රතුපස්වල චන්ද ප්‍රතිපලය👀

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0

saitm epa kiyana unta hamudawa dammala wedi thiyalada?
tho wage mee harakek moda moosalayek:lol::lol:

Podu mahajanayata one Hodin hari Narakin hari prashna wisadanna puluwan nayakayek. Oya SAITAM magula MR ge kale hadala UGC approved wela lamainta degree 1 dunna. Ekek katak eriyada? Ranil la MY3 la awama thamai hema ekama SADARANAYA illanna enne.

Me rata hadanna nan Gota,MR,SF,Premadasa wage minihek enna ona.
 
DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    :cool:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    yes, Palakain unama, strong decision ganna hakiyava thibiya yuthuya. Lankava palanaya karanne, STRIKE KARANA AYADHA ? PARLIAMENT EKE AYADHA? PASUGIYA TIME EKEDI , LANKAVA
    PALANAYA KALEY, STRIKE KARANA AYA VAGE VATAHUNE.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Podu mahajanayata one Hodin hari Narakin hari prashna wisadanna puluwan nayakayek. Oya SAITAM magula MR ge kale hadala UGC approved wela lamainta degree 1 dunna. Ekek katak eriyada? Ranil la MY3 la awama thamai hema ekama SADARANAYA illanna enne.

    Me rata hadanna nan Gota,MR,SF,Premadasa wage minihek enna ona.

    ප්‍රේමදාසට පුලුවන්නම් අපාහු පාරක් ජීවත් වෙන්න. අනිවා සිරිකොතට ගිහින් රනිල්ට මැරිල වැටෙන්නම් ගහල එනව UNP එකයි, රටයි දෙකම කෑව කියල.. :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    r9W1MT2PE8hSYc7_cM6UGL51plMVNWLxPCv4IJJ9bmM.png

    sri-lanka-gdp-growth-annual@2x.png

    2015 දුන්නෙ කොහොමද ඒත් දැන් කොහොමද

    Wikipedia

    In 2016 the government succeeded in lifting an EU ban on Sri Lankan fish products which resulted in fish exports to EU rising by 200% and in 2017 improving human rights conditions resulted in the European Commission proposing to restore GSP plus facility to Sri Lanka.[18][19][32][33] Sri Lanka's tax revenues per GDP also increased from 10% in 2014 which was the lowest in nearly two decades to 12.3% in 2015[34] Despite reforms, Sri Lanka was listed among countries with the highest risk for investors by Bloomberg.[35]
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    sri-lanka-gdp-growth-annual@2x.png

    2015 දුන්නෙ කොහොමද ඒත් දැන් කොහොමද

    Wikipedia

    In 2016 the government succeeded in lifting an EU ban on Sri Lankan fish products which resulted in fish exports to EU rising by 200% and in 2017 improving human rights conditions resulted in the European Commission proposing to restore GSP plus facility to Sri Lanka.[18][19][32][33] Sri Lanka's tax revenues per GDP also increased from 10% in 2014 which was the lowest in nearly two decades to 12.3% in 2015[34] Despite reforms, Sri Lanka was listed among countries with the highest risk for investors by Bloomberg.[35]

    වෙනසක් නෙ ඉල්ලුවෙ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රතුපස්වල ඇත්ත සහ බොරුව

    රතුපස්වල ගැන විවිධ පිරිස් විවිධ අදහස් දක්වති. රතුපස්වල සිදුවූ සිදුවීම් සියල්ලද ඇතැම්මු හිතාමතා විකෘති කරති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රතුපස්වලින් ජයග්‍රහණය කිරීම ගැන උදම් අනන්නෝ විශ්ලේෂණය කරනුයේ රතුපස්වල බොරුව නිවැරදි කිරීමට ජනතාව පියවර ගෙන ඇති බවයි. මේ තර්ක විතර්ක සියල්ල ඔවුන්ගේ හිතලු මිස සත්‍ය නොවේ.

