රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5
..මේ කාමරයේම දකුණු අත බිත්තියට පිට දී, කළුවර ලීයෙන් තැනූ මහා පරිමාණයේ ඔරලෝසුවක් හේත්තු කොට තිබුනි. එහි අවලම්භය, උදාසීනවූත් බරැතිවූත් ඒකාකාරීවූත් "ඩෑං ඩෑං" ශබ්ධයක් නගමින් ඒ අතද මේ අතද වැනුනේය. එමෙන්ම මිනිත්තු කටුව ඔරලෝසු මුහුණතෙහි එක් වටයක් කැරකී පැයක් සම්පූර්ණ වූ තැනදී, ඔරලෝසුවෙහි පිත්තලමුවා පෙණහළු වලින් යෝධ සහ පැහැදිලි හඩක් නැගුනේ ය.
එහෙත් එය අතිශයින්ම සංගීතමය හඩක් විය. නමුත් එය අස්වාභාවික ස්වරයකින් අද්භූතාකාර භාවයක් ඇති කලෙන්, සෑම පැයක් අවසානයේදීම, බාල් නැටුමෙහි වාද්‍ය වෘන්ධයට අයත් සංගීතඥයෝ තම සංගීතය මොහොතකට නවතා, එම හඩ ඇසීමට නිසොල්මන් වූවෝය.
ඒ සමගම වෝල්ට්ස්z නටන්නෝ තම කරකැවුම නවතා දැමූ අතර, සියළුම තුටුවන්නන් අතර කෙටි චකිතයක්, කළබලයක් ඇති වී ගියේ ය..
මතුවට..