රථ ගාය ටර්බෝ චාජර් ගැන දැන ගනිමු
රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි..
1. ටර්බෝ චාජර් "Turbocharger"
මොකක්ද මේ "Turbocharger" කියන්නේ?...
අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා මේ ටර්බෝ කියන්නේ. ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නව ඇති. ඒ ගොඩක් කොම්පියුටර් ගෙම්ස් වල වුනත් මේ ගැන කතා කරන නිසා වෙන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මුකුත්ම දන්නේ නැති අයට පොඩි දැනුමක් ලබාදෙන්නයි යන්නේ...
ටර්බෝ එක හැදුවේ ස්විස් ජාතික ඉන්ජිනේරුවෙක්. 1905 විතර. මුල් කාලේ මේක යොදාගෙන තියෙන්නේ ගොඩක්ම ගුවන් යානාවලට , ඒ කිව්වේ දෙවන ලෝක යුද්ධ කාලේ වගේ යුධ ගුවන් යානවලට යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මුලින්ම , ටර්බෝ යොදාගත්ත මොටර් රථ කීපයක්...
1962 Oldsmobile Cutlass Jetfire
1962 Chevrolet Corvair Monza Spyder
1973 BMW 2002 Turbo
1974 Porsche 911 Turbo
1978 Buick Regal
1978 Saab 99
1978 Peugeot 604 turbodiesel
1978 Mercedes-Benz 300SD turbodiesel (United States/Canada)
1979 Alfa Romeo Alfetta GTV 2000 Turbodelta
1980 Mitsubishi Lancer GT Turbo
1980 Pontiac Firebird
1980 Renault 5 Turbo
1981 Volvo 240-series Turbo
ඇත්තටම ටර්බෝ එකක් කියන්නේ "Centrifugal compressor = කේන්ද්‍රාපසාරී සම්පීඩකය" ක් . සරලව කිව්වොත් ටර්බෝ එක කියන්නේ එක්තරා විදියක ටර්බයින් එකක් . එකේ එක කෙලවරක් , එන්ජිමේ එලියට එන පිටාර වායුවට නිරාවරනය වෙනවා. ඉතින් මේ පිටාර වායුව නිසා මේ ටර්බයිනය වේගයෙන් කැරකේන්න ගන්නව . ටර්බො එකේ අනිත් කෙලවර , එන්ජිමට දහන පෝශක වායුව ඇදල ගන්න කොටසට සම්බන්ද කරනව.මේ රූපය බලන්න.
මේ රූපේ රතු කොටස තමා පිටාර වායුවට සම්බන්ධ වෙන කොටස, නිල් කොටස එන්ජිමට වායුව ගලා එන කොටස. නිල් පාට කොටසේ තියෙන්නේ සම්පීඩකයක්. ඒකෙන් එන්ජිම ඇතුලට එන වාතය සම්පීඩනය කරනවා "" . හරිම සරලයි නිකමට හිතන්න , අපි ගාව මොකක් හරි භාජනයක් තියෙනවා , ඔන්න ඒකේ යම් කිසි වාත ප්‍රමානයක් රැදිලා තියෙනවා .අපි මේ තියෙන වාත ප්‍රමානය පුලුවන් තරම් සම්පීඩනය කරනවා , එතකොට අපිට තවත් භාජනයේ ඇතුලේ ඉඩ හැදෙනවා නේද?.. එතකොට ඕනේ නම් අපිට අර තිබ්බ ප්‍රමානයට අමතරව , තවත් වාත ප්‍රමානයක් ඇතුල් කරන්න පුලුවන් . ටර්බෝ එකෙන් එන්ජිමට කරන්නෙත් මේ වගේ උදව්වක්.
බලන්න...
ඒ කිව්වේ එයා පුලුවන් තරම් වාතය එන්ජිමට ඇදල ගන්න උදව් කරනවා. වැඩිපුර වාතය ඇදලා ගන්නවා කියන්නේ වැඩිපුර ඉන්ධන දහනය කරන්න පුලුවන් ,ඒ වගේම හොද දහනයක්. කොහොම වුනත් මේ දෙකෙන්ම එන්ජිමට පුලුවන් වඩා කාර්යක්ශමව වැඩි බලයක් නිපදවන්න. දැන් කට්ටියට පොඩ්ඩක් වැඩේ හරි තේරුනා නම් ඒ ඇති. ටර්බෝ එකක් කියන්නේ සැහෙන වේගයකින් භ්රමනය වෙන දෙයක් , සමහර විට මේකේ වේගේ එන්ජිමේ වේගෙටත් වඩා වැඩියි.ඒ කිව්වේ 150,000 rpm ර්විතර. ඒ නිසා මේකට හානි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේ නිසා ටර්බො එකේ එන්නේ සීල් කරපු ඔයිල් බෙයාරිංග් එකක්. මේ ඔයිල් බෙයාරිංග් එකේන් වැඩ දෙකක් වෙනවා.