    රතුපස්වල ගැටළුවේ ආරම්භය පටන් ගන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. ඒ 1994 වසරේ දී ප්‍රශ්න ගත කම්හල නැදුන්ගමුවේ ඉදිකළ දින සිටය. කම්හලට එරෙහිව ප්‍රදේශවාසීහු වසර ගණනක් තිස්සේ සටහන් කළහ. 1997 තරම් ඈත කාලයේ කම්හලට එරෙහිව නඩුවක් පවා ගොනු කර ඇත. රතුපස්වල ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්නෝ මේ බව එක්කෝ නොදනිති. නැතිනම් හිතාමතා අමතරක කරති.

    මේ ප්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් බව මීට පෙර ඕනෑ තරම් සඳහන් වී තිබිණි. වසර 18ක 19ක කාලයක් තිස්සේ රතුපස්වල සටන පැවැති අතර 2002-2004 යූඇන්පී ආණ්ඩුකාලයේ ද රතුපස්වලට සහනයක් ලැබුණේ නැත. රාජපක්ෂ ආණ්ඩු කාලයේ මීට විසඳුම් නොලැබීමට ප්‍රධානම හේතුව කම්හලේ එවකට හිමිකරු රාජපක්ෂ ආණ්ඩුවේ සමීපතමයකු වීමය. කම්හලේ හිමිකරු වරෙක කම්හල ගැන තීන්දු තීරණ ගන්නා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කැරුණු අතර අවසන් කාළයේ ඔහු අමාත්‍යංශ ලේකම්වරයෙක් විය.

    කම්හලේ සිදුවූ බව කියන වැඩ වර්ජනයක් ගැන සහ එය කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බව කියන උදවිය නොදන්නා දෙයක් ඇත. කම්හලේ වැඩිපුරම සේවය කළේ පිටස්තරයන් බවයි. කම්හලේ සිටි ගමේ පිරිස අතේ ඇඟිලි ගණනටත් අඩුය. ගම්මාන 20ක පමණ ජනතාව පාරට බැස්සවීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නම් ඒ වන විට ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභාවල බලය ජනතා විමුක්ති පෙරමුණ සතු විය යුතුව තිබිණි. ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභාවල ජවිපෙට කළ හැකි දෙයක් තිබුණේ නැත.

    රතුපස්වල සහ නැදුන්ගමුවේ අති බහුතරයක් පැරණි ශ්‍රීලංකා කාරයෝය. වැලිවේරිය පැත්තට වන්නට වැඩිපුර සිටියේ යූඇන්පී කාරයෝය. රතුපස්වල පමණක් නොව මෙවර මුළු රටේම වාගේ ජයග්‍රහණය කළේ පොහොට්ටුවයි. මෙවර පොහොට්ටුව ජයග්‍රහණය කළ පමණින් රතුපස්වල මිනීමරුම් සාධාරණීකරණය කරන්නේ කෙසේද? රතුපස්වල පමණක් නොව මුස්ලිම් බහුතරයක් සිටි පැති රැසක් පොහොට්ටුව ජයග්‍රහණය කළේද? එසේ ජයග්‍රහණය කළ පමණින් පසුගිය ආණ්ඩුකාලයේ මුස්ලිම් ජනතාවට කළ හිරිහැර අමතක කළ හැකිද? එසේ නම් ඒ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට ඡන්දය දී ඇත්තේ ‘අනේ අපිට ආයේ ගහපියව්‘ කියා විය යුතුය. මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිපළය තමන්ට අවශ්‍ය පරිදි විග්‍රහ කිරීමට ඕනෑම කෙනකුට හැකියව ඇතත් ඇත්තටම ඡන්දය ලබා දී ඇත්තේ පොහොට්ටුවට තිබෙන ආදරයකට නොව වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට දක්වන විරෝධයක් ලෙසය.

    පණ්ඩිතාචාරීන් කියනා පරිදි රතුපස්වල ගම්මාන 20ක පමණ ජනතාව පාරට බැස්සුවේ ජවිපෙ නම් මෙවර රතුපස්වල ජයග්‍රහණය කළ යුත්තේ පොහොට්ටුව නොව ජවිපෙය. එසේ වූයේ නැත. රතුපස්වල ජවිපෙට ඇති හයියක් නැත.

    2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ගම්පහෙන් පරාජය වීමට රතුපස්වල ප්‍රධානම හේතුවක් විය. එමෙන්ම 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් මහින්ද ප්‍රමුඛ සන්ධානය ගම්පහ පරාජය වීමට ද එය ප්‍රධාන හේතුවක් විය. ඒ ප්‍රතිඵල අමතක කර දමා මෙවර පළාත් පාළන ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්න ගැන කළ යුත්තේ අනුකම්පා කිරීම පමණි.

    රතුපස්වල ජල ගැටළුව වෙනුවන් පාරට බට ජනතාවට බැලුම්මහරදී යුද හමුදාව ලවා පහරදී වැලිවේරියේදී යුද හමුදාව ලවා වෙඩි තැබීය. ඉන් පාසල් සිසුහු දෙදෙනක් හා ඇඟළුම් සේවකයෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. ඒ අතර මාධ්‍යවේදීහු මෙන්ම සිසුහුද සැලකිය යුතු ගණනක් සිටියහ. රතුපස්වල ලෙයින් නහවද්දී බුදියාගෙන සිටි ඇතැම්මු දැන් නින්දෙන් අවදිවී සිටිති. පල්ලිය ලෙයින් සෝදද්දී නිදියාගෙන සිටි පිරිස දැන් අවදි වී සිටිති.

    රතුපස්වල විකුණාගෙන කමින් බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මේ ආණ්ඩුව රතුපස්වලට සාධාරණයක් කළේ නැත. ජනාධිපති පත්වී වසරක් ගියත් කිසිවක් නොකළ තැන රතුපස්වල පිරිස් යළි සටනට එක්වූහ. මෛත්‍රීගේ පොරොන්දු යළි යළිත් මතක් කර දුන්නද ඔහු නෑසූ කන්ව සිටියේය. රතුපස්වල ප්‍රශ්නය දැක්කේ පත්තරෙන් බව කීවේය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සියතට ගෙන රතුපස්වල නැදුන්ගමුව ආදී ප්‍රදේශවල ශ්‍රීලංකා කාරයන්ටම කොකා පෙන්වීම පිළිබඳව ඔවුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන සිටියේ අමනාපයෙනි.

    රතුපස්වල වෙඩිකෑ පිරිසට වන්දි ලබා ගැනීමට වූ මහන්සිය ගැන රතුපස්වල සුරේෂ්ලා වෙඩිකෑ ජූඩ්ලා හොඳින් දනී. රතුපස්වල වන්දි දුන්නේ ජනපතිගේ හෝ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ උවමනාවට නොවේ. ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, ජෝසප් ස්ටාලින්, රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස පෙරටුකරගෙන රතුපස්වල ගම්වාසීන් ගෙන ගිය අඛණ්ඩ සටනේ ප්‍රතිඵලයක් ලෙස රතුපස්වල වෙඩි කෑ පිරිසට වන්දි ලැබිණි. සජීව විජේවීර එහි මැදිහත්කරුවකු වූ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගම ශිරාල් ලක්තිලක හරහා මෙය ඉටු කර ගැනීමට වලි කෑවේ සජීව හරහාය. එම කටයුත්තේදී සජීව සහ ශිරාල් ලක්තිලක විශාල උත්සාහක් ගත්තේය. දේශපාලන අරමුණ කෙසේ වෙතත් ශිරාල්ගේ එම දායක වීම අමතක කළ නොහැකිය. ශිරාල්ට මේ ගැන වරින් වර වද දුන්නේ සජීවය.

    රතුපස්වලට ජලය ලබා දීමට මේ ආණ්ඩුව කටයුතු කළේ නැත. ජලය ලබා ගැනීමට ගම්වාසීන් වෙනුවන් සුරේෂ් ඇතුළු පිරිසට දැඩි උත්සාහයක් ගැනීමට සිදු විය. සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වතුර ලැබිණි. එම කටයුත්ත පැවරුවේද ආණ්ඩුව දේශපාලකයන්ටය. එයද ඇනුනේ දේශපාලකයන් නිසාය.

