රතුපස්වල ප්‍රශ්නයක් නෑ.
“ඒ පස රතු වුයේ ලේ වලිනි” රතුපස්වල ඛේදවාචකයට පසුදා “දිවයින” කතු වැකියේ මාතෘකාව වුයේ එයයි. ඒ ලේ වැගිරුවේ කවුද? මෙම රචනයේ මාතෘකාව වන්නේ එයයි.
ප්‍රශ්නයට පහසු පිළිතුරක් දැනටමත් සමාජගත කර තිබේ.
හමුදාව……
හමුදාව යොදවා අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ එක කොහොමටවත් අනුමත කරන්නේ නෑ.
ප්රශ්නය මෙච්චර දුරදිග යන කං බලධාරීන් නිලධාරීන් මොකද කළේ……. ආදියේ සිට මාවිල් ආරුවේ ජලය හා රතු පස්වල ජලය යන්නට ගලපමින් ” හමුදාව කෲර ලෙස රතුපස්වලදී හැසිරුණා” යන්න සමාජගත කිරීමේ වෑයමක් මේ වන විට දියත්ව තිබේ. රතුපස්වල ප්‍රදේශයේ මිනිසුන් වතුර ඉල්ලා කරන යුද්ධයත්, හමුදාව හා පොලිසිය මිනිසුන් සමග අරගල කරන ආකාරයත්, අවසානයේ හමුදාව අතින් මිනිස් ජීවිත කිහිපයක් නැති වන ආකාරයත් පමණක් දුටු කෙනෙකුට රතුපස්වල ගැන ඉහත කතා සාරාංශය පහසුවෙන් කිව හැකිය. ඒ වැනි සාධනයකට පැමිණීමට විශේෂඥ ඤාණයක් තිබෙන්නට අවශ්‍ය නැති අතර මන්ද මානසික හෝ උමතු මානසික තත්ත්වයක් වුවත් ඒ වැඩේට වැඩිය.
ඌරපල ප්‍රදේශයේ දරුවකු වන ගිම්හාන් සන්දීප්ගේ වයස අවුරුදු නවයකි. ඔහුට නිරන්තර උණ ගැනීම් තත්ත්වයක් ඇතිවෙයි. අවසානයේ දී රෝගය හඳුනා ගැනෙනුයේ වකුගඩුවලට විෂබීජයක් ගොස් ඇති ලෙසය. බොන ළිඳේ වතුරෙන් මෙම විෂබීජය ගොස් ඇතැයි විශ්වාසයක් මතුවෙයි. එය කේවල කතාවකි. එතැනින් එහාට එවැනි නිදර්ශන රෝගීන් රතුපස්වලින් හෝ අවට ගම්වලින් තවම හමු වී නැත.
ජලයේ විෂ ඇති බවට එම කතාව සමාජගත වන්නේ 2013 වසරේ ජුනි දිනදීය. වෙනිග්‍රොස් අත්වැසුම් කම්හලට යාබදව තිබෙන රෝහණ වික්‍රමාරච්චි මහතාගේ නිවසේ ලිඳේ වතුර බීමට නොහැකි තත්ත්වයක තිබේ. ළිදේ වතුර මෙසේ වීමට හේතුව අසල කර්මාන්ත ශාලාවෙන් මුදා හැරෙන ඇසිඩ් බවට වන මතයක් ඒ සමග කටකතාවක් ලෙස ප්‍රකාශ වෙයි. වික්‍රමාරච්චි මහතා ජල සම්පාදන මණ්ඩලයට සිය ළිඳේ ජල සාම්පලයක් රැගෙන යන අතර, ජලයේ පී. එච්. අගය අඩු බවට වන සහතිකයක් මණ්ඩලය විසින් නිකුත් කරයි. ඒ සමගම ආම්ලිකතාවය නිසා මෙම ජලය බීමට නුසුදුසු බවට ජල සම්පාදන මණ්ඩලය විසින් අදාළ වාර්තා සටහන් කර දෙයි. කලබගෑනියේ පැනනැගීම සඳහා පුළිඟු දැල්වෙන්නේ එතැනිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පානීය ජලය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව, පානීය ජලය සඳහා පී. එච්. අගයේ කිසිදු බලපෑමක් නැත. නමුත් අඩු පී. එච්. අගයක් ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක් හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක් ජලයේ පී. එච්. අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක් තිබේ.
(දැනට නැඟෙන රැල්ල අනුව, මෙම වාර්තාව හේලීස් ආයතනය හෝ වෙනිග්‍රොස් ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබාදී ලියවා ගත්තත් බවට යම් සමාජ ක්‍රියාකාරියකු මිය ගිය ජනතාව හෝ රතුපස්වල වතුර ගැන කැක්කුමෙන් හෝ කිව හැකිය.)
