රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම

    මෙරට ධනවතුන් සඳහා ඉදිරි කාල සීමාවේදී ‘ප‍්‍රාග්ධන ඉපයීම් බද්ද’ නමින් නව බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.
    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අද කිරිබත්ගොඩදී පැවති උත්සව සභාවක් අමතමිනි
    ....................................

    2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කිහිපයක් සංශෝධනය කරන බවඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කළේය.
    ඒ අනුව එකතුකළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, ප්‍රාග්ධන ඉපැයීම් මත බදු, ව්‍යවස්ථාපිත ආදායම් බදු, සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු සඳහා මෙලෙස සංශෝධන ගෙනඑන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු වෙනුවෙන් 2016 අයවැය මඟින් සිදුකළ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කළ අතර 2015 වසරේ බදු ප්‍රතිශතයන් මෙම අංශ දෙක සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා කීය.
    ව්‍යවස්ථාපිත ආදායම් බදු සඳහා 2016 අයවැයෙන් යෝජනා කළ සියයට 15 ප්‍රතිශතය වෙනුවට සියයට 17.5ක අනුපාතයක් පැනවෙන බවද හෙතෙම පැවසීය.
    ප්‍රාග්ධන ඉපයීම් මත බදු අයකිරීම 1987 වසරේ සිට නවතා තිබූ බව පැවසූ ඒ මහතා පසුගිය වසර 10ක කාලය තුළ පෞද්ගලික ප්‍රාග්ධන වර්ධනය ඉහළ ගොස් ඇති බවද ඒ හේතුවෙන් එම බද්ද යළි පැනවීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.
    ජාතිය ගොඩනැඟීමේ බද්ද 2016 අයවැය මඟින් සියයට 2 සිට 4දක්වා වැඩි කිරීමට යෝජනා කළ පරිදි ක්‍රියාත්මක කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් වන හෙයින් එය දැනට පවත්නා ආකාරයට සියයට 2 ප්‍රතිශතය නොවෙනස්ව පවත්වා ගැනීමට කටයුතු කරන බවද අගමැතිවරයා පැවසීය. එකතුකළ අගය මත බද්ද සියයට 8ක් සහ සියයට 12.5ක් වශයෙන් අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට 2016 අයවැයෙන් යෝජනා කළද එය සියයට 15ක් ලෙස පවත්වාගෙන යාම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් බවද අගමැතිවරයා අවධාරණය කළේය.
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    copyright

    cnews
    dinamina

    • Like
    Reactions: netlife007

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    මිනිස්සු උද්ඝෝෂණය කරනවා..ඒවා ගාණක්වත් නැහැ වගේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මිනිස්සු උද්ඝෝෂණය කරනවා..ඒවා ගාණක්වත් නැහැ වගේ..

    mata mathak wenne issara UNP andu kale. Puduma udgoshana thogayak thibbe

    kamkaru mardana.......privatization........mathiwarana kaldamima .........mardanaya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අයවැයක් වැඩක් නෑ නෙ බන් මෙහෙම හිතෙන හිතෙන වෙලාවට ප්‍රතිපත්ති වෙනස් කරාම.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි නම් ඔය බද්දට අහුවෙන්නෙ නෑ .ඇඩ්මින් තුමා අහුවෙයිද දන්නෑ .ඇයි යකෝ සුවල්ප ගානක්ද ඇඩ් වලින් හොයන්නෙ :rofl::rofl::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මිනිස්සු උද්ඝෝෂණය කරනවා..ඒවා ගාණක්වත් නැහැ වගේ..

    When did they ever changed anything just because people protested? :rofl: Every politician is the same! Nothing will ever move forward in this country!! rather backwards.:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපි නම් ඔය බද්දට අහුවෙන්නෙ නෑ .ඇඩ්මින් තුමා අහුවෙයිද දන්නෑ .ඇයි යකෝ සුවල්ප ගානක්ද ඇඩ් වලින් හොයන්නෙ :rofl::rofl::rofl:

    :rofl::P
     
    bitter truth

    This is the worst government in the history of sri lanka second to Premadasa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අපි නම් ඔය බද්දට අහුවෙන්නෙ නෑ .ඇඩ්මින් තුමා අහුවෙයිද දන්නෑ .ඇයි යකෝ සුවල්ප ගානක්ද ඇඩ් වලින් හොයන්නෙ :rofl::rofl::rofl:

