රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 9

    ===========================================
    කතෘ: එඩ්ගර් ඇලන් පෝ
    පරිවර්තනය: කසුන් ලියනගේ (Dark_soul_of_the_night)
    ===========================================

    ..එහෙත් අවට සිටි උම්මත්තකයින් විසින් මෙම පුද්ගලයාව පිළිගන්නට පවා ඉඩක් තිබිනි. ඔහුගේ ඇදුම් වල ලේ තැවරී තිබිනි. ඔහුගේ පුළුල් නළල සහ මුහුණ පුරා, රතුවන් භීතිය ඉසී තිබිනි.


    ප්‍රොස්පෙරෝ කුමරැගේ දෑස් මෙම අවතාරමය රෑපය මත පතිත වූ මොහොතේදී ඔහු පවා වෙව්ලා ගියේය. රෑපය වෝල්ට්ස් නටන්නන් අතර සෙමෙන් සහ බියජනක චලනයකින් යුතුව ගමන් කරමින් සිටියේය -- තමාගේ පැවැත්ම වඩාත් තහවුරැ කිරී‍මට මෙන්. කුමරැ මුලින්ම, එක්කෝ භීතියට පත්වීමෙන් හෝ පිළිකුලට පත්වීමෙන් දැඩිව සලිත වී ගියේය. එහෙත් ඊළග මොහොතේදී ඔහුගේ නළල කෝපයෙන් රතු විය.

    "මොකාද ඔය?" ඔහු අණ කළේය, "මේ වගේ විකාර විහිළුවකින් අපට අපහාස කිරීමට බයක් හැකක් නැතුව ඉදිරිපත් වූ උඹ මොකාද? මූව අල්ලාගෙන මුගේ වෙස් මුහුණ ගලවාපල්ලා -- එතකොට අපට අදුනා ගත්තෑකි, අපි උදේ පාන්දරින්ම මාලිග ප්‍රාකාරයෙන් පහළට එල්ලා මැරිය යුත්තේ කවුද කියලා!"

    ප්‍රොස්පෙරෝ කුමරැ මෙම වචන තෙපලද්දී, ඔහු සිටියේ නැගෙනහිර දිශාවේ තිබූ නිල් පැහැති ආගාරයේ ය -- සුදු මැලිව ගිය ඔහු ගේ අමාත්‍යවර සගයන් පිරිසකුත් සමග. ඔහු ගේ කටහඩ කාමර සත තුළ මහා ශබ්ධයකින්, පැහැදිලිව පැතිර ගියේ ය -- මන්ද යත් කුමරැ නිර්භය සහ ශක්තිමත් අයෙකු වූ හෙයින්. ඔහුගේ දැඩි කටහඩත් සමග සංගීතය ඇණ හිටියේ ය. මුළින්ම හේ කථා කරද්දී, අභූත රෑපය දෙස යාමට පිරිස කෙරෙන් මද තැතක් පැන නැංගේ ය. එහෙත් මේ වන විට අමුත්තාද සිටියේ අත ලග ය. ඔහු ස්ථිර සහ ගාම්භීර පාද පාතයකින් යුතුව කුමරා වෙත ඇදී ආවේය. එහෙත් පිරිස කෙරෙන් බිය පත් කසු කුසුවක් නැගුනාක් මිස, ඔහු ව නැවතීම සදහා ඉදිරිපත් වීමට එකෙකුදු සිටියේ නැත. මෙහෙයින් හෙතෙම බාධාවකින් තොරවම කුමරැ වෙත යාරයක් තරම් ලං විය. කුටිය තුළ සිටි මුළු පිරසම, එකම ආවේගයකින් මෙන් ආගාරය මැදින් පිටුපසට ඇදී ගොස් එහි බිත්ති කරා ලං වි ය. අමුත්තා බාධාවකින් තොරව, පෙර පාද පාතයෙන් සහ ගාම්භීර භාවයෙන් යුතුවම, කුමරා පසු කරගෙන ගොස්, නීලවර්ණ ආගාරයෙහි සිට දම්පැහැති ආගාරයටද, එතුළින් පලාශවර්ණ ආගාරයටද, එමැදින් තැඹීලිවන් ආගාරයටද, එතැනින් ශ්වේතවන් සහ වයලට් ආගාර වලටද ගමන් කරන්නට වූයේ ය. ඔහුව නැවැත්වීමට තවම කිසිදු ආකාරයේ එකමුතු තැතක්, පිරිස කෙරෙන් හටගැනී තිබුනේ නැත..


    To Be Continued..