රථ වාහන පොලිසිය ගැන ඔබ දැන ගත යතු දේ !!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    රථ වාහන පොලිසිය ගැන ඔබ දැන ගත යතු දේ !!

    photo.php

    10626462_950458068301534_7801142115023248065_n.jpg


    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.



    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.


    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත්
    ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.


    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)



    5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.



    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)



    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.



    8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.



    9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.



    10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.



    11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.



    12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)



    13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.


    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    උපුටාගැනීමකි.. මුහුණු පොතෙන්


     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    දැන් අර පොලිසියෙ එකෙක් ගෑනියෙක්ට බිම දාගෙන ගැහුවෙ, ඒකෙ වැඩි විස්තර ටිකක් කියපල්ලකො දන්න එකෙක්, වීඩියෝව විතරයි දැක්කෙ ... :dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    TFS..
    11.gif

    4 වෙනි එක හරිද මචන්?
    ඔව් මචෝ
    මම අහලා තියන විදිහට එක හරි මොකෝ
    තනි එක්කෙනෙක් ඉන්නකොට එයාට ඕනි දේ කියන්න පුලුවන්නේ
    අනික උසාවියේදී විත්ති කරුට කියන්න පුළුවන් මම එහෙම දෙයක් කලේ නැ කියලා එත් කෝ සාක්ෂි
    අනික හදිසි නීති යටතේ මේක වෙනස් වෙන්න පුළුවන් සමහර ඒවා
    බොහෝ දැනුමක් මේ සතුව නැත මචන්
    වැරධි නිවර්ධි කිරීම බාර ගැමි සතුටින්
    :love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් අර පොලිසියෙ එකෙක් ගෑනියෙක්ට බිම දාගෙන ගැහුවෙ, ඒකෙ වැඩි විස්තර ටිකක් කියපල්ලකො දන්න එකෙක්, වීඩියෝව විතරයි දැක්කෙ ... :dull:
    කාන්තා හිංසනය අනිවා ලොකු වන්දියක් හා අවුරුදු ගානක සිරා දඩුවමක් සෙට් වෙයි නෙද?:dull:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    කාන්තා හිංසනය අනිවා ලොකු වන්දියක් හා අවුරුදු ගානක සිරා දඩුවමක් සෙට් වෙයි නෙද?:dull:

    අනේ මන්ද බන්, මේක ආශ්චර්යමත් දේශයනෙ, හිතා ගන්න බෑ ... ගුටි කාපු ගෑනි කිව්වද දන්නෙ නෑ එයාම ගහගත්ත කියල ... වැඩි විස්තර දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල ... :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට

    අනේ මන්ද බන්, මේක ආශ්චර්යමත් දේශයනෙ, හිතා ගන්න බෑ ... ගුටි කාපු ගෑනි කිව්වද දන්නෙ නෑ එයාම ගහගත්ත කියල ... වැඩි විස්තර දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල ... :P
    :rofl::rofl::rofl:අන්න එක වෙන්න පලුවන් එත් දැන් ටිකක් කෙස් මොකෝ වීඩියෝ එක නිසා :dull::dull:නේ ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔව් මචෝ
    මම අහලා තියන විදිහට එක හරි මොකෝ
    තනි එක්කෙනෙක් ඉන්නකොට එයාට ඕනි දේ කියන්න පුලුවන්නේ
    අනික උසාවියේදී විත්ති කරුට කියන්න පුළුවන් මම එහෙම දෙයක් කලේ නැ කියලා එත් කෝ සාක්ෂි
    අනික හදිසි නීති යටතේ මේක වෙනස් වෙන්න පුළුවන් සමහර ඒවා
    බොහෝ දැනුමක් මේ සතුව නැත මචන්
    වැරධි නිවර්ධි කිරීම බාර ගැමි සතුටින්
    :love:
    11.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    :rofl::rofl::rofl:අන්න එක වෙන්න පලුවන් එත් දැන් ටිකක් කෙස් මොකෝ වීඩියෝ එක නිසා :dull::dull:නේ ;)

    එතකොට අර තමන්ම ගස් බැඳගත්ත සමුර්ද්ධි නිළධාරියගෙ වීඩියෝ තිබුනෙම නැද්ද :P අපි දැක්කෙම නැද්ද :P මේක හරි ආශ්චර්යමත් දේශයක් මචෝ .. :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    1
    2
    3
    4
    5
    6
    7
    8
    වැරදි...

    9
    10
    11
    12
    13
    හරි...


    මචන්, අංක 15 ක 20 ක විතර, සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් වෙන, නීතිය සම්බන්ධ මේ වගේ කරුණු ටිකක් ලියල ත්‍රෙඩ් එකක් දාපන්කො (පොලිසිය ගැන හෝ ප්‍රයෝජනවත් විය හැකි වෙනත් දෙයක් ගැන), හැමෝටම වැදගත් වෙයි ... :yes::P මොකද උඹටත් පේනවනෙ සමහර දේවල් සත්‍ය වගේ පෙනුනට ඒව ඇත්තටම සත්‍ය කරුණු නෙමෙයි, ඉතින් අපි තවත් නොමග යන එක විතරයි වෙන්නෙ ... :yes::dull:
     
    Last edited:
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member

  • මචන්, අංක 15 ක 20 ක විතර, සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් වෙන මේ වගේ කරුණු ටිකක් ලියල ත්‍රෙඩ් එකක් දාපන්කො (පොලිසිය ගැන හෝ ප්‍රයෝජනවත් විය හැකි වෙනත් දෙයක් ගැන), හැමෝටම වැදගත් වෙයි ... :yes::P

    අහ්හ් එල..
    අනිවා මන් එකක් ලියල දාන්නං මචං...:yes: