන kt එක පෙන්නන්නෙ නෑ. ගොඩක් කුනු දූවිලි සහ අභාරනවල ටයිප් එක අනුව 20kt -18kt වැටෙන්නෙ එතකොට උන් ඒ ගානට තමා උකස් ගන්නෙ. සමහර වෙලාවට 200,000 ක් වත් ලැබෙන්නෙ නෑ,

    flat rate එකට පොලිය හැදෙන්නෙ. මේ දවස්වල 14%-16% තියෙන්නෙ. ගිය මාස ගානට පොලිය හැදෙනව. බැන්කුවල සති දින පොලී නෑ ගොඩක් වෙලාවට. දවස පැන්නොත් ඊලග මාසෙටම හැදෙනව.

    pawning date 2026-02-16
    amount - 100,000
    interest - 15% annual
    release date - 2026-05-10

    interest amount - 100,000 * 15% / 12 * 3
    24k Gold coins pawn කරන්න or cash කරන්න කොච්චර ලේසිද? ඕනි තැනකින් පුළුවන්ද?