ජඩමාධ්‍ය!
------
රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.
- Akalanka Hettiarachchi