රත්තරන්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    රත්තරන් ගැන ඔයාලා වැඩිපුර නොදන්න කාරණා ටිකක් තමයි අපි මේ කියන්න යන්නෙ. අපිට නම් රත්තරන් කියන්නෙ වැඩිමනක්ම කණේ කරේ, අතේ පයේ පළන්දන ආභරණ ටිකක් උනාට ලෝකෙ ඒ කාලෙත් අද කාලෙත් ඊට වඩා වෙනස් වෙනස් වැඩත් රත්තරන් වලින් අරගෙන තියනවා. ලිපිය කියවද්දි ඔයාලට ඒ ගැනත් දැනගන්න ලැබෙයි.


    1) රත්තරන් ආවෙ පිටසක්වලින්?

    GoldFacts-aniwa-01.jpg

    Gold Facts
    Source – sciencedaily.com


    අපේ පොලව මතුපිට කැණීම් වලින් සොයාගන්නා රත්තරන් පිටසක්වලින් මෙලොවට ආපු ඒවා හැටියටයි විද්‍යාඥයින් සලකන්නේ. වසර බිලියන 4කටත් එපිට පෘථිවිය නිර්මාණය වෙද්දී එහි තිබූ රත්රන් ඇතුලු ලෝහ බොහොමයක් පෘථිවියේ ගැඹුරු අභ්‍යන්තරයේ නිදන් වෙලයි පවතින්නේ. නමුත් පොලොව මතුපිට කැණීම් මගින් සොයාගත හැකි රත්රන් මෙලොවට පැමිණ තියෙන්නේ පෘථිවියේ උපතින් වසර මිලියන 200කට විතර පස්සේ ඇතිවුණ විශාල උල්කාපාත වර්ෂාවක් හේතුවෙන් කියලයි විද්‍යාඥයො විශ්වාස කරන්නෙ.




    2) ලෝකෙම රත්තරන් ස්විමින් පූල් 3ක් පිරෙන්න විතරයි


    GoldFacts-aniwa-02.gif

    Gold Facts
    Source – gameops.net


    සමහර මිනිස්සු කියනවනෙ එයාල සල්ලි උඩ පීනනවා කියල. සල්ලි ගැන එහෙම කිවුවත් රත්තරන් ගැනනම් කිසිම ලොක්කෙක්ට එහෙම කියන්න අමාරු වෙයි. මොකද මේ වෙනකන් මුලු ලෝකෙන්ම හොයාගෙන තියන රත්තරන් සියල්ල ගත්තම ඔලිම්පික් පිහිනුම් තටාක 3.25ක් පිරෙන ප්‍රමාණයක්ලු තියෙන්නෙ.

    කොහොම වෙතත් මේ රත්තරන් ප්‍රමාණය කොතරම්ද කියන එක ගැන තියෙන්නෙ එකිනෙකට වෙනස් ඇස්තමේන්තුවක් තමයි. අඩුම වශයෙන් ලෝකය තුල රත්රන් ටොන් එක්ලක්ෂ පනස් දහසක් වගේ ප්‍රමාණයක් තියන බව සමහරු කියද්දි, තවත් සමහරුන්ට අනුව ඒ ප්‍රමාණය ටොන් මිලියන 2.5ක් පමණ ඉහල අගයක් ගන්නවා.



    3) ආභරණ හදන්න භාවිතා කරන්නෙ සොයාගන්නා රත්තරන් වලින් 52%ක් පමණයි

    GoldFacts-aniwa-03.jpg

    Gold Facts
    Source – bbc.com


    දැන් සමහරු හිතනවා ඇති කැණීම් වලින් සොයාගන්න රත්තරන් සියල්ලම වගේ මාලු, මුදු වගේ ආභරණ සහ වෙනත් රන් නිර්මාණ හදන්නට ගන්නවා කියල. ඇත්ත වශයෙන්ම කිවුවොත් ආභරණ සඳහා යොදාගන්නෙ රත්රන් වලින් 52%ක ප්‍රමාණයක් පමණයිලු. අනෙක්වා විවිධ ආයෝජන වලට සහ කාර්මික භාවිතයට යොදාගනු ලබන බව පැවසෙනවා.



    4) වැඩිපුරම රත්තරන් ඇත්තේ සමුදුර තුළයි

    GoldFacts-aniwa-04.jpg

    Gold Facts
    Source – oceanservice.noaa.gov


    මිනිස් ඉතිහාසයේ මෙතෙක් සොයාගෙන ඇති රත්තරන් මෙන් 8 ගුණයක රත්තරන් සමුදුරු ජලය සහ සමුදුරු පතුලේ තිබෙන බවටයි පැවසෙන්නේ. කොහොම වෙතත් මේ රත්රන් ලබාගන්න අපහසුවෙලා තියෙන්නේ ඒ සඳහා යොදාගන්න වෙලා තියෙන ක්‍රමෝපායන්ගේ වියදම් අධික කම නිසායි. මේ දේවල් මෙහෙම උනත් ඉදිරියේදී ගැඹුරු මුහුදු කැණීම් මගින් රත්රන් වැනි වටිනා සම්පත් ගොඩගන්න රටවල් කිහිපයක්ම උනන්දුවෙන් ඉන්න බවත්, ලෝක පරිසරවේදීන් මේ ගැන තරමක් කණස්සල්ලෙන් ඉන්න බවත් තමයි දැනගන්න ලැබෙන්නේ.



