රනිල් කොටි ගිවිසුමට වසර 11යි
- ප්‍රභා ගිවිසුම අස්සන් කොට වසර 11 යි
කොටි සංවිධානයට නිල මුද්‍රාවක් ලබාදුන් පෙබරවාරි 22
ශ්‍රීලංකාව ජාතික රාජ්‍යයක් බවට පත් වන්නේ 1948 පෙබරවාරි 04 වැනිදායි. බ්‍රිතාන්‍ය යටත්විජිත බවින් මිදුන ශ්‍රී ලංකාව මෙම දිනය ජාතික දිනය හෙවත් නිදහස් දිනය ලෙස සමරනු ලබයි. යටත්විජිත බවෙන් මිදී මේ වන විට වසර 65 ක් ගත වී තිබේ. හැටපස් වසරක ඉතිහාසය තුළ නිදහස්, නිවහල් සෛවරි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ නන්විද රටවල්, රාජ්‍ය ආයතන හා සංවිධාන සමඟ ගිවිසුම් අස්සන් කොට තිබේ. නමුත් ඒ එකදු අවස්ථාවකදීවත් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ගිවිසුමක් අස්සන් කිරීමට ශ්‍රී ලංකාවේ මහජන වරමින් බලයට පත් රාජ්‍ය නායකයෙකු හෝ ආණ්ඩුවක් කටයුතු කර නැත.
එසේ වුවත් අවාසනාවකට එම පූර්ව කොන්දේසිය කඩ කළ අවස්ථාවක් අපට හමුවේ. ඒ වනාහි 2002 ක් වූ පෙබරවාරි මස 22 වැනිදා එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ පිරිභාකරන් අස්සන් තැබු සටන් නතර කිරීමේ (ඊනියා) අවබෝධතා ගිවිසුමයි. විජයාවතරණයේ සිට ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු ඉංගි්රසීන්ට පාවා දුන් මොහොත දක්වා ගෙවී ගිය පෙර රජ දවස ජාතික විජාතියකට පාවා දුන් අවස්ථා හමු වන්නේ අතළොස්සකි.
කෝට්ටේ රාජධානි සමයේ දොන් ජුවන් ධර්මපාල නමැති රූකඩ පාලකයෙකු විසින් රාජධානිය ගිවිසුමක් මඟින් පෘතුගාල රජුට පාවා දුන් බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරට සෙංකඩගලපුර මඟුල් මඩුවේදී සිංහලයේ ප්‍රභුවරුන් සහ ඉංගී්රසි පාලකයින් අතර අස්සන් තැබු ගිවිසුමකින් ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත්විජිත කොළණියක් බවට පත් විය. මෙම සිද්ධීන් අපගේ වංශ කථා සාහිත්‍යයට එකතු වී ඇත්තේ ජාතිකත්වය පාවා දුන් අවාසනාවන්ත සිද්ධීන් වශයෙනි.
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමන් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් නතර කිරීමේ (ඊනියා) අවබෝධතා ගිවිසුමක් 2002 ක් වූ පෙබරවාරි 22 වැනි දින අස්සන් කිරීමේ සිද්ධිය ද ඉතිහාසයට එකතු වන්නේ තවත් පාවා දීමක් ලෙසින් බව අකමැත්තෙන් වුවත් සඳහන් කළ යුතුව තිබේ. නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම මත මෙම ගිවිසුම සකස් කෙරුණු අතර අස්සන් කිරීමේ කාර්යය ද නෝර්වේ රාජ්‍යයේ සෘජු මැදිහත්වීම මත සිදු වූ බව ගෙවී ගිය වසර 11 ක කෙටි ඉතිහාසය මතක ඇති සැවොම දන්නා කාරණයකි.
එවකට විපක්ෂය මෙවැනි ගිවිසුමක් අස්සන් කරන්නේ ද යනුවෙන් පාර්ලිමේන්තුවේදී එවකට බලයේ සිටි ආණ්ඩුවෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ එවැනි ගිවිසුමකට අස්සන් තබන්නේ නම් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි.
