සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්.....

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    මේක නම් ශුවර් නෑ මච්න්
    I have my doubts too. Was it ECT by HSBC at their HQ? And they advertised this feature as their network was global !
    Sampath SET was local and could only withdraw from their branch network initially but later they joined with Cirrus and Mastro to introduce a Debit Card with global reach! in 90s
    one other issue was CBSL gov of past had an axe to grind with NUJ as a clerk in CBSL he had some bad time,when he was the Gov and he made things difficult for SB in early 90s . He also introduced a Tax for ATM withdrawals and rule not to grant interest if there were more than 4 for a month.
    SB became the only and first bank to introduce daily interest as opposed to quarterly interest based on the lowest balance for the quarter which all the banks did at that time! (strange but true)
     
    • Love
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අපට තිබුණු විශාල ම කාර්යය වූයේ මුදල් සොයා ගැනීම. "මගේ අත්සන යොදා ලියුම් හැත්තෑ දහසක් රට පුරා යැව්වාය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?" ඔහු ඇසීය.
    "මුදල් එකතු කිරීමේ කාර්යය සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් නියෝජිතයින් පත් කළා.. අපට එකතු වූ ලංකා බැංකුවේ මහජන සම්බන්ධතා කළමනාකරුව සිටි ප්‍රේමසර ඈපාසිංහ සමග මම රට පුරා ගොස් ඔවුන් උනන්දු කරවමින් කටයුතු කළා.." යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.

    බැංකුව ආරම්භ කර, තුන් මාසයක් ඇතුලත ජනතාවට හඳුන්වා දුන් කොටස් නිකුතු දෙකකදී කොටස් මිල දී ගත් සෑම තරාතිරමකම 17,000 කට ආසන්න පිරිසක් බැංකුවේ හවුල්කරුවන් වූ අතර, ඔවුන් අතුරින් වැඩි දෙනෙක් අදටත් කොටස්කරුවන්ය. බොහෝ දෙනෙකුට ඇත්තේ කොටස් පන්සියයකට අඩු ප්‍රමාණයකි

    සම්පත් බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූ N U ජයවර්ධන මහතාගේ සංකල්පය අනුව, බැංකුව ආරම්භ වූයේ සම්පූර්ණයෙන්ම ජාලගත කරන ලද පරිඝණක සහ වායුසමනය කළ ශාඛා සහිතවය. මුදල් ලබා ගැනීමට කිසිදු Token පතක් අවශ්‍ය නොවුනි. ඉක්මන් සුහදාශීලී සේවාවක් සහිතව බැංකුව හවස 3.00 දක්වා විවෘත කර තැබිණි. එමෙන්ම 1988 ජුනි මාසයේ සිට දකුණු ආසියාවේම ප්‍රථම වරට රහස් අංකයක් සළකුණු කොට මුදල් ගතහැකි "Automated Sampath Teller Machine " හෙවත් SET යන්ත්‍ර මෙරටට පළමුවෙන්ම හදුන්වාදෙනු ලැබීය. එකල අනෙකුත් බැංකු සිටි තත්ත්වය සැලකූවිට සම්පත් බැංකුවේ ආගමනය මෙරට බැංකු ක්ෂෙත්‍රය උඩු යටිකුරු කිරීමට සමත් විය.

    මොන තරම් නවීන තාක්ෂණය භාවිතා කරන්නේද යන්න පහතින් බලා ගග හැකිය.
    ▪️

    1988 දකුණු ආසියාවේම ප්‍රථම වරට ලංකාවට ATM යන්ත්‍ර හදුන්වාදීම.
    ▪️

    1989 ශ්‍රී ලංකාවේ පළමු වරට ශාඛා අතර Uni Banking System එක හදුන්වා දීම.
    Mastercard ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    ▪️

    1996 සම්පූර්ණයෙන්ම පරිඝණක පද්ධතියක් මගින් පාලනය වන Telebanking මෙරටට හදුන්වාදීම.
    ▪️

    1999 බැංකු අතර සිදුවන ATM ගනුදෙනු වලදී ලංකාවෙන් පිටරටට ඇදී ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නව ජාතික ATM Switch එකක් හදුන්වාදීම.
    ▪️

    2000 වසරේදී නව සහස්‍රයකට මං විවර කරමින් online banking සේවාව හදුන්වා දීම.
    ▪️

    2003 වසරේදී එක් දිනකින් චෙක්පත් නිෂ්කාශනය (one day cheque clearing )කිරීම පළමු වරට ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    ▪️

    2004 ශ්‍රී ලංකාවේ පළමු CIT (Cheque Image & Truncation) site එක ආරම්භ කිරීම. මෙමගින් චෙක්පත් නිෂ්කාශනය තවත් වේගවත් සහ පහසු විය.
    ▪️

    2013 විදේශ මුදල් මාරු කළහැකි ATM යන්ත්‍ර සහ කාඩ්පතක් නොමැතිව ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම (CARSLESS CASH) මෙරටට පළමුවෙන්ම හදුන්වාදීම.
    ▪️

    2016 MISSEDCALL BANKING හෙවත් Miss Call එකකින් balance එක බලාගැනීමේ සේවාව ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක කිරීම.
    ගිණුම් ශේෂය - 0112 303080
    Credit Card ශේෂය - 0112 303090
    ▪️

    2017 කෘතීම බුද්ධිය (AI) මගින් බලගැන්වෙන ශ්‍රී ලංකාවේ පළමු බැංකු රොබෝ යන්ත්‍රය ස්ථාපනය කිරීම.
    ▪️

    2018 පරිසර හිතකාමී පියවරක් ලෙස කඩදාසි භාවිතය අවම කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට වව්චර රහිත බැංකු ගනුදෙනු (SLIP LESS BANKING ) හදුන්වාදීම.