    5) රන් අවුන්සෙකින් වර්ග අඩි 100ක රන් පතක් සැදිය හැකිය

    GoldFacts-aniwa-05.jpg

    Gold Facts
    Source – olx.ph


    රත්රන් වල තැලෙනසුලු සහ නැමෙනසුලු ගතිය කොතරම්ද කියනවනම් රත්තරන් අවුන්සයක් (ග්‍රෑම් 28ක්) තැලීමෙන් වර්ග අඩි 100ක විතර ප්‍රමාණයක සිහින් රන් පත්‍රයක් නිර්මාණය කරගන්න පුලුවන්ලු.




    6) කිලෝමීටර 80ක් දුරකට දිග අරින්නත් පුලුවන්


    GoldFacts-aniwa-06.jpg

    Gold Facts
    Source – rgbstock.com


    රත්රන් අවුන්සයක් මයික්‍රෝන 5ක (මීටරයකින් මිලියන 5න් 1ක්) දක්වා සිහින් තන්තුවක් වන සේ දිග අරින්න පුලුවන් කමක් තිබෙනවලු. මේ නිසා රන් අවුන්සයකින් කිලෝමීටර 80ක් පමණ දිග රන් තන්තුවක් නිර්මාණය කරගන්න පුලුවන්ලු.




    7) අඩුවෙන බරට රත්තරනින් ගෙවන ඩුබායි පුරවරය

    GoldFacts-aniwa-07.jpg

    Gold Facts
    Source – emirates247.com


    කාල බීල සැපේ ඉන්න අපිට මොන බර අඩු කරගැනිලිද නේද? ඇඟ අඩුකරගන්න මහන්සි වෙන එක සෑහෙන කට්ටක් උනාට අපේ අඩුවෙන කිලෝග්‍රෑම් එකකට රත්තරනින් ගෙවුවොත්? ටිකක් කල්පනා කරල බලන්න හිතෙනවා නැද්ද?

    අන්න ඒ වගේ තමන්ගෙ වැසියන්ගෙ සෞඛ්‍ය ගැන හිතලා ඩුබායි වල අරඹපු තරඟයක් තමයි මේ අඩු කරගන්නා බරට රත්තරනින් ගෙවන තරඟය. මේකෙදි වැඩිහිටියෙක්ටනම් ශරීරයෙන් අඩුකරගන්න කිලෝ එකකට රත්තරන් ග්‍රෑම් 1ක් බැගිනුත්. පොඩිහිටියෙක්ට (අවු. 2-14) නම් ග්‍රෑම් 2 බැගිනුත්ලු ලැබෙන්නෙ.

    මේකෙ එක අවුරුද්දක තරඟය ජයග්‍රහණය කරපු අහමඩ් අල් ශීක් අඩු කරගෙන තියෙන බර ප්‍රමාණෙ කිලෝ 26ක් ලු. නරකම නෑ නේද?




    8) සැඟවුණු රත්තරන් නගර – එල් ඩොරාඩෝ


    GoldFacts-aniwa-08.jpg

    Gold Facts
    Soruce – mpora.com


    ලෝකයේ මහත් වස්තු සම්භාරයක් සඟවාගත්ත නගරයක් හැටියට එල් ඩොරාඩෝ කියන නගරය හැඳින්වෙනවා. 16, 17 වැනි සියවස් වල සිට මේ ගැන පැවතගෙන එන කතාවලින් කියවෙන්නේ දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුවල ජීවත්වූ ස්වදේශික ගෝත්‍රික පිරිසකගේ නායකයාව “එල් ඩොරාඩෝ” නමින් හැඳින්වූ බවටයි. එල් ඩොරාඩෝ යන්නෙහි තේරුම “රත්රන් ආලේපිත පුද්ගලයා/රත්රන් රජු” යන්නයි. සිරුර පුරාම රත්රන් කුඩු ආලේප කරගෙන සිටින මේ පුද්ගලයා චාරිත්‍රයක් වශයෙන් දිය යට වෙසෙන දෙවියෙක්ව පුදන්නට වටිනා රත්රන් සහ ආභරණ දියට දමන බවටයි මේ පැරණි කතන්දර වලින් අසන්නට ලැබෙන්නේ. මේ තොරතුරු ඔස්සේ මේ රත්තරන් රජු ජීවත් වූ එල් ඩොරාඩෝ නගරය සොයාගෙන යන්නට බොහෝ ගවේශකයන් සහ සහ රත්රන් දඩයම් කරුවන් පෙළඹිලා තිබෙනව. ඔවුන්ට මේ ප්‍රදේශ ආසන්නයෙන් මේ තොරතුරු හැබෑවක්යැයි කියන්නට තරම් රත්රන් හමුවුනත්, මහා වස්තුවක් සඟවාගෙන ඇතැයි කියන එල් ඩොරාඩෝ නගරය නම් අදවන තෙක් සොයාගැනීමට කිසිවෙක්ට හැකියාවක් ලැබිල නෑ.




