රනිල් ගේ පලමු පරාජය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රනිල් ගේ පලමු පරාජය

    Ranil_Wick-1024x504.jpg

    නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ දෝෂරෝපනයට ලක්වීමයි. එම දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී ඇවැන්ඩ් ගාඩ් බේරා ගැනීමට කතා පවත්වා තිබුණි.

    මේ වනාහී රනිල් වික්‍රමසිංහ සිය උප්පරවැට්ටි දේශපාලනය අවසන් නොකළහොත් මුහුණ දීමට නියමිත පරාජයන් වැළක පළමුවැන්න ය.

    රනිල් වික්‍රමසිංහ විසින් බොහෝ විරෝධතාවයන් නොසළකා පොලීසිය බාර දුන් තිලක් මාරපන ඇවන් ගාඩ් සහ සුද්ධයෙන්ම නිර්දෝශී යැයි කියන්නේ බරපතල දූෂණ සහ වංචා පරීක්ෂන කොමිසන් සභාව තවමත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වමින් සිටියදී ය. එම පරික්ෂණය ඉදිරියට යා යුතු බවට ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කොට තිබියදී ය.

    එසේ කීමට පොලිස් ඇමැතිවරයා කරන ලද පරික්ෂණයක් තිබේද? එසේ නැත්නම් ඔහු සිතා සිටින්නේ පාර්ලිමේන්තුවෙහි ද අධිකරණයේ මෙන් ඇවැන්ට් ගාඩ් ආරක්ෂා කළ යුතු යැයි කියා ද? අධිකරණයෙහි කතා කරන්නේ මුදලට ය. පාර්ලිමේන්තුවත් එහෙම ද?

    රනිල්වාදී මාරපන කීවේ ඇවන්ට් ගාඩ් සිදුවීම පොලීසිය ළකුනු දා ගැනීමට කළ එකක් බවයි. පොලීසියට එළෙස ඇවන්ට් ගාඩ් පරීක්ෂණයක් කිරීමට සිදු වූයේ ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ සමයෙහි රාජපක්ෂ විරෝධී පෙරමුණ විසින් ඇවන්ට් ගාඩ් පාවෙන අවි ගබඩාව ගැන බරපතල චෝදනා එල්ල කර තිබු නිසාය. තිලක් මාරපනට පිට කොන්දක් තිබුනේ නම් ‍ඔහු වරද පැටවිය යුතු වූයේ පොලිසියට නොව රාජපක්ෂ විරෝධී දේශපාලන පෙරමුණට ය.
    ඇත්තටම නම් මේ තිලක් මාරපන රාජපක්ෂ විරෝධී පෙරමුණෙහි සිටයේ ද නැත. ඔහු සිටියේ රාජපක්ෂවාදයේ ය. අගවිනිසරු ශිරානි බණ්ඩාරනායන දෝශාභියෝගයේ දී මේ මාරපන සිටියේ රාජපක්ෂවාදයේ ය. නමුත් ඔහු රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පංතියට අයත් ය.තිලක් මාරපන එකී දොශාභියෝග අවස්ථාවෙහි දී රාජපක්ෂ අසළ ලැග සිටියදී රනිල් විකමසිංහ කළේ දෝශාභියෝග විරෝධී ව්‍යාපාරයේ කකුලෙන් ඇදීමය. ඔහු පාර්ලිමේන්තුව උත්තරීතරයැයි යැයි කියමින් ප්‍රජාතන්ත්‍රවාදයේ එක් පදනමක් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර වන බල විභේදනය ප්‍රතික්ෂේප කළේ ය. එමගින් රනිල් වික්‍රමසිංහ කිවේ එකී දෝශාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව වැඩකට නැති එකක් බවයි.