ජල සම්පාදන මණ්ඩලය වැඩේ වරද්දා ගන්නේ මෙතැනදීය. ජල සම්පාදන මණ්ඩලය යනු ජල මූලාශ්‍ර පිළිබඳ පර්යේෂණ ඒකකයක් නොවේ. එහි රාජකාරිය ජලය බෙදාහැරීම, පිරිපහදු කිරීමය. එම රාජකාරිය අනුව, ජලය බෙදීමේදී පවත්වා ගත යුතු පී. එච්. අගය ජලයේ පී. එච්. අගය සමග සසඳන විට මණ්ඩලය ඉක්මන් වන්නේ බෙදා හරින ජලයේ පී. එච්. අගය පානීය ජලයේ පී. එච්. අගය ලෙස මණ්ඩලය වරද්දා ගැනීම නිසාය. උගුරු දණ්ඩේ සිට ජලය ගමන් කරන නහර යකඩින් සෑදී ඇත්නම් මණ්ඩලයේ මේ නිගමනය සාධාරණය)
මණ්ඩලයේ වාර්තා කොලය දකින රතුපස්වල මිනිසුන් කියන්නේ තමන්ගේ ළිඳෙන් එන්නේ වතුර නොව ඇසිඩ් කියාය. මේ කතාව බෙලි ගෙඩිය වැටීම, ලෝකය පෙරළි මට සමාන තත්ත්වයක් මතු කළා සේa රතුපස්වල දෙවනක් කළේය. හයක් හතරක් නොදත් රතුපස්වල සමහරුන් පී. එච්. අගය පී. එච්. අයි ලෙසද පටලවා ගත්තේය. ජලයේ ආම්ලිකතාව හා අම්ල යනු දෙකක් ලෙස නොවැටහෙන්නාටත්, පී. එච්. අගය හා පී. එච්. අයි එකක් ලෙස තේරුම් ගන්නන් ලවා විශාල කාර්යයක් කර ගත හැකිය. ඒ බව තේරුම් ගත් පිරිසක් ද විය.
කොහොමටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්ත්‍රික්කය ලැටරයිට් පසෙන් සෑදී තිබීම නිසා බවය.
මෙය අලුත් කතාවක් නොවේ. මෙම ප්‍රදේශයේ අන්නාසි සරුවට වැඩෙන්නේ .. ජලයේ ඇති මෙම ආම්ලිකතාව නිසාය. ඒ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අන්නාසි වගාවට යෝග්‍ය තත්ත්වයෙන් හා ප්‍රදේශයේa aපස පිළිබඳ වාර්තාවක සඳහන් කර තිබේ. ලැටරයිට් පස රතු පැහැයෙන් යුක්තය. රතුපස්වල ගමේ නමට පවා මුල් වන්නේ මේ තත්ත්වය බව එයින් පෙනේ.
එයින් පැවසෙන්නේ, කාලාන්තරයක සිටම රතුපස්වල පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේම ජලයේ පී. එච්. අගය අඩු බවය. නමුත් මෙය ලෙඩක් බවට පත් වන්නේ 2013 ජුනි මාසයේ අග සිටය. ව්‍යසනයක් බවට පත්වන්නේ ජුලි මාසයේදීය. ඛේදවාචකයක් බවට පත්වන්නේ අගෝස්තු පල වැනිදාය.
මේ තරම් සීග්‍රයෙන් රතුපස්වල වතුර නරක් වුණේ ඇයි? හිටි හැටියේම ඒ වතුර නිසා මිනිසුන්ගේ ඇඟ දන්න ගත්තේ ඇයි?
රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට හේතුව තවම පැහැඳිලි වී නැතත්, එම ප්‍රදේශයේ වකුගඩු රෝගයක් තිබෙන බව පැහැදිලිය. රතුපස්වල භූගත ජලය නිසා එවැනි රෝගී තත්ත්වයක් තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් හෝ ස්වාධීන පරීක්ෂකයන් තවම කියා නැත. නමුත් ඒ ගැන මාධ්‍යයට කතා කරන ගම්මුන්ට කැසිල්ලක් ඇති වී තිබේ. ඒ කැසිල්ලට ඇත්තේ මාස කිහිපයක ඉතිහාසයකි. ඇස් ලෙඩ, ඩෙංගු, වැනි රෝග පැතිරෙන කාලයට එම රෝගීන්ගෙන් රෝහල් පිරීයයිs. සමාජය තුළද ඒ ගැන කතා ඇතිවෙයි. නමුත් රතුපස්වල කැසිල්ලෙන් අවට කිසිම රෝහලක් පිරීගියේ නැත. අවම තරමින් වටපිට කිසිම රෝහලකට මෙය වැදගත් ලෙඩක් යන සංඥාව හෝ ලැබෙන්නේ නැත. ඩෙංගු, රජරට වකුගඩු රෝගය නිසා යම් ප්‍රදේශයකට ලැබෙන තැන මාධ්‍යයේදී, මැති සබයේදී හෝ වෙනත් තැනකදී මේ රතුපස්වල කැසිල්ලට, දැවිල්ලට ලැබෙන්නේ නැත. ඒ සියල්ල ලැබෙන්නේ 2013 ජුනි අන්තිම කාලයෙන් පසුවය. රටේ මේ වන විට ප්‍රචාරය වී තිබෙන තරමට අනුව නම් යමෙකු පිටකොටුවේදී හෝ ගාල්ලේදී අතක් කසයි නම් එහා පැත්තේ සිටින කෙනා ඔහුගෙන් ගම රතුපස්වලදැයි ඇසිය යුතු තරමටම මේ කැසිල්ල තිබිය යුතුය. කැසිල්ලේ තත්ත්වය එසේය. නමුත්, කැසිල්ලට හේතුව ගම්මුන් විසින් සැණෙන් සොයා ගත්තේය.
