රනිල්ගෙන් හොඳ interview එකක් ඔබ බලාපොරොත්තු උනේ ඇයි?
රනිල්ගේ ඉන්ටර්වීව් එකේ හොඳ නරක ගැන සමාලෝචන ඕන තරම් තිබුණත්, සමහරු මගේ අදහසත් අහලා තිබුණා. ඒක නොලියන එකට චැලේන්ජ් කරන අයත් හිටියා.
ඕක පැති කීපයකින් බලන්න පුළුවන්.
එකක් ඔහුගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එක වැරදියි. අවුරුදු 50 ක් මේ භූමියේ දේශපාලනය කරලා, බොරු කියලා, තැලිලා පොඩිවෙලා මනුස්සකමක් ආයේ ඉතුරු වෙන්නේ නෑ ඔය ගාණට එන කොට. බැනුම් අහලා, පරාදවෙලා, අපහාස විඳලා මේ වගේ දේශපාලකයෙකු වෙන කොට මානසිකත්වය ඩැමේජ් වෙලා තියෙන්නේ. මම හිතන්නේ නොපෙන්නුවාට ගොඩක් දේශපාලකයන්ගේ මනස පිරිහෙළා තියෙන්නේ. ඒ මේ ක්ෂේත්‍රයේ තියෙන පීඩනය දරා ගන්නම ගිහින්. එහෙම කෙනෙක් විදියට ජනාධිපති පුටුවේ ඉඳගෙන හරහට ප්‍රශ්න අහන කොට අර ඩැමේජ් වෙච්චි මිනිහා මතුවෙන්න පුළුවන්. ඒක අපි මහින්දගේ, රනිල්ගේ, චන්ද්‍රිකා ගේ වගේ විතරක් නෙවෙයි සාපේක්ෂව තරුණ නාමල්ගේ පවා තියෙන දෙයක්. බොහෝ අයට ඒක පාලනය කර ගෙන එළියට වෙන දෙයක් පෙන්වන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට එළියට පනිනවා නොදැනිම. ඉතිං රනිල්ගෙන් නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූ මට්ටමේ හැසිරීම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ අවස්ථාවකට පෙර සූදානම් වෙලා නොසිටපු එක රනිල්ගේ ටීම් එකේ වැරැද්ද. මේ වගේ ප්‍රශ්නයක් අහනවා ඒකට මොකක්ද කියන්නේ කියලා පූර්ව සූදානමක් තිබීම වැදගත්. එසේ නොවුන හොත් ක්ෂණික කෝපයෙන්, අර ඩැමේජ් මයින්ඩ් එක එළියට මතු වෙනවා.
අනික රනිල් කියන්නේ communication skills වලින් හරිම දුර්වල චරිතයක්. හරියට මිනිහෙකුගේ මූණ බලලාවත් කතා කරන්න බැරි, සමාජ මට්ටං හොයන, හැමෝම එක්කම ඉන්න බැරි කෙනෙක්. හරියට තාලයකට අත්පුඩියක් ගහන්න බෑ කියලා රටම දන්නවා. ඔහුගේ ශරීරයේ ඒ රිද්මය නෑ. ඒ නිසාමයි ඔහුට ජනතාව දිනා ගැනීමට බැරි වෙලා තියෙන්නේ. එජාපයේ දැඩි සහ විශාල මනාප බැංකුව නොවන්නට ඔහුට මෙසේ දේශපාලනය තුල රැඳී ඉන්නවත් බැරි වෙන්නට තිබුණා. පවුලේ උරුමයෙන් ලැබුන මනාප බැංකුව නිසා ඔහු මේ දුර ආවේ. ඒ දුර්වල කම එක්ක රනිල් කිසිම දවසක හොඳට සංවාදයක යෙදෙයි කියල හිතන්න එපා. ඒක ඔහුගේ ඇඟේ නෑ. රනිල් මතක හිටින්න කරපු කථාවක්, සංවාදයක් අපි කාටවත් මතක නැත්තේ ඒකයි. ඔහුට ඒ හැකියාව උපතින් පිහිටලා නෑ. ඒ සන්නිවේදන දුර්වලතාවය ඔහුගේ දේශපාලන ජීවිතයේ ඔහුට තිබුන ලොකුම බාදාව කියන්න පුළුවන්.