    වර්තමානය

    මේ ආකාරයෙන් එදා සිටම සම්පත් බැංකුව නවීන තාක්ෂණය යොදා ගැනීම දැනට දකුණු ආසියාවේ අනෙක් රටවල් සැලකීමේදී ශ්‍රි ලංකාවට ඉදිරියෙන් සිටීමට විශාල රුකුලක් වී ඇත. එමෙන්ම, අදාටද බැංකු ක්ෂේත්‍රයේ දියුණුම තාක්ෂණය සහ ආරක්ෂිතම පරිඝණක පද්ධතිය සම්පත් බැංකුව සතුවේ. බැංකු ක්ෂෙත්‍රයේ අය පවා සම්පත් බැංකුව " IT බැංකුව "ලෙස හදුන්වනේ මේ නිසාය.
    බැංකු කටයුතු පමණක් නොව සාමාජීය වගකීම්ද එකලෙස ක්‍රියාත්මක කරමින් නටබුන් වී ඇති වැව් ප්‍රතිසංස්කරණය ඇතුළුව ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් සහ සමස්ත සමාජය වෙනුවෙන්ම මහත්වූ වැඩ කොටසක් මෙන්ම, ශ්‍රී සම්බුද්ධ සාසනයේ චිරස්ථිතික උදෙසාද වාර්ශිකව මිලියන ගණනක් මෙම ශ්‍රී ලාංකික බැංකුව වෙන් කරයි. ඔවුන් එම සාමාජීය වගකීම් වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදු කිරීම කරනුයේ බෞද්ධ ආභාසය නිසාම විය යුතුය .
    වර්තමානයේ සම්පත් බැංකුව කිසිදු ජාතියකට ආගමකට අගතියක් නොවන පරිදි ශ්‍රී ලංකාවේ සෑම තැනකම විහිදුනු ශාඛා ජාලයකින් යුක්තව සියලු ශ්‍රී ලාංකිකයන්‍ට එක ලෙස සේවය කරනු ලබයි. 4000 කට ආසන්න සේවක මණ්ඩලයේ සියළුම ජාති ආගම් වලට අයත් සේවකයන් නොබෙදි එකම පවුලක් සේ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් කටයුතු කරයි.

    කිසිදු පුද්ගලයෙකුට නොව, සම්පත් බැංකුවේ කොටස්වල ආයෝජනය කර ඇති සියලුම ජාති ආගම් වලට අයත් ශ්‍රී ලාංකික ජනතාවගේ දේශීය බැංකුවක් වන සම්පත් බැංකුවට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය එළිය කිරීමට හැකියාව ලැබේවායි අවසානවශයෙන් ප්‍රාර්ථනා කරමු .



    අන්තර්ජාලය ඇසුරිනි
    ලගදිම ඕක රෙනෝ සිල්වා ‍යටතට යයි වගේ
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මෙන්න හාමුදුරුවරු ගිහි ජීවිතය සාර්ථක කරගෙන පැවැදි දිවියට ඇතුළත් වෙලා එකත් සාර්ථක කර ගත්තා 🙏

    මේ තියන්නේ මචං අපේ තාත්තා ගේ 1991 දී ගණිපු sampath කාඩ් එක. Visa, master මුකුත් නෑ. කෙලින්ම සම්පත් එකෙන් issue කරපු එකක්.
    SET

    View attachment 209765View attachment 209766
    ලංකාවට මුලින්ම ATM ගෙනාවෙත් Sampath Bank එක වෙන්න ඕනේ හරියටම මතක නැහැ
    ------ Post added on Jul 11, 2023 at 11:44 AM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඇල්බට් එදිරිසිංහට EAP එකට සම්බන්ධයක් තියෙනවා ද ?
    ඇල්බට් එදිරිසිංහ කියලා මට මතකයි ඉස්සර පත්තරේ මුල් පිටුවේ උඩම කෙලවරේ Ad ගියා https://albertedirisinghe.lk මේ එයාගේ එකක් ද වෙන කෙනක් ද එක නමම තියෙන
     
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇල්බට් එදිරිසිංහට EAP එකට සම්බන්ධයක් තියෙනවා ද ?
    ඇල්බට් එදිරිසිංහ කියලා මට මතකයි ඉස්සර පත්තරේ මුල් පිටුවේ උඩම කෙලවරේ Ad ගියා https://albertedirisinghe.lk මේ එයාගේ එකක් ද වෙන කෙනක් ද එක නමම තියෙන
    සම්බන්ද කමක් නැ මම දන්න විදියට.
     
    • Like
    • Love
    Reactions: Nadun26 and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,973
    113
    දැන් නම් බුරි තන් බල බලා ඉවසීම හොඳටම පුහුණුවෙන්න පුලුවන් තැනක්.

    I spent whole day for a TT