රනිල් එනවා

bkizza93

Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    CMLXI වන කොටස.

    රනිල් වික්‍රමසිංහ හිරේ යන්න ඕන කියපු නිසා, ගොඩාක් අය බැනලා එවලා තිබුනා. රනිල් වික්‍රමසිංහ හිරේ යන්නම ඕන. තමන් රජයට පරිත්‍යාග කරපු වැලිකඩ හිරගෙදර රනිල් වික්‍රමසිංහ හිරබත් කමින් ඉන්නවා. එලෙස සිටින විට, යම් අර්බුදකාරි අවස්තාවකදී, ජනතාව හිරගෙදර කඩලා, රනිල් වික්‍රමසිංහ එළියට අරන්, රජ පුටුවේ වාඩි කරන අවස්ථාවක්, නොඒවි කියලා කියන්න පුළුවන්ද ...............................................

    මචං. මම සෑම විටම කියනවා. ජෙප්පන්ගේ ලෝකය හරිම පුංචියි කියලා. ඒ ලපටි මානසි/කත්වයම තමා, ජෙප්පන්ගේ විනාසයට මූලික වෙන්නේ. ජෙප්පන් සිතනවා. ඇස් පුංචි කරලා, අධි සංවේදි වචන කිහිපයක් දාලා ජන මනසට කතා කරන එකෙන් සියල්ල විසදන්න පුළුවන් කියලා. කොටින්ම කියතොත් රාජ්‍ය යාන්ත්‍රණය පවා එමගින් මෙහෙයවන්න පුළුවන් කියලා. අන්න එනිසා මේ සියල්ල අවුල් වී අරගලයක් එන්නේ.

    ජෙප්පන්ගේ ලපටි මන/සට අරගලයක්, අර්බුදයක් කිවම සිනහවක් නැගෙනවා. ඒ එයාලගේ ලපටි මානසි/කත්වයත්, දකින පුංචි ලෝකයත් නිසයි. ජෙප්පන් උපරිමෙන්ම දකින ලෝකය තමයි අනුර කුමාර දිසානායක. ඊ⁣ට එහා ලෝකයක් නෑ. අනුර මොකක් හරි වුනොත්, මොනවා හරි කරයි කියලා සිතනවා.

    එයටත් හරියට, 159 නෑවම, ලොකු නානා පාර්ලිමේන්තු ඇවිත් සේදුවම, කතාව වෙනතකට හැරෙනවනේ. ඒ වගේ දෙයක්.

    ජෙප්පන්ට අනුර කුමාර කියන්නේ, පූටින් කෙනෙක්, ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක්, මෝදි කෙනෙක්. එනිසයි, අර්බුදය ගැනත්, අරගලයක් ගැනත්, අන්තිම මොහොත වෙනකම් ජෙප්පන්ට සෙන්සර් නොවන්නේ.

    තව දින 06 කින් 2026 වසර ලබනවා. තාම 2026 නිල ගෑස් සැපයුම්කරැවෙක් නෑ. මෙතෙක් ලංකාවට ගෑස් දුන්නේ ඕමාන් රජයේ සමාගමෙන්, නමුත් කැළණි බැචෙක්, මූලික වෙලා, ලෝකෙවත් නැති සමාගමකට, ලංකාවේ ගෑස් ටෙන්ඩරය OQ එකෙන් ගලවලා දෙනවා.

    දැන් කොහොමද 2026 ට ගෑස් දෙන්නේ. ගෑස් ටෙන්ඩරයක් දාලා, කම්ෆැනියකින් ඕඩර් කරලා, ගෑස් ගන්න, මාස 04 ක්වත් යනවා. අනික එයත් විශාල වියදම් හා ෂුවර් එකක් නැති වැඩක්. එනිසා දැන් ලංකාවේ තියෙන ගෑස් ටික පමණයි, පරිභෝජනයට ඉතිරි වෙලා තියෙන්නේ.

    මෙනිසා ජනවාරි අග සිට ගෑස් පෝලිම් ඇති නොවි තියේවිද. ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️

    වී ගොවියගේ පොහොර මුදල් දුන්නේ නෑ. තේ පෝරත් දෙන්නේ QR cord එකකට. එනිසා තේ දල්ලේ ඉදලා, සියළුම වාණිජ / පරිබෝජන කෘෂි නිෂ්පාදනය පහත වැටිලා,

    ඉන්දියන් බාල බෙහෙත් තමයි ලංකාව පුරාම තියෙන්නේ, දැනටමත් ඖෂධ 400 ක විතර හිගයක් තියෙනවා.

