රතුපස්වල නඩුව කල්යයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ දී කළ උද්ඝෝෂණයට පැමිණි පිරිසකට පහර දී වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාවේ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් 4දෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති නඩුව අප්‍රේල් 23 වෙනිදාට කල්තැබීමට අද (29) නියම කෙරුණා.

    ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා ඇති හෙයින් එම නඩුව කල් තබා තිබෙනවා.

    මේනකා විජේසුන්දර, නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී අද (29) නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

    වර්ෂ 2013 දී වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කළ වෙඩි තැබීමේදී රවිසාන් පෙරේරා සහ අකිල දිනේෂ් යන දෙදෙනා මිය ගොස් තිබු අතර පහර කෑමට ලක්ව නිලන්ත කුමාර යන අය මිය ගොස් තිබුණා.

    z_p04-The01.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    කල් දාන්නේ නැතුව නිදොස් කොට නිදහස් කරලා . වෙඩි කාපු උන් කැරලිකාර ත්‍රස්තවාදී ලේබල් ගහලා අසාදු කරලා දාන්න ඕනේ.