laptop එක වැඩ කරද්දි ගොඩක් රත් වෙනවද? එහෙමත් නැත්තන් ලැප්ටොප් එකේ වැඩ කරද්දි ට්‍රාන්ස්ෆෝමර් එකක් වගේ ලොකු සද්දයක් එනවද?
එහෙමත් නැත්තන් ලැප්ටොප් එක රත් වීමත් සමගම වැඩ කරන්න බැරි විදිහට slow වෙනවද? එහෙනම් ඔයාගේ ලැප්ටොප් එකේ තියන cooling fan එක අවහිර වේලා. අපිරිසිදු වීමේන් සහ දූවිලි බැඳීමේන් cooling fan එකේ ක්‍රියාකාරිත්වය බාදා ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ ගෙදර ඉඳන්ම cooling fan එක clean කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන.
පියවර 1
ලැප්ටොප් එක ක්‍රියා විරහිත කරන්න. විදුලියට සම්බන්ද කර ඇති නම් එයින්ද ඉවත් කර, ඔබට හැකි නම් පමණක් ලැප්ටොප් බැටරි එක ගලවා ඉවත් කරන්න.
පියවර 2
Cooling Fan එකෙහි එක තිබෙන දැලක් ආකාර කොටස නිර්ණය කරගන්න. බෝහෝමයක් ලැප්ටොප් වල එය ලැප්ටොප් එකේ පැත්තකින් ඇති අතර
එසේ නැති නම් ලැප්ටොප් එකෙහි පිටුපස අපට එය දැකගත හැක.
පියවර 3
ඉන්පසු සුළං විදිනයකින් කඩින් කඩින් කඩ හොඳින් Cooling fan එකට පිටතින් ඇති දැලට සුළං නිකුත් කරන්න. කිසිම විටක දැලෙන් ඇතුළට සුළං විදිනය ඇතුළ කර මෙය කරන්න එපා. දැලට පිටතින් කඩින් කඩ සුළං නිකුත් කරන්න.
පියවර 4
ඉන් පසු ලැප්ටොප් එක ක්‍රියාත්මක කරන්න. Cooling Fan එකට පිටතින් ඇති කවුලු වලින් දූවිලි එලියට එන ආකාරය ඔබට බලාගන්න පුළුවන්.
පියවර 5
ඔබට තව දුරටත් Cooling Fan එක පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් පෙර ආකාරයටම ලැප්ටොප් එක ක්‍රියාවිරහිත කර ඉහත පියවර එකින් එක නැවත කරන්න.
ඉතින් මේ ආකාරයට ඔබට නිවසේදීම ඔබේ ලැප්ටොප් එකෙහි Cooling Fan එක පිරිසිදු කරගන්න පුළුවන්.
ඒ වගේම මම ඔයාලට තවත් පොඩි Tip එකක් දෙන්නම්. ඒ කිසිම දිනක laptop එක කොට්ට , මෙට්ට මත තියාගෙන වැඩ කරන්න එපා. එහෙම කරොත් cooling fan එක අවහිර වෙලා laptop එක රත් වෙන්න පටන් ගන්න පුළුවන්.
Source : WEBTec Sri Lanka
_ B U M P _