රනිල්ට උදව් කරන්නැයි රොෂාන්ට අමතා ගෝටාභය කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

    තමන් ක්‍රිකට් ආයතනයේ දුෂණ වලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බවද ඔහු සඳහන් කර තිබෙන්නේ යූ ටියුබ් සංවාදයකට එක්වෙමින්.

    රනිල් වික්‍රමසිංහ මහතා එක් අවස්ථාවක මහනුවර ප්‍රදේශයේ මහවැලි ගඟ මධ්‍යයේ ඇති දුපතක් ඔහුගේ හිතවතෙකුට ලබාදෙන ලෙස තමන්ට බලපෑමක් සිදුකල බවද ඔහු මෙහිදී සදහන් කර තිබෙනවා.

    රාජපක්ෂ කඳවුර තමන්ට බිය වී කටයුතු කළ බවත් පවුල් දේශපාලනය තුළ ඔවුන් ඉතා අශෝභන ලෙස කටයුතු කල බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වූ දුෂිතයින් සමඟ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බැවින් තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබෙනවා.

    @netudara @2osama yako namalta udawu karanna kiyala nedda?
    a kiyanne nandasena dannawa namal pons paradinawa kiyala.