රතු මරණය සහ අවසන් බාල් නැටුම - 3

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 3

    මෙසේ, මන්දිරය තුළ කම් සැපෙහි ගැලෙමින්ද, පිටත දේශය වසංගතයෙන් කෲර ලෙස ඇලලෙමින්ද මාස පහ හයක් ගිය තැන දී, ප්‍රොස්පෙරෝ කුමරැ තම මිතුරැ මිතුරියන් සතුටු කිරීම පිණිස, වෙස් මුහුණු පැළදගත් (masked ball) බාල් නැටුමක් සංවිධානය කිරීමට කල්පනා කළේය. මෙම මහා බාල් නැටුම අතිශයින් අස්වාභාවික ආකාරයේ එකක් ලෙස සැළසුම් කිරීමට ය ඔහු තීරණය කළේ.

    පැවැත්වුනු එම බාල් නැටුම ඉතා අලංකාරවූද, එමෙන්ම ඉතා අශ්ශීල දර්ශණයක් යැයි කිව හැකි විය.



    90seyeswideshut.jpg


    EYES_WIDE_SHUT_000301.jpg-for-web-large.jpg


    snap1718.jpg


    එහෙත් ඒ ගැන විස්තර කිරීමට පෙර, එය පැවැත් වූ මන්දිරය සහ එහි ආගාරයන් ගැන කුඩා විස්තරයක් කිරීමට ඉඩ දෙන්න. එහි ආගාරයන් සයක් විය. ඒවා මහේශාක්‍ය ආගාරයන් වූයේය. බොහෝ මන්දිර වල නම් ඒවායේ ආගාරයන් සැළසුම් කරන්නේ දිගැතිව එක පේලියකට සිටින ලෙසය. ඒවායේ අගාර වල දොරටු සාදා තිබෙන්නේ, දොරටු විවර කළ විට ඒවා බිත්ති දක්වාම විවර වන හෙයින් මුළු අගාරයම පෙනෙන ලෙසටය.


    animals_other_buckingham-palace-interior_70352.jpg


    එහෙත්, කුමරැගේ අසාමාන්‍ය රසඥතාවයට පින් සිදු වන්නට මෙම මාලිගයෙහි ලක්ෂණයන් බොහෝ වෙනස් ආකාරයේ විය..

    මතු සම්බන්ධයි.

    ~ එඩ්ගර් ඇලන් පෝ ගේ "The Mask of The Red Death" කෙටි කථාවෙන් පරිවර්ථනය කරන ලදී.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔව් ඒක හින්දම තමයි මාත් කැමති. පෝ ගේ ඕක්කොම පොත් වගේ කියවල තියනවද? මිනිහා මැරැනේ පිස්සු හැදිල නේ