රනිල් ගේ කේන්දරේ How?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ මගෙ කේන්දරේ බලලා දියංකො බං, ඉන්ටනෙට් එකේ එවුන්ගෙ බලන්නෑ ගාන්න එපා, මේකෙ ඉන්නෙත් මනුස්සයොනෙ, නැත්තං වැඩේ හරියට කරන කෙනෙක්ගෙ විස්තර දියං.. දන්නැති හින්දා අහන්නෙ,
     
    • Sad
    Reactions: Nidarshana_k

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මම මේ කියන්නේ ජ්‍යෝතිෂ්‍යය පැත්තෙන් බලලා. මෙයාගේ සෙනසුරු දශාව ගෙවිලා බුධ මහදශාව ලැබුවා. ඒ එක්කම පොර අගමැති වෙලා අන්තිමේ නිකම්ම ජනාධිපතිත් වුනා. ඉදිරි මැතිවරණ කාලේදී මෙයාගේ ගෙවෙන දශාව සහ අතුරු දශාව වගේම රාහුගේ තත්කාල පිහිටීමත් බලවත්. දිනනවාද නැද්ද කියන එක මේ කේන්ද්‍රය දිහා විතරක් බලලා කියන්න බැහැ. ජනාධිපතිවරණය කියන්නේ තරඟයක්. තව අපේක්‍ෂකයෝ ඉන්නවා. ඒ අයගෙත් කේන්දර පරික්ෂා කරලා සංසන්දනය නොකර කවුරු දිනනවද කියන්න බැහැ. ඒත් මේ කේන්දරේ මේ කාලය තුල සෑහෙන්න බලවත්. හැබැයි පරහකට තියෙන්නේ ජන්ම ඒරාෂ්ටකය ගෙවිලා ඉවර නැහැ. සාමාන්‍ය වශයෙන් ඒරාෂ්ටකයක් තියෙද්දී අනෙක් ග්‍රහබල දශා බල සියල්ල යට වෙලා ඒරාෂ්ටක ඵලය තමයි ඉහළින්ම ලැබෙන්නේ. මෙන්න මේ කාරණා නිසා නිශ්චිත අනාවැකියක් කියන්න බැරි වුණත් මැතිවරණය තියලා මෙයා ඒකට ඉදිරිපත් වුණොත් දිනන්න තියෙන සම්භාවිතාව බෝම අඩුයි (අනියමාර්ථ අසම්භාව්‍ය පිළිතුරක් දෙන්න වෙලා තියෙන්නේ)
    දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන් 🤔 🤔
    ගල් දහයක් පහලවක් ගැහුවම එකක් වදිනව සමහර වෙලාවට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,927
    113
    මොකක්ද හුත්තො මේකේ තේරුම 🤔

    Dinnoth meken apey set ekata goda yanna puluwan --> "ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්".
    Paradunoth meken godayanna puluwan -->
    "ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ"

    🤭🤭🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1. රනිල් හොරෙක් ද? මහ බැංකු යුගය
    2. රනිල් මිනීමරුවෙක් ද? බටලන්ද යුගය
    3. රනිල් හොරු රකිනවා ද? වත්මන

    අනාගතය බැරිනම් ඔය අතීතය බලලා කියපං කෝ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Dinnoth meken apey set ekata goda yanna puluwan --> "ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්".
    Paradunoth meken godayanna puluwan -->
    "ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ"

    🤭🤭🤭
    උබට තේරුනා පොන්නයො
     
    • Haha
    Reactions: jennt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    4. රනිල්ට සාගල එක්ක හුටපටයක් තියනවා ද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒවා දන්නෙ නෑ. මමත් ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මතක් උන නිසයි මේ ගැන ඇහුවේ. ;) ඒ උනාට ජෙප්පො රස්සා නොකරට බිස්නස් තියනවනේ. බිල්ඩින් තියනවා. ඒවත් එක අතකට ව්‍යාපාර තමයි
    එතකොට ඉඩම්හිමි ධනපතියොද ඒ කාලේ නිර්ධන පන්තිය වෙනුවෙන් විප්ලව කරලා තියෙන්නේ . ( රස්සාවක් නොකල නම් ඉතිං පරම්පරාවෙන් ලැබුන දේවල් වෙන්න එපැයි. ශර්ට් බෙල්ට් යට ඇදුම් දුන්නට ඉඩම්, බිල්ඩින් දෙන උන් නැතිව ඇතිනෙ 😉)
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,976
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් ලග්නය වශයෙන් බොහෝදෙනා සලකන්නේ "මීන" ලග්නය යි. "1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල්... Source.
    ඊට අනුරූපව ඔහුගේ දල කේන්ද්‍රය මෙසේය;
    --
    o5f1g4z.png