    දැන් එක් රනිල් වික්‍රමසිංහවාදියකු වන මාරපන ඇවන්ට් ගාඩ් සිදුවීම මිලේනියම් සිටි සිදුවීමට සමාන කරමින් එවකට පැවති එජාප අණ්ඩුවට විරුද්ධව රාජපක්ෂවරු ගෙන ආ චෝදනාව යළි සනාථ කර තිබේ. තවත් රනිල්වාදියකු වන විජේදාස රාජපක්ෂ ‘ මා තමයි ගෝඨාභය බේරුවේ’ යැයි කියා ළකුණු දා ගනී, කාගෙන් ද? රාජපක්ෂ පාර්ශවයෙනි. අධිකරණ ඇමැතිගෙන් අපට අසන්නට ඇත්තේ ගෝඨාභය අත් අඩංඟුවට ගන්නේ කවදාද කියා මිස ඔහු බේරා ගන්නේ කෙසේ ද කියා නොවේ.

    මෙන් පෙනි යන්නේ මිලේනියම් සිටි සිදුවීම අවස්ථාවෙහිදිත් මාරපන රාජපක්ෂවාදියකු ලෙස සිට ඇති බව නොවේ ද? අහෝ එකල ඔහු රනිල්ගේ අණ්ඩුවේ ආරක්ෂක ඇමැති ය.!
    ඇවන්ට් ගාඩ් ආරක්ෂක බවට පත්ව ඇති රනිල් වික්‍රමසිංහගේ පොලිස් ඇමැති පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබේ:

    • ඇවන්ට් ගාඩ් සමාගම තමාට අති විශාල අල්ලසක් දීමට සූදානම් වූ බවට ඇමැති රාජිත සේනාරත්න කිවේ ය. එම ප්‍රකාශය ඇවැන්ට් ගාඩ් සමාගම විසින් ප්‍රතික්ෂේප කර නැත. මේ ගැන මාරපන කියන්නේ කුමක් ද?
    • ඇව්න්ට් ගාඩ් සමාගම රහසිගතව බණ්රනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි ආයුධ ගබඩාවක් පවත්වා ගෙන යන ලදී. ඊට නිසි නීතිමය අවසරයක් තිබුණේ නැත.එමෙන්ම එම අවි ගබඩාවෙහි තිබිය යුතු වූ සියලු ආයුධ එහි තිබුණේ ද නැත. මේ ගැන මාරපන කියන්නෙ කුමක් ද‍?
    • පාවෙන අවි ගබඩාවක් ගාලු වරායේ පවත්වා ගෙන යන බව ගාලු පොලීසිය පවා දැන සිටියේ නැත. හිටපු හමුදාපති පොන්සේකා කියන්නේ එවැනි පාවෙන අවි ගබඩාවක් අවම වශයෙන් මුහුදු සැතැප්ම 12කට එපිටින් තිබිය යුතු බවයි. මේ ගැන මාරපන කියන්නේ කුමක් ද?
    • මැත දී අත්අඩංගුවට ගන්නා ලද අවැන්ට් ගාඩ් නෞකාවෙහි ද ලේඛන අනුව තිබිය යුතු පරිදි අවි තිබුණේ නැත. නිස අවසරය ඇති ප්‍රමාණයට වඩා සිය ගණනාවක් අවි එහි තිබුණි. මේ ගැන මාරපන කියන්නේ කුමක් ද?
    • අවසාන වශයෙන් ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් අධිකරණයෙහි පෙනි සිටීම වෙනුවෙන් මාරපන කොපමණ මුදලක් ලබා ගත්තේ ද?

    මාරපනගේ ඇවන්ඩ් ගාඩ් බේරා ගැනීමේ අශුද්ධ තැත දැන් රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය තුළම දරුණු බෙදීමක් ඇති කොට තිබේ. එමෙන්ම මෙම සිදුවීම ජනාධිපති පාර්ශය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර ඇති බෙදීම උත්සන්න කරයි. තවද ඇමැති මනෝ ගනේශන් කියා ඇති පරිදි දෙමළ සන්ධානය ද ඇවන්ඩ් ගාඩ් පරීක්ෂණය යටපත් කිරීමට විරුද්ධ ය‍.

    ඇවන්ට් ගාඩ් ජවාරම ආරක්ෂා කිරීමේ මාරපන- විජේදාස ප්‍රයත්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙහි බෙදීමක් ඇති වුව හොත් රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම රදා පවතිනු ඇත්තේ රාජපක්ෂවාදී මංත්‍රීන්ගේ සහාය උඩ ය. අහෝ අවසානයේ දි රනිල් පාර්ශවයයේ මිතුරන් බවට පත්වනු ඇත්තේ රාජපක්ෂ දූෂිතයින් සහ භිෂකයින් ද?