    ගම්වාසීන්ට බොරු නඩු පටැලවූ පොලිසියට මේ ආණ්ඩුව කිසිවක් කළේ නැත. රතුපස්වලට වෙඩි තැබීමේ නඩුවට අවශ්‍ය සහයෝගය ද රජයෙන් ලැබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේන යුද හමුදාව භාර ඇමැතිවරයා ලෙස එම කටයුතු කර ඇරීය.

    මහින්දලා වෙඩි තැබූ බව හැබෑය. නමුත් අවසානයේ ජනමතයට හිස නැමීමට මහින්දට සිදු විය. ගම්වාසීන්ගේ සටන හමුවේ රතුපස්වල කම්හල ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් දීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සිදු විය. නමුත් කම්හලෙන් දැමූ අපද්‍ර්‍ය ඉවත් කර ගැනීමටවත් මේ ආණ්ඩුවට නොහැකි විය.

    රතුපස්වල සටන දියාරු කිරීමට කිසිවෙකුට නොහැකි විය. රතුපස්වල සටන යන අවස්ථාවේ (වෙඩි තැබීමට පෙර) කිසිම එජාප මන්ත්‍රීවරයෙක් සහෝගය දැක්වූයේ නැත. එජාපයේ කියා සහාය දැක්වූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි. ජවිපෙන් ද කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. එදා සිට රතුපස්වලට සහාය දෙන බවට පෙනී සිටියේ පවා ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ සහෝදරයා වූ රුවන් රණතුංග පමණි. ඔවුන්ට අවසානයේ මැදිහත්වීමට නොහැකි වූයේ ආණ්ඩුවේ බලපෑම නිසාය. වෙඩි තැබීමෙන් පසු පවා ප්‍රසන්න පැමිණ රතුපස්වලට සාධාරණයක් ඉටු කරන බව කීවේය. එය වචනයට සීමා වුවත් අනිත් දේශපාලුවන්ගේ නිශ්ක්‍රීය තත්ත්වය තුළ ජනතාවට එය ලොකු දෙයක් විය.

    තත්ත්වය මෙසේ තිබිය දී රතුපස්වල පොහොට්ටුවට යෑම උදම් ඇනීමට තරම් දෙයක් නොවේ. මොන ආචාරියන් මොන විද්වතුන් කුමන නිර්වචන දුන්නද රතුපස්වල යනු ජනතාවගේ සටනකි. රතුපස්වල ප්‍රශ්නයට චන්ද්‍රිකා, රනිල් සහ මහින්ද වගකිව යුතුය. රතුපස්වල වෙඩි තැබීමට මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව වග කිව යුතුය. රතුපස්වලට වෙඩි තැබීමෙන් පසු සාධාරණයක් ඉටු නොකිරීමට රනිල් සහ මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව වග කිව යුතුය.

    යළිත් කියන්නට ඇත්තේ රතුපස්වල පොහොට්ටුව ජයග්‍රහණය කිරීම මහා ලොකු දෙයක් නොවන වග පමණි. රතුපස්වල පොහොට්ටුව ජයග්‍රහණය කළ පමණින් එක එක ආචාරීන්ගේ හෝ කාගේ හෝ බොරු සමාජ ගත කිරීමට කෙතරම් උත්සාහ කළත් පළක් නොවනු ඇත. ඔවුන්ට කියන්නට ඇත්තේ බොරදියේ මාළු නොබාන ලෙස පමණි.

    Written by - Tharindu Iranga
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවට නම් කියන්ඩ තියෙනෙ unp බැල්ලියන්ගෙ ස්වය වින්දනය කියල තමයි බලු වෙන්ඩ පැරදුනාම මහ ලොකු දෙයක් නෙමේලු...ලොල් ...:lol::lol::lol::lol::lol::lol::lol::lol: