රන් ජාවාරම, ආර්යාව සහ ජනරළ....

waligamaya

Well-known member
  • රන් ජාවාරම, ආර්යාව සහ ජනරළ....

    චෞර රාජ්ජය ගැන 24/5/2013 පලවු ලිපියකි

    රන් ජාවාරම, ආර්යාව සහ ජනරළ....
    ‘‘මොනවටද මචං ඔය තරං ජීවිතේ අවදානමට දාන්නෙ? ඕවා ලිව්ව කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ.’’ පාසල් වයසේ දී සමාජ අසාධාරණයට එරෙහිව පෑන අතට ගත් අපේ සහෘදයකුට සිය මිතුරන් විසින් දුන් ‘අවවාදය’ එයයි.
    ඒ කතාව මට සිහිපත් වූයේ පසුගියදා ‘ජනරළ’ කාර්යාලයට පොලිසිය පැමිණි පසුව එවැනි අවවාදයක් දීමට එක්තරා මිතුරකු උත්සාහ කළ නිසාය. මේ, හුදෙක් එක් අයකු වෙත පමණක් දුන් අවවාදයක් නොවන බව පාසල් වයසින් පසු කාලයක දී මට පැහැදිලි විය. සමාජ අසාධාරණය නොඉවසන, ඊට එරෙහිව හඩ නගන බොහෝ දෙනකුගේ එකී හඩට මුලින්ම ලැබෙන ප‍්‍රතිචාරය එයයි. ඔවුන් පවසන මර්දනය පැමිණෙන්නට පෙර සිටම ඒ මර්දනයේ කසකරුවන් ලෙස එන්නේ මෙවැනි සහෘද අවවාදයන්ය.
    පොලිසිය මුලින්ම පැමිණියේ ‘ජනරළ’ පුවත්පත් කාර්යාලයට නොවේ. රත්මලානේ තෙලවල පිහිටි මුද්‍රණාලයට ගල්කිස්ස පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිිලධාරීන් පළමුවෙන්ම පැමිණියේ මැයි 10 වැනිදාය. ඔවුන් එහි දිව ගියේ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගයකින්ද, ආරක්ෂක ප‍්‍රධානියකුගේ නියෝගයකින්ද යන්න අපට විවාදයක් නැත. පුවත්පතක් වෙළෙඳපොළට පැමිණි විගස කලබල වූ කිසිවකු ඒ පසුපස සිටි බව නිසැකය. ඒ කවුරු වුවත් ඔවුන්ගේ ඇස්වලට රිදුම් දෙන කරුණ වූයේ එදින වෙළෙඳපොළට නිකුත් වූ මැයි 12 වැනි ඉරිදා ‘ජනරළ’ පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලයයි. එහි සඳහන් වූයේ ‘රන් ජාවාරම පිටුපස ආර්යාවක්’ යන්නයි. මේ වන විට යුද්ධය අවසන් කර සිව් වසරක් සමරන ආණ්ඩුව විසින් කාලයක් තිස්සේ යටපත් කරන්නට තැත් කෙරුණු උතුරේ ජනයාගේ රන් භාණ්ඩ පිළිබඳ රහස් ඉහත ජාවාරම හෙළිදරව් වීමත් සම`ග නැවත අවධානයට ලක් විය. ඒ ගැන විවිධ තොරතුරු, අනුමාන හා ගවේෂණාත්මක හෙළිදරව් කිරීම් පසුගිය වසර හතරක් තිස්සේ ජනමාධ්‍ය තුළින් ප‍්‍රකාශයට පත් විය. මැයි 12 වැනිදා ජනරළ පුවතින් එක හෙළා පවසන්නේ අන් කිසිවක් නොව, උතුරේ පීඩිතයන් සතුව තිබී එල්ටීටීඊයෙන් අත්පත් කරගත් කිලෝ දහස් ගණනක රත‍්‍රන් සම්භාරය පන්නාගෙන ජාවාරමක් බවට පත් කරගෙන ඉන්නේ යුද්ධය තම මඩිය තර කරවන ඉල්ලමක් බවට පත් කරගත් දේශපාළු තෝරු මෝරු මිස යුද පිටියේ සිටි හාල්මැස්සන් නොවන බවය. ඒ නිසා මෙම හෙළිදරව්වෙන් කලබලයට පත් වූවන් කවුරුන්දැයි වටහා ගැනීමට එම සිරස්තලයම යොදා ගන්නට බැරිකමක් නැත. ඒ ඇත්ත සමාජය වෙත හෙළි කරන නිසා තමන් නිරුවත් වීම වළකා ගන්නට ‘ජනරළ’ නිහඩ කරවීම දැන් ජාවාරමේ රස පලවැල ගිල දැමූවන්ගේ අරමුණයි.
