මට තේරෙන්නේ නෑ අගමැතිතුමා මේවා කියන්නේ මොන ජාතියේ සිතුවිලි වල ඉදන්ද කියලා...
මමත් රත්නපුර..අපි දන්නවා පැය භාගයක් එක දිගට වැස්සම රත්නපුර නගරය දෙගොඩතලා යන්න යට වෙනවා...
පොලව යට හැම තැනම හාරලා තියෙන දෝනා නිසා වැහි කාලෙට තැන් තුන හතරක් අනිවාර්යෙන්ම ගිලා බහිනවා...
එක ගොඩේ පොකුරට හැදිලා තියෙන නගර මං මාවත් සහ කඩ සාප්පු නිසා දවල්ට මහා වාහන තද බදයක් තියෙන්නේ...
පාසල් අවසන් වෙන වෙලාවට ටවුන් එකේ එකම යම යුද්ධයක්...
ලක්ෂ අටදාහක් වියදම් කරලා කුළුනක් අටවනවට වඩා කරනවා නම් කල යුතු මූලික වැඩ බොහොමයක් තියෙනවා...
ඉංග්‍රීසි ආණ්ඩුව ඕපනායකට යනකල් හදලා තිබුණු රේල් පාර අපේ අභිමානනීය ආණ්ඩු විසින් හෙල අභිමාන කසිප්පු අපිට පොවලා අවිස්සාවේල්ල දක්වා කොට කරපු නිසා ලක්ෂ අටදාහක් තියෙනවා නම් , මොලයකුත් තියෙනවා නම් කරන්න ඕන ඒ දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ ඉදන් රත්නපුර දක්වා දීර්ඝ කරන එක නෙමෙයිද ?
පැරණි දුම්රිය මාර්ගයේ ඉඩම් තවමත් දෙපාර්තමේන්තුව සතුව පවතින නිසා අළුතෙන් ඉඩම් පවරා ගැනීමක් , වන්දි මුදල් දීමක් අවශ්‍ය වෙන්නේ නෑ...
කරන්න තියෙන්නේ රේල් පීලි ටික එලන එක විතරයි..
රත්නපුරේ ඉදන් මහ මග රස්තියාදු වෙවී කොලඹට එන මිනිස්සුන්ට මේ රේල් පාර ආපහු හැදුවොත් ගමනාගමනය මොන තරම් පහසු වෙයිද ??
ඊට පස්සේ ඒ රේල් පාරට මහින්ද රාජපක්ෂ දුම්රිය මාර්ගය කියලා නම ගහගත්තත් අපිට කමක් නෑ...
මොන ජාතියේ කාබාසිනියා වැඩද මේවා...
මැණික් අපනයන කරලා පහුගිය වසර වල අපේ රටට ආපු ආදායම කොපමණද කියලා කවුරු හරි දන්නවද ??
මේ කුළුන ඇටෙව්වට පස්සේ රත්නපුරේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වල ඉහත කියාපු ගැටළුවලට ලැබෙන විසදුම මොකක්ද ?
ආණ්ඩු පක්ෂයට කඩේ යන අපේ මිත්‍රවරු කුළුනේ වටිනාකම ගැන කවි , නිසදැස් ලිව්වට නෙළුම් කුළුන අටවන වෙලාවෙත් අපි ඔය වගේම සුරංගනා කතා දැක්කනේ...
සන්නිවේදන ක්ෂේත්රය අම්මට හුඩු වෙන පෙරලියකට ඇවිල්ලා රටේ සංචාරක ආකර්ෂණය වර්ල්ඩ් නම්බර් වන් වෙලා අපේ කොලඹ නිකං හොංකොං , ලන්ඩන් , සිංගප්පූරුවේ ලෙවල් එකට එන කතා ඒ කාලේ කිව්වේ...
දැන් මොකද වෙලා තියෙන්නේ...
මහා මුඩුක්කු පෙලක් මැද මලකඩ පෙරාගෙන ගොර ගොර ගාගෙන කෝච්චි යන රේල් පාරක් අයිනේ , දුම් දාගෙන මග කඩන් හැලි හැලී දුවන බස් රථ මාර්ගයක් අසල අර කොන්ක්‍රීට් කණුව ලයිට් පත්තු වෙවී තියෙනවා...
කොලඹ නගරයට හෝ ජාතික ආර්ථිකයට ලැබුණු සත පහක වාසියක් තියෙනවද ?
රට තවත් පරම්පරා ගානකට චීනෙට ණය වුනා විතරයි...
මෙතන තියෙන හොදම කාලකණ්නි වැඩේ තමා මේවා කොම්බු නාලිකාවේ රහ කර කර පෙන්නනකොට අපේ මිනිස්සුත් බත් ගිල ගිල සාලේ ඉදන් මේවා මනසින් රහ විදින එක...
කිරි හොද්දට දාන්න කහ ටිකක් නැතුව කිරි හොද්ද සුදට කන ගමන් ටීවී එකේ පෙන්නන කුළුනු බලාගෙන මනසින් බඩ පුරෝගන්නවා...
ඉස්සර අපි ඔය වගේ බඩපුරවගන්න ජාතියක් ගැන අහලා තිබ්බේ ප්‍රේත කතා වස්තුවේ විතරයි...
දැන් ප්‍රේත කථා වස්තුව අපේ ඇස් පනාපිට පේන්න තියෙනවා...
වැව් තිස් දෙදාහක් හදලා රටට කන්න දෙන්න මහා වෑයමක් ගත්තු පරණ රජවරු අනාගතයේ ඒ වැව් වලින් ගන්න වතුරෙන් කරන කුඹුරු වල හාල් කන එවුන් මෙච්චර ගොං මැට්ටෝ වෙන වගක් දැනගෙන හිටියා නම් රජකම පැත්තක දාලා වනගත වෙනවා...
එහෙම නම් අඩුම තරමේ මහානාම හාමුදුරුවෝ මහාවංශේ ලියාපු පුස්කොල ටික හරි ඉතුරුයි...
අනේ නොදකිං...
රටකට ගිය කලක්..