රන් පවුමක මිල රු. 140,000 ඉක්මවයි
මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි
මෙරට තුළ රන් මිල අද දිනයේ බලාපොරොත්තු නොවූ අයුරුන් ඉහළ ගොස් තිබේ.කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ අද දිනයේ මිල ගණන්වලට අනුව මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇත.
එය මෙතෙක් මෙරටින් වාර්තා වූ ඉහළම රන් මිල වේ.ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන් පැවසීය.



