![]()
දෙයි හාන්දුරුවනේ.....
මට යාන්තන් වගේ මතකයි, අපි හීන් එකා සන්දියෙ... ගමේ බල්ලො මැරුන එකදිගටම... ටයර් කෑලි එක්ක මිණීමස් කාල.... අපේ ගමේ එකෙක් අපේ යාලුවෙක් වෙඩි තියල මැරුව ගෙදර කඩුල්ල ලඟ තාත්තගෙ ඇස් ඉදිරිපිටම එතකොට මැරුව කොල්ලගෙ වයස අවුරුදු 14යි. ගෙදර කඩුල්ලෙ උඩම උණබටේ වාඩිවෙලා ඊලඟ එකේ කකුල තියාගෙන පොල්කොළ රූංපෙත්තක් අතේ තියාගෙන හිටපු අහිංසකයෙක්. අම්ම තමයි පවුල නඩත්තු කරන්නෙ තාත්ත අසනීප ගතිය වැඩක් කරගන්න අමාරුයි ළමයත් බලාගෙන ගෙදර හිටියෙ එයා. පව් ජීප් එකෙන් යනගමන් මූටත් වෙඩි තියාගෙන ගිහින්, උන්ගෙ ගෙදරට ඇවිත් උන්ගෙ තාත්තගෙන් කුනුහරුපෙන් බැනල ගෝණියක් ඉන්නගෙන දෙකට නවල ගෝණියට දාගෙන ගියා... පක්ෂ පාට භේදයක් නැතුව මුළු ගමම ඇඬුව එදා.. කාලයක් යනකම්ම ගමේ තෙල් වලඳක් ලිපේතිබ්බෙ කිරිබතක් ඉව්වෙ නෑ සිංහල අවුරුද්දටවත්...