වෙනිග්‍රොස් අත්වැසුම් කම්හලෙන් නිකුත් කරන ඇසිඩ්, වතුරට එක්වීමෙන් මේ දේ වුණා. එතරම්ම පර්යේෂණශීලී තත්ත්වයක රතුපස්වල ඇත්තෝ සිටිති.
වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ 1994 වසරේදීය. එය අයත් වන්නේ හේලීස් සමූහ ව්‍යාපාරයටය. ලෝකයේ රටවල් හැත්තෑපහකට අධික ප්‍රමාණයකට එහි නිපදවන ග්ලවුස් අපනයනය කරති. යුරෝපයේ සුපිරි වෙළෙඳ සල් ජාල වන වෝල් මාර්ට් වැනි ආයතන මගින් මෙම අත්වැසුම් විකුණනු ලබයි. අවශ්‍ය ආරක්ෂණය සහ තත්ත්ව සහතික මෙම කර්මාන්ත ශාලාවට ඕනෑවටත් වඩා තිබෙන අතර ඒවා සියල්ලම වාගේ මාස කිහිපයෙන් කිහිපයට යාවත්කාලීන කෙරෙන හා ස්වාධීන පරීක්ෂණ මගින් විටින් විට සහතික කරන ගණයේ තත්ත්වයන්ය. ඒ උදෙසා එක්වරක් නොව පිට පිට කිහිප වරක්ම වෙනිග්‍රොස් ආයතනය සම්මානයටද පාත්‍ර වී තිබේ. කර්මාන්තශාලාවක දේශීයව තිබිය යුතු අත්‍යවශ්‍යම තත්ත්වයේ සිට ජාත්‍යන්තර ආයතනය සඳහා තිබිය යුතු අන්තර්ජාතික ප්‍රමිතියෙන් මෙම කර්මාන්ත ශාලාව යුක්ත අතර, එසේ නොමැති නම් අධිකරණය හමුවේ එම කරුණු පෙන්වා දී ඉතා පහසුවෙන් මෙම කර්මාන්ත ශාලාව වසා දමන්නට හැකිය. උද්ඝෝෂණ වැනි සංකීර්ණ ක්‍රියාදාම දක්වා දුර දිග යා යුතු නැත.
අනෙක් අතට මෙම කම්හලේ නිපදවන අත්වැසුම් ආහාර කර්මාන්තය සඳහා යොදා ගන්නා බැවින් සුරක්ෂිතතා සහතික වර්ගීකරණයෙන් මෙම කර්මාන්ත ශාලාව සිය ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුය.
එසේ තිබියදී වෙනිග්‍රොස් කම්හලෙන් නිකුත් වන අපද්‍රව්‍ය මගින් තමන්ගේ ජලය දූෂිත වූවා යෑයි ගමක් හඬ නැඟුවේ ඇයි?
මෙම නිෂ්පාදනයන්ම කරන වෙනිග්‍රෝස් ආයතනයට අයත් කර්මාන්ත ශාලා තුනක් තිබේ. එකක් හංවැල්ලේ පහත්ගමය. අනික රතුපස්වලටත් වඩා ජනාකීර්ණ කොට්ටාව බ්‍රාහ්මණගමය, එම ප්‍රදේශවාසීන්ට නොතිබුණු කැසිල්ලක්, රතුපස්වලට මෙම කම්හලේ බලපෑමෙන් වූවා යෑයි කියන්නේ කෙසේද?