    --
    තවත් සමහරු ඔහුගේ ලග්නය "මේෂ" බව සඳහන් කරලා තිබුණත් ඒ කිසිදු තැනක විශ්වසනීයත්වය තහවුරු කර නැහැ. ලග්නය මේෂ නම් දල කේන්ද්‍රය මෙසේ විය යුතුයි;
    --
    DvxJbUO.png

    --
    මේ දෙකෙන් සත්‍ය කේන්ද්‍රය මොකක්ද කියලා කොහෙවත් නිල වශයෙන් සනාතකරලා නැහැ. මෙන්න මේ වගේ වෙලාවක තමයි ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ දැනුම වැදගත් වෙන්නේ. බහුතර මතයට අනුව කියැවෙන මීන ලග්නය මුල්කරගෙන කේන්ද්‍රය විග්‍රහ කර පසුව මේෂ ලග්නය ආදේශ කර සංසන්දනය කර බැලීමේදී කිවහැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි උපන් ලග්නය වියයුත්තේ "මේෂ" ලග්නය බවය. නවාංශකය "ධනු" වීමට බොහෝ ඉඩ තිබේ. උපන් නැකත සුවන වේ.
    2000 පෙබරවාරි සිට 2019 පෙබරවාරි දක්වා සෙනසුරුගේ මහදශාව විය. උපතේදී ශනි සිටියේ සිංහ රාශිය වූ පස්වැන්නේ ය. අන්‍යන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන බවද, විශ්වාසවන්ත මිතුරන් ඉතා අඩු බවද කියා ඇත. දැඩි හිතකි. දරුඵල හීනකරයි. සිකුරුගේ ඍජු දෘෂ්ටිය නිසා ඉඳහිට යමක් ලැබුනද චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ. සෙනසුරු දුන් දේ සෙනසුරුම ආපිට ගනියි යනු මේ ශාස්ත්‍රයේ ප්‍රචලිත මතයකි.
    ඉදිරි මැතිවරණ කාලය වෙද්දී මෙයාගේ දශාව බලවත්. ඒත් ජන්ම ඒරාෂ්ටකය ඉවර නැහැ
    එතකොට වධකාගාරවල මිනී මැරුවෙ ගුරු දශාවේදී ද!
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතකොට ඉඩම්හිමි ධනපතියොද ඒ කාලේ නිර්ධන පන්තිය වෙනුවෙන් විප්ලව කරලා තියෙන්නේ . ( රස්සාවක් නොකල නම් ඉතිං පරම්පරාවෙන් ලැබුන දේවල් වෙන්න එපැයි. ශර්ට් බෙල්ට් යට ඇදුම් දුන්නට ඉඩම්, බිල්ඩින් දෙන උන් නැතිව ඇතිනෙ 😉)
    දැන් උබ කාටද චන්දෙ දෙන්නෙ කියපන්,
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් උබ කාටද චන්දෙ දෙන්නෙ කියපන්,
    නොදී ඉන්නත් පුළුවන්නෙ.

    ජනාධිපතිවරනයේදී රනිල් ඉල්ලුවොත් වෝට් කරනවා. 😉
     
    • Love
    Reactions: Asmodeus

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඕක මගේ කොමෙන්ට් එකෙට අදාළ වෙන හැටි පැහැදිලි කරපන් ☝️ :mad:
    අදාලද කියන එක ඔය වගේ උන්ට අදාලම නෑ.
    මොකක් හරි ඇදල දානවා, දවසේ ගාන ශේප් කර ගන්න.
     
    • Haha
    Reactions: topkollek

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    //චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ// මේකේ තේරුම මොකක්ද?
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අවුරුදු 76 සියා කෙනක් ගේ කෙන්දරයක් අල්ලන් දගලනවා
    අවුරුදු 76 සියා කෙනක් ඇවිත් රට ගොඩ දානකන් බලන් ඉන්න තරුණ ජිවත :lol: :lol: :lol:
    ඉසෙල්ලා උබලගේ සීයාගේ කේන්දරේ බලා ගනින්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus mesha lagnaya anuwa ranilge oya kotu 12 hama alala honda vigrayahak dapanko.
    මම අනුමාන කරන විදියට රනිල්ගේ;
    ලග්නය - මේෂ
    නවාංශකය - ධනු
    උපන් නැකත - සුවන.

    ග්‍රහ පිහිටීම්;
    • රවි - මීන (12)
    • චන්ද්‍ර - මකර (10)
    • කුජ - මීන (12)
    • බුධ - කුම්භ (11)
    • ගුරු - මකර (10)
    • ශුක්‍ර - මීන (12)
    • ශනි - සිංහ (5)
    • රාහු - මේෂ (1)
    • කේතු - තුලා (7)
    DvxJbUO.png

    --
    රාහු ලග්නයේ නම් පුද්ගලයා අතිශය ප්‍රකට බවට පමුණුවයි. කරන සුළු දේ වුවත් මහත්කොට ලොවට පෙන්වයි. විවේක සුවයෙන් පසෙකට වී සිටීමට සූදානම් නැත. නිතර ගමනේ යෙදෙයි. අධ්‍යාත්මික ගතියක් නැත. දුක-සතුට, ජය-පරාජය කියා අමුතු වෙනසක් නොදැනෙන අසංවේදී අයෙකි. දශාවේදී හෝ අතුරු දශාවේදී ගින්නෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් ගේදොර වස්තු විනාශ වෙයි. එහෙත් හොඳින් හෝ දාමරික කමින් හෝ හදිසි ධනය උපයයි. රාහු මේෂයේ මේ ගතිගුණ වඩාත් තීව්‍ර කරයි.
    කේතුගේ ස්වභාව රාහුට ප්‍රතිවිරුද්ධ වේ. සිටි ස්ථානයට අදාළ දේ හකුළුවා වසන් කරන්නට හෝ අප්‍රකටව තබන්නට පෙළඹෙයි. නියම ඵලය සඟවා විකෘති දේ පෙන්වයි. එහෙත් ඥාන යෝගී වේ. උගත්කමට හිතවත් වේ. රනිල්ගේ කේතු 7 එනම් විවාහ ස්ථානයේ ය. ලොවට පෙන්වන අන්දමේ සාර්ථක විවාහ ජීවිතයක් නොවේ. සහකාරිය බොහෝ උගත් තැනැත්තියකි.

    රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    --
    දෙවැන්නේ ග්‍රහයකු නැතත් දෙවන්නාධිපති සිකුරු උච්ච බලයෙන් සිටීම හා ගුරුගේ දෘෂ්ටිය දෙවැන්නට වැටීම හේතුවෙන් විශාල තැන්පත් ධනයකට උරුමකම් කියයි. මේ කේන්ද්‍රයේ වඩාත්ම බලවත් ග්‍රහයා වන්නේද සිකුරුය. සිහින් ලෙළදෙන කටහඬ වේ.

    බන්ධුස්ථානය වන 3 වැන්නාධිපති අයස්ථානයේ බලවත් බැවින් සහෝදර බැම්ම ශක්තිමත් ය. ඔවුනගේ ඇප උපකාර නොමඳව ලැබේ.
    මාතෘස්ථානය මෙන්ම ගෘහස්ථානය වන සිවුවැන්නාධිපති සඳු ගුරු සමඟ සංයෝගව කේන්ද්‍රස්ථානයේ බැවින් මවු පාර්ශවයේ සහයෝගය මෙන්ම විශාල ගෘහය ද ඉඩකඩම් යාන වාහන ආදිය හිමිවේ.

    පුත්‍රස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වන 5 වැන්නේ පාපී ශනි සිටියි. එහෙත් 5 අධිපති වූ රවි උච්ච සිකුරු හා කුජ සමඟ සංයෝගව 12 වැන්නේ සිටියි. දරුඵල හීනවේ. නීති කටයුතු 12න් නියෝජනය වන බැවින් ලැබූ අධ්‍යාපනය ඒ ක්ෂේත්‍රයට අදාලවේ.

