මේකට හේතු තියෙනවා සාමාන්‍යෙන් පවුම් 25-30 ක් කෙනෙක් එකපාර සෙල් කරන්නෙ නෑ. එක්කො දීල එක්ස්චේන්ජ් කරනව නැත්නම් උකස් කරනව. මොකද රත්තරං කියල කවදාවත් වටිනාකම අඩු වෙන දෙයක් නෙමේ.. කෙනෙක් ඔහොම කරනව කියනකොට නිකන්ම හිතෙන දෙයක් තමා එක්කො නිධානයක් නැත්නම් හොර බඩු කියන එක.. ඕක විකුනන වෙලාවෙත් සමහරවිට ගත්ත කොහෙන්ද බිල් එහෙම තියෙනවද අහයි..
මේව අහන්නෙ ආරක්ශක හේතු නිසා.මොකද හොරෙක් එහෙම කරල පොලීසියට මාට්ටු උනාම අහවල් තැනට විකුනුවා කිව්වොත් අකියුස් එක්ක ආවාම ඒ බඩු සියල්ල කිසිම බාධාවකින් තොරව පොලීසියට දෙන්න ඕනෙ. අන්න ඒ රිස්ක් එක නිසයි ඔහොම අහන්නෙ. ඕවට කේන්ති ගන්න එපා.
එහෙම ගාන කියන්න බෑ. දැන් ඕක ටච් රිපොර්ට් දානව. ඔයා හෙට්ටිවිදියේ ඉමාශි එකට ගියොත් එක ආභරණයකට රු100 ගානෙ ඔක්කොටම ටච් රිපොර්ට් ගන්න ඕනෙ. ඒ රිපෝර්ට් එකෙන් එන කැරට් ගාන අනුව එදා වෙළදපොලේ මිලට ගන්නව.
එහෙම නැත්නම් රවි දේවි ගියොත් එයාල ටච් රිපෝර්ට් ෆ්‍රී දානව. හැබැයි ඔයාට රිපොර්ට් එක බලන්න බෑ. එහෙම දාල කැරට් ගාන අනුව ගානක් එයාල කියනව.
රු2000-3000 වගේ පොඩි වෙනසක් හිටියි.
තෑන්ක්ස් මචං මෙච්චර ලස්සනට පැහැදිලි කරාට..
අද යන්න තමයි හදන්නේ..
කොහොමහරි අදවත් මේක ඉවරයක් කරලා දෙන්න ඕන..