    9) රත්තරන් වක්කරල මරණ දඬුවමත් දීල තියනව කිවුවොත්?

    GoldFacts-aniwa-09.jpg

    Gold Facts
    Source – popgeeks.net


    බොහෝම මිලාධික දඬුවම් ක්‍රමයක් වන මේ ක්‍රමේ අතීතෙදි රෝමන් වරු වගේම ස්පාඤ්ඤවරුත් යොදාගෙන තියන බවයි කියවෙන්නෙ. මරණයට පත් කරන කෙනාගෙ උගුරට රත්කර දියකරපු රත්රන් හැලීමෙන් ඒ පුද්ගලයාගෙ අභ්‍යන්තර ඉන්ද්‍රීන් වලට හානි පමුණුවල තමයි මරණයට පත් කරන්නෙ. ඉක්වදෝරයේ ජිවාරෝ ගෝත්‍රිකයින් විසින් මේ විදිහට ස්පාඥ්ඤ ආණ්ඩුකාරවරයෙක්වත් මරණයට පත් කරල තියනවලු.




    10) රත්තරන් චොකලට් බවට පත්වෙච්ච ඉතිහාස කථාව

    GoldFacts-aniwa-10.jpg

    Gold Facts
    Source – chocolateclass.wordpress.com


    පුරාණ මෙක්සිකෝවේ වාසය කරපු ඇස්ටෙක්වරු කොකෝවා හඳුන්වල තියෙන්නෙ දෙවියන් විසින් දීපු තෑග්ගක් හැටියටයි. ඔවුන්ගේ ගණුදෙනු කිරීම සඳහා මූලික වශයෙන් උපයෝගී කරගෙන තිබෙන්නෙත් කොකෝවා ඇට තමයි. කොකෝවා ඇසුරින් චොකලට් පානයන් සැකසීමටත් පුරුදු වෙලා හිටපු ඔවුන්ගේ මොන්ටසූමා අධිරාජ්‍යයා දවසකට කොකෝවා කුසලාන 50ක් විතර පානය කලා කියලයි අතීත තොරතුරු සටහන් වෙන්නෙ.

    1500 ගණන් වල හරනන් කෝටෙස් නැමති ස්පාඤ්ඤ ආක්‍රමණිකයා රත්තරන් හොයාගෙන මේ ඇස්ටෙක් වරු හමුවට පැමිණි විට හරි අපූරු සිදුවීමක් සිදු වෙලා තියනවා. ඒ තමයි රත්රන් ඉල්ලුවහම ඇස්ටෙක් වරු ඔහුට පෙන්නල තියෙන්නෙ කොකෝව ඇට වීම. පස්සෙ හැබැයි රත්තරන් හොයාගෙන ආපු කෝර්ටෙස්ටත් මේ කොකෝව වල අගය තේරිලාද කොහෙද මහා පරිමාණෙන් කොකෝව වගාව ව්‍යාප්ත කරන්න කටයුතු කරල තියනව.




    11). ඉලෙක්ට්‍රොනික් බඩු වලිනුත් රත්තරන් වෙන් කරගන්න පුලුවන්

    GoldFacts-aniwa-11.jpg

    Gold Facts
    Source – gizmodo.com


    ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනී ආදියෙනුත් රත්තරන් එක්කාසු කරගන්න පුලුවන් බව ගොඩක් දෙනෙක් දන්නෙ නැතිව ඇති. සාමාන්‍යයෙන් ඉවත දමන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් එකක රත්තරන් අවුන්ස 8-16ක් දක්වා ප්‍රමාණයක් තියෙන්න පුලුවන් කියලයි කියන්නෙ. කනෙක්ටර්ස්, පරිගණක මවුපුවරු සහ වෙනත් පරිපථ වලින් තමයි වැඩි හරියක් රත්රන් හමුවෙන්නෙ. නොයෙක් විෂ සහිත රසායනික භාවිතයෙන් තමයි මේවායෙන් රත්රන් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නෙ. ඉන්දියාව, උතුරු අමෙරිකාව සහ යුරෝපයේ බොහෝ පිරිසක් දැනටමත් මේ රත්තරන් දඩයම පටන් අරගෙනලු තියෙන්නෙ.