නමුත් පාර්ලිමේන්තුව දැනුම්වත් කරනු කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවර රනිල් වික්‍රමසිංහ මහතා තම කැබිනට් සගයින්වත් දැනුම්වත් නොකොට මෙම ගිවිසුමට අස්සන් තැබීමට පියවර ගත්තේය. එවකට නෝර්වේ තානාපති ජෝන් වෙස්බර්ග් මහතා සමඟ වවුනියාවේ සිට රනිල් වික්‍රමසිංහ මහතා සටන් නතර කිරීමේ (ඊනියා) අවබෝධතා ගිවිසුමට අස්සන් තැබු අතර වේලුපිල්ලේ පිරිභාකරන් කිළිනොච්චියේ සිට ගිවිසුම අස්සන් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එම ගිවිසුමේ පිටපත් නෝර්වේ නියෝජිතයන්ගේ මැදිහත් වීමෙන් දෙපාර්ශ්වය අතර හුවමාරු කෙරුණි.
තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානය සමඟ ගිවිසුමකට රනිල් වික්‍රමසිංහ මහතා අස්සන් තැබීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනය අනුව බරපතළ වරදක් බව ආණ්ඩු ක්‍රම විශේෂඥයෝ එසමයෙහි ප්‍රබල ලෙස තර්ක කළහ. ඔවුන් පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවයි.
කෙසේ නමුත් මෙම ගිවිසුම පරිදි කොටි සංවිධානයට ශ්‍රී ලංකා රාජ්‍යය හා සමාන නිල පිළිගැනීමක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණි. එම ගිවිසුමේ මුල් වගන්ති වලින් කියවුණේ කොටි සංවිධානය ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යය හා සමාන පාර්ශවකරුවකු වන බවයි. වෙනත් ලෙසකින් ප්‍රකාශ කළහොත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූ කොටි සංවිධානයට මෙමඟින් නිල පිළිගැනීමක් හිමි විය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ අවි අත දැරීමේ නිල බලය ත්‍රිවිධ හමුදාවට හිමි වී තිබේ. නීතිය සහ පිළිවෙළ (ඹ්චඹ ) ර්ණපඤඥප) ක්‍රියාත්මක කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු වේ. නමුත් සටන් විරාම ගිවිසුම මඟින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පාලන කටයුතු පිළිබඳ නිල පැවරුම් කොටි සංවිධානයට හිමිවීමත් සමඟ එම සංවිධානයේ සාමාජික කාඩර්වරුන්ට අවි අත දැරීමේ නිල බලය හිමි විය. නිත්‍යානුකූල හමුදාවට හැරුණු විට ආයුධ දැරීමේ අයිතිය රනිල් වික්‍රමසිංහ මහතා අස්සන් කළ (ඊනියා) සටන් නතර කිරීමේ අවබෝධතා ගිවිසුම මඟින් කොටි සංවිධානයේ ත්‍රස්තවාදී සාමාජිකයන්ට ද පැවරුණි.
කොටි සංවිධානයේ සාමාජිකයන් හැරුණු විට වෙනත් කිසිදු අතුරු සංවිධානයකට ගිවිසුමේ සඳහන් ප්‍රදේශවල අවි දැරීමේ අයිතියක් නොමැති බව ද සඳහන් විය. ශ්‍රී ලංකාවේ රජය මැදිහත්ව එවැනි අතුරු සංවිධාන (ර්ථචපච ර්ඪතඪබචපර ට්පධභනඵ) නිරායුධ කළ යුතු බව ද මෙම ගිවිසුමේ දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කොටි නායක වේලුපිල්ලේ පිරිභාකරන්ගේ සටන් නතර කිරීමේ (ඊනියා) අවබෝධතා ගිවිසුමත් සමඟ රටට තිරසර සාමයක් උදා වූ බවට පෙන්වීමට ඊට උඩගෙඩි දුන් රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් කටයුතු කළේය. සටන් විරාම ගිවිසුමත් සමඟ කොටි සංවිධානයේ සහ ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා ක්‍රියාවලියක් ද ආරම්භ කෙරුණි. තායිලන්තය, ප්‍රංශය, නෝර්වේ ඇතුළු රටවල් පහක වාර හයකදී මෙම සාකච්ඡා සිදු කෙරුණි. කොටි සංවිධානයේ නියෝජිතයෝ වන්නි මහ කැලයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැමිණ ප්‍රභු පර්යන්තයෙන් සාම සාකච්ඡා සඳහා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමේ දී උතුරු සහ නැගෙනහිර සංවර්ධන කාර්යයන්ට ප්‍රතිපාදන වෙන් කරන විට කොටි සංවිධානය ද සම පාර්ශ්වකරුවකු ලෙස සහභාගි කරවීමේ අවශ්‍යතාව මේ අවදියේ දී බටහිර ප්රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව මතු කොට තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා සහ එතුමාගේ ආණ්ඩුව ඒ පිළිබඳව ද දැක්වූයේ නම්‍යශීලී පිළිවෙතකි. දකුණේ ජනතාවට වවුනියාවේ ඕමන්ත මුරපොළේදී කොටි සංවිධානයට බදු මුදල් ගෙවා (කප්පම්) උතුරට ඇතුළුවීමට සිදු විය.