රතුපස්වල ගමේ තිබෙන වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ සේවකයන් හත්සිය පනහක පිරිසක් 2008 වසරේ දෙසැම්බර් මාසයේ සිට දින පනස් පහක වර්ජනයක් දියත් කළේය. එයට නායකත්වය දුන්නේ ජ. වි. පෙ වෘත්තීය සමිති අංශය වන අන්තර් සමාගම් සේවක සංගමයයි. අන්තර් සමාගම් සේවක සංගමයට ගම්පහ ප්‍රදේශයේ ඇති පක්ෂ වැඩිම සාමාජිකයන් පිරිසක් සිටියේ, වෙනිග්‍රොස් කම්හලෙනි. ජ. වි. පෙ. මැයි රැලයේ මුල හරියේ ගමන් කරන ලද්දේ, මෙම ආයතනයේ සේවකයන්ය. 2008 දෙසැම්බර් වර්ජනයෙන් සේවකයන් 120 ක් රැකියාවෙන් ඉවත් කර යළිත් සේවයට ගන්නා තැනට පරිපාලනය පැමිණියේය. යළිත් මැතිවරණයක් පවත් වන්නේ 2013 ජනවාරි 29 දාය. එම වර්ජනයන් සේවකයන් 122 ක් එළියට දමන්නට පාලනාධිකාරිය තීරණය කළේය.
රතුපස්වල කේන්ද්‍ර කරගත්, කිලෝමීටර් දොළහක සීමාව තුළ කර්මාන්තශාලා පහළොවක් හා ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක් තිබියදී, කැසිල්ලට හේතුව වෙනිග්‍රොස් කම්හලේ අපද්‍රව්‍ය ලෙස නම් වන්නේ, මේ එකසිය විසිදෙනා එළියට විසිවීමය.
ජලය දූෂිත යෑයි ගමේ යන කතාව සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත් කිරීමට පෙරමුණ ගන්නේ එළියට විසි වුණු පිරිස් හා ඔවුන්ගේ දේශපාලනඥයන්ය.
ජුලි දාහත් වැනිදා ගමේ වතුර ගැන හා කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡා ගමේ පිරිස්, අදාළ බලධාරීන් හා කම්හලේ ප්‍රධානීන් අතර පැවැත්විණි.
ගම්පහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු හා ගම්වාසීන් මේ සඳහා සහභාගි වූහ. ගම්වාසීන් අතර කුමාරදාස නම් මහතෙක්ද සිටියේය. ඔහු ඇන්සල් ලංකා ආයතනයේ අන්තර් සමාගම් වෘත්තීය සමිතියේ අයෙකි. 1994 වසරේ වෙඩි තැබීමකින් සේවකයෙන් මියගියේ මෙම ආයතනයේදීය. එවැනි අත්දැකීම් සහිත චරිතයක්, රතුපස්වල ජලය ගැන ප්රශ්නය සාකච්ඡා කෙරෙන පළමු දිනයේම ගම්වාසීන් අතරට එක්වන්නේය.
එතැන් සිට දිනෙන් දින තත්ත්වය මෙසේ කැටිකළ හැකිය.
ජුලි – 18
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජගත් මනතුංග හා ගම්වාසීන් කර්මාන්ත ශාලා බලධාරීන් මුණගැසෙති. මතු වී ඇති තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීම සඳහා ආචාර්ය මනතුංග වෙත ආරාධනා කරන ලද්දේ කර්මාන්ත ශාලාව මගිනි. විසිදෙනකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූහ. මේ වන විටත්, ජල ප්‍රශ්නයට හේතුව වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බවට වන කතාවක් හා එම කර්මාන්තශාලාව වැසිය යුතු බවට වන විරෝධතා තත්ත්වයක් ගමේ ඇති වේ.
ජුලි 19
ගම්වාසීන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා කර්මාන්තශාලා බලධාරීන්, ආයෝජන මණ්ඩල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙදින සාකච්ඡාවට සහභාගි වූහ. කම්හලේ ජල සාම්පල පරීක්ෂණ සඳහා ලබාගත් අතර ගම්වාසීන් ඉදිරිපිට ඒවා ලබාගනී. මෙම සාකච්ඡාව කර්මාන්ත ශාලාව තුළ පවත්වයි. අනතුරුව නි. ඇමැතිවරයා හා ගම්වාසීන් අතර සාකච්ඡාවක් ගමේදී සිදු වේ.
ජුලි 20
රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්ත ශාලාවේ බලධාරීන් අතර සාකච්ඡාවක් කර්මාන්ත ශාලාවේ ඇති වේ.
ජුලි 23
ගම්වාසීන් ඉදිරිපිට මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ජල සාම්පල් කර්මාන්ත ශාලාවෙන් ලබාගනී.
ජුලි 24
යළිත් ගම්වාසීන් ඉදිරියේ ජල සාම්පල් ලබාගනී. කර්මාන්ත ශාලාවේ සෑම තැනකින්ම වාගේ මෙම සාම්පල් ලබාගනී.
ජුලි 25
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්ත ශාලාවට පැමිණ ජල සාම්පල් ලබාගනී.