    Who are you talking about? GT? :confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපි නම් ඔය බද්දට අහුවෙන්නෙ නෑ .ඇඩ්මින් තුමා අහුවෙයිද දන්නෑ .ඇයි යකෝ සුවල්ප ගානක්ද ඇඩ් වලින් හොයන්නෙ :rofl::rofl::rofl:

    ඒ උබ හිතන හැටි, ධනවතුන්ට ලොකු ලොකු බදු වැටෙන කොට උන් උන්ගේ බිස්නස් වලින් ඒවා අල්ලන්න බලනවා, එතකොට පොඩි උන්ටයි වක්‍ර ලෙස බඩට වදින්නේ. උදාහරණයට මැලිබන් මුදලාලිට ටැක්ස් වැදුනම වෙන්නේ, ඌ ඒක හොයන්න මැලිබන් ප්‍රඩක්ට් වල මිළ වැඩි කරනවා, එතකොට දුප්පතාට මේක හොදට දැනෙනවා. මේක හරියට වක්‍ර බද්දක් වගේ. මේ හැම බද්දකින්ම වෙන්නේ දුප්පතාට බඩට වදින එකයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඒ උබ හිතන හැටි, ධනවතුන්ට ලොකු ලොකු බදු වැටෙන කොට උන් උන්ගේ බිස්නස් වලින් ඒවා අල්ලන්න බලනවා, එතකොට පොඩි උන්ටයි වක්‍ර ලෙස බඩට වදින්නේ. උදාහරණයට මැලිබන් මුදලාලිට ටැක්ස් වැදුනම වෙන්නේ, ඌ ඒක හොයන්න මැලිබන් ප්‍රඩක්ට් වල මිළ වැඩි කරනවා, එතකොට දුප්පතාට මේක හොදට දැනෙනවා. මේක හරියට වක්‍ර බද්දක් වගේ. මේ හැම බද්දකින්ම වෙන්නේ දුප්පතාට බඩට වදින එකයි.

    exactly
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ප්‍රාග්ධන බද්දක් සහ ප්‍රාග්ධන ඉපයීම් මත බද්දක් ලෙස බදු 2ක් වෙන්නත් පුළුවන්.
    ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාර අරඹන විට යොදවන ප්‍රාග්ධනය මත බද්දක් එනවා,-ඒ ප්‍රාග්ධන බද්ද. ඒ යොදවන ප්‍රාග්ධනය තුලින් ඉපයීම් කරන විට ඒ ඉපයීම්ට බද්දක් එනවා, ඒ ප්‍රාග්ධන ඉපයීම් බද්ද.
    මේ දෙකෙන් ම වෙන්නේ නිෂ්පාදන සහ සේවා වල මිල වැඩිවීම. කොටින් ම ධනවතුන් මත බද්ද පනවනවා කිව්වට වක්‍රව බද්ද අය වෙන්නේ භාණ්ඩ සහ සේවා පාරිභෝගිකයන් මත.

    මම නං හිතන්නේ ම මේක මේ ආණ්ඩුව අස්ථාවර කරන්න, මහජනයා අතර අපකීර්තියට පත් කරන්න යන ප්ලෑන් එකක් කියලා. අවංකව ම කලින් මගේ ජීවිත කාලය තුල එජාප රජයන් මෙහෙම මිනිසුන් අතර අපකීර්තියට පත් වන විදියේ බදු ක්‍රම ගෙනාවේ නෑ.
     
    මම හිතන්නේ ලෝක බැංකුව, ජාතන්තර මුල්‍ය අරමුදල වගේ ආයතන වලින් යෝජනා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ඒවායේ කොන්දේසි හරි දරුණුයි. අනිත් පැත්තෙන් ආණ්ඩුවට බල්ලෝ මරල හරි අය වැය පරතරය අඩු කරන්න වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩියි. ගෙවද්ද තියෙන නය තවත් වැඩි වෙනවා. වැඩි කල රජයේ සේවක වැටුප් ගෙවන්න ඕනේ.

    රනිල්ට විකල්ප අඩුයි මේවගේ බදු ගහනවා ඇරෙන්න
    අන්තිමට මේ හැම බද්දක්ම කෙලින් හෝ වක්‍රාකාරව ජනතාවට තමයි ගෙවන්න වෙන්නේ. ලස්සනට බිලට එකතු කරවී.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar546449_13.gif