වෙනම රාජ්‍යයක් වෙනුවෙන් වන සාමාජීය පෙලඹවීම් සිදු කරන සංස්කෘතික කාරණා ද මෙසමයෙහි උතුරේ සහ නැගෙනහිර සිදු වූ බව අප කිසි විටෙකත් අමතක කළ යුතු නොවේ. පොංගු තමිල් යනු එහි සමාජ සංස්කෘතික පෙලඹුමයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ වේලුපිල්ලේ පිරිභාකරන්ගේ ගිවිසුම පරිදි රටට සැබෑ ලෙසම සාමයක් උදා වුණි ද? කෙටි පිළිතුර වනාහි නැත යන්නයි. මන්ද? යත් සටන් විරාම ගිවිසුම අස්සන් කළ මොහොතේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව බිඳ වැටුණු 2004 අපේ‍්‍රල් 02 වැනිදා දක්වා කාලය තුළ පමණක් කොටි සංවිධානය වාර දස දහසකට වැඩි ප්‍රමාණයක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කොට තිබුණි. එම කාලය තුළ වේලුපිල්ලේ පිරිභාකරන්ගේ සහ එවකට කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන්ගේ සෘජු මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විනාශ කිරීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වූ බව යළි සිහිපත් කළ යුතුය.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ බළකාය හෙවත් දිගු දුර මෙහෙයුම් බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධිමය මර්මස්ථානය විනාශ කිරීමට ද නියමයෙන් හෝ අනියමෙන් එවකට බලයේ සිටි ආණ්ඩුව කටයුතු කළේය. එවකට පොලිස් අධිකාරිවරයකු වූ පොලිස් සුනඛ අංශය භාරව සිටි පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මෙම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේය.
එතැන් සිට කොළඹ අධි ආරක්ෂිත කලාපවල දී පවා බුද්ධි අංශයේ ඉහළම නිලධාරීන් කොටි සංවිධානයේ ඉලක්ක බවට පත් විය. ලෝක ඉතිහාසයේ කවර හෝ රටක ආණ්ඩුවක් තම ජාතිය සතු වටිනාම සම්පතක් වන බුද්ධි අංශයක් පාවා දුන් බවට මෙතෙක් තොරතුරු හෙළිදරව් වී නැත. ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් විසින් නියමයෙන් හෝ අනියමෙන් සතුරාට තම බුද්ධි අංශය පාවා දුන් බවට ඇති එකම හෙළිදරව්ව එවකට බලයේ සිටි ආණ්ඩුව සමයේ සතුරන් විසින් බුද්ධි අංශ නිලධාරීන් ලුහුබැඳ ගොස් මරා දැමීමයි. මෙහි අවසන් ප්‍රතිඵල ලෙස අදට ද ඇතැම් බුද්ධි අංශ නිලධාරීහු රට හැර ගොස් සිටිති.
රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ වේලුපිල්ලේ පිරිභාකරන්ගේ සටන් නතර කිරීමේ ඊනියා අවබෝධතා ගිවිසුම රටට උදා කළ සාමයක් නැත. සතුරාට අවි ආයුධ වලින් ශක්තිමත් වීමට මෙම කාල පරිච්ඡේදය විශාල පිටිවහලක් සැපයීය. නෝර්වේ ආණ්ඩුවේ සෘජු මැදිහත් වීමෙන් සහ එවකට පැවති ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහභාගිත්වයෙන් කොටි සංවිධානයට අධිබලැති ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් ද ලබා දුන් බව සිහිපත් කළ යුත්තේ සැබෑම කනගාටුවෙනි.
