රන් සමනලයෙක් 🌺

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    රන් සමනලයෙක් ඇයගේ මුහුනෙන් පැණි බොන්නට ඇවිදින්

    කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ

    ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ලඟටම ඇවිදින්

    කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ



    මොණරෙක් නැති වුනු සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී

    ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහටද අපී

    නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වෙතට එබී

    අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තිබෙන හැටී



    විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි

    දෑතින් සිය ලැම මඩල වසාගෙන විලියෙන් ඈ ඇඹරෙයි

    කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි

    මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිව්රයි



    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සමග භාතිය-සංතුශ්

    පද රචනය : සුනිල් ආරියරත්න

    සංගීතය : රෝහණ වීරසිංහ

     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    • Like
    Reactions: PHBhagya and Nawwas