රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දැන් keels එක ඉස්සරහදි ඒ ඇණ ගහල මැරුවෙ.. ඔලුවට පරාල ඇණ තුනක් ගහල.. :(


    මෙතනින් පැනල පහල තියෙන වෙල මැද්දෙන් දුවනකොට අහුවෙන උන්ට එතනදිම වෙඩි තියනව කියල කියනව..
    කොහොම තියෙන්න අත්ද බන් ඒ කාලෙ??
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113

    මෙතනින් පැනල පහල තියෙන වෙල මැද්දෙන් දුවනකොට අහුවෙන උන්ට එතනදිම වෙඩි තියනව කියල කියනව..
    කොහොම තියෙන්න අත්ද බන් ඒ කාලෙ??

    ඒ කාලේ ඔය විදියට මිනිස්සුන්ට වද දීලා මරපු ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි පාලකයින්ටයි අත් උනෙත් ඒ ඉරණමම තමා

    උදා-

    ජනපති ප්‍රේමදාස මහපාරේ බෝම්බයක් කෑවා
    ඒ කාලේ හිටපු ආරක්ශක ඇමති රන්ජන් විජෙරත්න මහපාරේ බොම්බයක් කෑවා.
    මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෑතකදී බෝම්බයක් කෑවා
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඒ කාලේ ඔය විදියට මිනිස්සුන්ට වද දීලා මරපු ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි පාලකයින්ටයි අත් උනෙත් ඒ ඉරණමම තමා

    උදා-

    ජනපති ප්‍රේමදාස මහපාරේ බෝම්බයක් කෑවා
    ඒ කාලේ හිටපු ආරක්ශක ඇමති රන්ජන් විජෙරත්න මහපාරේ බොම්බයක් කෑවා.
    මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෑතකදී බෝම්බයක් කෑවා

    ඇයි තව ලකී අල්ගමත් බෝම්බෙකට අහු උනා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    88/89 කාලෙ වෙච්ච දේවල් ටිකකුත් කියල තියෙන්නෙ,එහෙම කාලෙකුත් තිබ්බනෙ ඉතින් දැන් ඉන්න එවුන්ට අමතක වෙලා රනිල අගමැති වෙලා හිටං අරුන් මුන් අතුරු දහන් උනා කියල ඊයෙත් පාර්ලිමේන්තුවෙ ජෝක්ස් දානව දැක්කෙ.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මාස 2-3 ට කලින් කැඩුව කියන්නේ සාක්කි නැති කරන්න කඩන්න ඇත්තේ පොනිල් හෝ ප්‍රා-රාජිත සෙට් එකේ වැඩක් වෙන්න පුළුවනි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ඒ කාලේ ඔය විදියට මිනිස්සුන්ට වද දීලා මරපු ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි පාලකයින්ටයි අත් උනෙත් ඒ ඉරණමම තමා

    උදා-

    ජනපති ප්‍රේමදාස මහපාරේ බෝම්බයක් කෑවා
    ඒ කාලේ හිටපු ආරක්ශක ඇමති රන්ජන් විජෙරත්න මහපාරේ බොම්බයක් කෑවා.
    මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෑතකදී බෝම්බයක් කෑවා

    විජය විමලරත්න
    රියෙන්සි පෙරෙරා
    ලකි අල්ගම
    ජානක පෙරෙරා
    මුතාලිෆ්


    ඔය ලිස්ට් එක ගොඩක් දිගයි මෙගොල්ලො එ කලේ කරපු දෙවල් වලට වන්දි ගෙව්වා කර්මය විසින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    රත්නපුරේ හොල්මන් මන්දිරය (ගජබා කෑම්ප්)

    10dgtci.jpg

    මේ කියන්න යන තැන ගැන රත්නපුරේ කෙනෙක් නම් නොදැන ඉන්න විදියක් නෑ
    මොකද රත්නපුරේ රෝහල හන්දිය පහුකරල මොරගහයට පැත්තට යනකොට දකුණු පැත්තේ කන්ද උඩ පරණ බලකොටුවක් වගේ තියෙන ගොඩනැගිල්ල තමයි මේක.

    ඉතිහාසය

    මේ ගොඩනැගිල්ල සුද්දන්ගේ කාලෙ නිර්මාණය කරපු එකක්. පස්සෙ කාලෙදි රත්නපුරේ ප්රභූ පවුලක් වුන පීරිස් පවුලට මේක අයිති වෙලා තියෙනවා. ඒ කාලෙ, රත්නපුර රෝහල හන්දියෙ ඉඳන් මොරගහයට ලේන්තැඩිය පාර දක්වාම ඉඩම් අයිති වෙලා තියෙන්නෙ මේ පවුලට තමයි.

    රිචඩ් පීරිස්ල පළාතෙ බලවතුන් විදියට ඒ කාලෙ රට පාලනය කරපු එජාපයෙත් ඉහලම පවුල් සමග සමීප සම්බන්ධතා තිබිලා තියෙනවා
    රිචඩ් පීරිස් මහත්තයගේ පුතෙක් වුන අශෝක පීරිස් තමයි 1980 ගණන්වල මේ ගෙදර ඉඳල තියෙන්නෙ.
    එයාගෙ සහෝදරයෙක් වුන ලක්ශ්මන් පීරිස් කියන සීවලියෙ උගන්නපු සර් මේ ගෙදර ටියුෂන් එහෙමත් කරල තියෙනව කාලයක්.