    පුවත්පතක් නවතා දැමිය හැකි වන්නේ කර්තෘ මණ්ඩලයකට බලපෑම් කිරීමෙන් බවට පැවැති පැරණි අදහස දැන් පාලකයන් විසින් එක්වර භාවිතයට ගන්නේ නැත. ඒ වෙනුවට පුවත්පතේ වාණිජ ක‍්‍රියාවලිය අඩපණ කිරීම මගින් දමනය කරන්නට ඔවුහු තැත් කරති. ගෙවුණු වසර දෙක හමාරක කාලය අපට මර්දනය ළඟා වූයේ සීතල ස්වරූපයෙනි. දැන්වීම් නැවතීමට බලපෑම් කිරීම, දුරකථන සේවා හා විදුලි සැපයුම් අවහිර කිරීම, සේවකයන් අධෛර්යයට පත් කිරීම, මුද්‍රණ සේවා සහ බෙදාහැරීමේ කටයුතු කඩාකප්පල් කිරීමේ උත්සාහයන් යනාදිය ඒ අතර විය. වාණිජ ව්‍යාපාරයක හැඩය ගන්නා එම ක‍්‍රියාදාමයේ දී අප වැනි කුඩා ජනමාධ්‍ය ආයතනයකට තරග කිරීම දුෂ්කර විය. බොහෝ විට අපට සිදු වූයේ තාවකාලිකව පරාජය භාරගෙන විකල්පයන් සොයා යාමටය. පවතින තත්වයන් තුළ තමන්ගේ දේශපාලන චෞරභාවයත් යුද්ධය හා යුද ජයග‍්‍රහණ හුවා දක්වමින් ගෙන යන තුච්ච ජාවාරම් රැුසත් හෙළි කරන ‘හඩ’ තර්ජනයක් ලෙස අභිමුඛ වන්නේ පවතින දේශපාලන බලයටයි. ඒ නිසා ‘ජනරළ’ නමැති ඒ හ`ඩ අවසන් කර දමන්නට පාලකයන්ට අවශ්‍ය වී ඇති බව පැහැදිලිය.
    ‘ජනරළ’ පුවත්පත ආරම්භ කරමින් එක් වූ පුවත්පත් කලාවේදී සොයුරු සොයුරියන් කිහිප දෙනකු හා අනෙකුත් කාර්යාලයීය සේවක සේවිකා සහෘදයන් පිරිස සමග පැමිණි මේ ගමන අප කිසිවකුට රෝස මල් අතුරන ලද මාවතක් වූයේ නැත. සටන්කාමී පීඩිතයන් වෙනුවෙන් මේ පුවත්පත බිහි වූයේ ද එක්ව සිටි මිතුරන් විසින් පසුපසින් පැමිණ පිහියෙන් අනිනු ලබන තත්වයන් තුළය. නැගනහිරින් පානම්පත්තුවේ සිට බස්නාහිර අග නාගරික පැල්පත්වාසී පීඩිතයන් දක්වා ද දකුණේ ධීවරයාගේ සිට යාපනේ ධීවරයා දක්වා ද අපගේ පුවත්පතේ අකුරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණි. එයින් නොනැවතී වන්නියේ සිට වතුකරය දක්වා ද පොළොන්නරුවේ ගොවි ජනතාවගේ සිට යාපනයේ ගොවි ජනයා දක්වා ද යුද්ධයෙන් පීඩිත උතුරේ කාන්තාවගේ සිට අරාබියේ දී හිස්ගැසුම් කෑ රිසානාලා දක්වා ද පෙනී සිටින්නට අපගේ පුවත්පත් කලාව ධෛර්යසම්පන්න විය.