    ගොඨාභය බේරා ගත්තේ මායි කියා රනිල්වාදී විජේදාස කියන්නේ නිකමට නොවේ. රාජපක්ෂලගේ හොඳහිත දිනා ගැනීමට ය.

    දේශපාලනය යනු උපාමාරු සහ යටි කූට්ටුකම් යැයි කල්පනා කරන රනිල් වික්‍රමසිංහ යළිත් 2004 ඉරණම කරා ගමන් නොකිරීමට නම් සිය ගමන් මඟ නිවැරදි කර ගත යුතු කාලය ඉක්මනින් ලඟා වෙමින් තිබේ.

    සුනන්ද දේශප්‍රිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කතාවේ ඇත්තකුත් කියනවා, එත් සුනන්ද දේශප්‍රිය මොකෙක්ද බං....

    :rofl: සුනන්ද දේශප්‍රිය යුද විරෝදියෙක්, මිනිහා යුද්දෙට විරුද්දව ලිව්වා. මිනිහ කියන්නේ බලය බෙදීම හා සාමය මගින් ජනවාර්ගික අර්බුදය නිම කරන්න පුළුවන් කියල. මිනිහ ඒ අස්ස මහින්දලාට විරුද්දාව්ත් ලිව්වා. එක්නැලිගොඩ අතුරුදහන් වීමට, පොද්දල ජයන්තගේ අතපය කඩ දැමීමට විරුද්දව මිනිහ මාද්‍ය ව්‍යාපාරයේ කැඩුම් කරු විදියට වැඩ කල. ගෝටා ගේ මල්ටි බැරල් වලට වෙච්ච් වන්ච්න්වක් ගැන ලිව්වා. එතනින් එහාට පොර කොටියෙක් උනා. රටින් ගිය යන්න මරණ බයට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනියට කෙල වෙන්ව ලගදීම අපරාදේ මහින්ද දිනන්න තිබ්බේ බන්. මුන් කරපු වැඩ වලින් උනේ මහින්ද ගොටබය රාජපක්ෂ ආණ්ඩුව සුද්ද්වෙච්ච එක. මහා ලොකුවට කැගැහුවට මුන් කාටවත් දඩුවම් කලේ නැහැ. අන්තිමට ඔක්කොම නිත්‍යානු කුලි කියල කියයි මුන් එතකොට පට්ට නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl: සුනන්ද දේශප්‍රිය යුද විරෝදියෙක්, මිනිහා යුද්දෙට විරුද්දව ලිව්වා. මිනිහ කියන්නේ බලය බෙදීම හා සාමය මගින් ජනවාර්ගික අර්බුදය නිම කරන්න පුළුවන් කියල. මිනිහ ඒ අස්ස මහින්දලාට විරුද්දාව්ත් ලිව්වා. එක්නැලිගොඩ අතුරුදහන් වීමට, පොද්දල ජයන්තගේ අතපය කඩ දැමීමට විරුද්දව මිනිහ මාද්‍ය ව්‍යාපාරයේ කැඩුම් කරු විදියට වැඩ කල. ගෝටා ගේ මල්ටි බැරල් වලට වෙච්ච් වන්ච්න්වක් ගැන ලිව්වා. එතනින් එහාට පොර කොටියෙක් උනා. රටින් ගිය යන්න මරණ බයට

