රථවාහන පදවන ඔබ මේ නඩු තීන්දුව කියවා බලන්න..

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රථවාහන පදවන ඔබ මේ නඩු තීන්දුව කියවා බලන්න..

    රථවාහන පදවන ඔබ මේ නඩු තීන්දුව කියවා බලන්න..

    sri-lanka-traffic-police.jpg


    රවීන්ද්‍ර ලසන්ත පතිනායක එදිරිව තවත් අය

    අධිකරණය :- ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය
    නඩු අංකය :-මුලික අයිතිවාසිකම් (FR 367/10)
    විනිසුරු මණ්ඩලය :-ගරු ශිරාණි තිලකවර්ධන, ගරු ශ්‍රී පවන් සහ ගරු ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
    තීන්දුව ප්‍රකාශිත දිනය :-03-05-2013


    තීන්දුව කෙටියෙන්
    මෙම නඩුවේ පෙත්සම්කරු වන රවීන්ද්‍ර යන අය වර්ෂ 2010 මැයි 22 දින WP-PA 5709 දරණ සිය මෝටර් රථයෙන් කොල්ලුපිටියේ සිට ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා මෝටර් රථය ධවනය කරන ලදී.හෝර්ටන් පෙදෙස හතර මහන්සන්දියේ රතු සංඥාව හේතුකොටගෙන සිය වාහනය නතර කරන ලදී.මංසන්දියේ රථවාහන හසුරුවමින් රාජකාරීයේ යෙදී සිටි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ පො .කො 38832 නිලධාරියා විසින් දෙන ලද සංඥාව අනුව රතු එලිය නොසලකා පෙත්සම්කරු සිය වාහනය බොරැල්ල දෙසට ධාවනය කරන ලදී.කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වූ අවසථාවක ට්‍රැෆික් ලයිට් මගින් දෙනු ලබන සංඥා නොසලකා එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියාගේ සංඥා අනුව වාහන ධාවනය කිරීම සාමාන්‍ය සිදුවීමකි.


    කෙසේ නමුත් රෙඩ් ලයිට් නොසලකා පොලිස් නිලධාරියාගේ අණකිරීම මත පෙත්සම්කරු සිය වාහනය ධාවනය කළද, මංසන්ධිය පසුකරනවාත් සමගම එදිරියේ නවතා ඇති සුදු පැහැති පොලිස් ට්‍රැෆික් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා පෙත්සම්කරුගේ වාහනය නවතා රතු එලිය නොසලකා හරිමින් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට රියදුරු බලපත්‍රය අත්අඩංගුව ගන්නා ලදී.එම රථයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සාජන්ට් බණ්ඩාර (26433)සහ පොලිස් කොස්තාපල් තෙන්නකොන් (30032)යන දෙදෙනා විය.


    පෙත්සම්කරු, මංසන්ධියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ අණකිරීම මත සිය වාහනය ධාවනය කල බව පෙර කී නිලධාරීන් වෙත ප්‍රකාශ කළද එය ඇසීමට මෙම නිලධාරින් දෙදෙනා කාරුණික නොවීය.එකී නිලධාරීන් දෙපල පෙත්සම්කරුගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගෙන වර්ෂ 2010-05-22 දින සිට 2010-06-01 දින දක්වා දින 11 ක කාලයකට තාවකාලික බලපත්‍රයක් (Temp0rary driving permit) නිකුත් කරන ලදී.උසාවි දිනය ලෙස 2010-06-10 ලෙස එකී බලපත්‍රයේ සඳහන් වුවද අදාල අධිකරණය සඳහන් නොවිය.අදාල දඩකොලය (Spot fine ticket) පොලිස් ස්ථානයෙන් ලබා ගෙන දඩය ගෙවන ලෙසට පොලිස් නිලධාරින අණකරන ලදී.


    දඩ කොළය ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ඉන් පසුදින ගිය පෙත්සම්කරු තමන්ට සිදුවූ අසාධාරණය ස්ථානාධිපති වරයා හමුවිය. එනම්
    1. පොලිස් නිලධාරියාගේ සංඥා මත ධාවනය කිරීම,
    2.තාවකාලික රියදුරු බලපත්‍රය දින 14 කට ලබා නොදී දින 11 කට ලබා දීම
    3.දින 11 ඉක්මවා ගොස් අධිකරණ දින තෙක් සිය රථය ධාවන කිරීමට නොහැකි වීම
    4.ඉහත 2 සහ 3 කරුණු අනුව තාවකාලික රියදුරු බලපත්‍රය සංශෝධනය කරගැනීම


    කෙසේ නමුත් පෙත්සම්කරුගේ අරමුණ ඉටු නොවීය.ඉන්පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු විය නමුත් සාධාරණය ඉටු නොවීය.ඉන්පසු පෙත්සම්කරු කල්පනා කළේ දඩය නොගෙවා අධිකරණයට සිය අසාධාරණය ඉදිරිපත් කීරිමටය.


