රන්දෙණිගල ජලාශය පත්ලේ සැඟවුණු කීර්ති බණ්ඩාර දේව පුරාණය .....
"ගඟ දිගේ" කියන්නෙ ජැක්සන් ඇන්තනී කියන අද්විතීය රංග ශිල්පියාගෙ සුවිශේෂී නිර්මාණයක්. ජැක්සන් මහවැලි ගඟ දිගේ යද්දි වික්ටෝරියා ජලාශෙන් පස්සෙ ගොඩ වෙන්නෙ රන්දෙණිගල ජලාශයට.
ඔහු රන්දෙණිගල ජලාශය පුරාවට යාන්ත්‍රික බෝට්ටුවක් ආධාරයෙන් සැරිසරනව "ගලේ කොටුව" නම් ස්ථානයක් හොයාගෙන. මේ ගලේ කොටුව කියන්නෙ ලංකාවෙ සිංහල දේව පුරාණයෙ, තවත් සුවිශේෂී දෙවියෙක්ගෙ දෙවොල පිහිටා තිබූ ස්ථානයක්.
කීර්ති බණ්ඩාර දෙවියො විදිහට හඳුනාගන්නෙ උඩරට රාජධානියෙ දෙවන නායක්කාර් වංශික රජතුමා වුණ, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ පුත්‍රයෙක්. නමුත් ඔහු රජතුමාගෙ යකඩ දෝලියක පුත්‍රයෙක්. යකඩ දෝලි විදිහට හැඳින් වුණෙ, අග බිසව හැර රජුගේ අනිකුත් බිසෝවරුන්.
උඩරට නායක්කාර් වංශිකයන් බලයට එන්නෙ රාජ්‍යත්වයට උරුමකරුවන් නැති වීම නිසාම නෙවෙයි. අදාල උරුමකරුවන් අතර තිබුණ බල අරගලය නිසා, උඩරට රදල ප්‍රධානීන් රාජ්‍යත්වය විදේශීය නායක්කාර් වංශිකයන්ට ලබාදෙන්න කැමති වෙනව.
කීර්ති බණ්ඩාර නැත්නම් කිරි බණ්ඩාර කියල හඳුන්වපු මේ කුමාරයා කාර්යශූර ජවයෙන් පිරි අයෙක් නිසා රජුගෙ ආදරය දිනාගන්න සමත් වෙනව. මේ පිය පුතු සම්බන්ධතාවය කීර්ති බණ්ඩාරට රාජ්‍යත්වය උරුමකරයිද, කියන බය උඩරට රදල ප්‍රධානීන්ට ඇති වෙනව.
මේ නිසා කේලම් කියමින් රජු කුමරු සමඟ උරණ කරන්නට රදලයන් කටයුතු කරනව. එහි ප්‍රතිඵලය වෙන්නෙ කුමාරයා වළපනේ දනගමුව ප්‍රදේශයට පළායාම. නිසරු බිමක් වුණ ඒ ප්‍රදේශය වාරිමාර්ග ඉදි කරමින් අස්වද්දන්නට කුමාරයා කටයුතු කරනව.
මේ අතරෙ ප්‍රදේශයෙ ජනතාව කුමාරයා වටා එකතු වෙනව. මේ පිළිබඳ ආරංචිය සෙංකඩගල මාලිගය දක්වාම පැතිරෙනව. රජතුමා එහි එන්නෙ තම පුත්‍රයාගෙ දස්කම් දකින අදහසින්. එහෙත් උඩරට රදලයන් කුමරුට බොරු කියා රජු ඔහුගේ ගොවිබිම් අත්පත් කරගන්නට එනබව දන්වනව.
කෝපයට පත් වෙන කුමරු, දනගමුවට පැමිණෙන රජු සමග බහින්බස් වෙනව. " මගෙ කුඹුරු යාය නම් අර කන්දෙන් පෙරළා මැරුවත් නොදැමැයි" කියා රජුට අප්‍රසාදය පළ කරනව. කේන්ති ගිය රජු ඔහුව එම කන්දෙන් පෙරළා මරන්නට නියෝග කරනව.
ඔහු කන්දෙන් පහළට පෙරලද්දි වධකයත් ඇදගෙනම පහළට වැටෙනව. ඔය අතරෙ රජු ආපසු යන්නට සැරසුණත් මගුල් ඇතුට ඇවිද ගත නොහැකිව ඇද වැටෙනවා. මේ අතර නිමිති බලන්නන් කුමරු දේවත්වයක් ලබා ඇති බවත් ඔහුට පුද පූජා නොපවත්වා ඇතු රැගෙන යා නොහැකි බවත් රජු දැනුවත් කරනව.
බියට පත් රජු, තමන්ගේ නලල් පට ගලවා අසල ගසක බැඳ එම පෙදෙස කීර්ති බණ්ඩාර දෙවිදුන්ට පිදූ බව කියවෙනව. කුමරුගේ දේහය වැටුණ තැන දේහය ආදාහනය කොට එහි දෙවොලක් තනන්නට යෙදෙනවා.
මහවැලි ගඟ අසබඩ පැවති මේ දෙවොලේ ගොවිතැනට අධිපති දෙවියන් ලෙස කීර්ති බණ්ඩාර දෙවි සියවස් ගණනාවක් ජනී ජන වන්දනයට පාත්‍ර වෙනව. මේ දෙවොලට අනන්‍ය වත් පිළිවෙත් බිහිවෙනව. ඒ අතර "මල් එළිය" නම් ශාන්තිකර්මය කන්ද උඩරට පැරැණි ගම්බිම්වල අදටත් කලාතුරකින් හෝ දකින්න ලැබෙනව.
කඩිනම් මහවැලි ව්‍යාපාරය එක්ක, රන්දෙණිගල වේල්ල ඉදිවෙනව. ඒත් එක්කම දනගමුව ඇතුලු බොහෝ ගම් ඒ මහා ජල තලයෙන් සැඟව යනව. කීර්ති බණ්ඩාර දෙවියන්ගෙ ගලේ කොටුව වාසලටත් ඒ ඉරණමම අත් වෙනවා.
අද වන විට ඒ දෙවොල තිබුණ තැනක්වත් සොයා ගන්නට නැහැ. එයට විසඳුමක් ලෙස කීර්ති බණ්ඩාර පුර ජනපදයෙ කුඩා කඳු මුදුනක් මත කීර්ති බණ්ඩාර දෙවොලක් අලුතින් ඉදිකර තියෙනව. සාමාන්‍යයෙන් දෙවියන් නිරූපණය කරද්දි සුවිශේෂී ආයුධ වර්ග යොදා ගන්නව.
නමුත් කීර්ති බණ්ඩාර දෙවියන්ගේ ආයුධය, කැත්තක්. ඒ ඔහු ගොවියෙක් වීම නිසා වන්නට පුළුවන්. ජාතියක සමෘද්ධිය වෙනුවෙන් දිවි පුදපු ඔහුට ජාතියක් විදුළියෙන් ආලෝකමත් කරන්නට තම වාස භවනත් කැප කරන්නට සිවු වුණා.
© ෆ්බී