    12) බෙහෙතටත් රත්තරන්


    GoldFacts-aniwa-12.jpg

    Source – manetti.com

    රූමටික ආතරයිටිස් රෝගයෙන් පෙලෙන රෝගීන්ට රත්තරන් වල ඇති අයනික රසායන සංයෝග එන්නත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් තියනව කියල ඔයාල අහල තිබ්බද? එන්නත් කිරීමෙන් විතරක් නෙමෙයි මුඛ මාර්ගයෙනුත් මේ රත්රන් සංයෝග බෙහෙත් හැටියට ලබාගන්න පුලුවන්ලු.



    13) රූපෙ ලස්සන කරගන්නත් රත්තරන්

    GoldFacts-aniwa-13.jpg

    Gold Facts
    Source – cruiseline.com


    බෙහෙත් හැටියට විතරක් නෙමෙයි රූපෙ ලස්සන කරගන්නත් රත්තරන් යොදාගන්නව කිවුවොත්? නිකම්ම් නිකන් රත්තරන් වලින් නෙමෙයි කෙලින්ම කැරට් 24 රත්රන් වලින් තමයි මේ ෆේෂල් එක යොදන්නෙ. කැරට් 24 රත්රන් ශීට් මුහුණට අලවලා කරන මේ UMO 24 Karat Gold Facial එකෙන් පස්සෙ සමේ වයස්ගත වීම, රැළි වැටීම අඩුවෙලා නියම පෙනුමක් එනව කියල තමයි ඒ අය කියන්නෙ.



    14) ගගන ගාමීන්ගේ හෙල්මට් රත්වෙනවටත් රත්තරන්


    GoldFacts-aniwa-14.jpg

    Gold Facts
    Source – pinterest.com


    ගගනගාමීන්ගේ හිස් ආවරණ වල ඉදිරිපස වයිසරය මත එහා මෙහා පෙනෙන තරම් ඉතාම තුනී රත්රන් තට්ටුවක් ආලේප කරනවලු. මේ මගින් කරන්නෙ අහිතරකර අධෝරක්ත කිරණ වළක්වල හෙල්මටය ඇතුලත උණුසුම් වීම අඩු කිරීම පවයි පැවසෙන්නෙ.



    15) රත්තරන් ATM

    GoldFacts-aniwa-15.jpg

    Gold Facts
    Source – dailymail.co.uk


    ඒ.ටී.එම් යන්තරේකින් ගන්න පුලුවන් සල්ලි විතරක් කියලද හිතේ? නෑ. රත්තරන් නිකුත් කරන ඒ.ටී.එම් යන්ත්‍රත් දැන් ලෝකෙට හඳුන්නලා දීලයි තියෙන්නෙ. රත්රන් ආලේපිත මේ ගෝල්ඩ් ටු ගෝ යන්ත්‍රයෙන් විවිධ වටිනාකම් වලින් යුතු රත්‍රන් බාර් සහ රත්‍රන් කාසි ආදිය ලබාගැනීමට පුලුවන්. අන්තර්ජාල සබඳතාවක් ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොලේ වෙනස් වෙන රන් මිල නිතර දක්වන පරිගණක තිරයකින්ද, සොරකම් වලක්වන ආරක්ෂක විධි විධාන රැසකින්ද සමන්විත මේ යන්ත්‍රය මුලින්ම අබුඩාබි වල තමයි භාවිතයට සවි කර තිබෙන්නේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, පෘතුගාලය ආදී රටවල් රැසක මේ යන්ත්‍ර පිහිටුවා තිබෙන බව දැනගන්නට ලැබෙනවා.



    16) වැසිකිලි පෝච්චියත් රත්තරන්


    GoldFacts-aniwa-16.jpg

    Gold Facts
    Source – boingboing.net


    ලෝකයේ වටිනාකමින් වැඩිම වැසිකිළියක් හැටියට නිව්යෝර්ක් හි ගුගන්හයිම් කෞතුකාගාර වැසිකිළිය හඳුන්වාදෙන්න පුලුවන්. මේ රත්තරන් වැසිකිලි පෝච්චිය මොරිසියෝ කැටලන් නම් කලාකරුවාගේ නිර්මාණයක්. කැරට් 18 රත්රන් වලින් නිමවා ඇති මේ වැසිකිළිය නරඹන්න විතරක් නෙමෙයි අවශ්‍ය නම් තමන්ගේ ශරීර කෘත්‍යය සඳහා මේක පාවිච්චි කරන්ටත් නරඹන්නන්ට අවසරය තියනවලු.

    www.aniwa.lk
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    රත්තරං ඇවිල්ලා තියෙන්නෙ පිටසකවලින්ද :D