    සතුරු, රෝග ස්ථානය වන 6 අධිපති බුධ නෛසර්ගික නපුංසක ග්‍රහයෙකි. හේ බලයෙන් යුතුව 11 වැන්නේ සිටියි. සතුරු බලවේග අධික වුවත් හානියක් කිරීමට අසමත්ය. වාග් චාතුර්යය දුර්වල කරයි.

    කාලත්‍රය වන 7 වැන්නෙ කේතු සිටියි. 7 වැන්න අධිපති සිකුරු උච්චව 12 වැන්නේ ය. ඵලය ඉහතින් කියා ඇත. විවාහ බැම්ම ශක්තිමත් නොවේ.

    දුෂ්ටස්ථානය වන 8 වැන්නාධිපති කුජ 12 සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදාකර ඇත. දීර්ඝායුෂ ය.

    🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑

    හෘදය හෝ රුධිරය සම්බන්ධ දුර්වලතාවක් හේතුවෙන් විදේශයකදී මරණය සිදුවීමට ඉඩ තිබේ.

    භාග්‍යස්ථානය, පුණ්‍යස්ථානය අධිපති ගුරු බලවත් කේන්ද්‍රස්ථානය වූ 10 වැන්නේ සඳු සමඟ සංයෝගව සිටියි. පෙර පින් ඇත්තෙකි.

    බලවත් කේන්ද්‍රස්ථානය වන 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගුරු සහ සඳු සංයෝගව ඉතා බලවත් ගුරු හංස යෝගය යෙදී තිබීමෙන් ඉතා ඉහළ තනතුරු ආදිය හිමිවීම ශාස්ත්‍ර නියමයි. ඕනෑකමින් වීර්යය දරා ලබාගන්නවාට වඩා නිරායාශයෙන් ලැබෙන දේට හේතු තිබේ. ඇමති, අගමැති, විපක්‍ෂ නායක ආදී තනතුරු දරමින් සිට අවසානයේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුරට පත්විය. ඒවාද මහත් පරිශ්‍රමයක් නොදරා අනපේක්ෂිත අවස්ථාවේ නිරායාශයෙන් ලැබූ දේය. පියාද පිය පාර්ශවය ද ධනයෙන් හා බලයෙන් යුතුය. පිය උරුමය නොඅඩුව හිමිවේ.

    අයස්ථානය වන 11 වැන්නේ 3, 6 අධිපති බුධ බලයෙන් යුතුව සිටියි. සහෝදරයන් සහ හිතමිත්‍රාදින්ගෙන් මිල මුදල් හා ඇප උපකාරද නොඅඩුව ලැබෙයි. කොටස් ආයෝජන හා වෙනත් නානා ප්‍රකාරයෙන් ධනය ලැබේ. ධනවත් බලවත් උගත් සීමිත මිතුරු සමාගම වේ.

    වැයස්ථානය වන 12 දුෂ්ටස්ථානයේ කුජ, සිකුරු කාම යෝගය යෙදී ඇත. බලවත් පුරුෂ ග්‍රහයා වන රවි ද 12 සිටියි. කුජ ලග්නාධිපති මෙන්ම 8 දුෂ්ටස්ථානාධිපති හිස ද විකෘතිය ද නියෝජනය කරයි. සිකුරු 7 අධිපති ව කාමය නියෝජනය කරයි. 5 අධිපති පුරුෂ රවි කුජ හා සිකුරු සමඟ දුෂ්ටස්ථානය වන 12 යෙදීමෙන් අති ධාවනකාරී විකෘති කාමය කුළුගන්වයි. විදෙස් සම්බන්ධතා ඇතිකරයි. නිතර යෙදෙන දුර ගමන් වේ. ඇතැම් විට ඒ ගමන් වලදී කරදරයට පත්විය හැකිය. 12 සිටි කුජ බොහෝ විට නීතිමය ගැටළු ඇතිකරතත් සංයෝගව සිටින සිකුරු උච්ච් බලයෙන් යුතු සෞම්‍ය ග්‍රහයා බැවින් නඩුහබ ආදියෙන් හානියක් නොවී ගැලවී යයි.
    --
    ගතවෙමින් ඇති කාලයේ මේ කේන්ද්‍රය බොහෝ සෙයින් බලවත් බව ද, තවමත් ගෙවී නිමනොවූ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක තත්වය සැලකිය යුතු බව ද මීට ඉහතින් සඳහන් කර තිබේ.

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈

    දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈

     
    Last edited: