රතු මරණය සහ අවසන් බාල් නැටුම - 7
කතෘ: එඩ්ගර් ඇලන් පෝ
පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night)
..මාළිගයෙහි අලංකරණයන් පියකරැ බවට වඩා පිළිකුල්ජනක භාවයක් ඇති කළේය. මෙය ප්රොස්පෙරෝ කුමරැගේ සැළසුමට අනුව සිදුකර තිබුනකි. ඒ මේ අතට ඇඹරී ගොස් තිබෙන සේ නෙළා තිබූ මනුශ්ය කැටයම්, සිරැරට නොගැලපෙන අත් පා ආදියෙන් සමන්විත විය. එය මානසික රෝගියෙක් නිර්මාණය කළ නිර්මාණයක් ය කියාද සමහරක් කෙනෙකු සිතනු ඇත. එහෙත් එහි අලාංකාර වූත් කාමුක වූත් කැටයම් ද තිබිණි. නමුත් අස්භාවිකද වූද බියකරැ වූද අප්රියජනක වූද කැටයම් ද එමට එහි තිබිනි.
කාමර සත අතරෙහි බොහෝ සිහින පාවෙමින් පැවති අතර, එම සිහින එම එක් එක් ආගාරයන්හි පැහැය රැගත්තේ ය. පැයෙහි කණිසම වදින විට මෙම සිහින එකතැන ගල් ගැසිණි. සියල්ල නිසල විය ඒ මොහොතේ දී.
සත්වෙනි ආගාරය හැර අනෙක්වා කාමුක ගැහැණු පිරිමෙන්ගෙන් පිරී තිබුනේය. එහෙත් සත් වෙනි ආගාරයට පය ගැසූ අයෙක් සිටියේ නැත. මක්නිසාද යත්, රාත්රිය නිමා වෙමින් තිබූ අතර, එහි ජනේලයෙන් පෙරී ආවේ පෙරටත් වඩා රතුවන් ආලෝකයකි. එමෙන්ම කළුවන් තිර රෙදි බියජනක විය. තවද, එහි තිබූ සේබල් බුමුතුරැණු මත අඩිය තබන කෙනෙකුට, මහා ඔරලෝසුව තුළින් කිසියම් බරැති සහ බියකරැ සීනු ශබ්ධයක් ඇසිය හැකි විය.
මතුවට...

Last edited: