රනිල්ටත් ජවිපෙ එපා වෙයි
ඉදිරි මහ මැතිවරණයේ දී තරග කළ යුතු ලකුණ පිළිබඳ ජවිපෙ ඉදිරිපත් කළ අදහස් නිසා එජාප නායක රනිල් වික්‍රමසිහ මහතා ජවිපෙ පිළිබඳ කළකිරීමෙන් සිටින බව දැන ගන්නට තිබේ. මහ මැතිවරණයේ දී එජාපය තරග කළ යුත්තේ ‘අලියා’ ලකුණින් බව එම පක්ෂයේ බහුතරයක් මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති අතර පක්ෂයේ ලකුණ නොමැතිව තරග කළහොත් ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. එහෙත් ජවිපෙ අනුර දිසානායක මහතා එජාප නායකයාට ප්‍රකාශ කර ඇත්තේ එජාපය හා ජවිපෙ මහ මැතිවරණයට ද පොදු ලකුණක් යටතේ සන්ධානගත වී තරග කළ යුතු බවයි.මෙහිදී වික්‍රමසිංහ මහතා ‘අලියා’ ලකුණ යටතේ මැතිවරණයට තරග කළ යුතු බවට තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දරන මතය දිසානායක මහතාට දන්වා ඇති අතර එය ඇසූ ඔහු කෝපයට පත්ව පවසා ඇත්තේ ‘‘අලියවත් සීනුවවත් තියාගෙන අපිට දිනන්න බෑ. ඒක නිසා හංසයාගෙන් තරග කරමු. අනිත් එක ඡන්දෙන් ඡන්දෙට ලකුණු මාරු කරන්න ගත්තම මිනිස්සුන්ටත් එපා වෙනව.’’ යනුවෙනි. මේ සිදුවීමෙන් පසු වික්‍රමසිංහ මහතා අනුර දිසානායක මහතා සමග කතාබහ කිරීම අවස්ථා කිහිපයකම ප්‍රතික්ෂේප කර ඇත්තේ විවිධ අසත්‍ය හේතු ඉදිරිපත් කරමින් බව වාර්තා වේ. මේ අතර අනුර දිසානායක මහතා ද එජාප නායකයාගේ මෙම ප්‍රතිචාරය හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව සිටින බව ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.