අනික රනිල්ට ඊළඟ ඡන්දයට තියෙන්නේ පොඩි කාලයයි. ඒකට කළින් රටේ ඉන්න යම් කිසි පිරිසක් impress කරන්න තියෙනවා. බටහිර ගැති ලේබලය ගලව ගන්න, සුද්දන්ට බනින ගතිය වගේ පොඩි මහින්ද පාට් එකක් දාන්න ඔහු උත්සහ කරනවා වෙන්න පුළුවන්. ඒකත් කවුරු හරි දීපු උපදෙසක් විදියට හිතේ තියෙන්න ඇති. ලැබුන අවස්ථාවෙන් එහෙම එකක් කරලා පෙන්නන්න ගියාට එහෙම දෙයක් කරන්න ඔහුට මහින්දගේ ස්කිල් එක නෑ. ඒ නිසා වැඩේ හිතපු විදියට ආවේ නෑ. ඒක බැක් ෆයර්. වැඩේ ෆේල් උනා.
රනිල් මෙච්චර කල් හොඳටම කරලා තියෙන්නේ අරමුදල් සපයා ගැනීම. IMF ගෙන ඒම, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යෑම වගේ දේවල් ඉදිරියෙන් තිබුණත්, සැළකිය යුතු ප්‍රතිසංස්කරණ තවමත් ප්‍රමාදයි. විශේෂයෙන් රාජ්‍ය සේවය කුඩා කිරීම, පුද්ගලීකරණ වැඩපිළිවෙළ, රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ආදිය තවම කොට උඩ. වංචා දූෂණ පනත සම්මත කළාට රාජ්‍ය අංශයේ හොරු ටික තවම යහමින් සොරා කෑමේ නියැලෙනවා. බදු එකතු කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම ගැන වැඩ පිළිවෙලක් එකතු වෙලා නෑ. ගජමිතුරු ධනවාදයට තාම අහුවුන, එයින් මිදීමට නොහැකි දේශපාලකයෙකු ලෙසයි තවමත් ඔහු සිටින්නේ.
ඒ දුර්වලකම් වලින් ලොකුම එක හැම තිස්සෙම ඊළඟ ඡන්දය දිනන්න උත්සාහ කිරීම. ඒක ඕන සාමාන්‍ය දේශපාලකයෙකු ලඟ තියෙන පුරුද්දක්. ඊළඟ ඡන්දය ප්‍රධාන ඉලක්කය උනහම, රටක් හදන්න අමාරුයි. ඡන්දයක් දිනන්න උත්සාහ කිරීමයි, රට හරි පාරට තල්ලු කර ගැනීමයි දෙකක්. රටක් හදන්න වෙන්නේ දිනන පරදින එක අමතක කරලා. ඊළඟ ඡන්දයට කළින් රට හරි පාරට වැටුණොත් දිනන එක කොහොමත් සුවර්. නැත්නම් ඉතිං ආණ්ඩු පෙරලෙනවා. දැන් ඒකට ඔහුට කාලයක් නෑ.
ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ අමුවෙන් බනින එක, නම ඇදේට ලියලා, කුණු හරුප සද්දෙකුත් එක්ක එන්න ලියනවා නම් ඒකට කැමති අයත් ඉන්නවා. ඒත් සොක්‍රටීස්ගේ කතාව මතක් වෙන කොට එහෙම කරන්න අවශ්‍ය නෑ.
" ඔබේ සියළු ශක්තිය සතුරා විනාශ කිරීමට නොව, අලුත් ක්‍රමය නිර්මාණය කිරීමට යොදවන්න "
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
#හරිත