රනිල්ද? අනුරද?

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    puluwan.jpg


    රනිල්ද? අනුරද?

    ආර්ථික ස්ථාවරත්වය සහ සිස්ටම් චේන්ජ් කිරීම

    අප රටක් වශයෙන් දැන් ඉන්නේ ඉතාම දරුණු ආර්ථික කඩා වැටීමකින් යාන්තම් හිස ඔසවන ගමන්. 2022 ගෝටාභයගේ ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ දේශපාලන හිඩැස පිරවීමට කිසිවෙකු නැති අවස්ථාවක, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම හිඩැස පුරවා මේ වන විට සැලකිය යුතු මට්ටමක ආර්ථීක ස්ථාවරත්වයක් කරා රට මෙහෙයවා තිබෙනවා.

    අනිත් අතින් ගත් කල දශක ගණනාවක් තිස්සේ රට තුළ ක්‍රියාත්මක වන සමස්ථ ක්‍රියාවලියම දූෂිත බැවින් එය වෙනස් කිරීම සඳහා දූෂණ චෝදනාවලින් තොර අලුත්ම දැක්මක් ඇති නායකත්වයක් අවශ්‍ය බව සමාජයේ විශාල කතා බහකට ලක්වී තිබෙනවා.

    දැන් තත්වය අනුව අපේ රට නැවක් නම් නැව දැන් ඇත්තේ සූවස් ඇළට ඇතුළු වී භාගයක් දුර ගමන් කර ඇති තත්වයකයි (සූවස් ඇළ යනු මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කරමින් මිනිසා විසින් තැනූ ඉතාම පටු මාර්ග සහිත ඇළ මාර්ගයකි. මෙය ආසියාව සහ යුරෝපය අතර තිබෙන ප්‍රධානම වෙළඳ මාර්ගයයි). ආසියාවේ සිට පැමිණෙන සියලුම නැව් යුරෝපය දෙසට ගමන් ගන්නේ මේ මාර්ගය ඔස්සේය. එසේත් නැත්නම් ඔවුන් සති ගණනක් ගතවන වෙහෙසකර ගමනක් වෙන අප්‍රිකාව වටා යන මුහුදු මාර්ගයෙන් අත්ලාන්තික් සාගරයට පිවිස යුරෝපයට පැමිණිය යුතුයි. සූවස් ඇළ තුලට ඇතුළු වන ඕනෑම නැවක් ඇළ හරහා ගමන් කරවීමට අවසර ඇත්තේ ඒ සඳහා මනා පුහුණුවක් ලද, පළපුරුද්ද සහිත කපිතාන්වරයෙකුට පමණි. නැවේ සිටින කිසිවෙකුට ඔහුගේ අණට ඉහලින් කිසිම තීරණයක් ගැනීමට මේ ගමනේදී අවසර නොලැබේ. මන්ද යත් එය පළපුරුදු ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද කපිතාන්වරයෙකුටද ඉතාම අසීරු බැරෑරුම් කාර්‍යභාර්‍යකි. සූවස් ඇළ තරණය කල පසු ඔහු නැවෙන් ඉවත්ව යන අතර නැවේ කාර්‍යමණ්ඩලයට එතැන් පටන් නැව තමාට කැමති අයුරින් අවසාන සන්ධිස්ථානය කරා මෙහෙයවාගෙන යා හැකිය.

    දැන් කඩා වැටුනු ආර්ථිකය නම් සූවස් ඇළ හරහා යාමට රනිල් ශ්‍රී ලංකාව නම් නෞකාව සූවස් ඇළට ඇතුළු කොට හමාරය. දැන් මෙවැනි තත්වයක කිසි දිනක නැව පදවා නැති කපිතාන් වරයෙක් සමඟ සූවස් ඇළේ ඉතිරි කොටස යෑමට සිතීම හෝ රිවස් එකට ගොස් අප්‍රිකාව වටා සති ගණනක් යෑම ඉතාම අහියෝගාත්මක, වෙහෙසකර සහ අවදානම් ක්‍රියාවකි.

    නමුත් රනිල් මේ නැව සූවස් ඇළෙන් එතෙර කොට අවසන් කළ පසු නව කපිතාන් වරයෙකුට එය විශාල අවදානමකින් තොරව අවශ්‍ය කර තිබෙන ගමනාන්තය දක්වා ගෙන යා හැක.
    එම නිසා මේ අවස්ථාවට අනුව ඔබට වඩා වටින්නේ ආර්ථික ස්ථාවරත්වය නම් වඩා හොඳ තේරීම රනිල් වන අතර ඔබට වඩා වැදගත් සිස්ටම් චේන්ජ් කිරීම නම් තේරීම අනුර විය යුතුය. නමුත් සිස්ටම් චේන්ජ් කිරීම අරමුණු කරගෙන මේ අවස්තාවේ යන ගමන ඉතාම කටුක, අසීරු ගමනක් වනවාට කිසිදු සැකයක් නැත.

    #ranilforpresident #safeeconomy #EconomicStability
    #SriLanka2024
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,531
    28,359
    113
    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,694
    113
    සුවස් ඇලෙන් එගොඩ කරන්න වෙන්න ඇති VFS වීසා ස්කම් එක, මන්නාරමේ අධානි සුළං භාලගරේ වගේ ප්‍රොජෙක්ට් කරේ...