රනිල් ගේ කේන්දරේ How?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් ලග්නය වශයෙන් බොහෝදෙනා සලකන්නේ "මීන" ලග්නය යි. "1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල්... Source.
    ඊට අනුරූපව ඔහුගේ දල කේන්ද්‍රය මෙසේය;
    --
    o5f1g4z.png

    --
    තවත් සමහරු ඔහුගේ ලග්නය "මේෂ" බව සඳහන් කරලා තිබුණත් ඒ කිසිදු තැනක විශ්වසනීයත්වය තහවුරු කර නැහැ. ලග්නය මේෂ නම් දල කේන්ද්‍රය මෙසේ විය යුතුයි;
    --
    DvxJbUO.png

    --
    මේ දෙකෙන් සත්‍ය කේන්ද්‍රය මොකක්ද කියලා කොහෙවත් නිල වශයෙන් සනාතකරලා නැහැ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ දැනුම වැදගත් වෙන්නේ. බහුතර මතයට අනුව කියැවෙන මීන ලග්නය මුල්කරගෙන කේන්ද්‍රය විග්‍රහ කර පසුව මේෂ ලග්නය ආදේශ කර සංසන්දනය කර බැලීමේදී කිවහැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි උපන් ලග්නය වියයුත්තේ "මේෂ" ලග්නය බවය. නවාංශකය "ධනු" වීමට බොහෝ ඉඩ තිබේ. උපන් නැකත සුවන වේ.
    2000 පෙබරවාරි සිට 2019 පෙබරවාරි දක්වා සෙනසුරුගේ මහදශාව විය. උපතේදී ශනි සිටියේ සිංහ රාශිය වූ පස්වැන්නේ ය. අන්‍යන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන බවද, විශ්වාසවන්ත මිතුරන් ඉතා අඩු බවද කියා ඇත. දැඩි හිතකි. දරුඵල හීනකරයි. සිකුරුගේ ඍජු දෘෂ්ටිය නිසා ඉඳහිට යමක් ලැබුනද චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ. සෙනසුරු දුන් දේ සෙනසුරුම ආපිට ගනියි යනු මේ ශාස්ත්‍රයේ ප්‍රචලිත මතයකි.
    ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    10 වැන්න කියන්නේ රැකියාවනේ. මෙයාගේ 10 වැන්න හිස් නේද? මම අහලා තියන විදියට හිස් උනොත් හොද රස්සවාක් නැ නේද ? ඒවගේම කේතු, ශනි වගේ අය හිටීයොත් ලැබෙන්න තියන රස්සව පවා අහිමි වෙනවා. නැත්නම් ටික කාලයක් යද්දිඑපා වෙලා අස්වෙනවා වගේ දේවල් වෙනව නේද
     
    • Wow
    Reactions: Asmodeus and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    10 වැන්න කියන්නේ රැකියාවනේ. මෙයාගේ 10 වැන්න හිස් නේද? මම අහලා තියන විදියට හිස් උනොත් හොද රස්සවාක් නැ නේද ? ඒවගේම කේතු, ශනි වගේ අය හිටීයොත් ලැබෙන්න තියන රස්සව පවා අහිමි වෙනවා. නැත්නම් ටික කාලයක් යද්දිඑපා වෙලා අස්වෙනවා වගේ දේවල් වෙනව නේද
    කොහෙද බන් 10 හිස් වෙන්නේ? චන්ද්‍ර, ගුරු ඩබලම ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මීන ලග්නේ එක දිහා බලලා කිව්වේ
    පත්තර වල, ශෝෂල් මීඩියා වල හෑලි ලියන උන් මීන මීන ගගා වැලලෙන්න හදනවා. ඔය දීලා තියෙන ලංකාදීප සෝස් එකත් බලපන්කො. ඒකයි මම කිවුවේ ලග්නේ මීන නෙමෙයි මේෂ කියලා :yes:
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මම අහල තියෙනව මෙයාගෙ කේන්දරේ අනුව කවදාවත් පළවෙනිය වෙන්න බෑ කියල.

    ගිය පාර මයිත්‍රී ගෙ පිහිටෙන් උගෙ තටු කපල පළවෙනිය වෙන්න ගියා.

    මේ පාර ගෝඨගෙ නොහැකියවෙ පිහිටෙං බලය ඇල්ලුව
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් මූ මේ පාර චන්දෙ දිනනවද කියපන් ඕක බලලා
    මම මේ කියන්නේ ජ්‍යෝතිෂ්‍යය පැත්තෙන් බලලා. මෙයාගේ සෙනසුරු දශාව ගෙවිලා බුධ මහදශාව ලැබුවා. ඒ එක්කම පොර අගමැති වෙලා අන්තිමේ නිකම්ම ජනාධිපතිත් වුනා. ඉදිරි මැතිවරණ කාලේදී මෙයාගේ ගෙවෙන දශාව සහ අතුරු දශාව වගේම රාහුගේ තත්කාල පිහිටීමත් බලවත්. දිනනවාද නැද්ද කියන එක මේ කේන්ද්‍රය දිහා විතරක් බලලා කියන්න බැහැ. ජනාධිපතිවරණය කියන්නේ තරඟයක්. තව අපේක්‍ෂකයෝ ඉන්නවා. ඒ අයගෙත් කේන්දර පරික්ෂා කරලා සංසන්දනය නොකර කවුරු දිනනවද කියන්න බැහැ. ඒත් මේ කේන්දරේ මේ කාලය තුල සෑහෙන්න බලවත්. හැබැයි පරහකට තියෙන්නේ ජන්ම ඒරාෂ්ටකය ගෙවිලා ඉවර නැහැ. සාමාන්‍ය වශයෙන් ඒරාෂ්ටකයක් තියෙද්දී අනෙක් ග්‍රහබල දශා බල සියල්ල යට වෙලා ඒරාෂ්ටක ඵලය තමයි ඉහළින්ම ලැබෙන්නේ. මෙන්න මේ කාරණා නිසා නිශ්චිත අනාවැකියක් කියන්න බැරි වුණත් මැතිවරණය තියලා මෙයා ඒකට ඉදිරිපත් වුණොත් දිනන්න තියෙන සම්භාවිතාව බෝම අඩුයි (අනියමාර්ථ අසම්භාව්‍ය පිළිතුරක් දෙන්න වෙලා තියෙන්නේ)
     
    • Like
    Reactions: ITGuy25 and neyohk

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    ඔන්න ඕක ඉතින් මුලින්ම කියල දැම්ම නම් අපි මෙච්චර පහලට ත්‍රෙඩ් එක කියවන්නේ නැහැනේ බොක්ක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    10 වැන්න කියන්නේ රැකියාවනේ. මෙයාගේ 10 වැන්න හිස් නේද? මම අහලා තියන විදියට හිස් උනොත් හොද රස්සවාක් නැ නේද ? ඒවගේම කේතු, ශනි වගේ අය හිටීයොත් ලැබෙන්න තියන රස්සව පවා අහිමි වෙනවා. නැත්නම් ටික කාලයක් යද්දිඑපා වෙලා අස්වෙනවා වගේ දේවල් වෙනව නේද
    ජෙප්පෝ හැමෝගෙම දහ වැන්න හිස් ද බං 🙄
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ජෙප්පෝ හැමෝගෙම දහ වැන්න හිස් ද බං 🙄
    ඒවා දන්නෙ නෑ. මමත් ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මතක් උන නිසයි මේ ගැන ඇහුවේ. ;) ඒ උනාට ජෙප්පො රස්සා නොකරට බිස්නස් තියනවනේ. බිල්ඩින් තියනවා. ඒවත් එක අතකට ව්‍යාපාර තමයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කේන්දරේ බලලා මැරෙන කාලේ කියන්න පුළුවන් ද?
     
    • Love
    Reactions: jennt