රනිල් කරපු වැඩ වල ගෞරවය එතුමාට දෙන්න...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට. 'වොට්සන් මං ටෙලිෆෝන් එක හොයාගත්තා' කියලා ග්‍රැහැම් බෙල් කියනකොට, 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා වොට්සන් උත්තර දුන්නා...

    තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුළට පේටන්ට් බලපත්‍රයක් ගන්න සෑහෙන අමාරු වුණා. මොකද පේටන්ට් බලපත්‍ර කාර්‍යාලෙ මිනිස්සු කිව්වෙ 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...

    නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබුවා කියලා දැනගත්තම රනිල් ගොඩක් දුක් වුණා. මොකද 'ඒක රනිලුත් කරන්න හිටියෙ..."

    මාක් සකර්බර්ග් ෆේස්බුක් එක හැදුවා කිව්වට කවුරුත් පුදුම වුණේ නෑ. මොකද 'රනිලුත් ඕක කරන්න හිටියෙ' කියලා හැමෝම දැනන් හිටියා...

    'අයියණ්ඩිය බිය නොවන්න මැරෙනා සැටි මං පෙන්නන්නම්' කියලා මද්දුම බණ්ඩාර ගිහින් දංගෙඩියට බෙල්ල තිබ්බා. එතකොට ගහලයා කිව්වා 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා...

    'නංගි අපි ඉන්දියාවේ ඉඳන් මෙහෙට ලෑන්ඩ් කරේ' විජය කුමාරයා කුවේණිට කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කුවේණි උත්තර දුන්නා...

    ඉතිහාසයට අනුව එළාරව පැරැද්දුවෙ දුටුගැමුණු රජ්ජුරුවො. හැබැයි ඇත්තටම 'ඒක රනිලුත් කරන්න හිටියෙ...'

    'අයියෙ මං රුවන්වැලිසෑයෙ වැඩ ඉවර කළා' මරණාසන්න දුටුගැමුණු රජ්ජුරුවන්ට සද්ධාතිස්ස කුමාරයා කිව්වා. 'ඕක රනිලුත් කරන්න හිටියෙ' දුටුගැමුණු රජ්ජුරුවො අමාරුවෙන් උත්තර දුන්නා...

    විස්වයම නිර්මාණය වුණ මහා පිපුරුම වෙලාවෙ වෙඩිනූල පත්තුකරල ටක්ගාල දුවල ගිහින් සිරිකොතේ හැංගුණේ රනිල්,

    අවුරුදු බිලියන ගානකට කලින් ඩයිනෝසර්ල වඳවෙන්න හේතුවුණ යුකටාන් අර්ධද්වීපයට පතිතවුණ ග්‍රාහකය සිරිකොතේ ඉඳන් එව්වෙ රනිල්,

    ඊජිප්තුවෙ පාරාවෝවරු ඇල්නිලම්වලින් ආපු පිටසක්වල ජීවියො එක්ක එකතුවෙලා පිරමීඩ හදල ඉවරවෙලා "ඔන්න අපි පිරමීඩ හදල ඉවරයි" කියල පොරටෝක් දෙන වෙලාවෙ එතන ඉඳපු යූඇන්පීකාරයෙක් කියල තියෙනව "ඕක රනිලුත් කරන්න හිටියෙ" කියල, ඒක ඇහුණ පිටසක්වල ජීවියො රනිල්ව එයාලගෙ ලෝකෙට එක්කං යන්න හැදුවත් එතුමා නිහතමානීව ඒක ප්‍රතික්ෂේප කරා,

    මහා ඇලෙක්සැන්ඩර්, ජෙන්ඝීස් ඛාන්, හැනිබල, ජුලියස් සීසර් වගේ ආක්‍රමණිකයො එයාලගෙ රටවල් අල්ලගන්න ප්ලෑන් හැදුවෙ සිරිකොතට ඇවිල්ල රනිල්ගෙන් උපදෙස් අරන්,

    සුන්ට්සු එයාගෙ සුප්‍රකට Art of War ලිව්වෙ චීනෙට ආපු යූඇන්පීකාරයො සකේවලින් මත්වෙලා රනිල් කියපුව වෙරිමරගාතෙ කියවනව අහල,

    මැකියාවේලි පොතක් ලියාගන්න බැරුව වේලි වේලි ඉන්න වෙලාවෙ රනිල්ගෙන් උපදෙස් අරන් තමයි එයාගෙ The Prince ලිව්වෙ, ඒකෙ බුක්ලෝන්ච් එකේ මෙඩිචිගෙ එහාපැත්තෙන් සීට් එක දාල තිබ්බෙ රනිල්ට වුණත් එදා සිරිකොතේ කෘත්‍යාධිකාරී රැස්වීමක් තිබ්බ නිසා රනිල්ට ඒකට යන්න වුණේ නෑ...👍
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    DrIaXfo.png
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට.
    ඒ කියන්නේ වොට්සන්නෙ මුලින්ම පෝන් එක හොයා ගත්තේ
    ඒකනේ ග්‍රැහැම්බෙල්ගේ කෝල් එක ආන්සර් කරන්න පුළුවන් වුනේ
     
    • Haha
    Reactions: KDH

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,933
    2,541
    113
    colombo
    ඒ කියන්නේ වොට්සන්නෙ මුලින්ම පෝන් එක හොයා ගත්තේ
    ඒකනේ ග්‍රැහැම්බෙල්ගේ කෝල් එක ආන්සර් කරන්න පුළුවන් වුනේ
    වොට්සන්ගේ ෆෝන් එක නැතිවෙලා තිබ්බේ ග්‍රැහැංබෙල් තව එකක් හදල කෝල් කරනකොට රින්ග්ස් යනකොට තමයි ඒක හොයාගත්තේ
     
    • Haha
    Reactions: KDH

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,003
    10,289
    113
    එතකොට වොට්සන්ට ඊට කලින් ෆෝන් එකක් තිබිලනෙ. 😂
     
    • Haha
    Reactions: KDH

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කවුරු හොද වැඩ කරත් අගයන්න පුරුදු වෙන්න. පක්ෂ ජාති ආගම් මොකක් වුනත්. වැරැද්දක් කරොත් ඒ විදියටම විවේචනය කරන්න තමන්ගෙ කෙනෙක් කරත්.
     
    • Like
    Reactions: ttj