    ටුවරිසම් කඩන් වැටිලා, මේ සීසන් එකේ සුද්දෝ නෑ.

    විදෙස් ශ්‍රමිකයන් දැන් සල්ලි එවන්නේ උන්ඩියල් හරහා. එමගින් ඩොලරයට 330 ක් ගෙවනවා. මෙයට මාළිමාව ඇක්ෂන් ගන්නේ නෑ. මේ පිටුපසත් මාළිමාවේ ලොක්කෝ ඉන්නවලු.

    දැනටමත් ළදරැ කිරිපිටි සිට ගොඩාක් දේවල් වෙළෙද පොලේ හිගයි.

    මෙවැනි කරැණු දස දහස් ගණනක් තියෙනවා. මෙනිසා ලංකාවේ ගෑස්, ආහාර, ඖෂධ පෝලිම් එනවා. එවිට එම පෝලිම්වල සිටින ජනතාව පාරට බැහැලා විසදුම් සොයන්න ගන්නවා.

    ඔවුන් දන්නවා මෙයට විසදුම දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට විතරයි කියලා. අන්න එවිට රනිල් වික්‍රමසිංහ හිරේ සිටියත්, හිරගෙදර කඩලා හරි, එළියට අරන්, කරේ තියන් ගිහින් රජ පුටුවේ වාඩි කරවනවා.

    එනිසා මෙයයි පවතින වාතාවරණය. මම කරන්නේ අද දවසට, මේ මොහොතට පවතින වාතාවරණය සටහනක් ලෙස ඔබට ඉදිරිපත් කිරීම පමණයි.

    උදය ප්‍රභාත් පතිරණ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වික්කමසින්න මහත්ට්‍යා නැති කාලෙක අපිට බලන්න උන්දැගේ දරුවෙක් වත් නෑනෙ

    නාමල් මහත්ට්‍යාට නම් දන්න සූත්තර ඔක්කොම මහින්ද අප්පොච්චි කියල දීල ඇති. ඒතුමා ඉන්නකල් අවුලක් නෑ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,706
    113
    Kandy
    රනිලව හිරේට දාන් නෑ ආයේ මයිනව හිරේට දාන්නෙත් නෑ අනුර බයයි.ස්වභාවිකවය ආයුශ ඉවර වෙලා මැරෙනකල්ම ඔහේ නිදහසේ ඉන්න දෙනවා .රනිල්ට මහින්දට සජිත්ට අත තියන් නෑ කවදාවත්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    රනිල් පකයගෙන් වැඩක් නෑ.
    මේකේ මේ කියලා තියෙන අනිත් ඒවා ඇත්තද කියපන්...
     
    • Like
    Reactions: Candid-B

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,750
    13,054
    113
    35
    Spain
    ටුවරිසම් අවුල මටත් තේරුනා, ගිය අවුරුද්දේ ගාලු පාරේ පුදුම විදියට සුද්දෝ හිටිය, බස් එකක් බැලුවම බාගයක් විතර සුද්දෝ. මේ අවුරුද්දේ එහෙම නැහැ, අඩුවක් පෙනෙනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ටුවරිසම් අවුල මටත් තේරුනා, ගිය අවුරුද්දේ ගාලු පාරේ පුදුම විදියට සුද්දෝ හිටිය, බස් එකක් බැලුවම බාගයක් විතර සුද්දෝ. මේ අවුරුද්දේ එහෙම නැහැ, අඩුවක් පෙනෙනවා
    Bus එකේ යන සුද්දෝ දැන් කාර් අරන් යන්නේ.
    ඒකයි ඒ..
     
    • Like
    Reactions: win7dot

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,643
    113
    Mother Earth
    රනිල් පකයගෙන් වැඩක් නෑ.
    මේකේ මේ කියලා තියෙන අනිත් ඒවා ඇත්තද කියපන්...
    සහතික ඇත්ත. ගෑස් සීන් එක හරි. මොකද පෙට්රෝලියම් එකේ වැඩ කරන ලොක්කෙක් කිව්ව ඔය කතාවම. 🤷🏻‍♂️

    Tourism promote කරන්නේ නෑ. ගිය රජයවල් වලින් tourism promote කරා. මුන් නිකන් බලන් ඉන්නවා අවොත් එයි නැත්තන් නිකං ඉඳියි කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 5:54 PM

    ලපකොටාට තවත් support කරන උන් දැක්කොත් අනුකම්පා කරපන්. ඌ රියල් වහලෙක්. වහල් කම තමයි උගේ ජීවිතේ. 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 5:55 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Joined Dec 4, 2025

    ඔයාගෙ නම රුක්සාන් බෙල්ලන ....ද?


    images
     
    • Haha
    Reactions: vito

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මේ ආන්ඩුව කෝමත් 2026 මීට වඩා චොර වෙනවා , මුන්ගේ ලොන්ත පාලන ක්‍රමය සැමට සමානව ටෝක් කරලා බේරගමු සුරංගනා කතා , ප්‍රයෝගික නොවන ෆැම්ටසි කතා , ගොපලු ඇමතිලා ටික නිසා විපක්ශයට කරන්න දෙයක් නෑ මුංගේ නැව මුංම ගිල්වගන්නවා .
    ඇවිල්ලා මාස 3-4 කරනවා කිව්වා ඒවා තව නෑ මුනුත් අන්ත් ආන්ඩු වගේම තමා පොඩි මුල්ය විනයක් තියනවා ඒ ඇරෙන්න රාජ්ය යාන්ත්‍රනය පාලනය කරගන්න බෑ රජයේ උන්ට දැල එලලා දැන් රජයේ උන් උදාසීනව බය වෙලා වැඩ කරන්නේ . ලොරි ටෝක්ස් දුන්නට ඒක වාසියට මාකට් කරගන්න දන් නෑ . කොමත් නටපු නැටුම් වල ප්‍රථිපල එන්න ගනී ඉස්සරට .
    ඉලග ජන්දේ යන්තමින් ගැටගහත්තත් 159 නම් ලෙප්ට් වෙනවා ලෙප්ට් වෙලා ඉවරයි දැනටම
     
    • Like
    Reactions: clumsyhulk

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,562
    10,120
    113
    අනුර මොකක් හරි වුනොත්, මොනවා හරි කරයි කියලා සිතනවා.
    මෙහෙම තමා විජේවීර ගැනත් හිතන් ඉදල තියෙන්නෙ !

    පොඩි මුල්ය විනයක් තියනවා
    වියදම් නොකිරීම මූල්‍ය විනයද ??
    ------ Post added on Dec 26, 2025 at 2:11 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    වික්කමසින්න මහත්ට්‍යා නැති කාලෙක අපිට බලන්න උන්දැගේ දරුවෙක් වත් නෑනෙ

    නාමල් මහත්ට්‍යාට නම් දන්න සූත්තර ඔක්කොම මහින්ද අප්පොච්චි කියල දීල ඇති. ඒතුමා ඉන්නකල් අවුලක් නෑ

    වික්කමසිංහ මාත්තයගෙ ළමයත් නෑමොලයා තමයි.

    එල්ලෙන පාලමේ එගොඩ කරන්න හැදුවෙ. කොහෙද ඉතින් ජෙප්පො පාලමට පයින් ගහලා වැට්ටුවනේ. 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මෙහෙම තමා විජේවීර ගැනත් හිතන් ඉදල තියෙන්නෙ !


    වියදම් නොකිරීම මූල්‍ය විනයද ??
    ------ Post added on Dec 26, 2025 at 2:11 AM
    ඇයවැයෙන් වෙන් කරාට පස්සේ වියදම් කරන් නැත්තම් එකේ වරද රාජ්ය නිලධාරින්ගේ.

    හේතුව වියදම් නොකරන්න ඉස්සර රාජ්ය නිලධාරින් ගේම් ගැහුවා ඔය සල්ලි වලින් දැන් ගේම් ගහලා මාට්ටු උනොත් අස්සේ දැන් උන් කිසි වැඩක් කරන් නෑ බයට. මොකද උන් කරපු ක්‍රම වලට දැන් සල්ලි වියදම් කරන්න බෑ , දැන් වියදම් කරන්න ගියාම කලින් අවුරුදු වලට වඩා වියදම් යනවා ඒවා ආන්ඩුවට පෙන්නුවම උන් ප්‍රශ්ණ කරනවා කලින් අඩුයි දැන් වැඩි ඇයි. කටක් ඇරලා කියන්නද ඉස්සර කොමිශන් ලැබුනා කියලා 🤣

    නාමල් කිව්වා නේ දුශණය නතර කරොත් රට වැටෙනවා කියලා ඔන්න ඕකයි හේතුව