    ලංකාවේ සතරදිග්භාගයේ පීඩිත ජනයින්ගේ උවමනාවන් වෙනුවෙන් කැප වෙමින් අපගේ පුවත්පත් කලාව ‘සටන් කරන අකුරු’ දක්වා පරිණාමය වූ පසුව, පිටස්තර සතුරන්ට අමතරව එක්ව සිටියවුන් ද සතුරන් බවට පත් විය. ඇති වූ වෙනස්කම විසින් පුවත්පතින් කෙරුණු අරගලය වෙනුවෙන් වෙන් කෙරුණු මානව හා භෞතික පහසුකම් අවමයකට සීමා කරන ලදී. ජනයාගේ හඩ වෙනුවෙන් පෑන අතට ගත් අපට ඉන් පසුව ජීවිතය ගෙවා දමන්නට සිදු වූයේ ද පුවත්පත පවත්වාගෙන යන්නට සිදු වූයේ ද දුෂ්කරතා රැුසක් මතිනි. සම්මුතිකාමීත්වය වෙනුවට අරගලකාරීත්වය තෝරා ගන්න මිනිසුන් ඉතිහාසය පුරා මුහුණ දුන් – දෙන්නට සිදු වූ ඉරණම ලෙස ඒ සියල්ල සම සිතින් වළඳන්නට අපි ධෛර්යය උපදවා ගතිමු.
    ඒ නිසා මුද්‍රණාලයට පොලිසියෙන් පැමිණි පුවත විසින් අපට තේරුම් කළ කරුණු රැසක් විය. කෙසේ වුව ද මැයි 10, 11 යන දෙදින පොලිස් බුද්ධි අංශ නිලධාරීන් මුද්‍රණාල හිමියා වෙත ගොස් ‘ජනරළ’ පිළිබඳ විමසා සිටියේ කිසිවකුගේ පැමිණිල්ලක් නිසාදැයි දැන ගන්නට අපට අවශ්‍ය විය. අප ගල්කිස්ස පොලිසියට ගොස් ඒ බව විමසූ අතර පොලිසිය කීවේ පැමිණිල්ලක් සම්බන්ධව කිසිවක් කියන්නට තමන්ට අවසරයක් නොමැති බවයි. සැඟවීමට කිසිවක් අපට නොවූ නිසා අප විසින්ම පුවත්පත හා මුද්‍රණාලය සම්බන්ධ නීතිමය කරුණු පොලිසියට ඉදිරිපත් කරන ලදී. එහි දී විශෙෂ විමර්ශන නිලධාරීන් අප සමග පැවැසුවේ මෙය පොලිස් බල ප‍්‍රදේශයේ මුද්‍රණාල පිළිබඳව කෙරෙන සාමාන්‍ය විමර්ශනයක් බවයි. පොලිස් නිලධාරීන් මුද්‍රණාලයකට පැමිණෙන්නේ කිසිවක් මුද්‍රණය කරන්නට නොවන බව අත්දැකීමෙන් දන්නා අපට මෙවැනි කතාවලින් පසුව සුහද සිතින් සමුගෙන එන්නට හැකි විය. එහෙත් ගල්කිස්ස පොලිසියේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉටු කරන්නේ තමන්ට පැවරුණු රාජකාරිය බව අපි දනිමු. එසේම පොලිසිය ලවා කොස් ඇට බාවන්නේ කවුරුන්ද යන වගත් අපි දනිමු.
