රතුගල ආදිවාසීන්ට වුනදේ?
රතුගල ආදිවාසී පවුල් 150කට ඡන්දය අහිමිවූ බව සුවන්නිලා ඇත්තෝ කියයි
බිබිල රතුගල හා ඒ ආශී‍්‍රත ගම්මාන 5කට අයත් ආදිවාසී පවුල් 150කට හැඳුනුම්ලත් නොමැති වීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට නොහැකිවූ බව රතුගල ආදිවාසී නායක සුවන්නිලා ඇත්තන් කියයි.
මෙසේ ඡන්දය අහිමූවූ පිරිස මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අය බව ද ඔහු සඳහන් කළේය.
රතුගල මුල්ලේගම, නෙල්ලියද්ද, ගලූගමුව හා රත්මල්ගහඇල්ල ප‍්‍රදේශයේ ආදිවාසී පවුල්වලට මෙම ත්ත්වයට මුහුණදීමට සිදුව ඇතැයි ද ඔහු කීය.
වසර 2009 මැතිවරණයේදී රතුලග ආදීවාසීන්ට මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඡන්ද භාවිතා කිරීමට තාවකාලික හැඳුනුම්පතක් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේවුද මෙවර මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එවැනි පිළියමක් නොයෙදූ බවට සුවන්නිලා ඇත්තෝ චෝදනා කරන අතර මේ සඳහා මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් එම්.පී.ඒ. තිලකරත්න මහතා කියාසිටින්නේ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කළ යුතුවන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් බවයි.