    ඉන්පසුව පෙත්සම්කරුට එරෙහිව කොළඹ රථවාහන අධිකරණයේ නඩු අංක 59586/7 යටතේ නඩු පවරන ලදී.නඩුවේ චෝදනා පත්‍රයට නිවැරදිකරු කී පෙත්සම්කරු නඩු විභාගයෙන් පසු ගරු අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කරන ලදී.


    ඉහත කි නඩුව පවතින අතරතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ මුලික අයිතිවාසිකම් නඩුවක් නීතිපතිවරයා ,පොලිස් පතිවරයා සහ පෙර කී පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් නඩු පවරන ලදී.මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පහත කරුණු සලකා බලන ලදී.


    1.තාවකාලික බලපත්‍රය මෝටර් රථ පනතේ 135 (4) වගන්තියට පටහැනිව නිකුත් කොට තිබීම
    2.මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් සාක්ෂි වලට පටහැනි ලෙස මෙම නඩුවේ වග උත්තරකරුවන් විසින් කරුණු ඉදිරිපත් කිරීම


    ඒ අනුව පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පෙත්සම්කරුගේ වාසියට ලබා දෙමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරුකොට ඇති 12(1)එනම් නීතිය ඉදිරියේ සම රැකවරණය (Violation of right to equal protection of law) යන මුලික අයිතිය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කඩකොට ඇති බවට තීරණය කරමින් රුපියල් 175,000 /=වන්දි මුදලක් ගෙවන ලෙසටත් එකී මුදල් පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බවටත් ඊට අමතරව රුපියල් 10,000/= නඩු ගාස්තුවක් ගෙවන ලෙසටත් එකී සියලු මුදල් මාස තුනක් තුල ගෙවිය යුතු බවටත් නියෝග කරන ලදී.

    Source - fb
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉන්පසු පෙත්සම්කරු කල්පනා කළේ දඩය නොගෙවා අධිකරණයට සිය අසාධාරණය ඉදිරිපත් කීරිමටය.
    ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න
    ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න
    ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ
    අණ නොතකා ධාවනය රු 1000 යි නේද. ඕක නිවැරදිකරු කියල ලෝයර්ලට ගෙව ගෙවා උසාවි ගානෙ රස්තියාදු වෙනවටා වඩා ස්පොට් ෆයින් එක ගෙවන එක ලාබ නිසයි ගොඩක් මිනිස්සු එහෙම කරන්නෙ. මේ ක්‍රමේයි වැරද්ද.. අපිත් නොකල වැරදි වලට වැරදි කරු කියල උසාවියෙන් දඩය ගෙවල ගෙදර ඇවිත් තියෙනව රස්තියාදු වෙන්න බැරි නිසා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Facebook article looks legit
    http://www.supremecourt.lk/images/documents/367_10_SC_FR_Final_Final.pdf

    This Court accordingly declares that the Fundamental Rights of the Petitioner
    guaranteed under Article 12(1) to have been infringed. The Courts has also
    considered their independent and collective actions in apportioning
    compensation. This Court grants compensation in a sum of Rs. 150,000/-
    (One Hundred and Fifty Thousand Rupees) to be paid personally by the 1st
    ,
    and 2nd Respondents in equal shares of Rs 75,000/- each, to the Petitioner.
    A sum of Rs 25,000/- is to be to be paid by the 3rd Respondent to the
    Petitioner.
    Application is accordingly allowed with costs in a sum of Rs.10,000/- (Ten
    Thousand Rupees) to be paid by the 1st, 2nd , and 3rd Respondents to the
    Petitioner.
    The compensation and the costs amounting to Rs 185,000/- is to be paid
    within three months (03 months) from date of this Judgment.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න
    ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ

    godak welawata wena case dala hire danawa kiyala baya karanawalune
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගොඩක් මිනිස්සුන්ට කොන්ද පණ නැහැ මේක කරන්න
    ඕනම වැරැද්දක් බාර අරන් දඩේ ගෙවනවා බයේ

    බයටත් වඩා මුන් නීති හදල හරි දෙනවා ගේම
    අනික පොලිසි උසාවි වල දවස ගැන රස්තියාදු වෙන්න කැමති කවුද බන් මේ වැඩ අස්සේ
     

    Similar threads