    තුන්වැනි වරට 16 වැනිදා පොලිසිය මුද්‍රණාලයට පැමිණි විට ‘ජනරළ’ පසුපස යම්කිසි අදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බව වඩාත් තහවුරු කෙරිණි. 13 වැනිදා පැමිණි පොලිස් නිලධාරීන් මුද්‍රණාල හිමිකරුගෙන් ‘ජනරළ’ කාර්යාලය ඇත්තේ කොහේදැයි විමසූ බව අපට දන්වනු ලැබිණි. ‘ජනරළ’ පුවත්පත හොර රහසේ මුද්‍රණය කරන කැලෑ පත්තරයක් නොවේ. එය ප‍්‍රසිද්ධ කාර්යාලයක් පවත්වාගෙන යමින් අවම මට්ටමින් වුව ද වැටුප් ලබන සේවක සේවිකාවන් සහිත ආයතනයක් විසින් රජයේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ පුවත්පතකි. පොලිසියට අවශ්‍ය නම් ලිපිනය බලාගෙන ‘ජනරළ’ කාර්යාලයට පැමිණීමේ හැකියාව තිබිණි. දුරකථනයෙන් කතා කර පැමිණිය යුතු මාර්ගය අසා දැන ගන්නට හැකියාව ද තිබිණි. එහෙත් පොලිසියට නියෝග දුන්නේ කවුරුන් වුවත් ඔවුන්ට අවශ්‍ය වූයේ මුද්‍රණාල හිමියා බියපත් කරවා වෙනත් චිත‍්‍රයක් මවා මර්දනය කිරීම බව පැහැදිලිය.
    අපගේ පුවත්පත් කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙවැනි මැදිහත් වීම් අනපේක්ෂිත ඒවා ද නොවේ. එක් දෙයක් එයින් පැහැදිලි වේ. අයුක්තිය, අසාධාරණය, වංචාව හා දුෂණය ගැන කතා කරන්නේ සුළු පිරිසක් වුවද ඔවුන් පෙනී සිටින්නේ මුළුමහත් සමාජයක් වෙනුවෙන් බව වටහා ගන්නේ ද සුළු පිරිසකි. ඒ නිසාම ඔවුන් නිතර මතුරන මන්ත‍්‍රයක් තිබේ.
    ‘‘ ඕවා කතා කරලා නිකං අමාරුවෙ වැටෙන්නයි වෙන්නෙ’’
    අදත් අප අවට සිදු වන අයුක්තිසහගත දේ විවේචනය කිරීමේ දී ඕනෑම අයකුට අවට සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාරය ද එයයි. අප දන්නා ඉතිහාසයේ ස්පාටකස්ලාගේ සිට වර්තමානයේ දේශපාලන ක‍්‍රියාකාරීන් දක්වා කැරැලිකරුවන් යැයි හංවඩු ගහනු ලබන ඒ මිනිසුන් හුදෙකලා ඉරණමකට ගොදුරු කරන්නට ගතානුගතික සමාජය සූදානම්ය. මිනිසුන් ලියන අකුරු සටන් කරන බව ඒ ආකාරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් අමතක කරන එක් දෙයක් වේ. එනම්, මිනිසුන් සටන් කරන්නේ සාමකාමීව ජීවත් වන්නට නොහැකි තරමට ජීවිත ඇද දමනු ලැබූ විටය. අවසානයේ මිනිසුන් සටන් ම`ග තෝරා ගන්නේ සිය ජීවිතය පරදුවට තබමින් හෝ සෙසු මිනිසුන් සුවපත් කරනු පිණිසය.