තීරුබදු වලින් මුළුමනින්ම නිදහස් කොට ශ්‍රී ලංකා රේගුව හරහා මෙම උපකරණ පද්ධතිය ආරක්ෂා සහිතව වන්නි මහ කැලයට ප්‍රවාහනය කෙරුණේ ද එවකට බලයේ සිටි ආණ්ඩුවේ නොමසුරු සහයෝගයෙනි. ඊට අමතරව කොටි සංවිධානය සටන් නතර කිරීමේ (ඊනියා) අවබෝධතා ගිවිසුමට මුවා වී මුහුදු මාර්ගයෙන් නවීනතම අවි ආයුධ ගෙන්වා ගැනීමට ද කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසකි. ඒ සියලු කාරණාවලදී එවකට බලයේ සිටි ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ සාම මන්ත්‍රය දිගින් දිගටම ජප කරමිනි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ජාතියට ජාතික නිදහස අහිමි වීමේ තර්ජනය අවබෝධ වෙමින් පැවතුණි. ඒ අනුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගේ ඓතිහාසික තීන්දුව වූයේ රට පාවා දෙන ආණ්ඩුවක් වෙනුවට රට ආරක්ෂා කරන, ජාතික නිදහස සුරක්ෂිත කරන, දේශපේ‍්‍රමි ආණ්ඩුවක් පත් කර ගත යුතු බවයි.
මෙහි ප්‍රතිඵලය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පරාජය කොට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට පත් කිරීමට මෙරට ප්රගතිශීලී ජනතාව පියවර ගත්තේය. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නිදහසින් පසු ජනතාව ජාතික නිදහස උදෙසා තම ඡන්දය පාවිච්චි කළ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය වනාහි 2004 අපේ‍්‍රල් 02 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයයි.
ජාතික නිදහස උදෙසා රට මෙහෙයවිය හැකි ජාතික නායකයෙකු තෝරා ගැනීමට ද ජනතාව ඉතිහාසයේ ප්‍රථම වතාවට තම ඡන්දය භාවිත කිරීමට ද අමතක නොකළේය. 2005 නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණය තීන්දු කළේ ජාතික නිදහස උදෙසා රට මෙහෙය වන රාජ්‍ය නායකයෙකු තෝරා ගැනීමයි. මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළේ නොබෙදුනු රටක්, බහුතර සම්මුතියක්, ගෞරවනීය සාමයක් යන්නයි. එක් ලක්ෂ අසු දහසක් වැනි සුළු ජනවරම මෙරට ජාතික විමුක්තියේ පළමු පියවර සටහන් කළේය.
කලින් පැවති ආණ්ඩු ගිය මග යමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද අවංකවම සතුරාට සාමයේ හස්තය දිගු කළ බව අමත කළ යුතු නොවේ. සටන් විරාම ගිවිසුමෙන් පෝෂණය වූ සතුරා රාජපක්ෂ ආණ්ඩුව වෙත ද කොටි දත් විදහා පෑවේය.
මාවිල්ආරු සොරොව්ව වසා අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඔහුගේ ආණ්ඩුව බිත්තියට හේත්තු කිරීමට කොටි සංවිධානය කටයුතු කළේය. මෙමඟින් කොටි සංවිධානය අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කලින් බලයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මෙන් තමන් ඉදිරියේ දණ ගස්සවා ඉල්ලීම් දිනා ගැනීමට විය යුතුය. නමුත් වසර 30 ක් සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය පීඩා විඳි ත්‍රස්තවාදී වියරුව පැරදවීමට ජාතිය බේරා ගැනීමේ ඓතිහාසික තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙන තිබුණි.
මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීම පාදක කොට ඇරැඹි නැගෙනහිර මානුෂිය ;මහෙයුම කොටි සංවිධානය නැගෙනහිරින් පලවා හැරීම දක්වා සාර්ථකව ඉදිරියට ඇදී ගිය අතර එහි ඊළඟ විජයග්‍රාහී පියවර වූයේ වන්නි මානුෂිය මෙහෙයුමයි. රාජපක්ෂ ආණ්ඩුවේ න්‍යාය සහ භාවිතය කොටි සංවිධානයට මෙන්ම ඔවුන් ලවා නියමයෙන් හෝ අනියමෙන් රටට බලපෑම් කළ ජාත්‍යන්තරයට ප්‍රබල පණිවුඩයක් මේ සමඟ සන්නිවේදනය කෙරුණි.
වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් අදියරේ දී ඒ සඳහා දේශපාලන නායකත්වය සැපයූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් සහ අභියෝග සුළුපටු නොවේ. ඇතැම් බටහිර සහ යුරෝපීය රටවල ඉහළම ප්‍රධානීන් ජනාධිපතිතුමා අමතා දැනුම් දී ඇත්තේ කොටි ත්‍රස්තවාදී නායකයින්ට නිරුපද්‍රිතව බේරී යාමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙසයි. මානුෂිය මෙහෙයුම් නතර කරන ලෙස ද ඇතැම් ජාත්‍යන්තර ප්‍රධානීන් කරන ලද බලපෑම් ද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.
නමුත් වසර 30 ක් ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් පීඩා විඳි රටක් සහ ජනතාවක් ඉන් මුදා ගැනීමට ජනාධිපතිතුමා ගත් තීරණය කිසි ලෙසකින්වත් වෙනස් නොවුණි. 2009 මැයි මස 18 වැනිදා නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ පිරිභාකරන්ගේ මරණයත් සමඟ ත්‍රස්තවාදය භුමියෙන් පලවා හැරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කෙරිණි. නමුත් සතුරාගේ මතවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය තවම අවසන් වී නොමැත.
සුදු කොඩි කථාව, දරුෂ්මාන් වාර්තාව, ජිනීවා මානව හිමිකම මේ සියල්ලම වනාහි තමන්ට අවනත නොවූ සෘජු පාලකයෙකුගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය නොරිස්සන පිළිවෙතයි. මානුෂිය මෙහෙයුම අවස්ථාවේ ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ පිළිවෙත ලෝක යුද ඉතිහාසයට ද නව පූර්වාදර්ශයක් එකතු කොට තිබේ. එය ඔරොත්තු නොදි නන්විද චෝදනා ඉදිරිපත් කරමින් රටට එරෙහි වන්නන් තවදුරටත් උත්සාහ කරන්නේ අදින් වසර 11 කට පෙර රට පාවා දුන් ගිවිසුමක් අස්සන් කළ ආකාරයේ ඊනියා පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම වෙනුවෙනි.
නමුත් ශ්‍රී ලාංකේය ජනතාව එතැනට තල්ලු වීමට කිසිසේත් සූදානම් නැත. ජාතික නිදහස අර්ථපූරණය කළ රාජ්‍ය නායකයාට 2010 ජනවාරි 26 ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව දහඅට ලක්ෂයක වැඩි ඡන්දයකින් කෘතවේදීත්වය පළ කළහ. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවේ ඇත්තේ ජාත්‍යන්තර අභියෝග ජාලයකි. සතුරාට ජාතිය පාවා දුන් ඊනියා සටන් නතර කිරීමේ ගිවිසුම අහෝසි කොට එම කළු පැල්ලම මකා දමන්නට ද ජනාධිපතිතුමා ක්‍රියා කළේය. එවැනි ශෝචනීය යුගයක් රට තුළ නිර්මාණය කරමින් ජාත්‍යන්තරය හමුවේ දණින් වැටෙන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඇතැම් සුළු පිරිසක් තවමත් උත්සාහ කරමින් සිටිති.සටන් නතර කිරීමේ (ඊනියා) ගිවිසුමට වසර 11 ක් සපිරෙන අද දවසේ සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ උදාරතර පරමාර්ථය විය යුත්තේ එම අභියෝගයෙන් ද අපේ රට දින වීමය.
ඉන්දික ජයරත්න අධ්යක්ෂ
(ප්රවෘත්ති හා කාලීන වැඩසටහන්)ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව