රතු මරණය සහ අවසන් බාල් නැටුම - 2

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 2

    එහෙත් ප්‍රොස්පෙරෝ කුමරැ (රජු) නිර්භය වූ අතර ඔහුගේ සිත නොකැළඹී පැවතිනි. වසංගතය මගින් ජනාතාවගෙන් අඩක් මියගිය මොහොතේ දී, ඔහු තම නිර්භය වූද කෙළිලොල් වූද මිතුරන් දහසක් දෙනා තමා වෙත කැදවාගත්තේය. මේ පිරිස, ඔහුගේ රාජ සභාවෙහි සිටි නයිට්වරැන්ගෙන්ද, ඔවුන්ගේ පෙම්වතියන් සහ බිරියන්ගෙන්ද සමන්විත විය. ඔහු මෙම පිරිස ද කැටුව තම රජ මාලිගාවෙන් එකක ගැඹුරට වැද සැගවගත්තේය. මෙම සුවිශාල මන්දිරය කුමරැ විසින්ම සැළසුම් කරන ලද අස්වාභාවික වුවද, එහෙත් ඉතා මනරම් නිර්මාණ වලින් එකක් විය. මාලිගය වටකොට උසැති පවුරැ බැද තිබූ අතර, එය ආරක්ෂා කර තිබුනේ ලෝහමය දොරටු වලිනි. යකඩ උණු කරන උපකරණ සහ මහා මිටි රැගෙන පවුරැ තුළට පැමිනි රාජ සභිකයෝ, එම ලෝහමය දොරටු අගුළු ලා ඒවා විවර කිරීමට නොහැකි සේ ඒවාට බෝල්ට් ඇණ යොදා පාහන ලද්දෝය. මන්දිරය තුළට සියළු සැප සම්පත් ඇති පදමට රැගෙන විත් තිබිනි. එමෙන්ම, පිටත වසංගතය ඇතුලාන්තයට නොපැමිනීම පිණිස සියළු විධිවිධාන සළසා තිබිනි. පිටත ලෝකයට තමා ගැනම බලා ගත හැක. ඒ අතරේ ඒ ගැන දුක් වීම හෝ ඒ ගැන වදවීම පළ රහිත දෙයකි. කුමරැ තම මිතුරැ මිතුරියන්ට අවශ්‍ය සෑම සැපක්ම බලා දී තිබිනි. එහි කවටයෝ සිටියෝය, නළුවෝ සිටියෝය, බැලේ නටන්නෝ සිටියෝය, සංගීතකරැවෝ සිටියෝය, හුදෙකලා වූවන් සදහා මිත්‍රත්වය සහ කාමය සපයනෝ යොදා සිටියහ. එහි අලංකාරය විය. එහි මත්පැන් තිබින. මේ සැමදෙයක්ම සහ ආරක්ෂාව එතුළ තිබින. පිටතින් වූයේ "රතු මරණය" යි..

    masquerade.jpg


    masquerade-i-john-silver.jpg



    මතු සම්බන්ධයි..

    red_death_06.jpg