    එහෙත්, සටන් කරන අකුරු සටහන් කරන්නට ජනමාධ්‍යකරුවන් ලෙස අප පෑන් අතට ගත්තේ එවැනි මිනිසුන් වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කරන්නටය. එහෙත් එය එතරම් පහසු කාරියක් ද නොවේ. අප ලියන අකුරු විසින් සිදු කරන්නේ අවට ලෝකයේ සරල අඩුපාඩු විවේචනයක් නොවේ. අප අතින් සිදු වන්නේ හාල්මැස්සන් ඉලක්ක කරනු වෙනුවට තෝරු මෝරුන් හෙළිදරව් කිරීමය. කෙසෙල් කැන් හොරුන්ට කස පහර දෙනු වෙනුවට මහජන දේපළ හොරකම් කළ බලපුළුවන්කාරයන් ගැන කීමය. අපේ අරමුණ පොකට් ගසනවුන් ගස් බඳිනු වෙනුවට බදු වංචාකාර කුවේරයන් පෑන් තුඩින් නිරුවත් කිරීමය. පොල් හොරුන් වෙනුවට පොල්වතු හොරුන් අනාවරණය කිරීමය. කුඩුකාරයන් හම ගසනු වෙනුවට කුඩු ජාවාරම්කරුවන් හෙළිදරව් කිරීමය. කෙටියෙන් කිවහොත් ජීවිතය ගැටගසා ගන්නට යමක් සපයා ගනු පිණිස සොරකමේ යෙදෙන්නවුන් නොව, පරපුරක් රාජ්‍යත්වයේ තබා ගන්නට රාජ්‍ය දේපළ කොල්ල කන මහා චෞරයන් හෙළි කිරීම සටන් කරන අකුරු ප‍්‍රමුඛතාවයේ සලකයි.
    ඒ අපගේ අකුරු සටන් කරන ආකාරයයි. එහෙත් ඒ සටන නොඉවසන සැලකිය යුතු පිරිසක් වෙති. ඔවුහු සියලූම දෙනා එක් අරමුණකින් අපව හෙළා දකිනවා විය නොහැකිය. මහා චෞරයන් කවුරුන්දැයි හෙළි කරනු ලබන විට එම චෞරයන් අප වෙත වෛරසහගත ප‍්‍රතිචාර දක්වනු තේරුම්ගත හැකිය. ඒ අතරම චෞරයන්ගේ අන්තේවාසිකයෝ අප වෙත ද්වේශ කරති. ඒ ජනතා දේපළ කොල්ලකමින් මහා චෞරයන් වළඳන දෙයින් ඉවතලන කටු ලෙවකන්නට අප විසින් බාධා කරන බැවිනි. මේ ආකාරයෙන් චෞරත්වය රජයන සමාජයක ජීවත් වනුයේ සොරකම සිදු කරනවුන්, එයින් ජීවත් වනවුන් පමණක් නොවේ. නිතිපතා සොරකමට භාජනය වන්නා වූ මිනිස්සු පීඩා විඳිමින් චෞරයන්ට ශාප කරමින් ජීවත් වෙති. එහෙත් අප ශාප කරමින් නිහඩව සිටියේ නැත.
    ආර්යාව කවුරුන්දැයි අසන්නට 16 වැනිදා ‘ජනරළ’ සොයා පැමිණියේ පෑලියගොඩ පිහිටි උතුරු කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකි. නිල ඇඳුමින් පැමිණි කිහිප දෙනකු හැරෙන්නට සිවිල් ඇඳුමින් පැමිණි තවත් පිරිසක් කාර්යාලය අවට සෝදිසි කළහ. ඒ අතර මා හමු වූ පොලිස් පරීක්ෂකවරයා දන්වා සිටියේ මැයි 12 වැනිදා පුවත්පත් සිරස්තලය පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඒ වන විටත් 19 වැනිදාට නියමිත පුවත්පත වෙනුවෙන් ‘ජනරළ’ කට්ටිය කඩිනමින් වැඩ කරමින් සිටියහ. ඒ අවස්ථාවේ පොලිසියට අවශ්‍ය කටඋත්තර දෙන්නට විවේකයක් නොවූයෙන් වෙනත් වේලාවක් ඒ සඳහා යොදා ගන්නට අපට අවශ්‍ය විය. එහි දී පසුදින එනම් 20 වැනිදා පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ඔවුන් විසින් දැනුම් දෙන ලදී.