    යුද්දෙට විරැද්ධ උන් කොටි තමා....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුනන්දලා පොද්දල ජයන්තල වැඩිපුර ලිව්වේ යුද්දෙදි හමුදාවට මිලදී ගැනීම් කරද්දී වෙච්ච් අක්‍රමිකතා ගැන. ඒවා ලියන යට වැඩිපුරම තර්ජන ආවේ මොකද මිනිසන් ඒවා දැනගත්තම ධේශ ප්‍රේමි ලේබලය ගැලවෙන නිසා. එක පාරක් ඉක්බාල් අතාස්ට සරත් ෆොන්සේකා කොටි ඔත්තු කාරයා කියල කිව්වා. එත් ඉක්බාල් අතාස් තමයි මුලින්ම යුද්ධ හමුදා මිලදීම් ගැනීම් වලදී ඉහල නිලදාරීන් කරපු වංච ගැන මුලින්ම කතා කලේ
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    :rofl: සුනන්ද දේශප්‍රිය යුද විරෝදියෙක්, මිනිහා යුද්දෙට විරුද්දව ලිව්වා. මිනිහ කියන්නේ බලය බෙදීම හා සාමය මගින් ජනවාර්ගික අර්බුදය නිම කරන්න පුළුවන් කියල. මිනිහ ඒ අස්ස මහින්දලාට විරුද්දාව්ත් ලිව්වා. එක්නැලිගොඩ අතුරුදහන් වීමට, පොද්දල ජයන්තගේ අතපය කඩ දැමීමට විරුද්දව මිනිහ මාද්‍ය ව්‍යාපාරයේ කැඩුම් කරු විදියට වැඩ කල. ගෝටා ගේ මල්ටි බැරල් වලට වෙච්ච් වන්ච්න්වක් ගැන ලිව්වා. එතනින් එහාට පොර කොටියෙක් උනා. රටින් ගිය යන්න මරණ බයට

    බලය බෙදන්න කලින් ත්‍රස්තවාදයට පිලිතුරක් තමයි අවශය වෙලා තිබුනෙ. කවුරු කොහොම කිව්වත් ත්‍රස්තවාදයට පිලිතුරු දෙන්න ඕනෙ ත්‍රස්තවාදයෙන්ම තමයි. මෙබව ඊස්‍රයලය අවස්තා ගනනාවකදි ඔප්පු කරල තියෙනව. තුවක්කුවක් අතේ තියගෙන වෙඩි තියන්න එන එකාට තේරෙන එකම බාශාව එහෙම නැත්නම් සද්දෙ තවත් තුවක්කුවක ලොක් එක කඩන සද්දෙ විතරයි.

    මට තියෙන ප්‍රශ්නෙ , බලය බෙදීමකින් දෙමල දේශපාලකයො සෑහීමකට පත්වෙයිද? අමතක කරන්න එපා තමන්ටම කියල රටක් නැති, ජාතික ගීයක් නැති, ලොව සිටින විශාල ජාතියක් තමයි දෙමල ජාතිය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලය බෙදන්න කලින් ත්‍රස්තවාදයට පිලිතුරක් තමයි අවශය වෙලා තිබුනෙ. කවුරු කොහොම කිව්වත් ත්‍රස්තවාදයට පිලිතුරු දෙන්න ඕනෙ ත්‍රස්තවාදයෙන්ම තමයි. මෙබව ඊස්‍රයලය අවස්තා ගනනාවකදි ඔප්පු කරල තියෙනව. තුවක්කුවක් අතේ තියගෙන වෙඩි තියන්න එන එකාට තේරෙන එකම බාශාව එහෙම නැත්නම් සද්දෙ තවත් තුවක්කුවක ලොක් එක කඩන සද්දෙ විතරයි.

    මට තියෙන ප්‍රශ්නෙ , බලය බෙදීමකින් දෙමල දේශපාලකයො සෑහීමකට පත්වෙයිද? අමතක කරන්න එපා තමන්ටම කියල රටක් නැති, ජාතික ගීයක් නැති, ලොව සිටින විශාල ජාතියක් තමයි දෙමල ජාතිය.

    ඔව් එතැනදී බලය බෙදීම කියන්නේ වැරදි තීරණයක් යුදමය වශයන් පරද කරන්න ඕන කියන මතයේ ඒ කාලේ මහින්දවත් හිටියේ නැහැ. මහින්දත් කලේ රනිල් කරපු සාකච්චා ඒ විදියටම කරගන ගියපු එක.

    මිනිසුන්ගේ මතයක් එහෙම උන පමණට කොටි වෙන්නේ නැහැ කියන එකයි මං කියන්න උත්සහ කලේ එඅ තේරෙන්න ඇතිනේ