රන් මාලය උකස්‌ කොට එළදෙනක්‌ බේරා ගත් යුවත&#353

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
රන් මාලය උකස්‌ කොට එළදෙනක්‌ බේරා ගත් යුවත&#353

cow_360px_02-03-13.jpg


දුලානි මේනකා පොළොන්නරුව ජයන්තිපුර කඩවල වැව පදිංචිකාරියකි. මෙම සටහනට ඇය පාදක වන්නේ විශේෂ හේතුවක්‌ නිසාය.

ගැහැනුන් රන් ආභරණ තව තවත් වැඩිකර ගැනීමට තැත් දරනවා මිස ඒවා අත් හරින්නට සූදානම් නැත. ගෙලෙහි බැඳි රන් මාලය උකස්‌ කොට මරණයට කැපව ගෙනයන එළදෙනක්‌ බේරාගන්නට යුවතියක්‌ වෙතොත් එය විශ්වාස කළ නොහැකි පුදුමයකැයි ඔබ කියනු ඇත.

ජයන්තිපුර දුලානි මේනකා සුවිශේෂ වන්නේ එබැවිනි.

දිනක්‌ ඇය මිදුලට වී සිටිය දී මිනිසුන් දෙදෙනෙක්‌, එළදෙනක හා පැටවුන් දෙදෙනකු ඇදගෙන යනු දුටුවාය. මේ සතුන් ගෙනයන්නේ මස්‌ පිණිස බව ඒ දසුන දුටු සැනින් ඇය අවබෝධ කොට ගත්තාය. ඇගේ හදට දැනුණු ශෝකය මහත් එකක්‌ විය. ඇය එළදෙනුන් දක්‌කාගෙන යන මිනිසුන් දෙදෙනා පිටුපස දිව්වාය. ඇය මහත් සේ දුක්‌ වූයේ එක්‌ පැටවෙකු මවගේ තණ පුඩුවලින් කිරි උරා බොමින් ගමන් කළ නිසාය.

ඇය මිනිසුන් දෙදෙනා නවතාගෙන කතා බස්‌ කළාය.

මෙවුන් අපේ හරක්‌ යෑයි කී මිනිසුන් පසුව සඳහන් කළේ මසට ගෙනියන බවය.

"මට මේ හරක්‌ ටික නිදහස්‌ කරගන්න ඕන"

ඇය ඉල්ලීමක්‌ කළාය. බැහැ. මේ දවස්‌වල මස්‌වලට ඉල්ලුම වැඩියි. අපි හරක්‌ ගෙනියන්න ඕන.

මිනිසුන් දෙදෙනා කීහ.

ඇය කෙතරම් පෙරැත්ත කළ ද හරකුන් දීමට මස්‌ වැද්දන් දෙදෙනා අකමැති වූහ.

දුලානි මේනකා වහා 119 ට කතා කළාය. පොලිසිය පැමිණියහ. හරක්‌ ගෙනයන දෙදෙනා කීවේ හරකුන්ගේ වටිනාකම රු 50000 ක්‌ (පනස්‌ දහසක්‌) බවය. පොලිසිය මැදිහත් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මුදල රු 5000 කින් අඩු කෙරිණි.

එහෙත් රු 45000 ක්‌ දුලානි අත තිබුණේ නැත. වෙළෙඳුන් දෙදෙනා ස්‌වල්ප මොහොතකට නතර කර ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්‌ කළ ඇය ළඟම තිබු බැංකුවට දිව ගියාය. ඒ සැනින් ඕ තම කරෙහි තිබූ රන් මාලය බැංකුවට උකස්‌ තබා රු. 45000 ක්‌ ලබාගත්තාය. ආපසු හැරී දිව ආ ඇය වෙළෙඳුන් දෙදෙනාට හතළිස්‌ පන්දහස දී එළදෙනත් පැටවුන් දෙදෙනාත් බේරාගත්තාය. ඇගේ පපුවට හුස්‌මක්‌ වැටුණේ ඉන් අනතුරුවය.

"ඉන් පස්‌සේ මම හරකුන් තුන් දෙනාම ගමේ වැසියෙකුට භාරදුන්නා. කිරි ගැනීමෙන් ගන්න ආදායමත් එයාටම ගන්න කිව්වා."

දුලානි මේනකා මෙවැනි පුන්‍ය කර්ම කළ පළමු වැනි වතාව මෙය නොවීම අනිත් විශේෂත්වයයි. එක්‌ අවුරුද්දක පොසොන් මාසයේදීත් මං මේ වගේ දෙයක්‌ කළා. මේ විදියටම එළදෙනක්‌ සහ පැටවෙක්‌ මං බේරගත්තා. කඩවල ගමේ 23 කණුවේ 8 වන කොටසේ ගම් වැසියන්ගෙන් රු. 51000 ක්‌ එකතු කළ නමුත් රු 10,000 ක්‌ අඩු වුණා.

ඒ අඩු වුණු දහදාහ මගේ අතින් දාල එදත් හරකුන් දෙදෙනා නිදහස්‌ කරගත්තා. ඒ සත්තු දෙන්නත් මේ ළඟ පාත කෙනකුට හදාගන්න දුන්නා.

දුලානි මේනකා විශාඛාව මෙන් සිටු දියණියක නොවේ. ඇය ජයන්තිපුර සාමාන්‍ය පවුලක දියණියකි. එහෙත් කරුණාවෙන් උතුරා යන හදක්‌ ඇත්තියක ලෙස කර බැඳී රන් මාලය ඇයට ලොකු නූවූයේ එබැවිනි. සතෙකුගේ ජීවිතය රන් මාලයට වඩා වටිනා බැව් ඇය සිතුවේ කරුණාවෙන් පිරි හදක්‌ ඇය සතු වූ නිසාවෙනි.

රූප රාජිනියන්ට සුපර් ස්‌ටාර් ගායිකාවන්ට අති මහත් ප්‍රසිද්ධියක්‌ දෙන මෙවන් කලෙක දුලානි මේනකා ගැන ලිවීම වරදක්‌ නොවේ.


ගත්තේ - http://mirror.lk/sinhala/news/6424-polonnaruwa-dulani-menaka