    පසුදා අප පොලිස් අපරාධ කොට්ඨාසයට ගිය අවස්ථාවේ අපගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේ ආර්යාව හා රන් ජාවාරම පිළිබඳ පුවත ලියූවේ කවුරුන්ද යන්න සහ මේ කියන ආර්යාව කවුරුන්ද යන කාරණාවයි. නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස අප පුවත්පතට සම්බන්ධ වාර්තාකාරිනියක් විසින් ලියූ එම පුවත පොලිසියට වැදගත් වූයේ ඇයිදැයි දැන ගන්නට අපට අවශ්‍ය විය. එහි දී පොලිස් නිලධාරීන් පැවසුවේ රන් ජාවාරම සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් නිලධාරීන්, රෝයි ඩයස් නමැති කීර්තිමත් ක‍්‍රීඩකයාගේ බිරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්නේ තමන් බවයි. එම ජාවාරම ගැන පළ වූ පුවත් සියල්ල ගැන තමන් අදාළ පුවත්පත්වලින් ප‍්‍රකාශ ලබා ගන්නා බව ඔවුන් විසින් අපට පැහැදිලි කරන ලදී.
    පැය තුනක කාලයක් සිදු කෙරුණු මෙම ප‍්‍රශ්න කිරීමේ අරමුණ වූයේ තොරතුරු මූලාශ‍්‍රය දැන ගැනීමට අමතරව පුවත්පත විසින් ඉදිරියේ දී මේ සම්බන්ධව හෙළි කරන යමක් සම්බන්ධව තොරතුරු දැන ගැනීම බවත් තේරුම්ගත හැකිය. පොලිසිය යොදවා කරනු ලබන මෙම මැදිහත් වීමෙන් අප වටහා ගන්නා යමක් තිබේ. එනම්, අප ඇත්ත ජනසමාජය තුළ බලපෑමක් සහිත බව පාලකයන් විසින් පිළිගෙන ඇති බවයි. අප හෙළි කරන තොරතුරුවලින් තම අන්ත දුෂිත පැවැත්මට ක්ෂණිකව බලපෑමක් ඇති නොවූවත් ඒ ඇත්ත වටහා ගන්නා පීඩිතයන් දේශපාලන උද්වේගයක් අත්පත් කරගන්නා බව දන්නා පාලකයෝ බියපත් වෙති. අපගේ සටන් කරන අකුරු විසින් ඒ පීඩා විඳින මිනිසුන් යාන්තම් හෝ සහනයක් ලබනු අපි දකිමු. තම ජීවිත හා දේපළ කොල්ල කනු දකිමින් පීඩාවන් සියල්ල විඳදරා ගනිමින් අයුක්තිය ඉවසා සිටිමින් ඔවුහු කවදා හෝ මේ සියල්ල වෙනස් වනු ඇතැයි ප‍්‍රාර්ථනා කරති. දියසෙන් කුමාරයකු හෝ ගැලවුම්කාරයකු එනතුරු පීඩා විඳින මේ මිනිස්සු අයුක්තිය හෝ සමාජ අසාධාරණය පලවා හරින්නට තමන් සතු ක‍්‍රියාකාරීත්වය ගැන වැටහීමක් නැතිව කල් ගෙවති.
    එසේ වුවත් ඒ මහා චෞර රාජ්‍යය පරාජය කරන්නට ස්පාටකස්වරුන් නැගී සිටින දවසක් එළඹෙනු ඇතැයි අපි ද විශ්වාස කරමු. ඒ ස්පාටකස්වරු කිසි විට වෙනත් දේශයකින් පැමිණෙන්නේ නැති බවත් ඔවුන් පැන නගින්නේ මේ පීඩාවට පත් මිනිසුන් අතුරින්ම බවත් අපි තරයේ විශ්වාස කරමු. ඒ දවස දක්වා සමාජ අසාධාරණයටත් පීඩාකාරීත්වයටත් එරෙහිව අකුරුවලින් සටන් කරන්නට අපට සිදුව තිබේ. එහි දී චෞරයන්ගේ බාධා කිරීම්වලින් පසුබට වන්නට අපට නොහැකිය. අපගේ අකුරු සටහන් මඳකට හෝ නවතින දවසක් පැමිණේ නම් ඒ එකම අවස්ථාවක පමණි. ඒ, කිසිවකු අප ඉටු කරන හෙළිදරව් කිරීම් අපටත් වඩා හොඳින් ඉටු කරන්නට ඉදිරිපත් වන හා එසේ සිදු කරන දවසක පමණකි.
    චන්දන සිරිමල්වත්ත

    janarala
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රාජ්‍ය සම්පත් අපහරණය කිරීම්වල වාර්ථාපිට වාර්ථා තියන්න මේ මහින්ද සමත් වෙලා මේ මොහොතේ . බිලියන 1200ක් අයථා ලෙස පරිහරණය කිරීම් සහ මහා භාණ්ඩාගාරයේ රත්‍රන් පවා විකුනාදමා ඇතිබවයි කියන්නේ.
    මේවා අල්ලන්න එජාපය ඇල් මැරුන ස්වභාවයක් පෙන්නුම්කරන බවට සමාජ විවේචනයක් තියෙනවා. එජාපය පාලන කාලයේ මෙසේ වූ අයථා හැසිරීම් ඇල්ලුවේ නැති මහින්ද කෙටිකාලයකින් ඔවුන්ට එහා ගොස් කප් එක ගැහුවා. අපිට මේ පාලනය දෙන්නෙත් ඒ වගෙ උදාහරණයක්ද?. ඇත්තටම ජනතාවට සේවය කරන කන්ඩායම කවුද?. ඔබට තීන්දුවක් ගන්නම වෙනවා , ඔබ තවදුරටත් රැවටෙනවද නැත්ද කියල.
    එජාප කාලයේ සිදුවූ අයථා ගනුදෙනු මොනවාද?.දන්නා අය ලියන්න බලන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහා චෞර රාජ්‍යය පරාජය කරන්නට ස්පාටකස්වරුන් නැගී සිටින දවසක් එළඹෙනු ඇතැයි අපි ද විශ්වාස කරමු. ඒ ස්පාටකස්වරු කිසි විට වෙනත් දේශයකින් පැමිණෙන්නේ නැති බවත් ඔවුන් පැන නගින්නේ මේ පීඩාවට පත් මිනිසුන් අතුරින්ම බවත් අපි තරයේ විශ්වාස කරමු. ඒ දවස දක්වා සමාජ අසාධාරණයටත් පීඩාකාරීත්වයටත් එරෙහිව අකුරුවලින් සටන් කරන්නට අපට සිදුව තිබේ. එහි දී චෞරයන්ගේ බාධා කිරීම්වලින් පසුබට වන්නට අපට නොහැකිය. අපගේ අකුරු සටහන් මඳකට හෝ නවතින දවසක් පැමිණේ නම් ඒ එකම අවස්ථාවක පමණි. ඒ, කිසිවකු අප ඉටු කරන හෙළිදරව් කිරීම් අපටත් වඩා හොඳින් ඉටු කරන්නට ඉදිරිපත් වන හා එසේ සිදු කරන දවසක පමණකි.
     
    waligamaya

    Well-known member
  • ඒ ස්පාටකස්වරු කිසි විට වෙනත් දේශයකින් පැමිණෙන්නේ නැති බවත් ඔවුන් පැන නගින්නේ මේ පීඩාවට පත් මිනිසුන් අතුරින්ම බවත් අපි තරයේ විශ්වාස කරමු.

    bump
     
    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    Yoshitha.jpg