1. ටර්බෝ එක කොටස් සිසිල් කරන එක.
2. පුලුවන් තරම් මේ කොටස් වල ඝර්ශනය අවම කරන එක.
මේ නිසා තමා කියන්නේ ටර්බෝ තියෙන වාහන ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියන්න කියන්නේ සහ , ගමනක් ඉවර වෙලා එක පාරටම එන්ජිම නිවන්න එපා කියනේනේ... ඒ මොකද මුලින්ම ටර්බෝ එකට හොදට ඔයිල් බහින්න අවශ්‍යයි . අනිත් කාරණේ අපි එන්ජිම නිව්වත් එන්ජිමට වඩා වේගයෙන් කැරකිච්ච ටර්බෝ එක තාමත් කැරකෙනවා , එතකොට අර ඔයිල් සීල් හානි වෙන්න පුලුවන් , ටර්බෝ එකේ ටයිමර් උපකරණයක් සවි කර ගත්තොත් මේ ප්‍රශ්නේ විසදෙනව. දැං අලුත් වාහන වල නම් මේ ටයිමර්ස් එනවා.
ටර්බෝ එකේ තියෙන ප්‍රධාන අවුලක් තමයි , අපි ඇක්සලරේටරය පාගපු ගමන්ම අපිට ඕනේ බලය ලැබෙන්නේ නැති එක. මේකට කියන්නේ "Turbo-lag" එක කියලා. මේ "lag" එක අඩු කරන්න කරපු දේ තමා . පුලුවන් තරම් මේ ටර්බෝ වල "අවස්ථිතිය" අඩු කරපු එක , සරලව කිව්වොත් බර අඩු කරපු එක .එන්ජිමේ වේගය ගොඩක් අඩු වෙලාවලට පාවිච්චි වෙන්නේ පොඩි ටර්බො චාජර්ස් . නමුත් වැඩි වේගවලදි පොඩි ටර්බෝ භාවිත කිරිම කරන්න අමාරුයි.
1. ටර්බෝ එකට එන වායු පරිමාව ගොඩක් වැඩි වීම.එතකොට වැඩි බූස්ට් එකක් දෙන්න අමරුයි.
2. ගොඩක් භ්‍රමන වේගේ වැඩි වීම නිසා ටර්බෝ එක හානි වීම.
ඒ කොහොම වෙතත් ලොකු , පොඩි ටර්බෝ දෙකක් යොදා ගන්නේ නැතුව , ගොඩක් දෙනා පොඩි එකක් විතරයි යොදා ගන්නේ. එතකොට අර මම උඩින් කිව්ව හානි වීමේ අවදානම?
ඒකට විකල්පය තමා "Waste-gate" එක. ටර්බෝ එකට එන පිටාර වායුවේ පීඩනය ගොඩාක් වැඩි නම් waste-gate ඒක අදුන ගන්නවා. එතකොට ඒ වායු කොටස ටර්බෝ බ්ලේඩ්ස් තුලින් යවනවා වෙනුවට , waste-gate එක තුලින් යවනවා. වැඩේ ගොඩ!!
මේ ටර්බෝ එකේ "waste-gate" එක බලන්න
ටර්බෝ ගැන කියන කොට තව දෙයක් මතක් වුනා. කට්ටිය දැකලා ඇති නේද? හොදට හදපු ඔරිජිනල් සුබාරූ "" එහෙම පාරේ යන කොට ලස්සන සද්දයක් ඇහෙනවා. ටර්බෝ එකෙනුත් සද්දයක් එනවා , ඒත් වැඩියෙන්ම ඇහෙන්නේ "Blow-off-valve" එකේ සද්දේ ප්ස්ප්ස්ප්ස්ශ්ස්... ඇහිල නැද්ද??
මම දැන් "Blow-off-valve" එක ගැන ටිකක් කියන්න යන්නේ. අපි කලින් කතා කරපු "waste -gate" එක තිබ්බේ පිටාර් වායුව එන පැත්තෙනේ , මේක තියෙනේ අනික් පැත්තේ ඒ කිව්වේ එන්ජිමට වායුව එන පැත්තේ. ටර්බෝ එකෙන් දිගටම එන්ජිමට වාතය පම්ප් කරනවනේ.. මේ එන අතිරික්ත වාතය "Throttle-body" එක වැහිල තියෙන වෙලාවට එලියට යවන එක තමා මෙයාගේ වැඩේ.
"Blow-off-valve"
අපි ඉදිරියට තව මේ වගේ දේවල් කතා කරමු...දෙයක් ඉගෙන ගත්තා නම් මිතුරන් එක්කත් මේක බෙදා ගන්න. ඔබේ අදහස් සහ යෝජනා එකත් කරන්නත් අමතක කරන්න එපා
උපුටා ගැනීම

Code:
Tech-Handiya