රත්තොට පොලිසියේ මනුස්සකම...
අබලන් නිවෙසක සීයා සමඟ තනිවුණු දරුවන් සත් දෙනකුට හිසට සෙවණක් තනා දුන් රත්තොට පොලිසියේ මනුස්සකම
බහතෝරන වියේදීම මවුපිය සෙනෙහස අහිමිව අන්ත අසරණ තත්ත්වයට පත් දරුවන් හත් දෙනකුගේ හිසට සෙවණක් දෙමින් ආරක්ෂිත නිවෙසක් ඉදිකර දීමේ මහඟු පින්කමක් පිළිබඳව අඹන්ගඟ කෝරලේ, තිබ්බටුකනත්ත ගමෙන් වාර්තා වේ. රත්තොට පොලිසිය, පරිත්යාගශීලීන්ගේ සහාය ඇතිව මේ නිවෙස ඉදිකර දී ඇත.
මේ දරුවන්ගේ මවුපියන් එකම පවුලේ සහෝදර සහෝදරියන්ය. නිසි කල විවාහ දිවියට පත් ඔවුන්ට දාව මේ දරුවන් ජනිත වුවද දරුවන් සීයාගේ පැල්පතේ තනිකර දැමූ මවුපියන් අසම්මත ආවාහ විවාහයන් සොයා පෑල ෙදාරින් පලා ගියේය. ඉන් සිදු වූයේ දරුවන් අසරණ වීම පමණකි. කුසට අහරක් නොමැතිදා ඔවුහු ගඩා ගෙඩියකින් පණ කෙන්ද රැක ගැනීමට සිදුවිය.
පාසල් ගමන අතරමඟදී නවතා දැමීමට සිදුවූයේ පොත්පත් ඇඳුම් සහ පාසල් උපකරණ නොමැතිකම නිසාය. අසම්මතයේ හැසිරුණු මවුපියන් නොඅඩුව සැප සම්පත් ලැබුවද දරුවන්ට සිදුව තිබුණේ අපා දුක් විඳීමටය. මේ අතරතුර කොයි මොහොතක හෝ කඩා වැටෙන තරමටම අබලන්ව තිබූ සීයාගේ පැල්පත තුළ කුසගින්නේ එකට ගුළිවී අනාරක්ෂිතව කල් ගෙවන දරුවන් 7 දෙනකු පිළිබඳව රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සෙනරත් දිසානායක මහතාට දැන ගැනීමට හැකි විය. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් අනුව ක්රියාත්මක වූ පොලිස් ජංගම සේවා වැඩසටහන රත්තොට කළුගල්තැන්න වැනි දුෂ්කර ගම්මානයක් කේන්ද්ර කර ගනිමින් පැවැති අවස්ථාවකදීය.
දරුවන් පිළිබඳ සොයා බැලූ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම තම හිතමිතුරන්ගේ සහාය ඉල්ලීමට ප්රමාද වූයේ නැත. වේයන්ගොඩ සිට පැමිණි නලින් රන්දෙණි මහතා රුපියල් ලක්ෂයක මුදලක් නිවෙස ඉදි කිරීමට පරිත්යාග කළ අතර හිතවත් බොහෝ දෙනකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ සත්ක්රියාවට දායක විය. මවුපිය සෙනෙහස අහිමිව අසරණව සිටි දරුවන්ගේ කුසට ආහාර ලැබිණි. පාසල් යෑමට පොතපත මෙන්ම නිල ඇඳුම් සහ පාවහන්ද ලැබිණි.
පොලිස් නිලධාරීන්ගේ ශ්රම දායකත්වය හා පරිත්යාගශීලීන්ගේ මූල්ය පරිත්යාග මත ස්ථීර නිවෙසක්ද ඉදි කළේය. නිවෙස තුළ සුරක්ෂිතව කල් ගෙවීමට ප්රමාණවත් ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි පවා ලබාදීමට තරම් පොලිස් නිලධාරීන් කාරුණික විය.
මවුපිය සෙනෙහස අහිමි වුවද මෙම දරුවන්ට සීයාගේ රැකවරණය යටතේ ආරක්ෂිතව ජීවත් වීමට ස්ථීර නිවෙසක් ලබාදීමට තරම් පොලිස් නිලධාරීන් කාරුණික වීම කෙතරම් අගය කළ යුතුද.
රුපියල් ලක්ෂ 13ක පමණ වටිනාකමක් තක්සේරු කර ඇති එම නිවෙස මාතලේ කොට්ඨාසය භාර පොලිස් අධිකාරි අයි. බී. ටී. සුගතපාල මහතාගේ ප්රධානත්වයෙන් සහ සහකාර පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත්දා මේ අසරණ දරුවන්ට භාර කළේය. නිවෙස භාරදීමට තිබ්බටුකනත්තට පැමිණි පොලිස් අධිකාරිවරයා අසරණ දරුවන්ගේ කඳුළු කතාවට සවන් යොමද්දී කාකි ඇඳුම යට සැඟවුණු රළු මිනිසුන් බවට ඇතැමුන් උපකල්පනය කරන පොලිස් නිලධාරීන්ගේ නෙතඟින් කඳුළු බින්දු කඩා වැටුණේ මෙය මනුෂ්යත්වයේ නාමයෙන් කළ මහඟු පින්කමක් නිසාමය.
http://www.mawbima.lk/print20170621MB20171230.php?id=4421