    හොල්මන් මන්දිරයක් වුනේ කොහොමද??


    elebsi.jpg



    මේක නිසා තමයි මේ ගොඩනැගිල්ල ගොඩක්ම ප්රසිද්ධ වුනේ..
    දැකපු කෙනෙක් දන්නව ඇති හරිම මූසල, පාලු පෙනුමක් හා හැඟීමක් තමයි මේ ගෙදර දැක්කම ඇතිවෙන්නේ

    එහෙම වෙන්න හේතුව තමයි 1988/89 කාලෙදි මේ ගෙදර වධකාගාරයක් විදියට භාවිතා කිරීම.
    රත්නපුර හා ඒ අවට ජේවීපී එකට සම්බන්ධව වැඩ කරපු උන්ව අහුවුනාම මෙතනට තමයි ගෙනල්ල වද දීල තියෙන්නේ..

    ඇස් වලට පෑන් ගහන්න, පුපට පෑන් ගහන්න, නියපොතු උගුල්ලන්න වගේ නොයෙකුත් වද දුන්න කියල තමයි කියන්නෙ.
    සමහර උන් ඔතනින් පැනල ගිහින් උඩහ තියෙන කැලෑව මැදින් ඉස්පිරිතාල කන්දට පැනල බේරිලත් තියෙනවා.

    ඔතනදි මරපු උන්ව ඔය ගෙදර උඩ තියෙන කන්දෙම වල දැම්ම කියලත් කියනවා..
    මෑතකදි ඔය ගෙදර ඇතුලට ගිය අය කියනව බිත්ති වල ලේ පැල්ලම් තියෙනව කියලත්. හරියටම දන්නෙ නෑ ඒව නම්.

    කොහොම හරි ඔය කාලෙන් පස්සෙ ඕක තවත් මැණික් බිස්නස් එහෙම කර්පු ධර්මෙ අප්පොට අයිති වෙලා තිබුන. ඊට පස්සෙ ලන්කාවෙ මුල්ම මැණික් කෞතුකාගාරෙ දාපු බටුගෙදර බෝධි අමරසින්හ මහත්තයට අයිති උනා..

    එයාට තමයි සී සවුන්ඩ්ස් කියල ඒ කාලෙ ලන්කාවෙ හොඳම සවුන් සෙට් එක තිබුනෙත්.ඒක තිබුනෙත් මේ ගෙදරම තමයි.

    සන්ෆ්ලවර්, ජිප්සීස් එහෙමත් ගත්තෙ සී සවුන්ඩ් සෙට් එක තමයි ඒ කාලෙදි. ගගන පහණ, සිරස කඩමණ්ඩිය එහෙමත් කලේ සී සවුන්ඩ්ස්ල තමයි මුලින්ම.

    කවුරුවත් එක දිගට වැඩි කාලයක් හිටියෙ නෑ ඔය ගෙදර. එක එක සද්ද එනවා, කෑ ගහන සද්ද එනව , අත්භූත දේවල් වෙනව කියල මිනිස්සු කියනවා. ඒත් කවුරුත් හරියටම දන්නෙ නෑ ඒව ඇත්තද කියල.
    කොහොම උනත් ඉඳපු කාටවත් හරියන්නෙ නැති නිසා කාලයක්ම පාලුවට ගිහින් කැලේට යටවෙලා තිබුනෙ.. ඒ නිසාම ඕකට හොල්මන් මන්දිරේ කියල කිවුවා වෙන්නත් පුලුවන්.

    iy3o83.jpg



    මෑතකදි රොක් ගායකයෙක් වෙච්ච ජිනිඳු ඔය ගෙදර මියුසික් වීඩියෝ එකකුත් කලා.

    දැන් උනත් ඔයාලට බලන්න යන්න ආස නම් කරන්න දේයක් නෑ. මේ මාස දෙක තුනකට කලින් බිල්ඩිම කඩල දැම්ම.. මේ දේවල් වල ඇත්ත නැත්ත ඔක්කොමත් ඒ එක්කම යට ගියා වෙන්න පුලුවන්..
    ඉමේජස් ඔක්කොම ගූගල් මැප් එකෙන් ගත්තේ.. :)


    dg1kpl.jpg



    දන්න අය තව මේකට දේවල් එකතු කරන්න. වැරදි දේවල් තියේ නම් ඒකත් පෙන්වලා දෙන්න. නොදන්න අයටත් බලන්න බම්ප් එකකින් සප් එකක් දීගෙන යන්න.ජයවේවා!!
    :yes::yes:

    මම ඔතනට ගිහිල්ල තියෙනවා
    ඔක සුද්දො හහපු එකක් නෙමයි මම හිතන විදිහට ඔක කාගෙ හරි නිලමෙ කෙනෙක්ගෙ වලව්වක්

    පස්සෙ කලෙකදි තමයි ඔකෙ පාර ලග ගල් බම්ම බදලා තියෙන්නෙ
    දන් අයිති කාරයා කවුද ?

    ඩන්න තනක් ගන හොද විස්තරයක්

    rep +